facebook like

ජා-ඇල සොහොන් පිටියක සජීවී හොල්මන්

මම පසු ගිය දාහත් වන අඟහරුවාදා ජාඇල, කනුවන රෝමානු කතෝලික සුසාන භූමිය අද්දරින් ගමන් කරමින් සිටියෙමි. එය ජාඇල නගර සභා සීමාව තුළ අතිශය ජනාකීර්ණ පරිසරයක පිහිටි සොහොන් බිමකි. ඒ තුළ ඒ මොහොතේ මගේ මිතුරකු හිඳිනු දුටු බැවින් යන ගමන මඳකට නතර කළ මම එදෙසට පියමං කළෙමි. මිතුරා එහි පැමිණ සිටියේ තම මවගේ මිනී වළ ශුද්ධ පවිත්‍ර කරනු පිණිසය. එම කාරියේ යෙදෙන ඔහු සමග කතා කරමින් සිටින අතරේ ඒ අද්දර තිබූ අලුත් මිනී වළක පස් අතරින් මතු වූ බෝතලයක උඩ කොටස මගේ නෙත ගැටුණේ අහම්බෙනි. ඒ අනුව එදෙසට ගිය මම එම බෝතලය උඩට ඇද්දෙමි. එය මිලි ලීටර් තුන්සිය හැත්තෑපහේ මුද්‍රාව කඩා ඇති එහෙත්, මත්පැන් බිඳක්වත් අඩු නැති මත්පැන් බෝතලයකි. ‍පොදු ජන ව්‍යවහාරයට අනුව කිවහොත් ‘ගල් බාගේ’ බෝතලයකි. එහෙත්, අලුත් මිනී වළක පස් අතරේ මෙලෙස මත්පැන් බෝතලයක් සඟවා ඇත්තේ ඇයි ? අනික මේවා කසිප්පු ආදී වශයෙන් වන හොර අරක්කු ද නොවේ. අලෙවියෙන් රජයට බදු හිමිවන නීත්‍යානුකූල මත්පැන්ය. එසේ නම් මෙවැන්නක් මෙලෙස සඟවා තැබිමට හේතුව කුමක්ද?
මුරුගේසුලාගේ ආනා ක්‍රිෂ්ණභානු යනු එම සුසාන භූමියේ සේවකයෙකි. මගේ සිතට වද දෙන මෙම කුකුස මම ඔහු වෙත ඉදිරිපත් කළෙමි.
“ඒක ඔය මිනීවළේ වළලලා තියන මනුස්සයත් එක්ක ඉස්සර එකට අඩි ගහපු යාළුවෙකුගේ වැඩක් වෙන්න ඕනේ. මිනී වළක් ඇතුළේ වැළලිලා හිටියත් එකට අඩි ගහන යාළුවා අමතක කරන්න බැරි හින්දා යාළුවා මිනීවළේ ඉන්න ගමන් බොන්න මිනිහටත් ‘බාගයක්’ ගෙනත් තියලා යන්න ඇති. අනික මහත්තයා මේකේ සිද්ධ වෙන අනිත් වැඩවල හැටියට ඕවා මොනවද? හෙතෙම කීයේ සිනාසෙමිනි. ඒ අනුව මා (බොහෝ විට ඔබ පවා) උපන්තේකට අසා නැති ජීවත් වන්නවුන් මළවුන් වෙත කරන විස්මිත බලපෑම් පිළිබඳව වෙනම විමර්ශනයක් කළ යුතු යැයි මට සිතිණ. ඒ සඳහා මෙබඳු කටයුතුවලදී මට සහය දෙන ජෝන් ගේ‍රගරි ද මහත් කැමැත්තෙන් ඉදිරිපත් විය.
“ඉස්සර මේ කනත්තට ආවේ ආගමානුකූලව මළවුන් සිහි කරන්න එන අය විතරයි. නමුත්, දැන් ඊට හාත්පසින්ම වෙනස් දේවල්වලට එන අය පුදුම විදිහට වැඩිවෙනවා” මේ පිළිබඳ විමර්ශනය ඇරඹූ පසු ආනා ක්‍රිෂ්ණභානු කීය.
ඔහු වැඩිදුරටත් පවසා සිටි අන්දමට අනේක විධ ගුප්ත කටයුතු සඳහා මෙහි පැමිණෙන්නවුන් ගෙන් වැඩිපුර දෙනකු පැමිණෙනුයේ රාත්‍රී දහයත්, අලුයම දෙකත් අතරය. ඔවුන් පැමිණ සිදුකරන කටයුතුවලින් සමහරක් ක්‍රිෂ්ණභානුගේ වදන්වලින්ම පැවසුවහොත් මෙසේය.
“රෑ වුණාට පස්සේ මෙහාට එන සමහරු අලුත් මිනී වළවල් හොයාගෙන ගිහින් ඒවා උඩ මිරිස් අඹරනවා. කුකුල්ලු ගෙනල්ලා උන්ගේ බෙල්ල තුවාල කරලා මිනී වළක් උඩ දමලා යනවා. සමහර කුකුල්ලු ඒ තුවා‍ලේ හින්දා මැරෙනවා. ඔය අතරේ තවත් සමහරු කුකුළෙක් ගෙනල්ලා මිනී වළක් උඩ දී උගේ කරම‍ලේ විදලා, ඒ ‍ලේ මිනී වළ උඩට දාලා යනවා. සමහරු සිමෙන්තියෙන් බැඳපු මීනි වළවල් උඩ ‍පොල් ගහනවා. තවත් සමහරු බිත්තර ගහනවා. තවත් සමහරු මිනී වළවල්වල පස් අතරේ බිත්තර හංගලා යනවා. ඒ හංගලා යන බිත්තරවල සමහරුන්ගේ නම් එහෙමත් ලියලා තියනවා. තවත් සමහරු මිනීවළවල් උඩ පවුඩර් වගේ කුඩු තවරපු පුංචි පුංචි තුණ්ඩු කෑලිත් තියලා යනවා.”
ක්‍රිෂ්ණභානුගේ මෙම ප්‍රකාශය අනුව අපට සාධාරණ ලෙස අනුමාන කළ හැකි දෙයක් තිබේ. එනම් මෙම සියලු ගුප්ත විද්‍යා කටයුතු කිතුනු දහම සහ සංස්කෘතිය සමග කිසිදු සම්බන්ධයක් නොමැති දේශීය සාම්ප්‍රදායික යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගණයට අයත් වන ක්‍රියාකාරකම් බවය. ඒ අනුව මේවාට යොමු වී හිඳිනුයේ සැබෑ කිතුනුවන් නොවන බව අපගේ අවංක විශ්වාසයයි.
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදී වශයෙන් වන මෙබඳු ක්‍රියාකාරකම් රාත්‍රී කාලය තුළ සිදුවෙද්දී හිරු බැස යන සැන්දෑ යාමයේ මෙම සුසාන භූමිය තුළ සිදුවන තවත් අරුම පුදුම ක්‍රියාවක් ගැන ද අපට ක්‍රිෂ්ණභානු ගෙන් දැන ගත හැකිවිය. එනම් ඒ වෙලාවට ජෝඩු වශයෙන් මෙහි පැමිණෙන යොවුන් තරුණ තරුණියන් මෙහි මිනීවළවල් මතට වී මඳවේලාවක් අමුතුම ආකාරයකට අත්පා චලනය කිරීමක් හෙවත් නර්තනයක් සිදු කිරීමය. විනාඩියක හමාරක වැනි කාලයක් මෙසේ සිදු කරන මොවුහු ආපසු හැරී යති. එහෙත් ඔවුන්ගේ එම කාරියේ අරමුණ කුමක්ද යන්න ‘මෙලෝ යකෙකුට’ තේරුම් ගත නොහැකි බව පැහැදිලිය.
අප විසින් මෙලෙස අනාවරණය කළ ද මෙම ක්‍රියාවන් බොහෝ විට සිදුවනුයේ අප්‍රසිද්ධියේය. එමෙන්ම නීති සහ සදාචාර විරෝධී ක්‍රියා වශයෙන් හැඳින්වීමට වඩා විද්‍යාත්මක චින්තනයට යොමු නොවූ නොදියුණු මනැස් ඇති මිනිසුන්ගේ රෝගී මානසික අවශ්‍යතා සංතෘප්ත කරවන නොවිධිමත් ක්‍රියාකාරකම් ලෙස මේවා හඳුන්වාදීමට අපි පසුබට නොවෙමු. එමෙන්ම මේවා යම් ගුප්ත පිහිටක් පිළිසරණක් රැකවරණයක් අපේක්ෂාවෙන් සිදුකරන ක්‍රියා බැවින් මෙම ක්‍රියා මගින් මළවුන්ට අපහාසවීමක් සිදුවන්නේය යන සෘජු මතයට පිවිසීමට ද අපි අකමැත්තෙමු. මක්නිසාද යත් මෙම සියලු ක්‍රියාකාරකම් දැනට ජීවත් වන්නවුන් වෙත මිස මළවුන් වෙත හෝ එල්ල වෙන එල්ල නොවන බව අපට සාධාරණ ලෙස වැටහෙන බැවිනි. අනතුරුව අපි එම සුසාන භූමියේ ‍පොල් ගසා ඇති ස්ථාන කිහිපයක් පරීක්ෂා කළෙමු.
එවිට අපට ඉතා පැහැදිලි නිගමනයකට ඒමට හැකි විය. එනම් එලෙස ‍පොල් ගසා තිබූ සෑම මිනී වළක්ම අවුරුදු විසි ගණන් නොඉක්මවා මියගිය තරුණියන්ගේ වීමය. එලෙස තරුණියන්ගේ මිනීවළවල් උඩ ‍පොල් ගසන ගුප්ත විද්‍යා ක්‍රියාවක් ගැන අප නම් අසා නැත.
“වැඩි ඈතක ‍නෙවෙයි ඊයේ රෑත් කවුද දෙන්නෙක් ඇවිත් මෙතන මිනීවළක්උඩ බිත්තරයක් වගේ දෙයක් වළලනවා මං දැක්කා. පහුවෙනිදා උදේ නිකමට වගේ බලනකොට ඒක බිත්තරයක් ‍නෙවෙයි.  නම් දෙකක් ලියපු ලොකු දෙහි ගෙඩියක්. ඒකේ හැම තැනටම දෙහිකටු ඇනලා තිබ්බා” ක්‍රිෂ්ණභානු කීය.
“කොහොමත් දැන් සෑහෙන කාලෙක ඉඳලා මේ තත්ත්වේ වැඩිවෙන කොට මම ඒවාට විරුද්ධ වෙන්න ලෑස්ති වුණා. නමුත් ඒ එන සමහරු අපිට කිට්ටු වෙන්නවත් බැරි බලපුළුවන්කාරයෝ බව මට තේරුණා. ඒ හින්දා මම කළේ රෑට මේ කනත්තට කවුරු හරි ඇතුල් වුණොත් රහසින් උසි ගන්වන්න හිතාගෙන බල්ලො කීප දෙනෙක් හදන එක. ඒත් මට ඒ බල්ලෝ හදාගන්න බැරි වුණා. ඒ කවුරුහරි වහදීලා ඒ බල්ලොත් අකාලයේ මැරිලා ගියා. ඔහු කීයේ දුක්මුසු ස්වරයෙනි.
ජාඇල කනුවන සුසාන භූමිය රෝමානු කතෝලික එකක් වුව මෙහි සිදුවන මෙම ගුප්ත ක්‍රියා සමග එම ආගමේ හෝ ආගමිකයන්ගේ කිසිදු සබැඳියාවක් ඇතැයි අපි කෙසේවත් නොසිතමු.
ඒ බව මනාව අපට පසක් වූයේ කනුවන ශාන්ත ජෝෂප් දේවස්ථානයේ මීසම්පති ගරු නිශාන් විලන්ගමුව පියතුමන් කළ මෙම ප්‍රකාශයෙනි.
“මේ සම්බන්ධයෙන් පළමුව කිව යුත්තේ මෙවැනි නිසරු පුහු ක්‍රියාවන් සමග කිතුනු දහමේ, කිතුනු ශාසනයේ හෝ කිතුනු සංස්කෘතියේ කිසිම සම්බන්ධතාවයක් නොමැති බවයි. මරණයෙන් උත්ථාන වූ කිතු සමිඳාණන්ගේ තේජස්වීය පිළිබඳ පරම විශ්වාසයෙන් පසු වන කිසිදු කිතුනුවකුට මෙවැනි නිසරු මනස්ගාත කෙරෙහි සිත යොමු කිරීමට කිසිම ආගමික අවසරයක් නැහැ. යම් කිතුනුවෙක් එසේ කරනවා නම් ඒ තැනැත්තා කිතුනු දහමේ ආධ්‍යාත්මික හරයන්ට පිටුපාන අඥාන මනුෂ්‍යයකු ලෙසයි අප දකින්නේ. කෙසේ හෝ මිනිස් සමාජයේ මානසික දුබලතාවයන් හුවා දැක්වෙන මෙබඳු ක්‍රියාවලින්
මළවුන්ගේ ආත්මයන්ට කිසිම බලපෑමක් සිදුකළ හැකියැයි අප කෙසේවත් විශ්වාස කරන්නේ නැහැ. එනිසා අපට කිරීමට ඇත්තේ මෙබඳු බොළඳ ක්‍රියා කරන්නවුන් කෙරෙහි කනගාටුවීම හා ඔවුන්ට අනුකම්පා කිරීම විතරයි.” පියතුමාගේ ප්‍රකාශය අනුව වුව මෙය ජාඇල ප්‍රදේශයේ දැනට කුළු ගැන්වෙමින් පවතින යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් පිළිබඳ වෙනත් උප සංස්කෘතියකට අයත් ක්‍රියාකාරකම් විය යුතුය. මේ තත්ත්වය ප්‍රදේශයේ සෙසු ‍පොදු සුසාන භූමි සම්බන්ධයෙන් බලපවත්වන්නේ කෙසේද යන්න අපගේ විමර්ශනයට ලක්වූයේ ඒ අනුවය.
මෙහි ඉතිරි කොටස ලබන සතියේ

ප්‍රසංග පෙරේරා

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive