facebook like

පී. බී. ද බට්ලර්

පී. බී. කරන්නේත් ඒ. එස්. ගේ වැඩේමයි කියල ඉවට දැනෙන මහින්ද කෙනකු මේ ආණ්ඩුවේ ඉන්නවද...? හිටියා නම් එදා බේරුවල වැඩමුළුවේදී පී. බී.ගේ බෙල්ලේ ටයි පටිය තද කරන්නේ ඔහුය. එ. ජා. ප.යේ වාසනාවට මහින්ද කෙනකු ආණ්ඩුව ඇතුළේ පහළ වී නැත.

'රනිල්ට පිස්සුද මහින්ද එක්ක ජනාධිපතිවරණයට ඉල්ලන්න යන්නේ...'
'මහින්ද එක්ක ඉල්ලලා රනිල් පරදින එක ෂුවර්...'
'මහින්ද එක්ක ඡන්දෙ ඉල්ලන්න රනිල්ට හිටි හැටියේ මෙහෙම හයියක් ආවේ කොහොමද...'
මේ, මේ දවස්වල යූ. ඇන්. පී.කාරයන් විතරක් නොවේ ආණ්ඩු විරෝධී කවුරුත් කතා කරන මාතෘකාවය.
'මම රහසක් කියන්නද? රනිල්ට ෂුවර් 2001 වගේ ලංකාවේ ආර්ථිකය බින්දුවට වැටිලා මිනිස්සු නන්නත්තාර වෙන කාලය අත ළඟයි කියල...'
මේ රනිල්ගේ සගයකු කී කතාවය.
'එහෙම කොහොමද ෂුවර් කරන්නේ...?'
රනිල් ඉල්ලල පරදිනවාට බය කෙනෙක් සගයාගෙන් ඇසීය.


'2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ආර්ථිකය වැටෙන කොටත් මුදල් අමාත්‍යංශ ලේකම් හිටියේ පී. බී. දැන් ඉන්නෙත් පී. බී...'
රනිල්ගේ සගයා කීවේය.
'ඔහේ කියන්නේ පී. බී.ගෙයි රනිල්ගෙයි රහස් ගිවිසුමක් තියෙනවා කියලද...?'
අනෙකා සගයාගෙන් ඇසීය.
'මම එහෙම කියන්නේ නැහැ. හැබැයි අමතක කරන්න එපා 2001 චන්ද්‍රිකාගෙ ආණ්ඩුව වට්ටවල රනිල් පී. බී.ව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථිකය මෙහෙයවන මර්මස්ථානය වුණ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කරන පර්ක් එකේ සභාපති කළා...'
සගයා කීවේය.


'බොරු කියන්න එපා රනිල්ගෙ ආණ්ඩුවේ පර්ක් තිබුණේ මිලින්ද මොරගොඩ යටතේනේ...'
අනෙකා තර්ක කළේය.
'ඉතින් මිලින්ද තමයි ඇමෙරිකාව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හුරතලා වෙලා හිටියේ. 2001 මහා භාණ්ඩාගාරයේ ශතයක් තිබුණේ නෑ. පී. බී. ආර්ථිකය ඍණ කරල ගියේ. හැබැයි රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණයෙන් පර්ක් එකට සල්ලි ආවා. ඒක තමයි රනිල් පී. බී. ට දුන්නේ...'
මේ සගයාගේ විග්‍රහයය.


ඔහු කී කතාව ඇත්තය. 2002 ජූලි 7 වැනි දින 'සන්ඩේ ලීඩර්' පුවත්පත වාර්තා කොට ඇත්තේ එවකට රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැතිවරුන් වූ රවී කරුණානායක, මහාචාර්ය ජී. එල්. පීරිස්, එස්. බී. දිසානායක, තිස්ස අත්තනායක, ජෝන් අමරතුංග, රාජිත සේනාරත්න, එම්. එච්. මොහොමඩ් පමණක් නොව කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාරද අගමැති රනිල්ව පෞද්ගලිකවම හමු වී චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ආර්ථිකය බින්දුවට පහළ ඍණ අගයකට වැටීමට වගකිවයුතු මුදල් අමාත්‍යංශ ලේකම් පී. බී. පර්ක් සභාපති ධුරය දැරීම එ. ජා. ප.යට ඡන්දය දුන් ජනතාව හිනා ගස්වන කාරණයක් බවය.
'අපි චන්ද්‍රිකාගෙ ආණ්ඩුව වැට්ටුවේ ෂෙල් ගෑස්, එයාර් ලංකා, ටෙලිකොම් පෞද්ගලිකකරණ ගනුදෙනුවලදී සිදුවුණ දූෂණ, වංචා ගැන කියල. හැබැයි ඒ ගනුදෙනු කළ මිනිහාව අපි පර්ක් සභාපති කරලා...'
ඔවුහු කීහ.
'ඔබතුමා මිලින්දට කියන්න එයාව අයින් කරන්න කියල...'
ඇමැතිවරු යෝජනා කළහ.


'ඒක මිලින්දගේ තනි තීරණයක් නොවේ. පී. බී. ගැන මම බලාගන්නම්. ඔය ගොල්ලෝ ඔය ගොල්ලන්ගේ අමාත්‍යංශ බලා ගන්න...'
මේ රනිල් ඇමැතිවරුන්ට දුන්න උත්තරය. රනිල් පී. බී.ව අයින් කළේ නැත. වැඩි කලක් ගියේ නැත රනිල්ගේ ආණ්ඩුව වැටිණි. රනිල්ගේ ආණ්ඩුව වැටිලා ශ්‍රී ල. නි. ප. - ජ. වි. පෙ. සන්ධාන ආණ්ඩුව බලයට පත්වූ විගස චන්ද්‍රිකා යළි පී. බී.ව මුදල් අමාත්‍යංශ ලේකම් කළාය.
'ඒකනේ අපි ඔබතුමාට කිව්වේ. පී. බී. ගේම්කාරයා පරිස්සමෙන් කියලා...'
පී. බී.ව පර්ක් සභාපතිකමෙන් අයින් කරන්න කියපු කට්ටිය අගමැතිකම අහිමි වූ රනිල්ට ගිහින් කීවේය.


'පොඩ්ඩක් ඉවසල බලන්නකෝ මිනිහා මොකක්ද කරන්නේ කියල...'
රනිල් හිනා වෙලා ඔවුන්ට කීය. ඒ සන්ධාන ආණ්ඩුවේ ආර්ථිකයත් වැටුණි. එවක මුදල් නියෝජ්‍ය ඇමැති සරත් අමුණුගම පී. බී.ව අයින් කරන්න යැයි චන්ද්‍රිකාට ගිහින් කීවේය. එය සන්ඩේ ටයිම්ස් පුවත්පත 16-06-2004 දින වාර්තා කොට ඇත. චන්ද්‍රිකා හිටියේ අසරණ වෙලාය. ජනතාවට ඇයව එපා විය. ජ. වි. පෙ. ඇඟ බේරා ගෙන ආණ්ඩුවෙන් ඉවත් විය. මහින්ද ජනාධිපති අපේක්ෂකයා වූයේ මේ අතරමැදය. පී. බී. මහින්දට ළං විය. මහින්ද ජනාධිපති වී පී. බී.ව මුදල් අමාත්‍යංශ ලේකම් කළේය. මහින්දට 2005ට ජනාධිපතිවරණය අරන් දුන්න, මහින්දව සුනාමි නඩුවෙන් නිදහස් කළ අගවිනිසුරු සරත් සිල්වා ඉදිරියට රනිල්ගේ ආණ්ඩුව කාලයේ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණයේදී සිදු වූ
දූෂණවලට එරෙහි නඩුව ආ විට ඔහු පී. බී.ට ගෙදර යන තැනටම වැඩේ කළේය.
'මේ මිනිහා ආණ්ඩුවත් විනාශ කරනවා. රටත් විනාශ කරනවා...'
අගවිනිසුරු සරත් සිල්වා එකල පී. බී. ගැන කීවේ එහෙමය. මේ වෙනකොට අගවිනිසුරුවරයා සහ මහින්ද අතර තිබුණේ ගජ මිතුරුකමකි. මහින්ද පී. බී. ව ආරක්ෂා කරන්න ගිහින් මේ මිතුරුකම නැති විය. ඒකට පී. බී. එක් හේතුවකි.


අගවිනිසුරුගේ තීරණයෙන් පී. බී. ගියේ ගෙදර නොව ඇමෙරිකානු තානාපතිවරයා හමුවීමටය.
විකිලීක්ස් මඟින් හෙළි වූ මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය 29-07-2008 වැනි දින නිකුත් කළ 08 ඛ්ධතධථඡධ 730 දරන අංකය යටතේ නිකුත් කළ කේබල් පණිවුඩයෙහි මෙලෙස සඳහන් වේ. එහි සිරස්තලය අධිකරණ තීන්දුවත් සමඟ මුදල් ලේකම් ඉවත් වෙන්න කැමැත්ත පළ කරයි යනුවෙන් සඳහන් කොට ඇත. පහත දැක්වෙන්නේ එම කේබල් පණිවුඩයය.


'අධිකරණය විසින් පී. බී. ජයසුන්දරව වැරැදිකරුවකු කරනු ලැබ ඇත. ඔහුගේ පෞද්ගලික මුදල්වලින් රුපියල් 5,00,000 (උඉච් - 5,000) ගෙවන ලෙස අධිකරණය නියෝග කොට ඇත. ඔහු ඒ මුදල ගෙවා ජූලි 28 තනතුරින් ඉවත් වීමට එකඟ වී ඇත. එහෙත් ඔහු ජූලි 29 සේවයට වාර්තා කර ඇත. ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිනොගෙන ඔහුව ඒ තනතුරේම තියා ගනු ඇත්දැයි ඇමෙරිකානු තානාපතිවරයා පී. බී.ගෙන් ඇසූ විට පී. බී. පවසා ඇත්තේ ඔව් යැයි කියාය. ඒ සඳහා ජනාධිපතිවරයා ක්‍රියාත්මක වී තිබෙන බව පී. බී. ඇමෙරිකානු තානාපතිවරයාට පවසා ඇත. ඇත්ත කතාව නම් පී. බී. වරදකරු කළ ගනුදෙනුවට එවක ආණ්ඩුවේ දේශපාලනඥයන් සම්බන්ධ වී සිටීමය.

ඔවුන්ගෙන් සමහරක් වත්මන් ආණ්ඩුවේද තනතුරු දරති. ජයසුන්දර ක්‍රියාකොට ඇත්තේ ඔවුන්ගේ නියෝග මතය. එහෙත් අධිකරණ තීන්දුව ඔවුන් ගැන නිහඬය. අධිකරණයේ විනිසුරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අගවිනිසුරු සරත් සිල්වා කළ යෝජනාවක් පී. බී. ප්‍රතික්‍ෂේප කොට ඇත. මේ සිද්ධිය සහ තවත් සිද්ධි කිහිපයක් සම්බන්ධ සරත් සිල්වා සහ පී. බී. අතර පෞද්ගලික අමනාපකම අධිකරණය තුළින් පිරිමසා ගන්න යෑම කනගාටුදායකය. සරත් සිල්වා සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධතා හොඳ තත්ත්වයක නැත. ජනාධිපතිවරයා සරත් සිල්වා වෙනුවට නව අගවිනිසුරුවරයකු පත් කරන්න යන බව
වාර්තා වේ. කෙසේ හෝ ජනාධිපතිවරයා පී. බී.ව ලේකම් ධුරයේ තියා ගන්නා බව සහතිකය...'
මේ කේබල් පණිවුඩයෙන් පැහැදිලි වන්නේ ඇමෙරිකාව පී. බී. මුදල් ලේකම් ධුරයේ සිටීම අපේක්ෂා කරන බවය. සාමාන්‍යයෙන් ඇමෙරිකානු කේබල් පණිවුඩවල මහින්දගේ සතුරන්ව වර්ණනා කරනු ලබයි. එහෙත් මෙම කේබල් පණිවුඩයේ මහින්ද සමඟ සතුරු වූ සරත් සිල්වාව විවේචනය කොට මහින්දගේ මිතුරා පී. බී.ව ආරක්ෂා කරනු ලැබ ඇත.


මේ කේබල් පණිවුඩය කියවන විට පී. බී. පසුගියදා බේරුවල ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් වෙනුවෙන් පැවැති වැඩමුළුවේදී ඇමෙරිකානු ධවල මන්දිරයේ සේවය කරන බට්ලර් (ප්‍රධාන අයකැමි) ගැන කියපු කතාව සිහියට නැඟෙයි. පී. බී. කියන්නේත් තමාත් බට්ලර් කෙනකු කියාය. 'දි බට්ලර්' කියා ඇමෙරිකානු චිත්‍රපටයක් ප්‍රදර්ශනය විය. එහි සඳහන් වූයේ ධවල මන්දිරයේ සේවය කළ කළු ජාතික බට්ලර් සිය කළු ජාතික ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්න බට්ලර් තනතුර ප්‍රයෝජනයට ගෙන ඇමෙරිකානු ජනාධිපතිවරුන්ට බලපෑම් කළ ආකාරයය.


පී. බී.ගේ බට්ලර් තනතුර පාවිච්චි කරන්නේ මොන අරමුණෙන්ද දන්නේ නැත. විමල් වීරවංශ සහ චම්පික රණවක කියන්නේ පී. බී. ආණ්ඩුව ඇතුළේ සිට ආර්ථිකය විනාශ කරමින් ආණ්ඩුව වට්ටවන්න කුමන්ත්‍රණය කරන බවය. එහෙත් එ. ජා. ප.යේ ආර්ථික ගුරු හර්ෂ ඩී. සිල්වා 2013 මාර්තු 19 ඩේලි එෆ්. ටී. පුවත්පතට කීවේ පී. බී.ට චෝදනා කිරීම වැරැදි බවය.
'මේක පී. බී.ගේ චින්තනය නෙවේ. මහින්දගේ චින්තනය.
පී. බී. දක්ෂ නිලධාරියෙක්. ඔහු ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුව ගන්නා තීරණ...'
මේ හර්ෂ කී කතාවය.


රනිල් පසුගිය සතියේ පී. බී.ගේ බට්ලර් කතාව අගය කළේය. 'පී. බී.ට කරන්න තියෙන්නේ බට්ලර් වැඩේ විතරයි. ඔහු කී කතාව නිවැරැදියි...' යැයි රනිල් කීවේය.
'පී. බී. හරියට ආර්ථිකය දුවවනවා නම් රනිල්ලා - හර්ෂලා
පී. බී.ට ගහන්න ඕනා නේද?
ඇයි පී. බී.ව වර්ණනා කරන්නේ...?'
'ආණ්ඩුවේ හයිය විමල් සහ චම්පික නම් ඔවුන් පී. බී.ට ගහන කොට එ. ජා. ප.ය විමල් සහ චම්පිකගේ පැත්ත අරගෙන ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් හදන්නේ නැතිව ඇයි
පී. බී.ගේ පැත්ත ගන්නේ...'

























































උපුල් ජෝෂප් ප්‍රනාන්දු

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive