මිනිසාට අවශ්‍ය නොවන තත්ත්වයක තිබුණද මිනිසා විසින් අත්‍යවශ්‍යභාවයකට කිරි පානය පත් කර ගෙන තිබේ. සෘජු ලෙස කිරි පානය කිරීම, කිරි පිටි ලෙස හෝ අගය එකතුකර පානය කිරීම හැරුණු කොට කිරි ආශ්‍රිත නිෂ්පාදනයන් විශාල ප්‍රමාණයක් සමාජය විසින් පරිභෝජනය කරයි. මේ නිසාම කිරි සඳහා ද පාන්වලට මෙන් දේශපාලන ඉල්ලුමක්‌ද සෑදී තිබේ. රටට අවශ්‍ය කිsරි ප්‍රමාණයවත් රට තුළ නිපදවා ගන්නට නොහැකි වී සිටින ශ්‍රී ලංකාව, අමතර වශයෙන් සිදු කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි කර්මාන්තකරුවා මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයක් වන මිල්කෝ සමාගම ද බංකොළොත් කර, රටේ මුළු කිරි ඉල්ලුම එතෙරට හෝ එතෙර අයිතිය සතුව මෙතෙර ක්‍රියාත්මක වන සමාගම්වලට පවරාදීමය.
මිල්කෝ ආයතනයට සිය නිෂ්පාදන විකුණා ගැනීම සඳහා දැන්වීම් අවශ්‍ය නැත. මිල්කෝ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළේ තිබෙන ඉල්ලුමට එම සමාගමට සැපයීම් කළ නොහැකි තත්ත්වයක් තිබේ. මෙවැනි අවස්‌ථාවක් සමාගමකට ලැබෙන අවස්‌ථා විරලය. එවැනි දුර්ලභ අවස්‌ථාවකින් ප්‍රයෝජන ගෙන මිල්කෝ සමාගම නඟා සිටුවනවා වෙනුවට මිල්කෝහි පාලනය භාරව සිටිනා අමාත්‍ය ආරුමුගම් තොණ්‌ඩමන් එහි සභාපති ප්‍රමුඛ පාලනාධිකාරිය විසින් සිදු කරමින් සිටින්නේ මිල්කෝ ආයතනය ඇපයට තබා තමාගේ මල්ල පුරවා ගැනීමට වෙහෙස දැරීමය.
මීට වසරකට පමණ පෙර දිනමිණ පුවත්පත සිය ප්‍රධාන සිරස්‌තලයෙන් අවධාරණය කර තිබුණේ, "රජයේ ඇස් වසා මිල්කෝ වසා දැමීමේ කුමන්ත්‍රණයක්" දියත් වන බවය. එම ප්‍රවෘත්තියට අනුව ඩෙන්මාර්ක් බැංකුවකින් රුපියල් කෝටි 600 ක ණය මුදලක් මිල්කෝ ආයතනය ඉල්ලුම් කර තිබූ අතර ඒ සඳහා අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය, මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හෝ අවම වශයෙන් මිල්කෝ අධ්‍යක්‍ෂ මණ්‌ඩල අනුමැතියවත් ලැබී නොතිබිණි. විශේෂත්වය වූයේ ඉහළ පොලියකට ලබා ගැනීමට සූදානම් වූ මෙම සුවිශාල ණය මුදල, ගෙවීමට තරමේ වත්කමක් මිල්කෝ ආයතනයට නොමැති වීමය. එවැනි මර උගුල් මිල්කෝ මත පැටවීමට මිල්කෝ බලධාරීන් කඩිනම්ය. මෙම ලිපියෙන් හෙළිදරව් කරන්නේ ද එවැනි තවත් කඩිනම් මිල්කෝ කර්තව්‍යයක් ගැනය. මිල්කෝ ආයතනයේ ප්‍රධාන කර්මාන්ත ශාලාව හා පරිපාලන ස්‌ථානය පිහිටා ඇත්තේ නාරාහේන්පිටය. 1956 වසරේදී ජාතික කිරි මණ්‌ඩලය ලෙස මිල්කෝ ඇරඹෙන්නේ මෙතැනිනි. කොළඹ සංවර්ධන සැලැස්‌ම අනුව හා වර්තමානයේ තිබෙන වටිනාකම් අනුව මිල්කෝ කර්මාන්ත ශාලාව, නාරාහේන්පිටින් ඉවත් වීම අවර ගණයේ කටයුත්තක් නොවේ. ඒ අනුව ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ බඩල්ගම ප්‍රදේශයට මෙම කර්මාන්ත ශාලාව ගෙන යැමට බලධාරීහු තීරණය කළහ.
මෙවැනි කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේදී ඒ සඳහා වන තාක්‍ෂණික පසුබිම සේම මිල ගණන් ද වැදගත්ය. මිල්කෝ සභාපති සුනිල් වික්‍රමසිංහගේ සේම අමාත්‍ය තොණ්‌ඩමන්ගේ ද හද දිනාගත් කොන්ත්‍රාත්කරුවා බවට මෙතැනදී පත්ව සිටින්නේ ඩෙස්‌මි නම් ඩෙන්මාර්කය මූලික වූ සමාගමකි. කිසිදු කිරි කර්මාන්ත ශාලාවක් ඉදිකර අත්දැකීම් නොමැති මෙම සමාගම නැව් සඳහා පොම්ප නිපදවන සමාගමක් බව ඔවුන්ගේ වෙබ් අඩවියෙන්ම දැන ගත හැකිය.
ප්‍රංශ රජය විසින් මහා භාණ්‌ඩාගාරය ඔස්‌සේ රජයන් අතර ගිවිසුමක් ලෙස බොකාර්ඩ් නම් සමාගමද මේ සඳහා මිල ගණන් ඉදිරිපත් කරවීය. බොකාර්ඩ් සමාගම ලෝකයේ වැඩිම කිරි නිෂ්පාදන ධාරිතාව සහිත සමාගම ද ඉදිකර අත්දැකීම් සතු ආයතනයකි.
බඩල්ගම පිහිටි මිල්කෝ ආයතනය ඉදිකිරීම සඳහා "පොර අල්ලනු" ලබන්නේ මෙම සමාගම් දෙකය. ඩෙස්‌මි සමාගම විසින් අදාළ ඉදිකිරීම සඳහා ඉදිරිපත් කර තිබූ මිල යුරෝ මිලියන 64 කි. බොකාර්ඩ් සමාගම ඒ සඳහා ඉදිරිපත් කරන ලද මිල යුරෝ මිලියන 56 කි.
සමාගම් දෙකෙහි මිල ගණන් අතර වෙනස රුපියල් මිලියන 1400 කට වැඩිය. මේ සා විශාල මිල ගණන් වෙනසක් නොසලකා හැර ඩෙස්‌මි ආයතනය ඉදිරිපත් කළ වැඩිම ලංසුවට මිල්කෝහි බඩල්ගම කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා ඉඩ ප්‍රස්‌ථාව ලබාදීම අමාත්‍ය තොණ්‌ඩමන්ගේ අවශ්‍යතාව වී තිබේ. මෙය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 150 ක් පමණ වේ.
බඩල්ගම ඉදිකිරීම පිළිබඳව තාක්‍ෂණික ඇගයීම් කමිටුව දුන් වාර්තාව ද මෙහිදී අවධාරණයට ලක් කළ යුතුය. ආචාර්ය අනෝමා සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ අවසාන නිර්දේශය සකස් වී තිබුණේ මූල්‍ය ලාභය පදනම කර ගනිමින් පමණක් නොවේ. රක්‍ෂණය, අත්දැකීම්, පසු සේවය ආදී සෑම අංශයක් පිළිබඳවම එහිදි අවධානය යොමු කොට තිබිණි. එහි තීරණය වී තිබුණේ බොකාර්ඩ් සමාගම මෙම ඉදිකිරිම් සඳහා සුදුස්‌සා බවය. ඒ අනුව බලන විට මුල්‍ය වාසිය පමණක් නොව සෑමඅතින්ම බඩල්ගම මිල්කෝ කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා බොකාර්ඩ් සමාගම සුදුසුකම් ලබා තිබියදීත්, එසේ මෙසේa නොවන වැඩිපුර මුදලකට ඩෙස්‌මි සමාගමට ටෙන්ඩරය ලබාදීම අමාත්‍ය තොණ්‌ඩමන්ගේ හා සභාපති සුනිල් වික්‍රමසිංහගේ අරමුණ වී තිබේ. "බාල බඩු වැඩි මිලකට ගැනීමේ" මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් අමාත්‍ය තොණ්‌ඩමන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණත් එයට තවමත් අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය හිමි වී නැත.
බඩල්ගම කම්හල ඉදිකිරීම පොර පිටියක් වී තිබේ. අතිශය වැඩි මුදලකට, අත්දැකීම් රහිත ඩෙස්‌මි සමාගමට කිරි කම්හල ඉදිකිරීමට ලබා දීම මිල්කෝ ලොක්‌කන්ගේ අරමුණය. එසේ නම් තවත් විසඳුමක් මෙහිදී තිබේ.
කොළඹ පැරණි තුරඟ තරග පිsටිය හා ඒ අවට යළි සැකසීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවකට එම ඉදිකිරීම් භාර ප්‍රධාන මේජර්වරයා හමුවීමු. ඔහු එහිදී පවසා සිටියේ තම අංශයට තිබෙන භෞතික හා මානව සම්පත් අනුව තට්‌ටු තිහේ ගොඩනැගිල්ලක් මුළුමනින්ම නිමා කිරීම පහසුවෙන් කළ හැකි බවය. කිසිම වෘත්තීමය ඉදිකිරීම් සමාගමකට නොදෙවැනි ලෙස කොළඹ තුරඟ තරග පිටියේ ගොඩනැගිලි යළි සකස් කළ මෙවැනි රාජ්‍ය යාන්ත්‍රණයකට ඉංජිනේරු සංස්‌ථාව, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය, නර්ඩ් ආයතනය වැනි විශේෂඥ රාජ්‍ය ආයතනයක උපදෙස් පිට මෙම ඉදිකිරීම පැවරුවහොත් රටට එයින් ලැබෙන ලාභය, රුපියල් කෝටි 300 ක් පමණ වන්නට ඉඩ තිබේ.
ඩෙන්ටි ආයතනය විසින් ඉදිරිපත් කළ මිල ගණන් අනුව කම්හලේ වර්ග මීටරයකට රුපියල් 64,000/- ක් පමණ මුදලක් ඔවුන් අපේක්‍ෂා කරයි. නර්ඩ් ආයතනය වැනි රාජ්‍ය තාක්‍ෂණික උපදේශක ආයතනවල ගණනය කිරීම් අනුව මෙවැනි ඉදිකිරීමක වර්ග මීටරයක් සඳහා රුපියල් 8000- 10000 ත් අතර මුදලක් වැය වන බව සඳහන්ය.
ඩෙස්‌මි ආයතනයට කොන්ත්‍රාත්තුව භාරදීමට එරෙහිව සිටීම නිසාම පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය කේ. එම්. ටී. කැන්දරගම මහතාට ද සිය තනතුර අතහැර යන්නට සිදුවූ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. එවැනි පුටු මාරු සිදු කරමින් අමාත්‍ය තොණ්‌ඩමන් තැත් දරන්නේ ජනතා මුදල් රුපියල් කෝටි 150 කට වැඩි මුදලකට වග කියන්නටය.
මෙම කටයුත්ත පිළිබඳ අධීක්‍ෂණය කිරීම සඳහා කැබිනට් මණ්‌ඩලය මගින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් බේරුම්කාර මණ්‌ඩලයක් මේ වන විට පත් කර තිබේ.
මෙම සියලු බේරුම්වල අවසානය එක්‌කෝ රුපියල් කෝටි 150ක මහජන මුදලක් කාගේ හෝ සාක්‌කුවට යවා, ඩෙස්‌මි සමාගමට කොන්ත්‍රාත්තුව ලබාදීමය. නැතහොත් බොකාර්ඩ් සමාගමට කොන්ත්‍රාත්තුව ලබාදීමය. රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය වැනි ආයතන සඳහා මෙම ඉදිකිරීම භාර දුනහොත් අවම මුදලින් මෙම ඉදිකිරීම සිදු කළ හැකිවාසේම, වියදම් වන මුදලින් ලැබෙන ලාභය රට තුළ ඉතිරිවීම, මෙවැනි ඉදිකිරීමක් පිළිබඳ අත්දැකීමක් එම ආයතනයට ලැබීම යන ලාභ ද රටට අත්කර දෙනු ඇත. රාජ්‍ය ආයතන නොවිකුණන, බවත් රාජ්‍ය යාන්ත්‍රණය ශක්‌තිමත් කරන බවත් මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව දිව මතුරක් සේ කිය කියා යමින් තිබේ. රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණා දැමීම නතර කිරීමෙන් එම ප්‍රතිපත්තිය රැක ගත හැකිය. රාජ්‍ය ආයතන නව මානයකට යොමු කිරීමෙන් එම ප්‍රතිපත්තිය සවිබල ගැන්විය හැකිය. මිල්කෝ කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා සමාගම් අල්ලන පොරයෙන් රටට වාසියක් ලබාදිය හැක්‌කේ එවිටය.
දිරන්නට දමා අතහැර තිබෙන්නාක් බඳු මිල්කෝ ආයතනයෙනුත් ගසා කන්නට සැරසීම පණ අදින මැහැල්ලකගෙන් කාම සම්පත්තිය පතනා කාලකණ්‌ණියකුගේ ක්‍රියාදාමය සේය. එම ක්‍රියාදාමයෙන් රටට නැති වී යන්නේ, ටෙන්ඩරය සඳහා වැඩිපුර ගෙවීමට උත්සාහ දරන රුපියල් කෝටි 150 ක මුදල පමණක් නොවේ. රටේ කිරි සම්පතේ අනාගතය ද බිල්ලට දීමේ වුවමනාවත් එයින් සපිරේ.
මනෝඡ් අබයදීර

0 comments:
Post a Comment