විශිෂ්ට සේවා ඇගැයීමක් ඇති පොලිස් දෙපාර්තමේන්තුවට දක්ෂ නායකත්වයක් ලබාදුන් පොලිස්පතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වේ නම් ගෞරවාන්විත රාජ්‍ය සේවයේ ගෞරවය හා දක්ෂ නිලදරුවකු රටට අහිමි කිරීම පිළිබඳ විරෝධය පාමින් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස්පති ඉල්ලා අස්නොවූ බැවින් පාලිත තෙවරප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීම රාජ්‍ය සේවයට කරනු ලබන අභියෝගයක් යැයිද ඇමැතිවරයා පවසයි.
තෙවරප්පෙරුම මන්ත්‍රිවරයා ඉල්ලා අස්වීමේදී එහි අඩුව වෙනත් කෙනකුට පිරවිය හැකි වුවත් දක්ෂ කාර්යශූර පොලිස්පතිවරයෙක් ඉල්ලා අස්වුවහොත් එම හිඩැස පිරවීම එතරම් පහසු නොවන බවත් එය මුළු රටටම දැනෙන අඩුවක් වනු ඇති බවත් පෙන්වා දෙන ඇමැතිවරයා එවැන්නක් සිදු වුවහොත් රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමට පූර්වාදර්ශයක් ලබාදෙමින් තමන් සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන්නේ යැයි අවධාරණය කරයි.
රාජ්‍ය සේවය ආරක්ෂා නොවුණහොත් අයාලේ යන සමාජයක් රටේ නිර්මාණය වනු ඇතැයි පවසන ඇමැතිවරයා ගෞරවාන්විත රාජ්‍ය සේවය යම්කිසි කෙනකු කී පළියට ඉල්ලා අස්වන තත්ත්වයකට හෑල්ලු කිරීම පිළිගත් සමාජ රාමුව බිඳ දැමීමට කරන උත්සාහයක් යැයි පවසයි.
යමකු රාජ්‍ය සේවයට එක්වන හා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වේ නම් එය කළ යුතු විධිමත් පිළිවෙළක් ඇතැයි පවසන ඇමැතිවරයා දේශපාලනඥයන් ලෙස ජනතා කැමැත්ත මත අප වරින් වර වෙනස් වුවත් රාජ්‍ය සේවය සැමදා පවතින බවත් පෙන්වා දෙයි.
පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රිවරයාගේ ඉල්ලා අස්වීම රජයට එරෙහිව අප්‍රසාදය ගොඩ නැඟීමට කරන එක්තරා කුමන්ත්‍රණකාරී සැලසුමක තුරුම්පුවක් වන බව පවසන මර්වින් සිල්වා මහතා ඉදිරියේදී එහි සැඟවුණු රහස හා අදෘශ්‍යමාන හස්තය රටට හෙළිවනු ඇතැයි විශ්වාසය පළ කරයි.

0 comments:
Post a Comment