facebook like

බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහි මංගලගේ ප්‍රකාශ සහ එජාපයේ දේශපාලන අනාගතය

බේරුවල සහ අළුත්ගම ගැටුම සම්බන්ධයෙන් කළ කරුණු දැක්වීමකදී එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් ප්‍රධානී මංගල සමරවීර මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයන් ජාතික ආරක්ෂාවට එරෙහිව කළ සතුරු ක්‍රියාවක් ලෙස ප්‍රබල පාර්ශ්ව රැසකින් ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙමින් තිබේ.
බේරුවල-අළුත්ගම සිදුවූ වාර්ගික ගැටුමේදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ඊට සෘජු ලෙස සම්බන්ධ වු බවට මංගල සමරවීර මහතා චෝදනා කරන අතර ඊට සම්බන්ධ වූ නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම් ද ඔහු විසින් හෙළිදරව් කරනු ලැබ තිබිණ. මංගල සමරවීර මහතා  කළ මෙම ප්‍රකාශයෙන් ඔහු කියා සිටියේ එම ප්‍රදේශය භාර නියෝජ්‍ය ‍පොලිස්පති ඉන්ද්‍රන් මහතාගේ උපදෙස් මත අත්අඩංගුවට ගත්, සිද්ධියට අදාළ 13 දෙනෙකු මුදා හරිනු ලැබූයේ
ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත, බුද්ධි අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන්  බවයි. ඔහු විසින් එම නිලධාරීන් කවුද යන වගත් සඳහන් කර තිබූ අතර මංගල තවදුරටත් කියා සිටියේ මුස්ලිම් අන්තවාදයක් මේ රටේ නොමැති බවය. එමෙන්ම බේරුවල-අළුත්ගම සිද්ධියට නායකත්වය දුන් බව පැවසෙන බොදු බලසේනා සංවිධානයට ආරක්ෂක අමාත්‍යංශයේ රහස් ගිණුමකින් මුදල් ලැබෙන බවට ඔහු කලින් කර තිබෙන ප්‍රකාශයත් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු නැවත තහවුරු කළේය. මංගලගේ අදහසට අනුව බුද්ධි අංශ නිලධාරීන් නිවැරදි ලෙස කටයුතු නොකරන්නේ නම් එය හෙළිදරව් කිරීම ජාතියේ වගකීමක් වේ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ මෙම ප්‍රකාශයට පෙර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියේ තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදවලට ආවරණය වී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ගම් හෙළිදරව් කරමින්, දේශද්‍රෝහී කුමන්ත්‍රණයකට සැරසෙන බවය. ලංකාව සම්බන්ධයෙන් ලෝකය ඉදිරියට වැරදි මතයක් ගෙන යාම එහි අභිප්‍රාය බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මංගලගේ මෙම ප්‍රකාශයට එරෙහිව මේ වනවිට රටේ විවිධ පාර්ශ්ව එක්සත් ජාතික පක්ෂයට දේශද්‍රෝහී ‍ලේබලය අලවා තිබේ. සිංහල බෞද්ධ සංවිධාන උදව් කර ගනිමින් ආරක්ෂක අංශ සුළු ජන වර්ගයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරින බව ලෝකයට ඒත්තු ගන්වා ලංකාවට එරෙහිව ජාත්‍යන්තර බලපෑම් තව තවත් දැඩි කිරීමට මංගලට අවශ්‍ය වී ඇති බව මංගලට එරෙහිව තමන්ගේ විරෝධය ප්‍රකාශ කරන බෞද්ධ සංවිධාන සහ දේශපාලන පක්ෂ කියා සිටී. කෙසේ හෝ වේවා මංගලගේ ප්‍රකාශ හරහා මේ එන්නේ සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හඬ දැයි යන්න මඳක් විමසා බැලීම කාලීන වශයෙන් වැදගත් යයි සිතේ. මන්දයත් ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනීවා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නවනීදන් පිල්‍ලේ පත්කළ කමිටුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති දෙදිනක විවාදයේදී එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා කියා සිටියේ ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර පරීක්ෂණයකටඑක්සත් ජාතික පක්ෂයඑකඟ නොවන බවය. නමුත් රටතුළ පසුගිය කාලයේ වූ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බව එ.ජා.ප.ය කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයට පසුගිය කාලයේ වූ සිදුවීම් සම්බන්ධයෙන් විවිධ චෝදනා, දේශපාලනමය කෝණයකින්, එල්ලවුවද එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන් බලයේ සිටි කාලයේ ක්‍රියා කළ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතධාරීන් ගේ ඇගැයීමට ලක්ව තිබේ. එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා රෝම ප්‍රඥප්තියට අත්සන් නොකිරීම හේතුකොට ගෙන ලංකාවේ පාලකයන් ජාත්‍යන්තර යුද අධිකරණය වෙත ගෙන යාමට නොහැකි වීම එක් උදාහරණයකි. ලංකාව වැනි යුද්ධයක් පවතින රටක් සම්බන්ධයෙන් අනාගතයේ සිදුවිය හැකි දේ ඔහුගේ විචක්ෂණ දේශපාලන ඥානය විසින් ග්‍රහණය කරගෙන තිබුණා විය යුතුය. එය එසේ නොවන්නට අද තත්ත්වය මීට වඩා බරපතළ වන්නට ඉඩ තිබිණ. ඔහු රටේ විපක්ෂ නායකයා ලෙස රටේ වත්මන් පාලන තන්ත්‍රය බරපතළ ලෙස සමහර අවස්ථාවල විවේචනය කර තිබේ. නමුත් ඔහුගේ විවේචන මේ රටේ රාජ්‍ය බලය ලබා ගැනීමට සිටින පක්ෂයක නායකයෙකුගේ විවේචනවලට සීමාවන අතර මංගලගේ විවේචන ඊට වෙනස් ස්වරූපයක් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. බොදු බලසේනා සංවිධානයට ආරක්ෂක අමාත්‍යංශයේ රහසිගත ගිණුමකින් මුදල් වෙන්වන බව මංගල කියා සිටී. මංගල කියන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ ඇයගේ කිචන් කැබිනට් මණ්ඩලයේ සිටි කෙනෙකු ලෙස එවැනි අරමුදලක් තිබෙන බව දන්නා බවත්, එසමයෙහි එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධ දෙමළ පක්ෂවලට මුදල් ලබා දුන්නා යැයි ද තමන් දන්නා බවත්, ඒ ආකාරයට බොදු බලසේනා සංවිධානයටද මුදල් ලබාදෙනු ඇති බවත්ය. එය හුදු උපකල්පනයක් මත පදනම් වූවක් බව පෙනෙන්නට තිබේ.
ජාතිකත්වය පදනම් කර ගනිමින් ඇරඹෙන මෙවැනි කලකෝලාහලවල දී ආරක්ෂක අංශ බෞද්ධ සංවිධාන හරහා ක්‍රියාත්මක වන බවට රටේ ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු චෝදනා කරද්දී එය ජාත්‍යන්තරයට යන ආකාරය රටට යහපත් නොවන බව ඕනෑම ළදරුවෙකුට වුවද තේරුම්ගත හැකි සරල යථාර්ථයකි. සිංහල කොමිසමේ වාර්තාව ඉතිහාසයේ කුණු බක්කියට දැමිය යුතු යැයි කී මංගල වරෙක බුදු පිළිමයක හිසින් අල්ලා ගෙන සිටියේය. එමෙන්ම මංගල යනු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව සෑදීමට අවශ්‍ය කරන බලවේග ගොඩනැගූ අයෙකි. ඔහු මේ මොහොතේ ද කරමින් සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ගෙදර යැවීමේ එක්සත් ජාතික පක්ෂයේ සැබෑ අපේක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමද, නොඑසේ නම්
රාජපක්ෂලා පමණක් ගෙදර යැවීමේ තමන්ගේ පෞද්ගලික දේශපාලන අපේක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමද  යන ප්‍රශ්නය මතු වෙයි. ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණ එපා යැයි මේ රටේ ජනමූලයන් හඳුනාගත් එක්සත් ජාතික පාක්ෂිකයන් කියා සිටිද්දී ජාත්‍යන්තර පරීක්ෂණ වඩාත් සාධාරණීකරණය කෙරෙන ප්‍රකාශයක් මංගල එළියට දමන්නේ තමන්ව ආණ්ඩුවෙන් දොට්ට දැමීම හේතුවෙන් රාජපක්ෂලා සමග තිබෙන දේශපාලන වෛරය පිරිමසා ගැනීමටද යන ප්‍රශ්නය කෙනෙකුට මතුවීම වැළැක්විය නොහැකිය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරන, ආගමික සංහිඳියාව ගැන කතා කරන මංගල එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා ජාතිකවාදී බලවේග ගොනු කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. මංගල සමරවීරලා, මහින්ද රාජපක්ෂලා එක්ව ගොඩනැගූ එම ජාතිකවාදී බලවේග යුද්ධය මොහොතේ විවිධ මතවාද ඔස්සේ විසිරී තිබූ ජන මතය එක තැනකට ඒකරාශී කිරීමට සමත් වූ අතර රටක් ලෙස එල්.ටී.ටී.ඊ. පැසිස්ට්වාදය පරාජය කිරීමට එම ජනමතයට හැකියාව ලැබිණ. තමන් වටා සිටි එම බලවේග යුද්ධයෙන් පසු කළමනාකරණය කර ගැනීමට රාජපක්ෂ පාලනය අසමත් වීම හේතු කොට ගෙන ඇතිවී තිබෙන වර්තමාන තත්ත්වය පුළුල්ව විග්‍රහ කරගත යුතුව තිබේ. ඒ ඔස්සේ ආණ්ඩුව විවේචන කළ හැකිය. ‍පොලීසිය හෝ හමුදාවේ නිලධාරීන් දේශපාලනීකරණය වී සිටින්නට පුළුවන. එය ඕනෑම රජයක් යටතේ සිදුවන්නකි. නමුත් තමන්ගේ දේශපාලන ඉච්ඡාභංගත්වය මුල්කරගෙන රටක සිටින බුද්ධි අංශ සම්බන්ධයෙන් අයහපත් චිත්‍රයක් ලෝකයට ලබාදීම එ.ජා.ප.යේ බහුතරයක්ද අනුමත නොකරන බව මේ මොහොතේ ඔවුන්ගේ නිහැඩියාව සාක්ෂි දරන්නාක් වැනිය.  අළුත්ගම හෝ බේරුවල සිදුවූ අශීලාචාර ක්‍රියාදාමයට ආණ්ඩුවද වගකිව යුතුය. ඒ පිළිබඳ කිසිවෙකුට තර්කයක් තිබිය නොහැක. නමුත් මෙවැනි වාර්ගික ගැටුමකදී සමහර ආරක්ෂක අංශ නිලධාරීන් යමක් වීමට ඉඩදී බලා සිටියේ අද ඊයේ නොවේ. 1983 කළු ජූලියේදී වූයේද ආරක්ෂක අංශ කලහකාරීන්ට ඉඩ දීමය. විශාල ජනවරමකින් බලයට පත්වී ඉතා කෙටි කාලයක් තුළ ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව මුහුණ දුන් එම සිදුවීමෙන් ජේ.ආර්. ආණ්ඩුවේ බිඳ වැටීම ආරම්භ විය.
කෙසේ හෝ වේවා, මංගල කරන්නාක් මෙන් ආරක්ෂක අංශ නිලධාරීන් හෙළිදරව් කිරීමෙන් සිදුවන්නේ ආණ්ඩුව විසින් තමන්ගේ පැවැත්ම උදෙසා ගොඩනගමින් සිටින දේශද්‍රෝහී බලවේග ගොඩට එක්සත් ජාතික පක්ෂයද එක්වීමය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් තමන්ගේ බල දේශපාලන ව්‍යාපෘතියට අදාළව කුඩා රටවලට එරෙහිව කෙරෙන කුමන්ත්‍රණ අද මංගලට පමණක් නොව මුළු ලොවටම රහසක් වන්නේ නැත. එබැවින් රටේ බුද්ධි අංශ සම්බන්ධයෙන් යමෙකු යම් චෝදනාවක් කරන්නේ නම් එහි අනිසි ප්‍රතිඵල සම්බන්ධයෙන්ද බුද්ධිමත් ජනතාව අවධියෙන් සහ අවබෝධයෙන් සිටින බව යථාර්ථයයි.
යුද ජයග්‍රහණයෙන් පසු සිංහල බෞද්ධ ජන පදනම මත තමන්ගේ දේශපාලන චරිත එලෙසින්ම පවත්වා ගෙන යා හැකි වෙතැයි සමහරුන් උපකල්පනය කළද එය එසේ නොවන බව පෙනෙන්නට තිබේ. එබැවින් මංගල තමන්ගේ දේශපාලන එදිරිවාදිකම් පිරිමසා ගත යුත්තේ මේ ආණ්ඩුව සමග විනා බුද්ධි අංශ සමග හෝ ‍පොලීසිය සමග නොවේ. ඒවා ආණ්ඩුව නමැති වාහනයේ ඇණ මුරිච්චිය. එක්සත් ජාතික පක්ෂයේ යම් යම් අඩුපාඩුකම් හේතුවෙන්ද, රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයේ චරිතාංග නළුවෙකු නොවීම නිසාද ජාතිද්‍රෝහී දේශ ද්‍රෝහී ‍ලේබලය එජාපයට හංවඩුවක් ලෙස වැදී තිබේ. එ.ජා.ප අභ්‍යන්තරයේ ද මේ සම්බන්ධයෙන් බරපතළ ලෙස පසුගිය කාලයේ සාකච්ඡාවට බඳුන් විය. මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන කටයුතු කිරීම නිසාදෝ එ.ජා.ප. නායකයා පසුගිය කාලයේ එම චෝදනාවලට ලක්වූ ප්‍රමාණය සීමා සහිත විය. ඔහු පාර්ලිමේන්තුව තුළත් ජාත්‍යන්තරය තුළත් රටට දැඩි ලෙස එරෙහි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළේ නැත.
රාජපක්ෂලාට ගැහුවොත් සියල්ල යහපත්ව සිදුවේ යැයි මංගල උපකල්පනය කරන බව පෙනෙන්නට තිබේ. ඒ “ඔළුවට ගැහුවොත් ඇඟ අඩපණ වේ” ය  යන න්‍යායේ පිහිටා විය යුතුය. නමුත් මේ ආණ්ඩුවේ ඔළු කිහිපයකුත් ඇඟවල් කිහිපයකුත් ඇති බැවින් වැරදි ඔළුවට යළි ගැසුවහොත් එ.ජා.ප.යට ආණ්ඩුවක් සෑදීමේ කටයුත්ත තවදුරටත් ප්‍රමාද වනු ඇත.

සම්පත් දේශප්‍රිය

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive