facebook like

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධිකරණයෙන් අවවාද............නීතිය ඉදිරියේ සියලූදෙනා සමානයි

නීතිය ඉදිරියේ සියලූදෙනා සමාන බව කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ අද (07) ප‍්‍රකාශ කළා. කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා මේ බව කියා සිටියේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද විභාගයට ගත් අවස්ථාවේදියි. කුරානයට අපහාස වන ආකාරයෙන් ප‍්‍රකාශ නිකුත් කිරීම සහ කොම්පඤ්ඤ වීදියේ හෝටලයක පැවති ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවකට කඩා වැදී එහි ලිපි ලේඛන පැහැරගෙන යෑමේ සිද්ධීන්වලට අදාළව ගොනුකර තිබූ නඩුව අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුනා.

ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවට කඩා වැදී පැහැරගනු ලැබූ ලිපි ලේඛණ පොලීසිය විසින් සොයාගෙන ඇති බවත් ඒවා ජාතික බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන්ට අයත් බවත්, පොලීසිය අද කරුණු දක්වමින් අධිකරණයට කියා සිටියා. එමෙන්ම පසුගිය නඩු වාරයකදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පැමිණිලි පාර්ශවයේ නීතීඥවරුන්ට අපහාස වන ආකාරයෙන් වචන භාවිතා කිරීම පිළිබඳව එම නීතීඥවරුන් අද අධිකරණයට කරුැණු වාර්තා කළා. එහිදී කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා උන්වහන්සේට අවවාද කරමින් කියා සිටියේ නැවත මෙවැනි දෙයක් සිදු නොවන ලෙස කටයුතු කරන ලෙසයි. එසේ වුවහොත් දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශ කළා. නීතීඥවරුන් අධිකරණයේ සාමාජිකයන් වන බවත් ඔවුන්ට  ඕනෑම පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටිය හැකි බවත් මහේස්ත‍්‍රාත්වරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

නීතීඥවරුන්ට අපහාස වන ආකාරයෙන් වචන හැසිරවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වහාම වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා පොලීසියට නියෝග කර ඇත්තේ. මෙම නඩුව සැප්තැම්බර් මස 1 වැනිදා යළි කැඳවනු ඇති.

මෙම නඩු විභාගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියා සිටියේ ඉදිරියේදී අධිකරණවලින් කුමන තීන්දුවක් ලබාදුන්නත් මෙතෙක් කරගෙන යනු ලැබූ ශාස්ත‍්‍රීය කථිකාවත තවදුරටත් ඉදිරියට ගෙන යන බවයි.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive