ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් එල්ලවූ විරෝධතා හේතුවෙන් ඇමෙරිකානු ආධාරවලින් ක්‍රියාත්මක වෙමින් තිබුන ඡන්දදායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් නතර කිරීමට ඇමරිකානු ආධාර ඒජන්සිය හෙවත් යූඑස්ඒඩ් ආයතනය තීරණය කොට තිබේ.
"ඡන්දදායකයන් දැනුවත් කිරීම මගින් මැතිවරණ ක්‍රියාදාමයට සහයෝගය දැක්වීම" යන තේමා යටතේ එම වැඩසටහන් සංවිධානය කිරීමට උනන්දුවක් දක්වන සිවිල් සංවිධාන වෙතින් යූඑස්ඒඩ් ආයතනය ව්‍යාපෘති යෝජනා කැඳවා තිබුණි.
ව්‍යාපෘති යෝජනා කැඳවමින් යූඑස්ඒඩ් ආයතනය පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුවයි, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ විරෝධය එල්ල වී තිබෙන්නේ.
ඉන් අනතුරුව සිවිල් සංවිධාන වෙත විද්‍යුත් පණිවිඩයක් යොමු කරන යූඑස්ඒඩ් ආයතනය, අදාළ වැඩසටහන අහෝසි කරන බැවින් ඒ සඳහා තවදුරටත් යෝජනා භාර නොගැනෙන බව දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන්වලට ඇමෙරිකාව මුල්‍යාධාර සැපයීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් බව බ්‍රහස්පතින්දා රැස්වුණු කැබිනට් මණ්ඩලයේ අදහස වී තිබිණ.
'ඇඟිලි ගැසීමක්'
ඒ පිළිබඳව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිවරිය කැඳවා කරුණු විමසන බව විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේ.
මේ අතර දි අයිලන්ඩ් පුවත්පත සමඟ අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යෝජිත වැඩසටහන ආණ්ඩුව වෙනස් කිරීමේ කූට වෑයමක් ලෙස හඳුන්වා දී තිබිණ.
යූඑස්ඒඩ් ආයතනය මෙවන් වැඩසටහන් දිගුකලක් තිස්සේ ශ්‍රී ලංකාවේ මෙන්ම අනිකුත් රටවලද සිවිල් සමාජ සංවිධාන සමග පවත්වාගෙන යන බවයි, මේ පිළිබඳව කළ විමසීමකදී ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සංදේශයට කියා සිටියේ.
අදාළ ව්‍යාපෘතිය අහෝසි කිරීම පිළිබඳව හෝ ආණ්ඩුවෙන් එල්ල වී තිබෙන විරෝධය පිළිබඳව අදහස් දැක්වීම ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළේය.
ඡන්දදායකයන් දැනුවත් කිරීමේ මෙවැනි වැඩසටහන් 2010 වසරේ සිට ක්‍රියාත්මක වන බව, නම සඳහන් නොකරන්නැයි ඉල්ලා සිටි සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මේ අතර සංදේශයට කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් බොහොමයක් ක්‍රියාත්මක වන්නේ විදේශීය අරමුදල් උපයෝගී කරගෙන බව පැවසූ ඔහු එමගින් ආණ්ඩුව පවසන පරිදි කිසිම දේශපාලන කටයුත්තක් සිදු නොවන බව අවධාරණය කළේය.
ඡන්දදායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් වලින් සිදුවන්නේ ඡන්දදායකයන්ට ඡන්දය ලබාදීමේ වැදගත්කම පහදා දීම, ඡන්දය සලකුණු කරන ආකාරය ගැන දැනුවත් කිරීම, ජන්දය ලබාදීමට අවශ්‍ය හඳුනුම්පත් පිළිබඳව දැනුවත් කිරීම, කාන්තාවන් දේශපාලනයට යොමු කිරීමට දිරිගැන්වීම් වැනි ක්‍රියා පමණක් බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සහ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකානු රජය අතර පවතින විරසකය ආණ්ඩුව මෙම වැඩසටහනට විරෝධය දැක්වීමට හේතුව බව ද එම සිවිල් සංවිධාන නියෝජිතයා පැවසීය.
වැඩිදුර කරුණු විමසීම පිණිස නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

0 comments:
Post a Comment