facebook like

ගෝඨාභය අගමැති වෙනවා - ආධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර

රටක අගමැති ධුරය ලබන්න නම් 1,5,6,9,10,11 මේ භාවවල ලග්නයේ අතුරු දශාව පැවතීම අත්‍යවශ්‍යයි. උපතේදී එම අග්‍රාමාත්‍ය යෝගය පිහිටා තිබීම පමණක් නොසෑහේ. රටට අගමැතිවරයකු අවශ්‍ය වන කාලයකදී තමා ගතකරමින් සිටිය යුත්තේ එම ග්‍රහයන්ගේ මහ දශා අතුරු දශාය. තවද එම මහ දශා අතුරු දශා හිමි ග්‍රහයන් ඉහත භාවවල ගෝචරයෙන් සැරිසරන කාලයක් උදා වී තිබිය යුතුමය.


මෙම යෝගය 1944 සැප්තැම්බර් මාසයේ 06 වැනිදා උපන් නිමල් සිරිපාල ද සිල්වාට පිහිටා ඇත්තේ 2/3කි. එතුමන් දැනට ගත කරන්නේ ගුරුගේ මහ දශාවයි. එම ගුරු එහෙත් එම ගුරු උපතේදී සිටියේ කන්‍යා රාශියේ තැන්පත්ව ඇති නීච සිකුරුගේ නැකැතේය. නොහොත් පුවපල් නැකැතේය. මේ තත්ත්වය සුදු කඩදාසියක් කළු කර ගත්තා සේ කීර්ති නාමයට හානි වීම හරහා කළු ලප දා ගැනීමෙන් කීර්තිය හානි වී අගමැතිකම ලැබීමට බාධක සාදයි.
මීළඟට ඇති විමසා බැලිය යුතු කේන්දරය 1951 සැප්තැම්බර් 03 වැනිදා උපදින මෛත්‍රිපාල සිරිසේනයන්ගේ කේන්දරයයි. එතුමන් දැන් ගත කරන්නේ සෙනසුරුගේ දශාවයි. උපදිනකොට මේ සෙනසුරු කන්‍යා රාශියේ චන්ද්‍රයා සමඟ චන්ද්‍ර ඒරාෂ්ටකයක් සාදමින් තැන්පත් විය. නමුත් එම ග්‍රහයන් දෙදෙනාම මිත්‍ර බලයෙන් යුක්තව රවි සහ සඳුගේ නැකැත්වල (හත සහ උත්‍රපල්) ගමන් කළ බැවින් එය ඒරාෂ්ටක භංග රාජයෝගයක් ගොඩනඟයි. උපතේ සෙනසුරු සිටි තැනට දෙවැනි තැන වූ තුලා රාශියේ උච්චව මේ දිනවල සෙනසුරු ගමන් කරයි. එසේ රාජකීය සිංහ රාශියේ රවි, බුධ, සිකුරු, කේතු චතුර් ග්‍රහයෝගය ගමන් කිරීම නිසා මෛත්‍රිට බලවතුන්ගේ මෛත්‍රිය දායාද වෙමින් අගමැතිකමට වඩා වැඩි සුදුසුකම් දායාද වෙයි.


නමුත් මම වෙනත් මතයක් දක්වන්නට කැමැත්තෙමි. ලංකාවට අද අවශ්‍ය වන්නේ ක්‍රමවේදයන්ට වැඩ කරන සහ ශිෂ්ටාචාරයකට ජනතාව අනුගත කළ හැකි පාලක ක්‍රමවේදයකි. අද භාවිත වචනවලින් කිව්වොත් මිනිසුන් රටවැසියන් සිස්ටම් ගතකරන්න පුළුවන් අගමැතිවරයෙක් ලංකාවට අත්‍යවශ්‍යව ඇති කාලයකි මේ.
එවැනි ක්‍රමවේදයක් ගෝඨාභය රාජපක්ෂ විසින් අපට පෙන්වා දී ඇත. නිර්දය ලෙස එය විවේචනය කරමින් ඉන්නවා වෙනුවට මෙම ශ්‍රම හමුදාව සමඟ එක් වී ගමින් ගම ගොඩනඟන වැඩපිළිවෙළකට යොමු වුණොත් කොළඹ සිටින අතළොස්සක් වූ ආණ්ඩු විරෝධීන්ගේ මතවාදය දුර්වල වනු ඇත.
පවුල්වාදය තර කිරීමේ චෝදනාව පරදා ගමේ ගැමියාගෙන්ම නව ජනමතයක් රජයට හිතෛෂීවන්තව ගොඩනඟා ගත හැකිය. මේ සඳහා සුදුසුම තනතුර ජේ.ආර්.ගේ ප්‍රේමදාස වැනි රාජ්‍ය ජනතාව අතරට ගෙන යන අගමැතිවරයෙකි.
රාහු කේතු ජූලි 13 වැනිදා පිළිවෙළින් කන්‍යා, මීන රාශිගත වේ. 1949 ජුනි 20 වැනිදා ගෝඨාභය රාජපක්ෂ උපදින්නේ රාහු සහ කේතු ඒ සමානව පිළිවෙළින් කන්‍යා සහ මීන රාශියේ සිටිද්දීය. ඔහු දැන් ගතකරන්නේද එම රාහුගේ දශාවයි. උපතේදී සිංහ රාශියේ සිටි සෙනසුරු දැන් ඉන්නේ තුලා රාශියේ වුවත් මීළඟට එන වෘශ්චික රාශිය ඒරාෂ්ටකයෙන් රාජ යෝග උදා කරන බලගතු පිහිටීමකි.
මේ නිසා දියාරු, නාමික අගමැතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේනට වාසනාව එළැඹුණත් රටේ පොදු ජනතා අතර මහින්දගේ රජය ජනප්‍රිය කරවීමට නම් ගෝඨාභයගේ අගමැති වාසනාව උදාවිය යුතුමය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive