පාසල වෙත පැමිණිය යුතු ගුරු භවතුන්ට දැන් යායුතුව තිබෙන්නේ උසාවි හමුවටය. ඒ. උසාවි කාර්ය මණ්ඩලයට, නීතිඥවරුන්ට හෝ විනිසුරු උතුමන්ලාට අකුරු කියා දෙන්නට නොවේ. දඬුවම් ලබන්නටය. මෙම තත්ත්වය යටතේ සමස්ත ගුරු පරපුර වෙව්ලවා උණ ගැනුන රෝගීන් පිරිසක් බවට පත්වීමට ඉඩ තිබෙන බව නොකීවාට රටට දැනෙන්නට පටන් ගෙන තිබේ.
විදුහල්පතිවරයෙකුට ඇප දෙමින් කුරුණෑගල මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා 25 වැනිදා විවෘත අධිකරණය හමුවේ රටේ සියලුම දෙමව්පියන්ගේ පපුවට වදින ආකාරයේ කතාවක් කර තිබේ.
“පාසලේදී විනය පියවර ගෙන දරුවන් යහමගට රැගෙන ඒමේ ප්‍රධාන වගකීම දරන්නේ ගුරු පරපුරයි. ඒ සඳහා ඔවුන්ට අයිතියක් තිබිය යුතුය. ගුරුවරුන් දරුවන්ට දඬුවම් කළැයි කියමින් මව්පියන් පොලීසිවලට පැමිණිලි කරන්නට පටන්ගෙන තිබේ. පොලීසිය එම ගුරුවරුන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබේ .මේ ආකාරයට තත්ත්වය පැවතුණහොත් පාසල් දරුවන්ගේ විනය පිරිහීම නොවැළැක්විය හැක.”
ඉස්කෝලේ ප්‍රින්සිපල් උසාවි දමා දඬුවම් ලබා දෙන්නට හැකි යැයි පාසල් යන පැඟිරි කොල්ලන් හා කෙල්ලන් තුළ විශ්වාසයක් ඇති කරවීම මහා විපත්තියකි. එම විපත්තියේ දිග පළල කොපමණදැයි අද හෙට මනින්නට කිසිවකුට නොහැකිය. මන්ද ගුරුවරුන් කෙරෙහි පාසල් සිසුන් වෙත තිබිය යුතු ගෞරවය, සැලකිල්ල හා අවනත වීම ශීඝ්‍රයෙන් අමතක වෙමින් තිබෙන බැවින්ය. එය කෙළවර වන්නේ රටට සමාජයට වග නොකියන නොහික්මුණු අශීලාචාර අනාගත පරපුරක් බිහි වීමෙනි.
සැබවින්ම සිසුවකුට වේවැල් පහර දෙක තුනක් ගැසීමට අයිතියක් පාසල් විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට නැතිද යන ප්‍රශ්නය හමුවේ අප කාටත් සිදුවී තිබෙන්නේ නිහඬව සිටින්නටය, මන්ද ඒ තරමට අද ළමා ආරක්ෂාව වෙනුවෙන් නීතිරීති සැකසී තිබෙන බැවිනි. වේවැල් පාරක් නොව, දරුවකුගේ කම්මුලක් අත ගෑමද අද අපචාරයක් වශයෙන් සලකන නීති සැකසි තිබේ.
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි නීතිරීති ක්‍රියාත්මක වීම අගය කළ යුතු වුවත් ඒ හරහා යම් ව්‍යසනයක් සිදුවන්නේ නම් එයින් පැහැදිලි වන්නේ කොතැනක හෝ අඩුපාඩු, හිල් පවතින බවකි.
වර්තමාන සමාජයේ ඉහළ තනතුරු හොබවන වැඩිහිටි පිරිස් සිය පාසල් සමයේදී ගුරුවරුන්ගෙන් වේවැල් පහර කා නැතිදැයි විමසුවහොත් සියලු දෙනාගේ පිළිතුරු වන්නේ “වේවැල් කෂාය” ලැබූ බවයි. වැඩිදුරටත් බොහෝ වැඩිහිටියන් පවසන්නේ “හැඳි ගාන්නේ නැතිව හදන හොද්දයි පහරක් නොගසා හදන එකාගෙයි කිසිම හැදියාවක් නොමැති බවයි. එය සම්පූර්ණ සත්‍ය කතාවකි. එදා “මැරවැඩ” කරමින් පාසල තුළ යකා නැටූ සමහර සිසුන් වර්තමානයේ ඉහළ සමාජය තුළ වැජඹෙමින් පවත්වන පුවත්පත් සාකච්ඡාවලදී තමන්ගේ ගුරු මව්පියවරුන් සිහිපත් කරනුයේ උතුරා හැලෙන ආඩම්බරයෙනි. වේවැල් පහර දී වැලි පොළවේ දණ ගස්වා පැය ගණන් අව්වේ තැබුව ආකාරය අසන විට දරුවන් යහමගට ගන්නට ගුරු පරපුර මොනතරම් වෙහෙසක් එදා දරා ඇද්දැයි වැටහෙන්නේ එම දරුවන්ගෙන් (වැඩිහිටියන්ගෙන්) රටට සිදුවන සේවය සැලකීමේදීය.
දෙමව්පියන් තුළ අද අමුතුම ආකල්පයක් පැළපදියම් වී තිබේ. ඒ, “මගේ එකාට අත උස්සලා පහරක් ගසන්නට කිසිම ගුරුවරයෙක්ට නොහැකිය” යන අදහසයි. වයඹ පළාතේ පාසල් ගුරුවරියක් දණ ගස්වා ඇයට අඩන්තේට්ටම් කළේද එම ආකල්පයෙන් වියරු වැටුන දේශපාලනඥයෙකි.
පාසල් සමයේදී දරුවන් සිදු කරන වැරැදි ගණනාවක් තිබේ. ඒවා ඕනෑම දරුවකු විසින් සිදු කළ හැකි “පොදු වැරදි”ය. පොදු වැරදි සීමාව ඉක්මවා යමින් අද සමහර පාසල් සිසු සිසුවියෝ නගරයේදී ඇඳුම් මාරු කරගෙන ගුබ්බෑයම්වලටද රිංගති. පාසල් යන බව දෙමව්පියන්ට හඟවා රංචු ගැසී ගංගාවල, මහ මුහුදේ නාන්නට ගොස් දියේ ගිලී මැරෙති. එදා හොරෙන් සිගරැට්ටුවක් කොල්ලෝ රංචුව එකතු වී ඉරුවද අද ළමුන් උරන්නේ ගංජා සුරුට්ටුය. නැත්නම් මත්කුඩුය.
මේ ආකාරයට පොදු වැරදි සීමාව ඉක්මවා පාසල් දරුපරපුර බරපතළ වැරදි කරන විට ගුරුභවතුන්ට අහක බලාගෙන සිටිය හැකිදැයි යන ප්‍රශ්නය මෙහිදී පැන නගී. දෙමව්පියන්ගෙන් වෙන්වී පැය අටක් පමණ දරුවන් ජීවත් වන්නේ මහ මාර්ගවල සහ පාසල්වලයි. රහසේ සිදුවන එම වැරැදි නිවැරැදි කර දරුවන් යහමගට ගැනීමේ වෘත්තීමය අධ්‍යාපනික පුහුණු වැඩසටහන් අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ දකින්නට නැත.
බටහිර හා යුරෝපීය රටවල පාසල් දරුවන්ට උගන්වන ගුරුවරුන් වේවැලක් දැකලාවත් නැති තරම්ය. වැරදි කරන දරුවන් යහමගට ගැනීමේ වැඩ සටහන් හෝඩියේ සිට අධ්‍යාපනයට බද්ධ වී තිබෙන බැවින් ඒ රටවල ගුරුවරුන්ට වේවැල් අවශ්‍ය නැත. මෙරට දරුවනට වේවැල් කෂාය දෙන්නට ගුරුවරුන්ට සිදුවී ඇත්තේ ඒ නිසාය. එය වැරැද්දක් සේ සලකා ගුරුවරුන් විදුහල්පතිවරුන් උසාවි රැගෙන ඒම සාර්ථක වැඩපිළිවෙළක් නොවේ.
lakbima -

0 comments:
Post a Comment