පළමු ගල ගැහුවේ මොකාද ?
අලුත්ගමින් පුපුරා ගිය සිදු වීම පිළිබඳ නොයෙක් දෙනා බොහෝ තැන්වල නා නා ආකාර සටහන් දැනටමත් තබා අහවර මුත් මේ ගැන කෙටි හෝ සටහනක් නොතැබීම යුතුකමේ යුතුකම නොවේ.
සමහරෙක් මෙය ‘සිංහල බෞද්ධ ජාතිවාදයට’ සහ එහි මූලයන් වලට, විශේෂයෙන් භික්ෂු සිවුරට උඩ පැන පහර දීමට ලැබුණු අනගි අවස්ථාවක් ලෙස සලකා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටත් , තවත් ටික දෙනෙක් මුස්ලිම් ජාතිවාදයට පහර දීමට ලැබුනු අවස්ථාව අත නොහරිමින්ද නා නා සටහන් තබා තිබිණ. මේ බොහෝ විට දක්නට ලැබුණු සරල නිරීක්ෂණයක් නම් බොහෝ දෙනා තම තමන්ගේ පාර්ශවය සම්පූර්ණ සුදුවටත් ප්‍රතිවිරුද්ධ පාර්ශවය තද කලුවටත් දකිමින් කලු – සුදු ලෙස සිදු කරන ද්විමය ආකාර විවේචනයයි. නමුත් අපට මෙහිදී එලෙස සරල රේඛා ගසා වෙන්කර එක් පාර්ශවයක් ඇගයීමටත් අනෙක් පස පතුරු ගැසීමටත් අවශ්‍යතාවයක් නොමැති බැවින් හා ඒ හා බැඳුනු බල ව්‍යාපෘතිවල සෘජු කොටස් කරුවන් නොවන බැවිනුත් සරලව අපට දැනෙන අදහස් කිහිපයක් මෙලෙස සටහන් කරන්නෙමු.
අවසන් ගිනි පුළිඟුව පත්තු කලේ කවුරුන් උවත් ඒ ගින්නට පිදුරු , භූමිතෙල් පෙට්‍රල් ආදී කුමක් වුව ටික ටික හෝ වත් කල හා එයට දුම් පිඹි සියළු පාර්ශව මේ සිදුවීම්වල එක සමාන වග උත්තර කරුවන් බව අපේ වැටහීමයි. කාලාන්තරයක් පුරා සිදු වූ සිදුවීම් මාලාවක අවසන් ප්‍රතිඵලය වූ ප්‍රචණ්ඩ හැසිරීමට පසු ‘පළමු ගල ගැසූ එකා මොකාද? ‘ හෝ ‘වැඩිපුරම හානි වුනේ මොන පාර්ශවයටද’ ආදී කිසිඳු වැදගැම්මකට නැති කතාබහක් විනා ඊට එහා යන ගැඹුරක් පිළිබඳ සංවාදයක් ඇති නොවීම අහම්බයක් නොවේ. උගත් ජන ව්‍යාප්තියක් ඇතැයි බොහෝ කණ්ඩායම් උදම් අනන නාගරික සමාජයේ මාධ්‍ය මෙවලම් හරහා පසුගිය කාලයක් පුරාවටම ගොඩනැගි මේ දුබල වාග් සංග්‍රාම පුරාවටම එවැනි විදග්ධ බවක් අපි නොදුටුවෙමු. එහි තිබුනේ කාලකන්ණි භාවයත් , වෛරයත් කිසිඳු වැඩකට නැති මමංකාරයත් පමණකි. මෙයින් සාධනය වූයේ ‘නූතන මාධ්‍ය බහුලව භාවිතා කරන උගත් සමාජය’ නරුම අමනෝඥයන් රැළක් බව පමණක් නොවේද?
ලොවම ගිනි අවුලන මුස්ලිම් ව්‍යාප්තවාදය
ලෝකය පුරා දැනට පවතින මහා පරිමාණ ගැටුම් සාතිශය බහුතරයක එක් පාර්ශවයක් නියෝජනය කරන්නේ ඉස්ලාම් දැඩි මතධාරී කණ්ඩායම් වීමෙන් ඉස්ලාම් දැඩිමතධාරීත්වය සහ ත්‍රස්ත ප්‍රචණ්ඩත්වය අතර එතරම් දුරස්ථ භාවයක් නොමැතිය යන්න බොහෝ දුරට නිවරදි නිගමනයකි. ඉස්ලාම් දහම බිහිවූ වකවානුවට සාපේක්ෂව ඒ දහම තුල නිර්මාණය වී ඇති සමහර කරුණු මෙන්ම ඒ කරුණු සමාජානුයෝජනයකින් තොරව වියුක්තව ගෙන , වෙනස් සංස්කෘතිකාංග මත පෝෂණය වූ සමාජයන් තුල අමු අමුවේ පැල කරන්නට තනන බලහත්කාරී උත්සාහයද මේ තත්වයට බලපෑ මූලික කරුණු ලෙස හඳුනාගත හැක. මේ උත්සාහය තුලදී වෙනස් සංස්කෘතික සමාජයන් තුලදී නිරන්තර විවාදසම්පන්න වීම, ගැටුම්වලට ලක්වීම අනිවාර්‍යය. දියුණු ශිෂ්ඨ සමාජයක් ලෙස ‘උගතුන්ගේ’ සම්භාවනාවට ලක් වන ඕස්ට්‍රේලියාව ප්‍රංශය අදී ‘සුදු’ සමාජයන් තුලදීද මෙය පසුගිය කාලයේ හොඳින් දැකගත හැකි විය. ප්‍රංශය තුල මුස්ලිම් කාන්තාවන්ට හිජාබය තහනම් කිරීම මෙන්ම තම සංස්කෘතියට අනුව ජීවත් නොහැකිනම් වහා රටින් පිටව යන ලෙස හිටපු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ජුලියා ගිලාඩ් මහත්මිය කල සිදුකල ප්‍රකාශ මෙයට සාක්ෂි සපයයි. නමුත් නමුත් ඉතිහාසය පුරාවට මෙන්ම අදත් මේ ‘සුදු’ මහත්වරුන්ගේ කළු හැසිරීම ගැන මැනවින් දන්නා අප කිසිසේත්ම ඉස්ලාම් දහම ම්ලේච්චත්වයට , ත්‍රස්තවාදයට උඩගෙදි දෙන දහමක් ලෙස හැඳින්වීමට කලබල නොවන්නෙමු.
ඉස්ලාම් දහම තුල ඉහත දැක්වූ ලක්ෂණ මෙන්ම ඒ හා සමානව හෝ සමහර විට ඊටත් වඩා වැඩියෙන් බලපාන බටහිර දේශපාලන උවමනාවද ලොව පුරා ගැටුම් වල මූලික හේතුයි. ගැටුම් ඇවිලිය හැකි වටපිටා පිළිබඳ හොඳින් සවිඥානික මේ මැකියාවේලිලා තම අවස්ථාව එනතෙක් ඇඟිලි ගනින්නේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නා අපේක්ෂාවෙනි. මේ බටහිර අයියලාගේ දේශපාලන උවමනාවන්ට මුස්ලිම් සමාජය තුල ඇති දුබලතා හොඳ උත්ප්‍රේරකයක් බව මැදපෙරදිග කලාපය පුරාවට මෙන්ම බුරුමය හරහා හඹායන ප්‍රචණ්ඩත්වයේ රැල්ල අපට සාක්ෂි සපයයි.
මුස්ලිම් ව්‍යාප්තවාදයේ ලාංකික හැඩය
ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් ආගම අදහන්නන්ගේ සම්භවය සෙනරත් රජු දවසටත් ඈතට දිව යයි. එදා ලංදේසීන්ගේ පීඩාවෙන් ගැලවෙනු වස් ඔවුහු පිහිට සොයා ආවේ සෙනරත් රජතුමා වෙතටයි. එය සහනශීලීත්වයේ හා සහජීවනයේ පැහැදිලි නිරූපණයක් ලෙස හැඳින්විය හැක. සෙනරත් රජතුමා ඔවුන් නැගෙනහිර වෙරලාශිතව පදිංචි කරවූයේ ඉතා වැදගත් කොන්දේසියක් මතයි. එනම් පරම්පරා කිහිපයක් ඇතුලත සිංහල සමාජයට අවශෝෂණය විය යුතුය යන්න ඒ කොන්දේසියයි. වෙනත් අයුරකින් කිවහොත් මුස්ලිම් බෙදුම්වාදයකට තිබූ ඉඩ ඇහිරීම සෙනරත් රජුගේ ඒ කොන්දේසියේ අරමුණ ලෙස වටහා ගැනීම නිවරදිය. අද මවාගත් කෘතීම කඩහඬවල්වලින් සෙනරත් රජුට හෙන ඉල්ලන බොහෝ දෙනා මේවා දන්නවාදැයි අපි නොදනිමු. 1915 සුප්‍රසිද්ධ ‘මරක්කල කෝලාහලය’ හැරුණු කල ප්‍රබල ලෙස මුස්ලිම් ජනයා හා බහුතර සිංහලයා අතර බරපතල ගැටලුවක් ඇති නොවූ තරම්ය. නමුත් මුස්ලිම් ජනයා මෙරට ප්‍රමුඛ සංස්කෘතිය වෙත අවශොෂණය වීම ඉතා මන්දගාමී වූ අතර ඔවුන්ගෙන් මැලේ , ජා වැනි කණ්ඩායම් වඩා වේගයෙන් ප්‍රධාන සංකෘතිය හා එක් විය. සමහර මුස්ලිම් ජන කොටස් සම්පූර්ණයෙන් මෙරට සංස්කෘතියට අවශොෂණය වෙමින් ගොවිතැන් කරමින් සිංහල ජනයා සමග හොඳින් මිශ්‍ර වෙමින් සහජීවනයෙන් ජීවත් විය. සිංහල ජනයා මුස්ලිම් ජනයා තමන්ගේ ප්‍රධාන සංකෘතිය වෙත අවශෝෂණය විය යුතු යැයි අපේක්ෂා කරන මුත් බොහෝ දුරට ඒ සඳහා කිසිඳු මැදිහත්වීමක්ද නොකිරීම කැපී පෙනෙන ලක්ෂණයකි. ඔවුන්ට ස්ව කැමැත්තෙන් සංස්කෘතික මිශ්‍ර වීමට ඉඩ කඩ ඉන් ලැබිණ.
නමුත් ඉස්ලාම් දහමේ ඇති සුවිසේෂී ආවේණික ලක්ෂණයන් හේතුවෙන් නිසා මෙන්ම මූලධර්මවාදී කණ්ඩායම් වල සෘජු බලපෑම නිසා ඒ මිශ්‍රවීම ඉතාමත් මන්දගාමී විය. සමහර විට ප්‍රධාන සංස්කෘතියට අවශෝෂණය වීම වෙනුවට ඉන් විතැන් වෙන ක්‍රියා මාර්ග වෙත වැඩිපුර ඔවුන්ගේ අවධානය යොමු විය. මෙය විශේෂයෙන් දශක දෙකක එනම් මේ සියවසේ ආරම්භක වකවානුවේදී පමණ සිදු වූ සිදුවීමක් විය. 2002න් පමණ පසු මේ මූලධර්මවාදී ඉස්ලාම් කණ්ඩායම්වලට හසුවූ ලාංකික මුස්ලිම් ජනයා එතෙක් හිස තෙක් වසාගෙන සිටි තමන්ගේ ඇඳුම වෙනුට හිස සිට දෙපතුල තෙක් වැසෙන හිජාබ් ඇඳුන්මට මාරු විය.එතෙක් ගමේ පිලේ එකම කඩයෙන් ආහාර පාන ආදිය ලබා ගත් පිළිවෙත වෙනස්වී ‘හලාල්’ මුද්‍රාව සහිත භාණ්ඩ සොයා යන සමාජ බෙදුම්වාදය තීව්‍ර කරන ක්‍රියාමාර්ග වලට ඔවුන් වේගයෙන් අවතීරණය විය.
මෙතෙක් බොහෝ දෙනාගේ සිත් තුල පැවති මුස්ලිම් ව්‍යාප්තවාදය පිලිබඳ වූ බිය සිත් තුලම සාධාරණීකරණය වීමට මෙම සමාජ බෙදුම්වාදී ක්‍රියාමාර්ග ඉහළ අනුබලයක් සැපයීය. නමුත් එවකට පැවති දරුණුම ව්‍යසනය වූ දෙමළ බෙදුම්වාදී කොටි උවදුර හේතුවෙන් මේ පිලිබඳ සමාජ අවධානය එතරම් සවිමත්ව යොමු නොවීය. ඒ අනතුරේ දරුණු බව ත්‍රස්තවාදය පැරදවීමත් සමග බොහෝ දුරට අවසන් යැයි වූ සමාජ සිතුවිල්ල මත මුස්ලිම් ව්‍යාප්තවාදය පිළිවඳ අවධානය වැඩිපුර යොමුවීම ස්වාභාවිකය.
බො.බ. සේනාවේ උපත – සුජාතභාවය හා පැවත…
කොටි පැරදවූ සටන අවසන් වීමත් සමග උදා වූ කාලය තුල මුස්ලිම් ව්‍යාප්තවාදය පිළිබඳ අවධානය වැඩිපුර යොමුවන ඒ නිසග ස්වභාවය තුල බෞද්ධ පාර්ශවය නියෝජනය කරන්නේ යැයි කියමින් සංවිධාන කිහිපයක් සෙමෙන් සෙමෙන් දළුලා වැඩෙන්නට විය. එහි ප්‍රමුඛ කණ්ඩායම බොදු බල සේනා සංවිධානය බව එය සමග මතවාදීව එකඟ නොවන්නන් පවා පිළිගන්නා සත්‍යකි. නමුත් බො.බ.සේ. සංවිධානයේ බිහිවීම සහ එය පසුපස සිටින බලවේග ගැන පළවෙන අදහස් සැලකූ කල එහි සුජාතභාවය දරුණු ලෙස අභියෝගයට ලක් වන බවද එලෙසම සත්‍යකි. එහි සභාපතීත්වය දැරූ කිරම විමලජෝති හිමිපාණෝ සාහිත්‍ය බෞද්ධ පොත පත ආදියෙහි විශිෂ්ඨ මෙහෙවරක් කල යතිවරයන් වහන්සේ නමක් වුවත් ජාතික තලයේ දේශපාලනය ගැන සෘජුව සම්බන්ධ වූ හිමි නමක් නොවීය. උන් වහන්සේ මෙවැනි වේගවත් සංවිධායනක් සමග එක්වීම සාමාන්‍ය සිදුවීමක් නොවේ.
එහි මහලේකම් ධූරය දරණ ගලගොඩාත්තේ ඥානසාර හිමියන් නම් දශකයකටත් වැඩි කාලයක් පුර ජාතික තලයේ සිටි ස්වාමීන් වහන්සේ නමක් වූ අතර ජාතික සංඝ සම්මේලනය ආදී සංවිධාන හරහා විශේෂයෙන් ත්‍රස්ත විරෝධී සටන සමග මතවාදීව එක්ව සිටි ස්වාමීන් වහන්සේ නමක් විය. උන්වහන්සේගේ හැසිරීම් ශෛලියේ යම්කිසි නොමේරූ ස්වරූපයක් පෙන්නුම් කලත් උන්වහන්සේගේ අධ්‍යාශය ව්‍යාජයක් යැයි පැවසීම සාධාරණ නොවිය හැක. අපට වැටහෙන අන්දමට නම් උන් වහන්සේගේ නිසග ජාතිමාමකත්වය කිසියම් කණ්ඩායමක් ඔවුන්ගේ බල ව්‍යාපෘතිය සඳහා පාවිච්චි කරමින් පවතී. එහි ප්‍රමුඛ කාර්‍යභාරයක් නෝර්වේ රාජ්‍ය සමග සබඳතා පවත්වන එම සංවිධානයේ ක්‍රියාකාරීව සිටින රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් විසින් ඉටු කරමින් සිටී. වරක් ඔවුන් ප්‍රසිද්ධියේ පිළිගත් පරිදි කොටි ඩයස්පෝරාව සමග ඒකාබද්ධ වැඩසටහනක් පිළිබඳ නෝවේ රාජ්‍යයේදී පැවැත්වූ වැඩමුළු ආදිය බොබසේ සංවිධානයේ සුජාතභාවය දරුණු ලෙස අවපැහැ ගන්වන බව කිව යුතුය. රට ජාතිය ගැන අවංක හැඟීමකින් එය වටා එක්ව සිටින තරුණ කොටස්වල අපේක්ෂාව මීට වඩා හාත්පසින්ම වෙනස් වුවත් මේ කප්පිත්තන් නැව රැගෙන යන්නේ කප්පිත්තන්ටම අවැසි තොටුපළ වෙත බව අමතක නොකළ යුතුය. එදා සෝම හිමියන්ගේ හදිසි වියෝව පිටුපස සිටින්නේ යැයි සැක කල චරිතවලට සමාන කළු චරිත මේ බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන සංවිධානවල තීරණාත්මක තනතුරුවල ස්ථානගතවන්නේ අහම්බයෙන් නම් විය නොහැක. සාමාන්‍යයෙන් නොර්වේ රාජ්‍යය බෙදුම්වාදී ක්‍රියාකාරකම් වල ලොව පුරා කටයුතු කර නම කැත කරගත් රටක් වන අතර එය බොහෝ විට ඉටු කරමින් සිටිනුයේ ඇමරිකාව සහ එංගලන්තය වැනි රටවල උවමනාවන් සපුරන ‘ සහයට ඩැනී’ භීමිකාව බව ලෝකය පුරා උදාහරණ සාක්ෂි සපයයි.
එවැනි කලු රටක් පසුබිමෙ සිදුකරන කුමනාකාර සුදු ක්‍රියාකාරකමක වුවද කලු සෙවනැල්ල වැටෙන බව සිහි කල යුතුය. එබැවින් මෙරටදී කුමන භූමිකාව රඟපෑවද බොදු බල සේනා සංවිධානයේ උපත මෙන්ම පැවතද සුජාතභාවය අහිමි කරගත් එකක් බව පැහැදිලිය. ‘තම්බියාට වඩා සුද්දා හොඳයි’, ‘ඇමරිකාව සමග හෝ එක්වී හම්බයා පරදවමු’ ආදී ළාමක මතවාද මත එම සංවිධානය මෙහෙයවන්නේ ඒ උපතේ සහ පැවතේ ඇති ගැටළුව නිසයි.
බො.බ.සේ. රූස්ස ගසක් කලේ කවුද?
උපතේ සහ පැවතේ සුජාතභාවය පිළිබඳ මෙතරම් ගැටලු මධ්‍යයේ වුවත් බොබසේ සංවිධානය මෑත කාලයේ වඩාත්ම ව්‍යාප්තවූ විශාලතම සංවිධානය බව සත්‍යයි. පසුගිය කාලයේ එවැනි සිවිල් සංවිධානයක් පැවතියේ නම් ඒ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය පමණි. බොබසේ සංවිධානය මෙරට සමාජය තුල මෙතරම් ව්‍යාප්ත වීමට සහ වර්ධනය වීමට බලපෑ කරුණු කිහිපයක්ම අප දකින්නෙමු.
එයින් ප්‍රධාන වශයෙන්ම හේතු වූ කරුණක් නම් රට ජාතිය කෙරෙහි මෙරට සමාජය තුල ඇති නිසඟ ලැදියාවයි. එදා 77දී ජේ ආර් ජයවර්ධන මහතා ධර්මිෂ්ඨ සමාජය නම් කඩතුරාවට වහං වී බලය ලබාගැනීමට භාවිතා කලේද මේ ස්වදේශවාදය පිළිබඳ ඇති ළැදියාවයි. අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලවත් වන්නේදම ඒ ජාතිකවාදී පෙරමුණ සමග ඔවුග ඇති බැඳියාවයි. කැලේ ගහක් නසන්නට තවත් ගසක්ම පාවිච්චි කරන්නා සේ රට ජාතිය පිළිබඳ ඇති විය යුතු අත්‍යවශ්‍ය සංවේදීත්වය රට ජාතිය නැසීමේ උපායක් ලෙසම මෙහිදී භාවිතා වන්නේය යන්න අපට දැනෙන සත්‍යයි.
ඒ සමගම බො.බ.සේ. වැනි ව්‍යාපාරවල වර්ධනයට බලපෑ ප්‍රමුඛම කරුණ නම් ඔවුන් ඉදිරිපත් කරන මතවාදවල , විසේෂයෙන් ඔවුන් ඉදිරිපත් කරන ගැටලු වල ඇති සාධාරණභාවය සහ වලංගුභාවයයි. පසුගිය දශක දෙක තුනක පමණ කාලයක සිට ලෝක මුස්ලිම් ව්‍යාප්තවාදය සමග සමපාත ගමනකට මෙරට මුස්ල්ම් ව්‍යාපාරයද මුලපිරීය. එතෙක් මෙරට පොදු හර පද්ධතිය ඉක්මවා නොයන්නට ඔවුන් බොහෝ විට වග බලා ගති. 1915 මරක්කල කෝලාහලය හැරුණු විට වෙනත් ප්‍රබල සිදුවීම් කිසිවක් පසුගිය සිය වස පුරාවටම වාර්ථා නොවීමට එයද හේතුවක් විය.
නමුත් විසේෂයෙන් අශ්රොෆ් මහතාගේ දේශපාලනය සමග තත්වය වෙනස් විය. එතෙක් සහජීවනයෙන් සිංහල සමාජය සමග එක්ව විසීමට සූදානම් වෙමුන් තිබූ මුස්ලිම් ජන මනස විසකුරු බෙදුම්වාදී විස පෙව්වේ අශ්රොෆ් මහතාගේ දේශපාලනයයි. ඔහුට ඒ සඳහා ලෝක මුස්ලිම් ව්‍යාප්තවාදයෙන් හොඳ සහයක් ලැබිණ. එදා ගංගොඩවිල සෝම හිමියන් දීඝවාපී මුස්ලිම් ආක්‍රමණයට එරෙහිව නැගි හඬ මෙහිදී අපගේ සිහියට නැගේ. අතීතයේ බෞද්ධ රාජ්‍යන් ලෙස පැවති රටවල් අද වන විට සම්පූර්ණ මුස්ලිම් රාජ්‍යන් බවට පත්ව ඇති ලෝක වටපිටාව හමුවේ මුස්ලිම් ව්‍යාප්තවාදයක් පිළිබඳව සැක සංකාවක සිටි සිංහල සමාජයට ඒ සැක සංකාවලට සාධාර්ණීත්වයක් එක් කිරීමට අශ්රොෆ් මහතාගේ මේ ගන්ධබ්භ දේශපාලනය සමත් විය. ඒ මුස්ලිම් ව්‍යාප්තවාදය බලහත්කාරී ලෙස මෙරට සමාජය තුලට කඩා වැදුනු තීරණාත්මක අවස්ථාවක් විය. ඉන් වසර කිහිපයකට පසු එතෙක් හිස තෙක් පමණක් ආවරණය කරගෙන සිටි මුස්ලිම් කාන්තාවන් හිජාබ් ඇඳුමට මාරු වීමත් එතෙක් එකාවන්ව බෙදා හදාගෙන කෑ කෑම වේලට හලාල් සහතිකය අනිවාර්‍ය වීමත් ඒ සංධිස්ථානය පිටතට පෙනෙන ප්‍රබල සාධක දෙකක් විය. සමාජ බෙදුම්වාදය තීව්‍ර වන්නේ මේ ක්‍රියාමාර්ග හරහාය. ජනගහන ව්‍යාප්ති වේග වෙනස සමග අනාගත ආක්‍රමණයක් පිලිබඳ බියකින් පසුවූ සිංහල සමාජය තුල ඒ බිය තීව්‍ර කරන්නට මේ ක්‍රියාමාර්ග උල්පන්දම් දුනි.
මෑත වකවානුවේ මුස්ලිම් ව්‍යාප්තවාදය සමග සම්බන්ධිතව වාර්ථා වූ බොහෝ කරුණු හමුවේ නීතිය ක්‍රියාත්මක නොවීම අද ඇතිවී ඇති තත්වයට බලපෑ මූලිකම හේතුවක් ලෙස අප දකින්නෙමු. මුස්ලිම් අන්තවාදී අමාත්‍යවරයකු අධිකරණය වැනි ඉතාමත් තීරණාත්මක ඇමතිධූරයක් අරක් ගෙන සිටින වාතාවරණයක එය පුදුම විය යුතු කරුණක්ද නොවේ. මෙතෙක් කල් සංධාන ආණ්ඩුවලට එක්වන සුළුතර පක්ෂ කේවල් කිරීම් හරහා ලබාගත්තේ ආර්ථික මර්මස්ථානවලට සම්බන්ධ අමාත්‍ය ධූරයන් වේ. ඒ ඒ මර්මස්ථාන හරහා සුලුතර ජනයාට සැලකීමට මේ ඇමතිවරුන්ට අවස්ථාව උදාවන බැවිණි. පසුගිය දශක දෙක තුනේ වරාය අමාත්‍ය ධූරය වැඩිපුරම මුස්ලිම් පක්ෂ නියෝජනය කරන්නන්ට ලැබෙන්නේ එබැවිනි. නමුත් අද තත්වය ඊට වෙනස්ය. ආර්ථික ක්ෂත්‍රය හරහා අත්කරගත් ජයග්‍රහණ නීතිමය ලෙස බලාත්මක කරගැනීම අද ඔවුන්ගේ මූලික උවමනාවයි. රටේ අධිකරණ ඇමතිධූරය හකීම් ඇමතිවරයාට ලැබෙන්නේ ඒ උවමනාවට සමපාත වෙමිනි.
මීට පෙර නම් ඇමතිධූර ඔවුන්ට හිමි වූයේ ඔවුන්ගේ දේශපාලන කේවල් කිරීම බලය මතයි. රජුන් තනන්නන් ලෙස ප්‍රකටව සිටි ඔවුන්ට අවැසි දේ නොදී ආණ්ඩු පිහිටවීම එකල උගහටය. නමුත් තේරුම් ගත නොහැකි කරුණ නම් එවැනි කේවල් කිරීමේ බලයක් නොමැති රාජපක්ෂ පාලන යුගය තුලදී අධිකරණය වැනි මුස්ලිම් ව්‍යාප්තවාදයේ ඊලඟ පිම්මට අත්‍යවශ්‍ය බලය හකීම් මහතාට ලැනුයේ කෙසේද යන්නයි. ඔහු ඇමතිධූරයට පත් වූ පසු එතෙක් නීති විද්‍යාල ප්‍රවේශය සමත් මුස්ලිම් ඉසින්ගේ ප්‍රමාණය කිසිඳු තර්ක – සංඛ්යාන ශාස්ත්‍රයක් මගින් විස්තර කළ නොහැකි ලෙස අභව්‍ය ලෙස ඉහල යන්නේ ඒ උවමනාව වෙනුවෙන් බවට සැක නැත. නමුත් අවසානයේ ඒ ගැටලුවට ලැබුණු විසඳුම කුමක්ද?
එමෙන්ම අතිශය අසාධාරණ ලෙස හලාල් මුද්‍රාව බලහත්කාරයෙන් සිංහල සමාජය මත පැටවීමේ ක්‍රියාවලිය වැලැක්වීමට අදාළ බලධාරීන් ගත් ක්‍රියාමාර්ග මොනවාද? කුරගල , දඹුල්ල ආදී බෞද්ධ හිෂ්ඨාචාරයේ සංධිස්ථානවල සිදුවූ මුස්ලිම් ආක්‍රමණයන්ට ලබාදී ඇති පිළිතුරු බහුතර ජනයා සෑහීමකට පත් වී ඇතිද?
මේවා බොබස වැනි සංවිධාන ආමන්ත්‍රණය කරන කරුණුය. ඒවා වෙන්ව වියුක්තව ගත් කල ඉතාමත් යුක්ති සහගත ඉල්ලීම් බව අපගේ හැඟීමයි.
එකින් එක සඳහන් නොකලත් මෙලෙස සඳහන් කල හැකි දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ බලධාරීන් කටයුතු කරනුයේ අඳ ගොළු බිහිරන් ලෙසය. එසේත් නැතහොත් ලාදුරු රෝගීන් ලෙසය. එලෙස සුළු සුළු ගැටළු කර ඇරීම නිසා ඒවා ඕනෑම ජඩ න්‍යාය පත්‍රයකට වුව මෙහෙයවන කණ්ඩායම්වලට හොඳ පල්ලමකි. නියපොත්තෙන් කපන්නට හැකිව තිබූ ගස් අද මහා රූස්ස ගස් වී හිස මතට වැටෙන්නට වූ අනතුරකට පත්ව ඇත්තේ බලධාරීන්ගේ මන්දෝත්සාහී හැසිරීම නිසයි.
ඉහත දැක්වූ කරුණු වලට අමතරව මෑත කාලයේ ව්‍යාප්තවූ සමාජ ජාලා හා අන්තර්ජාල මාධ්‍යවල සුලභතාවයද මේ තත්වය වර්ධනය වීමට තවත් එක් හේතුවකි. බොහෝ දෙනා නාගරික උගත් සමාජය ලෙස මහත් උජාරුවෙන් හඳුන්වන සමාජ කන්ඩායම් මේ වතුර , බොර දිය බවට පත් කිරීමට ප්‍රබල දායකත්වයක් සැපයීය..
අප ගත යුතු මග
මේ ඇතිවී ඇති තත්වය හමුවේ වාසි ලබාගන්නා කන්ඩායම් කිහිපයක් හඳුනාගත හැකිය.
මෙරටට අත පෙවීමට බලාසිටින විසකුරු විදෙස් බලවේග.
සිංහල සමාජයෙන් වෙන්වීමට මග බලා සිටින දෙමළ බෙදුම්වාදින්.
සිංහල සමාජය සමග බද්ධ වෛරයෙන් පසුවන ඊනියා බටහිර රටවල සහ රාජ්‍ය නොවන සංවිධාන වල මතයට අනුව ක්‍රියාකරන ඊනියා උගත් සමාජය.
බෞද්ධයා අපකීරිතියට ලක් කර එමගින් වාසි ලබාගැනීමට සිටින අන්‍යාගමික අන්තවාදී කොටස්.
සිංහල මුස්ලිම් සහජීවනය නොඉවසන අන්තවාදී මුස්ලිම් සංවිධාන සහ එහි ක්‍රියාකාරිකයන්.
අනාගත ලොව මුස්ලිම් ‘තනි යායක්’ කිරීම වෙනුවෙන් වෙහෙසෙන මුස්ලිම් ව්‍යාප්තවාදයේ ක්‍රියාකාරිකයන්.
සිංහල – දෙමළ – මුස්ලිම් චන්ද ගොඩවල් තම තමන්ගේ භුක්තියට සවි කරගැනීමේ අභිප්‍රායෙන් සහජීවනය පාපන්දුවක් කරගගත් අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම්.
මෙකී නොකී සතුරු පාර්ශව බොහොමයක් මේ දිය බොර වූ අවස්ථාවේ එහි මාළු බෑමට සූදානමින් සිටී. එමෙන්ම ඉදිරි මැතිවරණවලදී මුස්ලිම් සහ සිංහල චන්ද වල කොටස තමන්ගේ කරගැනීමට සූදානම් වන කණ්ඩායම්ද මේ තත්වය වර්ධනය වනවාට ඉත සිතින් කැමතිය. තම බල ව්‍යාපෘතිය සඳහා කුමක් වුවද භාවිතා කිරීමට තරම් ඔවුන් අලජ්ජිය.
මේ ඇතිවී ඇති තත්වය හමුවේ ඒය තව තවත් වර්ධනය කර මගින් වාසි ලබන්නට බලාසිටින අවස්ථාවදී කොටස් පරාජය කිරීමට නම් මුලින්ම අප සිහිය එළවා කටයුතු කළ යුතුය. තල් අත්තට බ්ලි ගෙඩිය වැටුනු විට ගාල කඩාගෙන දිවූ තිරිසන් ගතියෙන් මිදීමට අප සමාජයක් ලෙස සිතට ගත යුතුය. එමෙන්ම ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ මුස්ලිම් ව්‍යාප්තවාදය පරාජය කර එක් සමාජයක් ලෙස තම තමන්ගේ අනන්‍යතා රැක ගනිමින් ජීවත් වන්නේ කෙසේද යන්න පිලිබඳ දැනුවත් සංවාදයක් ඇරඹිය යුතුය. ඇහැට ඇහක් පන්නයේ පිළිතුරු සෙවීම තෙක් වර්ධනය නොවී සමාජයක් ලෙස කට ජීවත්වීමේදී ස්වාභාවිකව ඇතිවන නොපෑහීම් වළකා ගත හැක්කේ එමගින් පමනි. එමෙන්ම ස්මාජ සාමානුයෝජනයට බාධා ගෙන දෙන විදෙස් ආධාර ලබන සහ විදෙස් න්‍යායපත්‍රයන් මත මෙයවෙන අන්තවාදී කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය ඉක්මන් ප්‍රතිචාරයක් මගින් වහා නැවැත්විය යුතුය. එසේ නොවන තාක් මේ පිලිබඳ ගැඹුරු සංවාදයකට යෑම උගහටය. එමෙන්ම සිංහල බෞද්ධ සමාජය නියෝජනය කරන්නේ යැයි කියන සංවිධානවල ඇති ගැටලු ජාතික සංවිධානවල මැදිහත්වීම්න් හෝ විසඳා ගත යුතුය. කොටින්ම කඳට සරිලන හිසකින් ඒ සංවිධාන ශක්තිමත් කරගත යුතුය.
උපතේ සිට මරණයට පත් වීම තෙක් සැමට බලපාන නීතිය සරිලන ජනවාර්ගිකත්වය මත වෙනස් නොවී සැමට සරිලන එක නීති පද්ධතියක් යටතට මුළු සමාජයම ගැට නොගසා නම් සහජීවන මගේ අඩියක්වත් ඉදිරියට යාම උගහටය.
අන්තවාදය සහ සාමාන්‍යය යන අන්ත දෙක අතර ඇති අවකාශය තුල සිටින්නන් සියල්ල එක පොදු කුලකයකට දමා පහර දීමෙන් දිනා ගත හැක්කක් නොමැති බව හොඳින් තේරුම් ගත යුතුය.
එමගින් සිදුවන්නේ වෙන්වීමේ පරිකල්පනය දෙසට රේඛාවේ මෙහා අන්තයේ සිටින්නන්ද ඇදී යාමය. දෙමළ ජාතිවාදය පැරදවීමේදී එය මතවාදිව නිවරදි ලෙස වෙන් කරගත් නිසා මව්බිමට ජයග්‍රහණය ගෙන ඒමට හැකිවිය. සාමාන්‍ය දෙමළ ජනයා සහ කොටි ත්‍රස්තවාදියා යනු එකෙක් නොව දෙදෙනෙකු ලෙස නිවරදිව වෙන් කරගැනීම තුලින් අදද වැල්ලවත්තේ සෙල්ලදොරෙයි අයියාටත් ධර්මදාස අයියාටත් එකට සිටිමින් ප්‍රභාකරන් පැරදවීමට හැකිවිය. එමගින් ඊළම බිහිවීමේ දරුණු අවධානම නැති කරගැනීමට හැකි විය. එමෙන්ම සාමාන්‍ය මුස්ලිම් ජනයා සහ තව්ෆික් ජමාද් හෝ වෙනත් කුමනාකාර අන්තවාදී මුස්ලිම් ත්‍රස්ත කණ්ඩායම් වෙන්කර හඳුනාගත යුතුය. එසේ නොකර සියල්ල එක කුලකයකට දමා ‘තම්බි ඔක්කොම එකයි’ යනුවෙන් සාමාන්‍යකරණය නොකර ඒ වෙනුවට සාමාන්‍ය මුස්ලිම් ජනයා දිනාගනිමින් මුස්ලිම් අන්තවාදය පිටුදැකීමට අප සවිඥානික විය යුතුය . අනාගතයේ නසරිස්තාන බිහිවීමේ අවධානම ගැන සවිඥ්ඥානික බොහෝ දෙනා සිතට ගත යුතු කරුණ එයයි. එය ඉටු කර ගත හැක්කේ බාහු බලයට වඩා අනාගතය විනිවිදිය හැකි විදග්ධ දැක්මකින් සන්නද්ධ වීමෙන් පමණි
-කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය
www.yuthukama.com

0 comments:
Post a Comment