facebook like

ලංකාව මුස්ලිම් අන්තවාදීන්ගේ මධ්‍යස්ථානයක් බවට පත් විය හැකිද?...........මහාචාර්ය රොහාන් ගුණරත්නගේ ව්ග්‍රහයක්

ලංකාව තුළ මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ ගියහොත් එය ඉන්දියාවේ ආරක්ෂාවට පවා තර්ජනයක් විය හැකි බවට ඉන්දීය ආරක්ෂක උපදේශකයින් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබුණි. ලංකාව තුළ මුස්ලිම් ජනතාවට එරෙහි ව්‍යාපාර ශක්තිමත් වුවහොත් එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල සිටින මුස්ලිම් අන්තවාදී සංවිධාන ලංකාව තුළ තහවුරුවීමට උත්සාහ ගනු ඇතැයිද, සිංහල පිරිස්වලින්  මුස්ලිම් පිරිස් වෙත එල්ල වන විරෝධතා හමුවේ ලංකාවේ මුස්ලිම් තරුණ කොටස් මෙම අන්තවාදී සංවිධානවලට එක් වීමට පෙළඹෙනු ඇතැයිද ඒ තත්ත්වය හමුවේ ඉන්දියාවට පවා ආරක්ෂක තර්ජනයක් වර්ධනය විය හැකි බවද ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා තුළ තර්ක කර තිබුණි.   ලංකාව, ඉන්දියාවට ප්‍රහාර එල්ල කිරීමට බලා‍පොරොත්තු වන මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධානවල මූලස්ථානයක් බවට පත් කර ගනු ඇති බවද එම වාර්තාවන්හි සඳහන් වූයේය.
මේ අතර බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධාන මෙන්ම ජාතික හෙළ උරුමය වැනි පක්ෂද  දිගින් දිගටම පවසමින් සිටින්නේ ලංකාවේ දැනටමත්  මුස්ලිම් අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වන බවය. මේ වනවිට උණුසුම් මාතෘකා බවට පත්ව ඇති මෙම තත්ත්වයන් පිළිබඳව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශ්‍ලේෂකයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න සමග ‘ලක්බිම ඉරිදා සංග්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

ලංකාව තුළ මුස්ලිම් අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වන බවට බොදු බල සේනාව ඇතුළු ඇතැම් පාර්ශ්ව දිගින් දිගටම චෝදනා කරනවා. ඔබ දන්නා විදියට ලංකාවේ එවැනි සංවිධාන ක්‍රියාත්මක වෙනවාද?
ඔවුන් එසේ පැවසුවත් ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත සංවිධාන ක්‍රියාත්මක වන්නේ නැහැ කියන එකයි මගේ නම් අදහස. එහෙත් ලංකාවේ සමහර මුස්ලිම් ජාතිකයින් විදේශ ඔත්තු සේවාවන් සමග එක්ව කටයුතු කරන බව නම් ඇත්ත. ඉන්දියාවේ හා පාකිස්තානයේ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයන්ට මෙම මුස්ලිම් ත්‍රස්ත සාමාජිකයින් සම්බන්ධයි. නමුත් ඔවුන් ආගම හා ජාතිය  ගැන සිතමින් කටයුතු කරන පිරිස් කියා කියන්න අමාරුයි. ඒ කියන්නේ ආගමික හෝ ජාතික හැඟීමකින් හැසිරෙනවා කියා සිතන්න අමාරුයි. ඒ  වෙනුවට මොවුන් කටයුතු කරන්නේ ඔවුන්ට ලැබෙන මුදල් බලාගෙන බවයි පැවසිය හැක්කේ.
ලංකාව තුළ අල්කයිඩා වැනි දේශපාලන හා ආගමික අන්තවාදී සංවිධාන ඇත්තේ නැහැ. මා සිතන හැටියට අන්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ බොදු බල සේනාවයි. බොදු බල සේනාව ප්‍රධාන ධාරාවේ සංවිධානයක් නොවෙයි. ඔවුන් බුදුහාමුදුරුවන් හෝ බෞද්ධයින් නියෝජනය කරන සංවිධානයක් කියා මා සිතන්නේ නැහැ. අඩු ඉගෙනීමක් ඇති, සිංහල බෞද්ධ ජනතාව නොමග යවමින්, ඔවුන් භාවිතා කරමින් මුස්ලිම් ජනතාවට යම් ප්‍රහාරයක් එල්ල කරනවා. ඔය තිබෙනවාය කියන මුස්ලිම් අන්තවාදී සංවිධානවලට විරුද්ධව පියවර ගන්නවා වෙනුවට කළ යුතු වන්නේ බොදු බල සේනාව සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීම කියලයි මා සිතන්නේ. නැත්නම් ඉදිරියේදී විශාල ප්‍රශ්න ගණනාවක් ඇති වේවි.
ඒ වගේම වෛරී භාෂාව භාවිතා කරන පුද්ගලයින්ට විරුද්ධව පියවර ගැනීමට හැකිවන ආකාරයේ නීති ගෙන ආ යුතුයි. ඒ සඳහා දැනට පවතින නීති පද්ධතිය ප්‍රමාණවත් නැති බවත් පැවසිය යුතුයි.

අලුත්ගමදී හා බේරුවලදී ඇතිවූ  සිදුවීම් ප්‍රයෝජනයට ගනිමින්, ලංකාව තුළට මුස්ලිම් අන්තවාදී  සංවිධාන පැමිණ තහවුරුවීමට අවස්ථාව ලැබෙන බවට විශේෂයෙන් ඉන්දියාව වැනි රටවල් පවා අවධානය යොමු කර තිබෙනවා නේද?
රජය ලංකාවේ ජීවත් වන ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන ආකාරයට කටයුතු කළ යුතුයි. ඒත් ජන කොටස් ආණ්ඩුව ආරක්ෂාව ලබාදෙන තුරු නොසිට තමන්ගේ පවු‍ලේ ආරක්ෂාව තහවුරු කරගැනීමට විවිධ පියවර ගන්න පුළුවන්. ඒ ආණ්ඩුව තමන්ගේ දරු පවුල් ආරක්ෂා කරන්නේ නැති බවට වන හැඟීම් ඇතිවූ විටයි. ආණ්ඩුව තමන්ගේ පවුල ආරක්ෂා නොකරන බවට හැඟීමක් ඇතිවූ විට තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසාගැනීම ස්වභාවික දෙයක්. එතකොට ඔබ ඔය කියන විදියේ තත්ත්වයන් පවා ඇති නොවනු ඇතැයි කියන්න බැහැ. මේ වගේ සිදුවීම් නිසා දීර්ඝකාලීන සාමයට හා සංහිඳියාවට බාධා ඇති විය හැකියි. මේ සඳහා ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ මධ්‍යස්ථාන ඇති කර ඒවා පාසල් මට්ටමට පවා ගෙනයා යුතුයි කියන එකයි මගේ අදහස.
2009 වසරේදී කොටි සංවිධානය පරාජයට පත් කිරීමත් සමගින් දේශපාලන ප්‍රචණ්ඩත්වය නැතිවී ගියත් ජාති ආගම් බෙදා වෙන්කරන මූලධර්මවාදී අදහස් තවමත් සමාජය තුළ තිබෙනවා. මේ වන විට රටේ ඇතිවී තිබෙන සාමයට එය තර්ජනයක්. මේ නිසා වහාම මේ අවස්ථාවේදී රජය කළ යුතු වන්නේ බෙදී වෙන්වී ගිය සමාජ කොටස් අතර සම්බන්ධතාව යළිත් ඇති කිරීමට පියවර ගැනීමයි.

මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන දකුණු ආසියානු කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බවට ඉන්දියාව නිතරම පවසනවා. දකුණු ආසියානු කලාපය තුළ මෙවැනි අන්තවාදී ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරීත්වය කෙසේද?
ආගම් මුල්කරගත් අන්තවාදී සංවිධාන හා ජාතීන් මුල්කරගත් අන්තවාදී සංවිධාන අතර වෙනසක් නැහැ. මොවුන් ජනතාවගේ ආගමික හා ජාතික හැඟීම්වලට කතා කරමින් සාමාන්‍ය ජනතාව ගැටුම්වලට ‍පොළඹවා ගන්නා බව පැවසිය හැකියි. වෙනත් ආගමකට වෙනත් ජාතියකට වෙනස්කොට සැලකීම හේතුවෙන් මොවුන්ට පහසුවෙන් සමාජය තුළ ක්‍රියාත්මකවීමේ අවස්ථාව ලැබෙනවා. මොවුන් තමන්ගේ ආගමට හැර අනෙක් ආගම්වලට ජාතීන්ට වෛර කිරීමට උගන්වනවා.
දකුණු ආසියානු කලාපය තුළ ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය ආරම්භ වන්නේ 1970 දශකය ආරම්භයේ සිටයි. ඊශ්‍රාල-පලස්තීන අර්බුදය නිසා හා 1979දී රුසියාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමත් නිසා මුස්ලිම් අන්තවාදයට අවශ්‍ය දිරිගැන්වීම් ලැබුණා. රුසියානු ආක්‍රමණයට මුහුණදීමට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය හා සෞදි අරාබිය ඇෆ්ගනිස්ථාන තරුණයින්ට උදව් කළා. ඔවුන් එම ආධාර ලබාදුන්නේ පාකිස්තානය හරහායි. රුසියානු හමුදා පරාජය කළ ඇෆ්ගනිස්ථාන තරුණයින් නැවත පුනරුත්ථාපනය කර සමාජගත කළේ නැහැ. තලෙයිබාන් හා අල්කයිඩා ත්‍රස්තවාදීන් ලෙස ක්‍රියාත්මක වීමට පටන්ගත්තේ මේ තරුණයින්.
දකුණු ආසියානු කලාපය තුළ ක්‍රියාත්මක වන මුස්ලිම් ත්‍රස්ත සංවිධාන හා මැද පෙරදිග කලාපයේ ක්‍රියාත්මක වන මුස්ලිම් ත්‍රස්ත සංවිධාන අතර වෙනසක් නැහැ. මුස්ලිම් ආගමට තර්ජන එල්ල වන බව පවසමින් තමයි ඔවුන් සිය පැවැත්ම ගෙන යන්නේ. ඔවුන් තමන්ගේ මතයට විරුද්ධ පුද්ගලයින්ට පහර දෙනවා. මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරනවා. මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නට ඉදිරිපත් වන සටන්කාමීන්ට  දෙව්ලොව යෑමට හැකියාව ලැබෙන බවත්, තමන්ගේ ඥාතීන් හැත්තෑ දෙනෙක් තමන් සමග රැගෙන යාමට අවස්ථාව ලැබෙන බවත් ඔවුන් විශ්වාස කරනවා. පාකිස්තානය සමග එක්ව ඇමෙරිකාව ත්‍රස්ත විරෝධී මෙහෙයුම් කටයුතු කරන විට මේ ත්‍රස්ත සංවිධාන දැනට ඇෆ්ගනිස්ථානය තුළ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙමින් සිටිනවා.
කෙසේ නමුත් බොදු බල සේනාව ඇතුළු සංවිධාන ගෙන යන වැඩපිළිවෙළ නැවැත්වීමට කටයුතු නොකළහොත් ලංකාවේ සිටින මුස්ලිම් කණ්ඩායම් මේ අන්තවාදී ත්‍රස්ත සංවිධාන වෙත නැඹුරු වීමේ අවදානමක් තිබෙනවා. ඔවුන්ගෙන් පුහුණුව ලබා ගැනීමේ අවදානමක් තිබෙනවා. එමෙන්ම මූල්‍ය ආධාර ලබාගනිමින් ලංකාව තුළ සිය ක්‍රියාකාරකම් ආරම්භ කිරීමේ අවදානමත් තිබෙනවා.

ලංකාවේ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී සංවිධාන ඉන්දියාවේ ආරක්ෂාවට පවා තර්ජනයක් වන බවත් පැවසෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
කලකට ඉහත, එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මකව තිබූ කාලයේ මෙරට නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව සංවිධානය වුණේ  එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් සිය පවුල් ආරක්ෂා කරගැනීමටයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධව ඔවුන් ආරක්ෂක හමුදාවන්ට සහාය දුන්නා. නැගෙනහිර පළාතේ ආරක්ෂක හමුදා සිය මෙහෙයුම් ආරම්භ කළ අවස්ථාවේදී ඔවුන් සිය ක්‍රියාකාරීත්වය වෙනස් කළා. හමුදාවට සහාය දීම අඩු කළා. ඒත් යුද්ධය අවසන් වීමෙන් පසුව ඔවුන් ක්‍රියත්මක නැහැ.  මෙම සංවිධානවල ක්‍රියාකාරීත්වයක් අපිට අද දැකගැනිමට නොහැකියි. ඒ නිසා මෙවැනි සංවිධානවල ක්‍රියාකාරීත්වය ලංකාවේ හෝ ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව කීම අදාළ වන්නේ නැහැ.

ලංකාවේ මුස්ලිම් විරෝධයක් වර්ධනය වුවහොත්  මුස්ලිම් අන්තවාදීන්ට සිය ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට එය හොඳ තෝතැන්නක් වන්නේ නැද්ද?  එය කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නැද්ද?
ලංකාවේ මුස්ලිම් සමාජය තුළ කිසියම් වෙනසක් මේ වන විට ඇතිවී තිබෙනවා. ඔවුන් අඳින පළඳින ආකාරය මෙන්ම හැසිරීමත් වෙනස් කරගෙන තිබෙනවා. ලංකාවේ සමාජයෙන් කොන් වීම නිසා ඔවුන් අරාබියේ ආකාරයට හැසිරෙන්න පටන්ගෙන තිබෙනවා. ඒ ආකාරයට අඳින්න පළඳින්න අරගෙන තිබෙනවා. ඇතැම් කණ්ඩායම් මොවුන්ගේ මේ වෙනසට කැමැති නැහැ. කෙසේ නමුත් මොවුන් ත්‍රස්තවාදීන් යැයි හඳුන්වාදීමට හැකියාවක් නැහැ. අපි එච්චර ඉක්මන් විය යුතු නැහැ. කෙසේ වෙතත් පසුගිය කාලයේදී බේරුවල හා අලුත්ගම වාර්තාවූ ආකාරයේ සිදුවීම් නිසා මුස්ලිම් අන්තවාදී සංවිධාන හා මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන රට තුළ ස්ථාපිත විය හැකියි. එවැනි සිදුවීම් මුස්ලිම් ත්‍රස්ත සංවිධාන බිහිවීමට තිඹිරිගෙයක් විය හැකියි. මෙවැනි අන්තවාදී ත්‍රස්ත සංවිධාන ඇතිවීම වැළැක්වීමට නම් වගකිවයුත්තන් වහාම ගත යුතු පියවර කිහිපයක් තිබෙනවා. එකක් වන්නේ බොදු බලසේනාව වැනි සංවිධාන තහනම් කිරීමයි.  ඒ වගේම ජාතීන් අතර වෛරය පතුරුවන වබේ අඩවිද තහනම් කළ යුතුයි. එසේ නොවන්නේ නම් වසර තිහක් තිස්සේ ත්‍රස්තවාදයෙන් බැට කෑ ආකාරයට ඉදිරියේදී ආගමික ත්‍රස්තවාදයකින් බැටකෑමට සිදු වේවි.
බොදුබල සේනාවේ හෝ ජාතික හෙළ උරුමයේ හැඟීම්බර ක්‍රියාකාරකම්වලට දැන් අවස්ථාවක් දිය යුතු නැහැ. දැන් කළ යුතු වන්නේ 21 වැනි සියවසේ දරුවන් සඳහා ආගමික හා ජාතික සංහිඳියාව ඇති කිරීමයි. ත්‍රස්තවාදය පරාජය කළ ප්‍රබල ආණ්ඩුවකට ආගමික හා ජාතික සංහිඳියාව ඇති කිරීමට බැරි වෙන්න විදියක් නැහැ. මේ නිසා අන්තවාදී සංවිධාන ඇතිවීමට තුඩුදෙන සාධක නැති කළ යුතු වෙනවා. ඒ වගේම බේරුවල හා අලුත්ගම සිදුවීම් පිළිබඳ වහාම පියවර ගත යුතු වෙනවා.

රට තුළ ආගමික හෝ ජාතික ත්‍රස්තවාදයක් හෝ අන්තවාදයක් ඇතිවීම වැළැක්වීමට ආණ්ඩුව ගත යුතු පියවර මොනවාද?
ආණ්ඩුව මේ අවස්ථාවේදී පියවර කිහිපයක් ගත යුතුයි. ඕනෑම කෙනකුට අලුත්ගම සිදුවීම පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගත හැකි වබේ අඩවියක් භාෂා මාධ්‍ය තුනෙන්ම සකස් කළ යුතුයි. ඒ මගින් වැරදි තොරතුරු ප්‍රචාරය වීම වැළැක්වීමට පියවර ගත යුතුයි. ඒ වගේම අලුත්ගම සිදුවීම් සම්බන්ධයෙන් බොදුබල සේනාවට විරුද්ධව ප්‍රමාණවත් ආකාරයෙන් පියවර නොගැනීමෙන් ආණ්ඩුව බොදු බල සේනාව පිටුපස සිටින බවට චෝදනා එල්ලවුණා. ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතුයි. ඒ වගේම මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන වබේ අඩවි ද තහනම් කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුව ජාතික එකමුතුව ඇති කිරීම සඳහා වන පනතක් ගෙන ආ යුතුයි. ඒ මගින් අන්තවාදී මුස්ලිම් සංවිධානවලට රට තුළ ක්‍රියාත්මකවීමද වැළැක්විය හැකියි.

සාකච්ඡා කළේ : සංජය නල්ලපෙරුම

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive