ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලැජ්ජාවක්, ආත්මගරුත්වයක් තිබේනම් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරමින් සිටින අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා අණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
හකීම් මහතා වැනි අධිකරණ ඇමැතිවරයකු ඉන්න රටක ජීවත්වීම පවා ලැජ්ජාවක් බව කී ඥානසාර හිමියෝ හකීම් ගාසා තීරයක් වෙනවා නම් තමන් ඊශ්‍රායලයක් වීමට සූදානම් බවත් එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් කීහ.
උන්වහන්සේ මේ බව කීවේ 'හකීම් මේ ආණ්ඩුවෙන් පන්නා දමමු' යන්න තේමා කර ගනිමින් ඊයේ (15දා) කොළඹ බෝධි බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූයේ සිංහල බෞද්ධ ඡන්දවලින් බව අමතක නොකළ යුතු බව කී උන්වහන්සේ මෙලෙස ගියොත් ඉදිරියේදී ජනාධිපතිවරයාට මුස්ලිම්, දෙමළ, සිංහල මේ සියලු ඡන්ද අහිමි වනු ඇති බවද එවිට ජනාධිපතිවරයාට සිදුවන්නේ ගෙදර යෑමට බවද පැවැසූහ.
තමන්ගේ ඉවසීම තවදුරටත් පරීක්ෂා නොකරන ලෙස හකීම් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද මෙරට බුද්ධ ශාසනය රැක ගැනීමට හාල්පාරුවෙක්වත් නැතිවීම පිළිබඳ තමා ලැජ්ජා වන බවද ඥානසාර හිමි සඳහන් කළහ. හකීම් මහතා නිගණ්ඨයකු බවත් ඔහු කටයුතු කරන්නේ දේශපාලන ගණිකාවක් ලෙස බවත් උන්වහන්සේ කීය.
ජනාධිපතිවරයා මේ බෞද්ධ ශාසනයේ හෝ රටේ අයිතිකාරයා නොවන අතර හෙතෙම හුදෙක් මේ රටේ පාලකයා බව පැවැසූ ඥානසාර හිමියෝ අනාගත ජනාධිපති අපේක්ෂකයා ජාතික නායකයකු විය යුතු බවත් ඒ වෙනුවෙන් තම සංවිධානය ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බවත් කීහ.
තමන් සමාජශීලී භික්ෂුන් බව හැඳින් වූ උන්වහන්සේ තමන්ට තිබෙන්නේ පක්ෂ පාට භේදවලින් තොර ජාතික කොන්ත්‍රාත්තුවක්
බවද ප්‍රකාශ කළහ. මෙහිදී අදහස් දැක්වූ බොදුබල සේනා සංවිධානයේ උපදේශක ඩිලන්ත විතානගේ මහතා කීවේ මෙරට තුළ ආයුධ සන්නද්ධ ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බව තම සංවිධානය වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.
ඒ බව ඕනෑම තැනකටවිත් ප්‍රකාශ කිරීමට තම සංවිධානය සූදානම් අතර මෙරට මුස්ලිම් ත්‍රස්තවාදය ඇති වීමට කිසිවිටෙකත් භික්ෂුන් වහන්සේ හේතුවක් නොවන බවද ලෝකයේ රටවල් රැසක ඉස්ලාම් අන්තවාදය ක්‍රියාත්මක වන්නේ භික්ෂුන් වහන්සේ නිසා නොවන බවද ඔහු කීවේය.

0 comments:
Post a Comment