එම සාකච්ඡාවලට යෑමට රවි කරුණානායක මන්ත්‍රිවරයා මුදල් ලබාදුන් බවට හා තමන්වහන්සේ කොටි සාමාජිකයන් සමඟ ගත් ඡායාරූප තමන් සතු බවට ඇමැතිවරයා කරන ප්‍රකාශ පිළිකුලෙන් හෙළා දකින බවද ඥානසාර හිමියෝ පැවැසූහ. "එක්කෝ රාජිතට පිස්සු. අපි නෝර්වේ ගිය එක ඇත්ත. ඒක හැමෝම දන්න කරුණක්. සොල්හයිම් එක්ක පින්තූර ගත්තා.
ඇමෙරිකාවේ ඔබාමා එක්ක වුණත් පින්තූර ගන්න හම්බුණොත් අපි පින්තූර ගන්නවා. ඒකට අපි කාගෙන්ද අවසර ගන්න ඕනෑ.
අනෙක රවි මහත්තයා අපේ කවුද? අපිට වියදම් කරන්න සිංහල, දෙමළ, මුස්ලිම් නොවන මේ වගේ කල්ලතෝනි කාලකණ්ණියෝ තමයි මේ රට විනාශ කරන්නේ. මම හිතුවේ රාජිත වැදගත් මහත්තයෙක් කියලා. මොනවාද මේ නඟන අමූලික බොරු චෝදනා. මුළුමහත් දේශපාලන ජීවිතේම මේ මිනිස්සු කරන්නේ රඟපාන එක. මිනිස්සු රවටනවා කියන එක මෙයාලාට ලොකු දේවල් නෙවෙයි. 'ඇමැති' කියන්නත් ලැජ්ජයි මේ වගේ මිනිසුන්ට. මේ චෝදනා දැඩි පිළිකුලෙන්
ප්‍රතික්ෂේප කරනවා.
පෙර පුවත -
0 comments:
Post a Comment