ටී.බී. ඉලංගරත්න බණ්ඩාරනායක මැතිනියගේ සමීපතම ගෝලයෙකි. 1970 - 77 සමඟි පෙරමුණු ආණ්ඩුවේ අවසාන කාලයේ කවුරුත් නොදන්න රහසක් ඔහු ඔහුගේ චරිතාපදානය වූ 'යුගයක ගමන' පොතෙහි හෙළි කළේය. සමඟි පෙරමුණු ආණ්ඩුවේ අවසාන කාලයේ මැතිනියගේ සමීපතමයන් පිරිසක් අපූරු යෝජනාවක් ගෙන ආ බව ටී.බී. හෙළි කළේය. යෝජනාව නම් මැතිනිය අගමැති ධුරයෙන් ඉවත් වී ජනාධිපති ධුරයට පත් විය යුතු බවය. මැතිනියගේ ඥාතියකු වන විලියම් ගොපල්ලව එයට එකඟ කරගැනීම අමාරු නැතැයි ඔවුන් උපදෙස් දී ඇත. අගමැති ධුරයට වෙනත් අයකු පත් කර 1977 මහ මැතිවරණයට යා යුතු බවත්, මැතිවරණය පරාජය වුවත් මැතිනියට ජනාධිපති ධුරය හිමි වන බව ඔවුන්ගේ මතය වී ඇත.
මැතිනිය මේ යෝජනාව තවත් පිරිසක් සමඟ සාකච්ඡා කරන විට ඔවුන් පවසා ඇත්තේ එවිට මැතිනියට අත්තනගල්ල අහිමි වන බවත්, 1977 පරාජය වී බලයට පත් වන එ.ජා.ප. ආණ්ඩුව මැතිනියව ජනාධිපති ධුරයෙන් ඉවත් කළහොත් මන්ත්‍රි ධුරයක් නැතිව දේශපාලනයෙන් ඉවත් වන්නට සිදු වන බවත්ය. ජනාධිපති තැල්ල ආරක්ෂා කරගන්න අත්තනගල්ල බෙල්ල දන් දිය යුතු නැතැයි ඔවුන් උපදෙස් දී ඇත. මැතිනිය කෙසේ හෝ එම යෝජනාවට එකඟ වී නැත. මැතිනිය එම යෝජනාවට එකඟ වී මහ මැතිවරණයකට ගිහින් පරාජය වූවා නම් මැතිනියව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම ජේ.ආර්.ට ලෙහෙසි නොවන්න ඉඩ තිබිණි. අත්තනගල්ල බේරා ගන්න මැතිනිය එම යෝජනාවට එරෙහි වුවත් 1977 බලයට ආ ජේ.ආර්. මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කොට අත්තනගල්ලත්, මන්ත්‍රි ධුරයත් අහිමි කරනු ලැබීය.
මේ කතාව මතක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න වත්මන් සන්ධාන ආණ්ඩුව ආණ්ඩුවේ කොටස්කාර වාමාංශික පක්ෂ සමඟ සාකච්ඡා කරන බවට වූ පුවත කියවද්දීය. ජනාධිපතිවරණයකට නොගොස් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට මහ ඡන්දයකට යා යුතු යැයි යෝජනාවක්ද ඉදිරිපත් වූ බව පසුගිය කාලයේ අහන්නට ලැබිණි.
'මේ විධායක ජනාධිපති ක්‍රමය මේ විදියටම තියාගෙන අපිට විපක්ෂයට යන්න වුණොත් අපිත් ඉවරයි. පක්ෂයත් ඉවරයි...'
මේ ශ්‍රී .ල.නි.ප. යේ ජේයෂ්ඨයකු පසුගිය දාක කිව්වයි කියන කතාවකි.
කතාව ඇත්තය. විධායක ජනාධිපති ක්‍රමය ඇති කරල එ.ජා.ප.ය වසර 17ක් පව් කළේය. තවමත් ඒ පව් ගෙවා ගන්න බැරිව එ.ජා.ප.ය අදටත් අපා දුක් විඳියි. ශ්‍රී .ල.නි.ප.ය විධායක ජනාධිපති ධුරයේ බලතල වැඩිකරගෙන ඒ පව් දෙගුණ තෙගුණ කරගෙන දැනට අවුරුදු 20කි. ශ්‍රී .ල.නි.ප.ය විපක්ෂයට ගියොත් මේ පව් ගෙවන්න අවුරුදු 30ක් 40ක් අපා දුක් විඳින්න සිදුවනු ඇත.
"ඇත්තටම ශ්‍රී .ල.නි.ප.ය විපක්ෂයට ගියොත් මොකක් වෙයිද...?"
ශ්‍රී .ල.නි.ප.ය විපක්ෂයට ගියොත් මන්ත්‍රිවරුන්ට ඉන්න වෙන්නේ කටට ප්ලාස්ටර් අලවාගෙනය. හේතුව ශ්‍රී .ල.නි.ප.ය මේ අවුරුදු 20ට කරල තියෙන දේවල්වල හැටියට බලයට එන එ.ජා.ප. ආණ්ඩුවකට එරෙහිව කටක් අරින්න බැරිය.
"ශ්‍රී .ල.නි.ප.ය විපක්ෂයට ගියදාට විපක්ෂ නායක කවුද...?"
ඒක නම් කියන්න දන්නේ නැත. සමහර විට මෛත්‍රිපාල සිරිසේන විය හැකිය. මේ පව් තනියම අදින්න වන්නේ ඔහුටය.
"උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්‍ෙදාත් කැලණියේ..."
මෙහෙම කතාවක් තිබේ. ශ්‍රී .ල.නි.ප.යේ පරණ පව් මකා ගන්න හොඳම වැඩෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එකය. එවිට විපක්ෂයට ගියත් ශ්‍රී .ල.නි.ප.යට මුහුණ දෙන්න වන්නේ දුර්වල එ.ජා.ප. ආණ්ඩුවකටය. අවුරුදු හයෙන් ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් යැයි ශ්‍රී .ල.නි.ප.යට බලාපොරොත්තු තියා ගත හැකි වනු ඇත.
එ.ජා.ප. ආණ්ඩුවේ අත්තිම කාලයේ නැතහොත් විජේතුංග ආණ්ඩු කාලයේ රොනී ඩී. මෙල් මේ වගේ යෝජනාවක් ගෙන ආවේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැරි නම් එහි බලතල හෝ අඩු කරන්න යැයි ඔහු විජේතුංගට යෝජනාවක් ගෙන ආවේය. 1994 මහ මැතිවරණ ප්‍රතිඵල එන විට රොනී ජනාධිපති මන්දිරයට දිව ගොස් විජේතුංග හමු විය. ඒ වෙනකොට පොදු පෙරමුණට වැඩි ආසන ගණනක් ලැබී තිබුණ අතර ආණ්ඩුව පිහිටුවන්න කතා කරන්නේ මැතිනියටද, නැතිනම් චන්ද්‍රිකාටද කියා වාදයක් ඇති විය. රොනී කීවේ විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කොට ස්වාධීන පොලිස් කොමිසමක්, මැතිවරණ කොමිසමක් පත් කරන්න මාසයක් තුළ එකඟ වන අයකුට ආණ්ඩුව පිහිටුවන්න කැඳවන්න කියාය.
'මේ විධායක ජනාධිපති ක්‍රමය එක්ක අපි විපක්ෂයට ගියොත් අපිට ඔළුව උස්සන්න ලැබෙන්නේ නැහැ....'
රොනී කීවේය. ඒත් විජේතුංග එය මායිම් කළේ නැත.
"මේක හරියට යකා බැඳ ගත්තා වගේ..."
මේ එ.ජා.ප. ජේයෂ්ඨයෙක් කී කතාවය.
"ඒ වගේම තමයි යකාව වෙන පක්ෂයක් බැඳ ගත්තොත්..."
ඔහු විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී .ල.නි.ප.ය අතට ගියොත් කන්න වෙන්න කෑම ගැන එදා කීවේ එහෙමය.
අද ඒක ඔප්පු වී ඇත.
"මහින්දට මේ ටික තේරෙන්නේ නැහැ. ඇයි ශ්‍රී .ල.නි.ප. ජේයෂ්ඨයන්ට මේ ටික තේරුම් ගන්න බැරි...."
මේ පක්ෂයේම ජේයෂ්ඨයෙක් කී කතාවකි.
"මහින්ද ජනාධිපතිකම් කරල යයි. විපක්ෂයට ගියාම කන්න වෙන්නේ අපිටයි..."
දැන් ශ්‍රී .ල.නි.ප. ජේයෂ්ඨයන්ට මේ ටික දැනෙන්න ඕනාය.
"එ.ජා.ප.ය මොනව වුණත් බලයේ ඉද්දී සිරිකොත පක්ෂ කාර්යාලය හොඳට හදා ගත්තා. පක්ෂයට මුද්‍රණාලයක් ගත්තා. මහරුෆ්ලාට බිස්නස් දීලා පක්ෂයට අරමුදල් එන ක්‍රමයක් හදා ගත්තා..."
මේ අද ශ්‍රී .ල.නි.ප. ජේයෂ්ඨයන් තැන් තැන්වල කියන කතාය. කතාව ඇත්තය. හෙට ශ්‍රී .ල.නි.ප.යට විපක්ෂයට යන්න වුණොත් වැලේ වැල් නැත. එ.ජා.ප.යේ ජේ.ආර්.ලා ප්‍රේමදාසලා ජනාධිපතිකම් කළේ ජනාධිපති මන්දිරයේය. පක්ෂයේ වැඩ කරන්න සිරිකොතට ගියහ. පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම් නාම යෝජනා සකස් කළේ සිරිකොතය. 1994 සිට ශ්‍රී .ල.නි.ප.ය මේ ඔක්කොම කරන්නේ එක්කෝ ජනාධිපති මන්දිරයේය. නැත්නම් අරලියගහ මන්දිරයේය. ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානය පාළුවට ගිහින්ය. ඒකෙන් තේරෙන්නේ පක්ෂ යාන්ත්‍රණයක් කියලා දෙයක් නැත. පක්ෂ යාන්ත්‍රණය කියන්නේ ආණ්ඩුවේ යාන්ත්රණයය. ආණ්ඩුවේ යාන්ත්‍රණය නැති වුණොත් හෙට ශ්‍රී .ල.නි.ප.ය කියල පක්ෂයක් නැති වනු ඇත.
"මේ විධායක ජනාධිපති ක්‍රමය හරි අපූරුයි. මේකට එන ජනාධිපතිවරු කවුරුවත් ජනතාව ගෙදර යවන්නේ නැහැ. ජනතාවට ගෙදර යවන්නත් බැහැ. ඒ ගොල්ලන්ට යන්න වෙන්නේ කුමන්ත්රණවලින්. ඝාතනවලින්. 1988 ජේ.ආර්. ගියේ ජ.වි.පෙ. භීෂණයකින්, 1993 ප්‍රේමදාස ගියේ බෝම්බයකින්. 1994 විජේතුංගට යන්න වුණේ පක්ෂය ඇතුළේම කුමන්ත්රණයකින්. 2005 චන්ද්‍රිකාට යන්න වුණෙත් පක්ෂය ඇතුළේම කුමන්ත්රණයකින්. මේකට යකා බැ¼ද ගත්තා වගේ කියන්නේ ඒකයි. යකාගෙන් වැඩ ගත්තා වගේම යකාගෙන් කන්නත් වෙනවා කියල ගමේ කතාවක් තියෙනවානේ...?"
මේ විධායක ජනාධිපති ක්‍රමයට අත් දෙකම ඔසවපු හිටපු ඇමැතිවරයෙක් කී කතාවකි.
"එතකොට මහින්ද...?"
උපුල් ජෝශප් ප්‍රනාන්දු

0 comments:
Post a Comment