පාතාලය නැවතත් රට තුළ හිස ඔසවන්නට පටන්ගෙන තිබේ. ඊට ආසන්නම උදාහරණය සැපයෙන්නේ ග්‍රෑන්ඩ්පාස් මහවත්තේ ඇන්ඩෲගෙ වත්තෙනි. ඒ පෙරේදා (29) රාත්‍රියේදීය. මහවත්ත පල්ලියේ මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන කොඩිගස ඔසවා සුරුවම රැගෙන එන උත්සවය අවසන්වීමත් සමග සන්නද්ධ තුවක්කුකරුවෙක් ඇන්ඩෲගෙ වත්තේ අණසක පතුරුවාගෙන සිටි හයිකාරයන් දෙතුන් දෙනෙකු ඉලක්කකොට ටී56 අවියකින් වෙඩි වරුෂාවක් එල්ල කළේය. දෙනෝදාහක් බලා සිටියදී ඒ එල්ල කළ ප්‍රහාරයෙන් දෙදෙනෙක් මරුතුළට ගියහ. තවත් දෙදෙනෙකු තවමත් රෝහලේ සිටින්නේ මාරයා සමග පොර බදමිනි.
එසේ ඝාතනයට ලක්වන්නේ ජනිත් චාමර සහ කාවින්ද කැළුම් යන දෙදෙනාය. පොලීසිය පවසන ආකාරයට මේ අය සමාජයට බරක් ඇති අයය. ඒ ඔවුන් ජීවත්වූයේ සමාජයට වැඩදායී පුද්ගලයන් ලෙස නොවන බැවිනි. පොලිස් තොරතුරුවල සඳහන් ආකාරයට අනුවත් පොලීසිය පවසන ආකාරයටත් අනුවත් මේ අයගෙන් ජනිත් චාමර මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. මහවත්ත කනත්ත අසළ සුදු මහත්තයා යැයි සඳහන් කළහොත් ඔහු ගැන නොදන්නා අයෙක් නැති තරම්ය.මහවත්තෙ මත්ද්‍රව්‍ය ජාවාරමේ අණසක ඇත්තේ ඔහු අතය. එසේම ඔහු පාතාලය සමගද සම්බන්ධකම් පවත්වන්නේය. දේශපාලන ආශීර්වාදයද රැකවරණයද මේ අයට නැතුවාම නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා ඒ අතර සිටිති. කැළුම් කාවින්ද ඔහුගේ මිතුරෙකි.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විට මරුවා සමග සටන් කරමින් සිටින මේ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් වන්නේ චාමර සම්පත්ය. අනෙකා ශෂී කුමාරය. මේ අතරින් ශෂී කුමාර දෙමටගොඩ “මිහිඳුසෙන්පුර” වැසියෙකි. මියගිය අය ළඟින් ඇසුරු කළ මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූවෙක් බවට තොරතුරක් මතෛක් සොයා ගන්නට නැත. ඒ බව සඳහන් කරන්නේ පොලීසියයි. එහෙත් ඔහු සහ මිය ගිය අය අතර තිබුණු සම්බන්ධය කුමක්දැයි සොයන්නට පොලීසිය අමතක කර නැත. එහි ප්‍රතිඵලය හෙට අනිද්දා ලැබෙනු ඇත. එහෙත් චාමර සම්පත් ගැන පොලීසියේ ඇති තොරතුරු එතරම් යහපත් නොවේ. පොලීසිය පවසන්නේ මියගිය දෙදෙනා මෙන් ඔහුද මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නෙක් බවයි.
ඒ සිව් දෙනාට ඉකුත් 29 වෙනිදා රාත්‍රියේ වෙඩි තැබුවේ කවුරුන්දැයි මතෛක් හෙළිදරව් වී නැත. එහෙත් වෙඩික්කරු කුරුමානම් අල්ලමින් ඇන්ඩෲගෙ වත්තට පැමිණි යතුරුපැදිය දැන් ඇත්තේ පොලිස් භාරයේය. ඉලක්කය ඉතා පහසුවෙන් ලබාගත් වෙඩික්කරු යළි එම යතුරුපැදියෙන් රැගෙන යාමට කළ උත්සාහයේදී කලබල වීම හේතුවෙන් යතුරු පැදිය කානුවකට වැටී පෙරළී ගියේය. එබැවින් එය ඔවුන්ට අතහැර දමා යාමට සිදු වී තිබේ.
මෙම ප්‍රහාරය එල්ල වන විට ජනිත් ඇතුළු පිරිස සිට ඇත්තේ නිවසක් ඉදිරියේ මාර්ගය අයිනේ පුටු කිහිපයක් තබාගෙන එහි අසුන්ගෙන බර කතාවකට වැටීය. ඒ අය එහි සිටින බව හරියටම තුවක්කුකරුට ඔත්තුවක් ලැබිමෙන් පසු යතුරු පැදියෙන් ඝාතකයා ඒ තැනට අවුත් ඉලක්කය ලබාගෙන ඇති බව මතෛක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇති කරුණකි. වෙඩික්කරුගේ ඉලක්කය බව පෙනී ගොස් ඇත්තේ ජනිත් චාමරය. දෙමටගොඩ පැත්තේ පාතාලයේ නම නිතර කියැවෙන අයෙකුගේ ළඟම ගෝලයෙක් වන ඔහු එම පාතාලකරුගේ වුවමනා එපාකම් ඉටු කළ අයෙක් බවද සඳහන්ය.
මුහුණු මුළුමනින්ම වැසෙන ආකාරයේ හිස් වැසුම් පැළඳි යතුරු පැදිකරුත් වෙඩික්කරුත්් තම ඉලක්කය සපුරා ගැනීමෙන් පසු කාණුවට වැටුණු යතුරුපැදිය අතහැර පලා යන්නේ ත්‍රිරෝද රථයක් කොල්ලකාගෙනය. එම ත්‍රීරෝද රථය ඊයේ (30) දහවල් වනතුරුම පොලීසියට හමුවී තිබුණේ නැත. ත්‍රීරෝද රිය පදවාගෙන පැමිණි රියැදුරා පිටතට ඇද තල්ලු කර එහි ඔවුන් නැගී පලාගොස් තිබේ. එම ත්‍රිරෝද රථය සොයා මුළු රටේම පොලීසිවලට මේ වන විට රේඩියෝ පණිවුඩ යවා හමාරය.
දෙනෝදාහක් බලා සිටියදී මෙම ප්‍රහාරය ඒ අයට එරෙහිව එල්ලවූවත් ඒ ගැන සාක්ෂි දෙන්නට හෝ තොරතුරු දෙන්නට කිසිවෙකුත් ඉදිරිපත් වන්නේද නැත.
“අපි පාරට ගියා පල්ලියේ සුරුවම ගෙනියන උත්සවේ බලන්න. ඒ එනකොටයි වෙඩි තියල තියෙන්නේ” අහන අහන අය ඒ ගැන කියන්නේ මෙවැනි කථාවකි. ඒ ඔවුන් එම ප්‍රහාරයත් සමග භීතියෙන් මුසපත්ව සිටින බැවිනි. ඒ සාක්ෂි දෙන්නට ගොස් ඊළඟ වෙඩි උණ්ඩය තමන් දෙසට එල්ල වෙතැයි බියෙනි. සැකයෙනි. හැංගි හැංගී ජීවත් වන ජනිත් චාමර එදා පල්ලියේ මංගල්‍යයත් සමග එළියට බැස ප්‍රසිද්ධියේ සිටින්නේද හතර වටේ තම ඔත්තුකරුවන් යොදාය. එදින රාත්‍රියේ ඇන්ඩෲගෙ වත්ත දෙසට ආවේ පොලිස් යතුරු පැදියකි.
“ජනිත් අයියා. පොලීසියෙන් එනවා.” එක් ඔත්තුකරුවෙක් කීවේය.
“කීයක් හරි දීල යවපන්” ජනිත්ගේ පිළිතුර එය විය. ඒ ඔහුගෙන් යැපෙන පොලිස් නිලධාරීන් පිරිසක්ද සිටි බැවින් ඒ එන්නේ එවැන්නෙක් වන්නට හැකි බව සිතාගෙනය. මොහොතකට පසු පොලිස් යතුරු පැදිය පිටවී ගියේය.
ජනිත්ගේ මාරයා ජනිත්ව සොයාගෙන එන්නේ ඊට විනාඩි දෙක තුනකට පසුවය. ක්‍රිකට් ක්‍රීඩකයන් භාවිතා කරන ආකාරයේ ගමන් මල්ලක ටී 56 අවිය රඳවාගෙන ඇන්ඩෲගෙ වත්තට ඇතුළු වූ ඔවුන් ඉතා සාර්ථක ලෙස ඉලක්කය ලබා ගැනීමෙන් පසු වැඩි කලබලයකින් තොර ත්‍රීවිලරයේ නැගී පිටවී ගිය බව සඳහන්ය.
ජනිත් සමග මරුතුලට ගිය කැළුම් කාවින්දගේ සහෝදරයා වන පුබුදු “ලක්බිම” හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් සඳහන් කරනු ලැබුවේ තම සහෝදරයා පාතාල අපරාධකරුවෙක් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් නොවන බවයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති ඔහු ඒ වන විට මෝදර ඔක්සිජන් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි බවද පුබුදු කීවේය.
“අපේ අයියයි ජනිතුයි පුංචි කාලේ ඉඳන් යාළුවෝ. කෑවේ බිව්වේ පවා එකට. එදා පල්ලියේ මංගල්‍ය නිසා බිම බෙදන්න එන්න කියලයි ජනිත් අපේ අයියට කෝල් කරල තිබ්බේ. අයියා ගියේ ඒ නිසා. එහෙම නැතිව ජනිත් එක්ක අයියා නරක වැඩ කරන්න ගියේ නැහැ” කැළුම් කාවින්දගේ සහෝදරයා වන පුබුදුට අනුව තම සහෝදරයා සහ ජනිත් අතර පැවති සම්බන්ධය එවැන්නකි.
ජනිත් ඇතුළු මේ පිරිසට වෙඩි තැබුවේ කවුරුන්දැයි අතහැර ගිය යතුරු පැදිය ඔස්සේ මූලික විමර්ශනයක් කළත් එහි අංකය ව්‍යාජය. දැන් විමර්ශන පවත්වන්නේ චැසි අංක සහ ඇන්ජින් අංකය ඔස්සේය. එහිදී එම යතුරුපැදිය සොරාගත් එකක් බව කියැවුනොත් ඉන් එහාට පරීක්ෂණකටයුතු කුමන දිසාවකට ගමන්ගනී දැයි පොලීසියට දැන්මම කියන්නට බැරිය.
කෙසේ වෙතත් ජනිත් ඇතුළු පිරිස මරා දැමීමට තරම් මුල්වූ කාරණාව හෙළි කර ගැනීමට හැකිවන්නේ තුවක්කුකරු කොටුකර ගැනීමෙන් අනතුරුවය. මත්කුඩු ජාවාරමක්, පාතාලයේ ගැටුමක් එසේත් නැතිනම් කොන්ත්‍රාත්තුවක් මත ජනිත් ඇතුළු පිරිස ඉලක්කවූයේදැයි දැන ගන්නට හැකිවන්නේ එවිටය.
මෑතකදී තොටළඟ ප්‍රදේශයේ පිරිසකට ජනිත් ඇතුළු පිරිස කළ තර්ජනයක් මෙම ඝාතනයට මුල්වී තිබෙන්නට හැකි බව පොලීසියේ සැකයයි.
දෙමටගොඩ පාතාලයේ ප්‍රබලයා ළඟින් ඇසුරු කිරීම ජනිත් ඇතුළු කණ්ඩායමේ ආයුෂ මෙතරම් කෙටි වීමට බලපෑවේදැයි කියා සොයා බලන බව බුද්ධි අංශයේ නිලධාරියෙක් සඳහන් කළේය. ඊට හේතුව දෙමටගොඩ පාතාලයේ ප්‍රබලයාට බියෙන් ඩුබායි රටට පළාගොස් සිටි තවත් පාතාලයේ කෙරුමෙක් මේ දිනවල මෙරටට පැමිණ සිටින බැවිනි. ඔහු සංඛය. ඔහු ඩුබායි රටේ සිට ඉහළ දේශපාලනඥයෙකුට මේ අය ගැන ලිපියක් ලියා ඔවුන් විනාශ කරන බව පවසා තිබිමද විශේෂිතය. යම් දේශපාලනඥයෙක් ගැනද එම ලිපියේ සටහනක් තබා කොළඹ මත්කුඩු සහ පාතාලය මෙහෙයවන්නේ එම දේශපාලනඥයා බවද සඳහන් කර ඇති බව ආරක්ෂක බුද්ධි අංශවලින් දැනගන්නට තිබෙන කරුණකි. එම දේශපාලනඥයන් ළඟින් සිටින දෙමටගොඩ පාතාලයේ ප්රබලයාගේ හොඳම ගෝලයා ජනිත්ය. ජනිත්ව ඉලක්ක කළේ ඒ කොයි කාටත් දැනෙන්නට ද විය හැකිය. ආරක්ෂක බුද්ධි අංශ මෙන්ම ජනිත් ඇතුළු පිරිසට කළ වෙඩි තැබිම ගැන පරීක්ෂණ පවත්වන විමර්ශන කණ්ඩායම්ද ඒ ගැන සොයා බලන්නටද මේ වන විට අමතක කර නැත.

0 comments:
Post a Comment