භික්ෂූන් වහන්සේලාගේ කටයුතු පාලනය කිරීම රජය පැහැර හරින්නේ නම් රට තුල ඉස්ලාම් අන්තවාදය බිහිවීම වැලැක්විය නොහැකි යයි අධිකරණ ඇමති රවුෆ් හකීම් අනතුරු අඟවයි.
ඒ මහතා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ පසුගියදා සිදුවු ආගම්වාදි ගැටුම් ලාගනය කිරීම රජය පැහැර හැරිම නිසා තමාට අමාත්‍ය ධූරයෙන් ඉවත්වන ලෙස තම ආධාරකරුවන් දැඩි ලෙස බලපෑම් කල බවයි.
ඉස්ලාම් භක්තිකයින් පිළිබඳව බියක් බෞද්ධයින් බහුලව ජීවත්වන රටවල වර්ධනය වන බවත් බටහිර රටවල දක්නට ලැබුනු මෙම මානසිකත්වය දැන් තම තමන්ගේ දේශපාලනයට උචිත අන්දමින්භාවිතා කරගන්නා ස්වරූපයක් දැක ගැනීමට ඇති බවත් ඇමතිවරයා එහිදී සඳහන් කර ඇත.
බෞද්ධයින් පා පහරවල් එල්ල කරන බෝලයක් බවට මුස්ලිම් ජනතාව පත්ව ඇති අතර එය ආරම්භයේදීම වැලක්වූයේ නැත්නම් මුස්ලිම් ප්‍රජාව අන්තවාදී කිරීමට එය හේතුවක් වනු ඇති බවත් පවසන ඒ මහතා විදෙස් අන්තවාදී බලවේගවලට සුදුසු භූමියක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කියා තිබේ.

0 comments:
Post a Comment