කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් ජංගම ගිණුමකින් රුපියල් හය ලක්‍ෂයක වටිනාකමකින් යුතු චෙක්පතක් හා මුදලින් රුපියල් 3,48,800ක් පැහැරගත් බවට චෝදනා ලද උතුරු මැද පළාතේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකුගේ සමීපතම ආධාරකරුවන් දෙදෙනකු කැකිරාව මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා පසුගිය මැයි මස 31 වැනි දින
දහවල් කාලයේ ගල්කිරියාගම පදිංචි 56 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් හෝටලයක් තුළදී, පහරදී රුපියල් 3,84,800ක් හා ජංගම ගිණුමකින් රුපියල් 6,00,000ක් වටිනා චෙක්පතකට බලහත්කාරයෙන් අස්සන් ලබාගෙන පලා ගිය බවට කැකිරාව මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබිණි.
සුදු පැහැති වෑන් රථයකින් පැමිණි 08 දෙනකුගෙන් යුතු පිරිසක් මැයි මස 31 වැනි දින තම අවන්හලට පැමිණ පහරදී බලහත්කාරයෙන් චෙක්පතකට අස්සන් ලබාගෙන මුදල්ද රැගෙන පලා ගිය බවට කැකිරාව පොලිසියට 31 වැනිදා පැමිණිලි කළ අතර පහර කෑමට ලක්වූ ඒ මහතා දින 02ක් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ද ලැබීය.

0 comments:
Post a Comment