අගමැති දි.මු. ජයරත්න මහතාට අයත් වාහනයකින් පැමිණි බව කියූ පිරිසක් තම දියණිය පැහැර ගත්තේ යයි ඇගේ පියා පැමිණ මහනුවර දළදා වීදියේ මහජන බැංකු ගොඩනැගිල්ල අසල තම මෝටර් රථයේ වහලය මත නැග විරෝධතාවක නිරත වී තිබේ.
කඩුගන්නාව, ලගමුව ප්‍රදේශයේ පදංචිකරුවෙකු බව පවසන විල්බට් දයානන්ද නමැති මෙම පුද්ගලයා එසේ විරෝධතාවයක නිරත වූයේ පසුගිය 29 වනදින අවු 25ක් වයසැති තම වැඩිමහල් දියණිය වන නිසංසලා අගමැතිවරයාගේ කාර්යාලයීය වාහනයකින් රැගෙන ගොස් ඇති බව කියමිනි.
තම දියණිය ගැන මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති නිසා තමන් මෙම විරෝධය දක්වා ඉල්ලා සිටින්නේ තම දියණිය සොයාදෙන ලෙස යැයිද ඔහු කියා සිටියේය.
මේ ගැන කඩුගන්නාව පොලීසියට පැමිණිලි කළත් එම පොලීසියද මෙම පැහැරගැනීම ගැන දැනුවත්ව සිටි බවත් එමනිසා ඔවුන්ගෙන්ද පිලිසරණක් නොවු බව ඔහු පැවසීය.
තවත් දියණියන් සිටින තමාට තමාගේ වැඩිමහල් දියණිය සොයාදෙන ලෙස මෙලෙස බලකරන බව හෙතෙම කියා සිටියේය.
උදැසන 8 30ට පමණ මොහු මෙසේ නගර මධ්‍යයේ විරෝධතා දැක්වීම නිසා මහනුවර පොලීසියේ රථවාහන අංශයේ නිලධාරින් ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළත් එය අපහසු විය.
පාර මැද තිබු වාහනය රථවාහන අංශයේ නිලධාරින් විසින් මාර්ගයේ අයිනට ගත් අතර පසුව පැමිණි රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීම මත අදාළ පුද්ගලයා විරෝධතාවය නවතා ඔහුගේම මෝටර් රථයෙන් ගියේය.
මෙම විරෝධතාවය පිළිබඳව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී අඹන්වල මහතාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ මොහුගේ දියණිය වෙනත් පුද්ගලයෙකු සමග යාම ඊට හේතුව බවයි.
එසේම එය ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් බවත් කෙසේ වෙතත් පොලීසිය විසින් මේ ගැන පරීක්ෂණ කරන බවත් හෙතෙම කියා සිටියේය.
එම තරුණිය විවාහක බවත් ඇයගේ සැමියා විසින් එම තරුණිය රැගෙන ගොස් ඇති බවත් මේ ගැන කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කීවේය.
බිරිඳගේ අයිතිය ඇත්තේ සැමියාට බැවින් මෙම පුද්ගලයාගේ හැසිරීම ගැටළුවක් බවද පැවසූ පොලිස් මාධ්‍ය ඒකකය මෙම සිද්ධියට දේශපාලනඥයෙකුගේ සම්බන්ධයක් ගැන දැන ගන්නට ලැබී නැතැයි ද අනාවරණය කළේය.

0 comments:
Post a Comment