facebook like

ඉපදුණු ගමන් මැරුණා කියලා නර්ස් දරුවා ලාච්චුවකට දැම්මා............හොරණ රෝහලේ කතාවක්

පණ ඇති බිලිඳකු මියගිය බව සිතා හොරණ මූලික රෝහලේ හෙදියක විසින් මවගේ ඇඳ අසල තබා තිබූ ලොකර් එකට දමා වසනු ලැබූ බිලිඳකු කොළඹ රිජ්වේ ආර්යා
ළමා රෝහලේ ප්‍රතිකාර ලබන පුවතක් වාර්තා වෙයි.


හොරණ මූලික රෝහලට පසුගිය සඳුදා (14දා) රාත්‍රි ඇතුළත් කළ සිය බිරියට ලැබුණු කුලුඳුල් දරුවා මළ දරුවකු යැයි සලකා එහි හෙදියක රෝගියාගේ ආම්පන්න දැමීමට ඇඳ අසල තිබූ ලොකර් එකට දමා තිබියදී ප්‍රධාන වෛද්‍යවරයා විසින් පරීක්ෂා කිරීමේදී දරුවාට පණ තිබෙන බව දැනගෙන නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කළ පසුව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට දරුවා සහ මව මාරුකර ඇති බව එම බිලි¼දාගේ පියා ප්‍රකාශ කරයි.
මේ වනවිට දරුවා ළමා රෝහලේ 6 වැනි වාට්ටුවේ සුවසේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග කීය.


ඉංගිරිය රයිගම්වත්ත පහළ කොටසේ පදිංචි 25 හැවිරිදි සංගීතරාජා සහ 19 හැවිරිදි මනිමේල් දිව්‍යා යන තරුණ යුවළට ලැබුණු කුලුඳුල් දරුවා මේ ඉරණමට මුහුණ පා ඇතැයි කියති.
බිලිඳු දරුවාගේ පියා කියන පරිදී දරුවා පිළිසිඳ ගැනීමෙන් පසු නිසි පරිදි හොරණ සායනයට ගිය දිව්‍යාට පසුගිය සඳුදා (14දා) රාත්‍රි අපහසුතාවක් ඇති වූයෙන් වහාම හොරණ මූලික රෝහලට ඇතුළත් කළ පසුව දරුවා බිහි වී තිබේ.
සිදුවීම පිළිබඳ 'මව්බිම'ට ප්‍රකාශයක් කළ දරුවාගේ පියා වන සංගීතරාජා මහතා මෙසේද කීය.


"බිරියට දරුවා ලැබෙන්නයි හිටියේ. සඳුදා රාත්‍රි (අඟහරුවාදා පාන්දර) අමාරු වුණා. වහාම අපි හොරණ රෝහලට ඇතුළත් කළා. එහිදී 4 වාට්ටුවට ඇතුළු කළා. දරුවා ලැබුණාම කීවා දරුවා මෝරලා නෑ. ජීවත් කරන්න බෑ කියලා. ඊට පස්සෙ මිසී කෙනෙක් ඇවිත් කීවා දැන් කරන්න දෙයක් නෑ. දරුවා ජීවත් කරන්න බෑ කියල. මට විතරයි බලන්න දුන්නේ.
ඊට පස්සෙ මම ඉස්සරහදිම ඇලුමිනියම් තැටියක් වගේ එකක දරුවා දමල ලෙඩාගේ ඇඳුම් බඩුමුට්ටු තියෙන ලොකර් එකට බේසම පිටින්ම දැම්මා. එහෙම දැම්මෙ දරුවා මියගිය නිසා කියල මට හිතුණා.


මම ඥාතීන් සමඟ ගෙදර ආවා. පසුදා උදේ මම යනකොට බිරිය කීවා දරුවා බේබි රූම් එකට ආයෙ දැම්මා කියල. මම බලන්න ගියා. දරුවා හොඳට හිටියා. ලොකු ‍ෙදාස්තර මහතා ඇවිල්ල බලනකොට තමයි දරුවට පණ තියෙන බව දැනගෙන වහාම නොමේරූ ළදරු ඒකකයට දාල තියෙන්නෙ. ඒ ‍ෙදාස්තර මහත්තයා නිසා දරුවා බේරුණා. නැත්නම් දරුව ලොකර් එකේම මැරෙනවා.


පසුව බිරියගේ ටිකට් කැපුවා. ළමයා ළමා රෝහලට ගෙනියනවා කීවා. අපි ළමා රෝහලට ගියාම ඒ ‍ෙදාස්තර මහත්තුරු කරුණාවෙන් කිව්වා බයවෙන්න එපා. දරුවා හදන්න පුළුවන් කියල. දැන් තමයි හිතට සතුටක් දැනෙන්නෙ. හොරණ රෝහලෙත් ඒවගේ තීරණයක් ගත්තෙ ඇයි කියල තමයි ප්‍රශ්නය.
සංගීතරාජාට කතා කිරීමට බැරිය. හැඟීම්බරය. ඔහු කෙරෙන් බියපත්වීමක්ද දිස්වේ.


මේ සිදුවීම පිළිබඳ කිසියම් හෝ තැනකට පැමිණිලි නොකළේ මන්දැයි විමසූ විට ඔහු කීවේ "කාට කියන්නද මහත්තයා අපි අසරණ මිනිස්සුනේ" යන්නය.
මේ සම්බන්ධයෙන් හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂ තමර කළුබෝවිල මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවැසුවේ එම සියලු චෝදනා අසත්‍ය වන බවයි.
මේ දරුවා නිසි මාස ගණන සම්පූර්ණ නොකර ගබ්සාවක් හැටියටයි මවගේ කුසෙන් බිහි වුණේ. එවැනි දරුවන් ළදරු ප්‍රතිකාර ඒකකයේ තබාගෙන අප පරීක්ෂා කරනවා. ඔවුන් ජීවත් කරවිය හැකිද යන්න සම්බන්ධයෙන්. මේ දරුවා හුස්ම ගන්නා බව ළදරු ප්‍රතිකාර ඒකකයේදී පැහැදිලි වුණා. ඒ අනුව වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කළා.


මේ බිලි¼දා මළ දරුවකු ලෙස සලකා ලොකර් එකකට දැමූ බවට හා මෝචරියේ දැමූ බවට අසත්‍ය ප්‍රචාර පළවෙනවා. ඇතැම් විට දරුවා බිහිවීමේදී මවගේ සිතේ ඇතිවූ ව්‍යාකූලතාවක් මත ඇය මෙවැන්නක් ප්‍රකාශ කළාද දන්නෙ නැහැ. කොහොම වුණත් මේ පළවන කතා සත්‍ය වසන් කර ගෙතූ කතා හැටියටයි මම දකින්නෙ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive