facebook like

අටදරු මව්පියන්ට ඇමැති මර්වින්ගෙන් නිවසක්‌ .................දරුවන් ජීවත් කරන්න බැරි පවුල් රකින ක්‍රමයක්‌ රජය වහා ඇරැඹිය යුතුයි

දරුවන් ජීවත් කරවන්න බැරි පවුල් ජීවත් කරවීමේ ක්‍රමයක්‌ රජය ආරම්භ කළ යුතුයි. එමගින් රටේ අනාගතය යහපත් කළ හැකි යෑයි මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (4 දා) රදාවාන කන්දෙවත්ත ප්‍රදේශයේ දරුවන් අටදෙනකු සහ ගැබිණි මවක්‌ සිටින දුගී පවුලකට නිවසක්‌ ඉදිකරදීම සඳහා මුල්ගල තැබීමේ අවස්‌ථාවකට එක්‌වෙමිනි.

එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

රජය මගින් පොහොර සහනාධාර, ධීවර සහනධාර දෙනවා නම් මේ වගේ දරුවන් වැඩි පවුල් සඳහා සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ඉදිරි දින කිහිපය තුළදීම ක්‍රියාත්මක කළ යුතුයි.

දරුවන් ජීවත් කරවන්න බැරි සමහර මව්පියන් දරුවන්ට වසදී නැත්නම් ගංගාවලට දමා සියදිවි නසාගත් අවස්‌ථා අපට අසන්නට ලැබුණා.

අපේ ජනාධිපතිතුමා ඇතුළු පවුලේත් නව දෙනෙක්‌ ඉන්නවා. ඒ නිසාම දරුවන් වැඩියෙන් සිටින දරු පවුල් පිළිබඳ හැඟීමෙන් ක්‍රියාකරන නායකයෙක්‌ එතුමා. මා ජනාධිපතිතුමාගෙනුත්, රජයෙනුත් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ ඉක්‌මන් අවධානය යොමුකර වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන ලෙසයි.

මේ රටේ හැම තැනින්ම දරුවන් වැඩි පවුල් පිළිබඳ වාර්තා වෙනවා. පෙරේදාත් නීතිඥවරියක්‌ දරුවන් 5 දෙනකු බිහි කළා. මේක ඉතා හොඳ තත්ත්වයක්‌.

වයස මාස නවයේ සිට අවුරුදු දහය දක්‌වා දරුවන් 8 දෙනකුගෙන් යුත් පවුලේ මව 38 හැවිරිදි ගයත්‍රි මේ වනවිටත් ගැබිනියකි. දරුවන්ගේ පියාවන ප්‍රියන්ත (30) වීරක්‌කොඩි මෙම දරුවන් අටදෙනා සහ බිරිඳ ජීවත් කරනුයේ කුලියට පොල් කැඩීමෙනි.

මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ ඇමැති මර්වින් සිල්වා මහතාගේ නියමයෙන් රුපියල් ලක්‍ෂ පහළොවක මුදලකින් නිවසක්‌ තනා මෙම දරු පවුල වෙත ලබාදීම සඳහා පියවර ගෙන ඇත.

කෑරගල පද්මාවතී පරිවේණාධිපති පූජ්‍ය රාජාවෙල නන්දරතන හිමිපාණන්, දොම්පෙ ප්‍රාදේශීය ලේකම් එච්. ජී. ඡේ. පී. විඡේසිරිවර්ධන මහත්මිය ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive