කලාකරුවන් අතර බහුතරයක් දෙනා පවතින පාලනයේ දෑත් ශක්තිමත් කිරීම සදහා පේවී සිටින්නන් බව නිතර අසා පුරුදු කාරණාවක්. එහෙත් කාලකරුවන් අතර පවතින ක්‍රමයට, ඒ ක්‍රමයේ අබල දුබල තැන්වලට, පහරදෙමින් ජනතාව සමග බද්ධ වූ කලාකරුවන් අතලොස්සක් දෙනෙක් ද සිටී. ඔවුන් අතර වන තරුණ කලා ශිල්පිනියක් පසුගියදා රාවය පුවත්පතට අන්තවාදීන්ගේ හැසිරීම් පිළිබද අපූරු අදහස් ප්‍රමාණයක් එක් කොට තිබුනා. ඇය තරුණ රංගන ශිල්පිණියක් වන සමනලී ෆොන්සේකායි. මේ ඇය ජාතිවාදී උමතුව ගැන දැක්වූ අදහස්..
මේ සිදුවීම්වල මූලය හොයාගෙන ගියොත් අපි දැක්කේ සමහර නායකයන්, බුද්ධිමතුන් කියලා පිළිගත්ත පුද්ගලයන් සිංහල බෞද්ධයන්ට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා පෙන්වීමනේ.
එහෙත් අපි දකින්න ඕනෑ සාමාන්‍ය ජනතාව වගේ නොවෙයි සංවිධානගත වුණු බුද්ධිමතුන් විසින් මේ වගේ අසාධාරණයක් වෙලා තියෙනවාය කියලා කියනවා නම් ඒකට ප‍්‍රතිචාර දක්වන්න ඕනෑ නෛතිකමය ආකාරයකට. බුද්ධාගම විනාශ කරන්න, බලෙන් ඉඩම් අල්ලගන්නවත් එයාලා කියන විදියට මුස්ලිම් පිරිසක් කටයුතු කරනවා නම් නීතියේ පිළිසරණ පතන්න ඕනෑ.
ඒ අය කියනවා නම් නීතිය ඉදිරියට ගියා උත්තරයක් ලැබුණේ නැහැ කියලා ඒකෙන් පේන්නේ නීතිය දූෂිතයි කියලා. එහෙනම් ඒ අය පළවෙනි ප‍්‍රහාරය එල්ල කරන්න ඕනෑ රජයට. එහෙනම් මුලින්ම නීතිය ස්ථාපිත කරන්න සටන් කරන්න ඕනෑ.
ඇත්තටම ඔවුන් කියන විදියේ අන්තවාදී කල්ලි ලංකාවේ ඉන්නවා නම් ඒ චෝදනා කටකතා විදියට පවතින්න බෑ. එයාලාම කියන විදියට ලෝකේ දරුණුම ත‍්‍රස්තවාදය පරාජය කළ හමුදාවක් බුද්ධි අංශයක්නේ අපට ඉන්නේ. ඒ කණ්ඩායම් එහෙම ත‍්‍රස්තවාදීන් ඉන්නවා නම් හොයලා බලන්න ඕනෑ. කාටවත් නීතිය අතට ගන්න බැහැ. නීතිය අතට ගැනීම කියන ආදර්ශයම ගැටලූවක්. ඒ කියන්නේ නීතිය ස්ථාපිත නැහැ කියන එකනේ. විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා වශයෙන් ඒ ගැන හිතලා බලන්න ඕනෑ.
ඕනෑම රටක විවිධ සංස්කෘතීන් තියෙන්න පුළුවන්. එහෙම අනන්‍යතාවන් එකක් බවට පත් කරන්න අමාරුයි. එහෙම පුළුවන් නම් හොඳයි තමයි. ඒත් පාථග්ජන මිනිස්සු විදියට ජනවර්ග අතර ගැටලූ ඇතිවෙන්න පුළුවන්. ඒත් ඒවා විසඳන ක‍්‍රමය මේකද කියන එකයි ප‍්‍රශ්නය.
අපි සුළු ජාතීන් එකතු වෙන එක වළක්වන්න උත්සාහ කළ යුතු නැහැ. ඕනෑම රටක සුළු ජාතිකයන්ට තියෙන ශක්තිය තමයි එකමුතුකම. අපි දකිනවා ඕස්ටේ‍්‍රලියාවේ ඉන්න සිංහලයන් එකතු වෙනවා. ඔවුන් අවුරුදු උත්සව පවා පවත්වන්නේ තමන්ගේ එකමුතුකම පවත්වාගන්න. ඒක පෙන්වන්න. ඒක තමයි ඔවුන්ට තියෙන ශක්තිය.
ආරක්ෂාව. මොනවා වුණත් ඔවුන්ගේ මනස පීඩාවට පත් මානසිකත්වයකින් වැඩකරනවා. එවැනි සුළුජාතිකයන් එකමුතුව ඉන්නවා නම් අපි ඒකට ගරුකරන්න ඕනෑ.
මට හිතෙන විදියට දැන් මිනිස්සු පීඩාවට පත්වෙලා ඉන්නවා. ඔවුන්ගේ ආණ්ඩුවට එරෙහිව කේන්තියක් තියෙනවා. ඒ ආවේගයට අනුග‍්‍රහයක් ලැබෙන්නේ නැහැ. මේ ආණ්ඩුවට දිශානත වෙලා තියන බලවේගය වෙනත් පැත්තකට හරවන්න අනුග‍්‍රහය ලැබෙනවා කියලායි පේන්නේ. මිනිසුන්ට ඒක තේරෙන්නේ නෑ. ඔවුන් අවිඥානිකව මේ යුතෝපියානු ඊනියා ප‍්‍රශ්නයක් ඇත්ත කියලා පිළිගන්නවා.
රටක් විදියට අපි හැමෝම පීඩාවට පත්වෙලා. ජාතිවාදය කියන්නේ ඒ පීඩනය වෙනත් පැත්තකට යොමුකරන ප්‍රෝඩාවක්. ඒ නිසා ඇත්තටම නැති ප‍්‍රශ්නත් රෝපණය කරනවා. එතකොට උදේ ඉඳන් හවස්වන තෙක්ම මිනිසුන්ට කතා කරන්න දෙයක් තියෙනවානේ.
එක්කෝ මේ අය මෝඩයි. නැත්නම් ඉතාම සංවිධානාත්මක විදියට කරගෙන යන කපටිකමක්.

hahahah
ReplyDeletehttps://www.youtube.com/watch?v=GC0b5zfwP84