ගාෂා තීරයට එරෙහි ගොඩබිම් ප්‍රහාර සැලකිය යුතු පරිමාණයකින් තවත් දැඩි කරන බව ඊශ්‍රායලය කියා සිටියි.
පලස්තීන ප්‍රහාරකයන් රොකට් සඟවා තබා ඇති රහසිගත උමං වලට ගුවනින් පහර දීම මගින් පමණක් උපරිම ප්‍රතිඵල ලද නොහැකි බවයි, ඊශ්‍රායල් අගමැති බෙන්යමින් නෙතන්යාහු පවසන්නේ.
යුද්ධ ටැංකි ,හෙලිකොප්ටර් සහ කාලතුවක්කු හමුදා ආධාර සහිත ඊශ්‍රායල් පාබල සේනාංක ගාෂා තීරය ආක්‍රමණය කරමින් ඇති අතර, මෙය ඔවුන් වසර පහකට අධික කාලයකට පසුව ගෙන යන දැවැන්ත ම ගොඩ බිම් ප්‍රහාරයයි.
මේ ගොඩ බිම් ප්‍රහාරයේ දී පලස්තීන ජාතිකයන් විසිහතර දෙනකුවත් මරා දැමුණ ආතර එක් ඊශ්‍රායල් සෙබල මරණයක් ද වාර්තා වී ඇත.
ඊශ්‍රායලය ගාෂා තීරයට ගොඩ බිමින් පහර දෙද්දී ඊට අතිරේකව ගුවන් ප්‍රහාර සහ ෂෙල් ප්‍රහාරත් දිගටම එල්ල කෙරෙමින් පවතින බවයි, කලාපයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ.
‘හමාස්’ අනතුරු ඇඟවීම්
ඊශ්‍රායලය ගාෂා තීරයට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග සඳහා ඔවුන්ට දැඩි වන්දියක් ගෙවීමට සිදු වනු ඇතැයි හමාස් ව්‍යාපාරය මේ අතර අනතුරු ඇඟවීමක් කරයි.
පලස්තීන ජනාධිපති මොහමඩ් අබ්බාස් ගොඩ බිම් ප්‍රහාර නතර කරන මෙන් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරයි.
ඊජිප්තුවේ දී ප්‍රකාශයක් කළ පලස්තීන නායකයා, ඊශ්‍රායලය ගෙන යන ආක්‍රමණශීලී ක්‍රියාමාර්ගය මහා ලේ වැගිරීමකට හේතු වෙන බව පවසමින් , එමගින් අර්බුදය තවත් ව්‍යාකූල වන බවයි පෙන්වා දුන්නේ.
මහ ලේකම් කණස්සල්ල
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ප්‍රකාශයක් කරමින් තමා මෙන් ම සෙසු ලෝක නායකයන් කරන ඉල්ලීම් ද නොතකා ඊශ්‍රායලය ගාෂා තීරයට පහර දෙමින් සිටින බවත්, ළමුන් ඇතුළු සාමාන්‍ය වැසියන් මරණයට පත් වෙමින් ඇති බව වාර්තා වෙන බවත් කියා සිටියි.
පලස්තීන රහස් උමං මාර්ග ඉලක්ක කර ගැනීමේ දී අර්බුදය තවත් උග්‍ර අතට හැරීම වළක්වා ගැනීම සඳහා ප්‍රවේශමෙන් ක්‍රියා කරන මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයට උපදෙස් දෙයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන මෙන් ජෝර්දානය ඉල්ලීමක් කරයි.

0 comments:
Post a Comment