යෝගා ව්‍යාපාරිකයෙකි. කලක් ඔහු දෙහිවල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන ගිය ව්‍යාපාරවලින් යහමින් මුදල් ඉපැයූවේ මුදල් ගොඩගසමිනි. මුදලටම සිත ගිය පසු ඔහුට හොඳ නරක පවා තීරණය කරන්නට සිත් වූයේ ලැබෙන ලාභය හා රුපියල් ශත ප්‍රමාණය මතය. කොහොමින් කොහොම හරි යෝගාගේ ව්‍යාපාර බංකොලොත් වී ගියේ අධික තණ්හාවට ගිය නිසාය. මොහු ව්‍යාපාරිකයකු ලෙස මතුව සිටි කාලයේදී ව්‍යාපාරිකයන් රැසකගේ ඇසුරට වැටිණි.
උණ්ඩියල් ජාවාරම්කරුවන්ද ඔහුට මුණගැසිණි. උණ්ඩියල් යනු පිටරට සේවය කරන අය උපයන මුදල් බැංකු නොවන ක්‍රම හරහා මෙරට සිටින අය වෙත ලබාදෙන ක්රමයකි. ඒ හරහා විශාල කොමිස් මුදලක් ලැබෙන නිසා ශ්‍රී ලංකාව තුළ උණ්ඩියල් ජාවාරම ජයටම සිදුවේ. යුද්ධය පැවති කාලයේදී උණ්ඩියල් මුදල් ගනුදෙනු විශාල ලෙස සිදුවූ වගද පොලිසිය සොයා ගත්තේ කලකට පෙරදීය.
වැල්ලවත්ත පොලිසිය සමග යෝගාගේ ලොකු සම්බන්ධයක් තිබිණි. විශේෂයෙන්ම වැල්ලවත්ත පොලිසියේ රාළහාමිලා කිහිපදෙනකු යෝගාගේ මිතුරන් බවට පත්ව සිටියේද හේතු ඇතිවය. ජාවාරම්කරුවන්, කසිප්පු මුදලාලිලා හා නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ වූවන් කොහොමටත් පොලිසිය සමග සමීප සම්බන්ධතා පවත්වන වග රහසක්ද නොවේ. යෝගා ද වැල්ලවත්ත පොලිසියේ රාළහාමිලා දෙදෙනකුගේ මිතුරන් වූයේ එනිසාය.
ව්‍යාපාරිකයකු යනු ශූර ඥනයක් ව්‍යාපාරික ඉවක් සහිත ලාභය පසුපස පන්නන අයෙකි. යෝගාද එවැන්නෙකි. දළුලා වැඩුණ ව්‍යාපාර බිමට සමතලා වී යන්නටද හේතු ගණනාවක් බලපෑ බව කිව යුතුය.
ළිඳට වැටුණ එකා ළිං කටින්ම ගොඩ ආ යුතුය. යෝගා කල්පනා කළේ එහෙමය. දිනක් වැල්ලවත්ත පොලිසියේ පොලිස් රාළහාමිලා දෙදෙනා සමග යෝගා එක්තරා තැනකට වී කදිම සැලසුමක් සැකසුවේ ශූරකමත්, කපටිකමත්, ව්‍යාපාරික සැලසුම් සකස් කර ඇති පළපුරුද්දත් ආදී කී නොකී දක්ෂතා එක හුයකට බැඳ ගනිමිනි.
සිගරට් කොට බිම විසිර යද්දී, මත්පැන් බෝතල්වල මත්පැන් අඩියට බසිද්දී මොවුනගේ සැලසුමද අවසන් අදියරට පැමිණ තිබිණි.
"මේ වැඩේ ගැස්සෙයිද?" පොලිස් රාළහාමි කෙනකු යෝගාගෙන් ඇසුවේ ඇහිබැම ඉහළට ඔසවමිනි.
"මොන ගැස්සිල්ලක්ද? මුං කරන්නේ නීති විරෝධී වැඩක්, උන් කවදාවත් පොලිසි වලට ගිහින් මේව ගැන පැමිණිලි කරන්නේ නෑ" යෝගා කීවේ පොලිස් රාළහාමිලා දෙදෙනාගේ සිතේ තිබූ සියලු සැක සංකා දුරුවී යන තරම් විශ්වාසයෙනි.
"හරි වැඩේ කරමු. අපි රෙඩි" පොලිස් රාළහාමිලා දෙදෙනා මෙහෙයුම බාර ගත්තේ අතට අත දී යෝගාට සමුදෙමිනි.
සැලසුම ක්‍රියාත්මක වූයේ ඊට ටික දිනකට පසුවය.
"හරි මෑන් එනවා" යෝගා පොලිස් රාළහාමිලා දෙදෙනාට ඔත්තුව දුන්නේ එලෙසය.
සැලසුමට අනුව පොලිස් රාළහාමිලා දෙදෙනා පිස්තෝලයක් ද ගෙන සිවිල් ඇඳුමින් මහමඟට බැස්සේ සැලසුමේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමටය.
"අපිට ත්‍රීවීලර් එකක් කුලියට ඕනේ. විශේෂ රාජකාරියක්"
එක් රාළහාමි කෙනකු වැල්ලවත්ත ත්‍රිරෝද රථ ගාලට පැමිණ ත්‍රීවීලරයක් ඉල්ලුවේ ඒ සැලසුමට අනුවය. සාමාන්‍යයෙන් විශේෂ ගමන් වලට පොලිසිය ත්‍රීවීලර් කුලියට ගන්නේ එම ත්‍රිරෝද රථ ගාලෙනි.
"ආ ගන්න සර්..." එක් ත්‍රිරෝද රථ හිමියෙක් ත්‍රිරෝද රථයේ යතුර පොලිස් රාළහාමි අත තැබූයේ සිනහමුසු මුහුණෙනි.
"හරි අපි ගිහින් එන්නම්" එක් රාළහාමි කෙනකු ත්‍රිරෝද රථය පණ නංවාගෙන, අනෙක් පොලිස් රාළහාමිද නංවාගෙන පවනට බඳු වේගයෙන් ඉගිල ගියේ සැලසුමේ ඊළඟ පියවරට ළඟාවීමටය.
වැල්ලවත්තෙන් ත්‍රිරෝද රථය ඉදිරියට ඇදී ගියේ මුහුදු වෙරළ ප්‍රදේශයටය. ලිලී ඇවනිව් දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථයේ සිටි පොලිස් රාළහාමිලා දෙදෙනා ඊළඟ පියවරට සියල්ල සූදානම් කොට තිබිණි.
"මේ යන්නේ මෑන්" ත්‍රිරෝද රථය ස්රාස් හඬින් තිරිංග තද කළේ බී්‍රµa කේසයක් අතින් ගත් අයකු පාර අයිනට වනසේ බියට පත් කරමිනි.
ත්‍රිරෝද රථය නතර කෙරිණි.
"තමුන්ව අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා. අපි සී.අයි.ඩී., මොනවද ඔය බෑග් එකේ..." පොලිස් රාළහාමිලා දෙදෙනා සැකකරුගේ අත රැඳි බෑගය උදුරා ගෙන ප්‍රශ්න කරන්න ගත්තේ එලෙසිනි.
වැඩේ සාර්ථකය. යෝගාගේ ඔත්තුව ටක්කෙටම හරිය. බීµa කේසය තුළ රුපියල් ලක්ෂ ගණනක නෝට්ටු දුටු පසු පොලිස් රාළහාමිලා දෙදෙනාට දැනෙන සතුට අපමණය.
"තමුන් කරන්නේ නීති විරෝධී වැඩක්. උණ්ඩියල් ජාවාරම ගස් යන වැඩක් තේරුණාද?" පොලිස් රාළහාමි ගිගුළේය.
"අනේ සර්... මට අනුකම්පා කරන්න. සැකකරු කීවේ බියේ ගැහෙමිනි.
"තමුන් වැරදි වැඩේ කරලා අනුකම්පා කරන්නත් කියනවද? අපිට කරන්න දෙයක් නෑ. අපි කරන්නේ රාජකාරිය, රාළහාමි කෙනකු සැකකරුගේ සියලු ශක්තිය සිඳලමින් ගෑ ගසා කීවේ වෙව්ලමිනි.
"නැඟපන් ත්‍රීවීලරයට." ඒ ආමන්ත්‍රණය ඉල්ලීමක් නොව අණකි.
සැකකරු ත්‍රිරෝද රථයට ගොඩ වූවා නොව තල්ලු වී ගොස් වැටිණි.
ත්‍රිරෝද රථය ලිලී ඇවනිව් මාර්ගය ඔස්සේ වැල්ලවත්තට පැමිණ ඉන්ධනහලක් ළඟ නතර කෙරිණි.
දෙනෝදාහක් දෙනා ගැවසෙන වැල්ලවත්ත ප්‍රදේශය පුරා වාහනවලින් නැගෙන ශබ්දද, නළා හඬද, බස්රථවල කොන්දොස්තරවරුන්ගේ කෑ කෝ ගැසීමද, ලොතරැයි කූඩුවලින් නැගෙන ඝෝෂාවද මැද ත්‍රිරෝද රථයට පෙට්‍රල් ගසා ගත් පොලිස් රාළහාමිලා දෙපළ යළි ත්‍රිරෝද රථය පණනංවා ගෙන ගාලු මුවදොර ඔස්සේ ත්‍රිරෝද රථය කොටුව පොලිස් මූලස්ථානය දෙසට ධාවනය කරමින් තිබිණි. ඒ වන විට හිරු රශ්මිය දැඩි වී තිබිණි. මහ දවාලේ රුපියල් ලක්ෂ ගණනාවක මුදලක් රැගෙන වැල්ලවත්තට පැමිණි සැකකරුද සමග පොලිසියේ දෙදෙනා කොටුව දෙසට ආවේ සැකකරුට අවවාද හා බැණ අඬගැසීම්ද කරමිනි. "අනේ ප්ලීස් මාව අතහරින්න" සැකකරු කළ ආයාචනා වලටද පොලිස් රාළහාමිලාගේ සැලකිල්ල ටික ටික එළියට ආවේ කොටුවට ළං ළං වන විටය.
"තමුන් ආයේ මේ පැත්ත පළාතට එන්න එපා. තමුසෙව පොලිසියට භාර දුන්නොත් විසුමක් වෙන්නේ නෑ. තමුන් කොටුවෙන් දාන්නම්. යාපනයට පලයන් හැබැයි ආයේ කොළඹ පස් පාගන්න එපා. හොර ජාවාරම් කරලා හොයපු සල්ලි රාජසන්තකයි. බැහැපන්..." සැලසුමට අනුව සැකකරුව බිමට බැස්ස වූ රාළහාමිලා දෙපළ මුදල් පිරවූ බී්‍රµa කේසයද රැගෙන ආපසු වැල්ලවත්ත දෙසට ත්‍රිරෝද රථය ධාවනය කරන්නට විය.
සැලසුම සාර්ථකය. මොවුන් දෙපළ කෙළින්ම ගියේ දෙහිවලටය. යෝගා මුණගැසුණු දෙදෙනා බීµa කේසයේ තිබූ මුදල් තොගය තිදෙනා අතර බෙදාගත්තේ සතුටිනි.
මම කිව්වේ, උණ්ඩියල් ගනුදෙනු කරන උන් පොලිසියට මේවා කියන්න යන්නේ නෑ. නියමයි. නියමෙට වැඩේ කළා... යෝගා කීවේ මහ හයියෙන් සිනහ වෙමිනි.
බී්‍රµa කේසය තුළ තිබූ රුපියල් දහතුන් ලක්ෂය දුටු පොලිස් රාළහාමිලාට දැනුන සතුට අපමණය. පොලිස් දෙපාර්තමේන්තුවේ අවුරුදු තිස් පහක් සේවය කළත් මෙතරම් මුදලක් උපයන්නේ කෙලෙසදැයි සිතූ එක් අයකු මුදල් බණ්ඩලයක් අතට ගෙන සුසුම් ලෑවේ මුදලින් කරන දේවල් සිහිවූ නිසාය.
කොටුවෙන් බැස්ස වූ උණ්ඩියල් ජාවාරමට සම්බන්ධ පුද්ගලයා දස අතේ කල්පනා කරන්නට විය. රුපියල් ලක්ෂ දහ තුනක්. කොස් ඇටද, කජු ඇටද? නැත රුපියල් ලක්ෂ දහතුනක්. යාපනයට ගිහින් තල් රා පෙරන්නද? ඔහුට සිතිණි.
පොලිසියට ගිහින් පැමිණිලි කරන්න සැකකරුට ඒ උපදෙස් දුන්නේ මෙම ගනුදෙනුවලට සම්බන්ධ අයෙකි.
ඔහු යළිත් වැල්ලවත්තට ගියේ වැල්ලවත්ත පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කිරීමටය.
පොලිසිය පැමිණිල්ල සටහන් කරගත්තේ ඒ ඒ ප්‍රකාශ නිසි පරිදි පෙළ ගස්වමින්ය. පැමිණිල්ල ලියූ පසු පැමිණිලිකරු ඊට අත්සන් තැබූයේ රුපියල් ලක්ෂ දහතුනට වූ දේ සිහිවී නෙතට නැඟුන කඳුළුද පිසිමිනි.
වැල්ලවත්ත සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා වෙත අදාළ පැමිණිල්ල ඇස ගැටුණේ ඒ අතරය.
"රුපියල් ලක්ෂ දහතුනක්" ඔහු කිහිප වරක්ම පැමිණිල්ල කියවන්නට විය. අත්දැකීම්වලින් පිරි ඔහුට මෙහි සුලමුල අනාවරණය කර ගැනීමේ වැදගත්කම වැටහිණි.
පොලිස් කණ්ඩායමක් යොදවා පරීක්ෂණ ආරම්භ කළේ ඒ අනුවය.
පැමිණිල්ලට අනුව ත්‍රිරෝද රථය පිළිබඳ විපරම් කළ පොලිස් කණ්ඩායම වැල්ලවත්ත ප්‍රදේශයේ ත්‍රිරෝද රථ පරීක්ෂා කළේය.
අදාළ දිනයේ දී ත්‍රිරෝද රථ ගාලෙන් රාජකාරි කටයුත්තකට පොලිස් රාළහාමිලා දෙදෙනකු ත්‍රිරෝද රථයක් කුලියට ගත් බව අනාවරණය විය. ඒ ඔස්සේ පරීක්ෂණ කළ පොලිසියට අදාළ ත්‍රීවීලරයේ හිsමිකරු හමුවිය.
ඔව් සර්... වැල්ලවත්ත පොලිසියේ අදාළ රාළහාමිලා දෙන්න මගේ ත්‍රීවීලරය අරන් ගියා. මට රුපියල් 5000 ක් ගෙව්වා. ත්‍රිරෝද රථයේ හිමිකරු කීවේ සිද්ධ වී ඇති කිසිත් නොදැනය.
අදාළ පොලිස් කණ්ඩායම එදින රාජකාරි පොත පරීක්ෂාකර බැලීය. සැකකටයුතු රාළහාමිලා දෙපළ එදින පිස්තෝලයක් ද සහිතව රාජකාරියකට පිටව ගොස් ඇති වග සටහන් වී තිබිණි. සී.සි.ටී.වී. කැමරා ද පරීක්ෂා කළ පසු සියල්ල සැකහැර දැනගත් පොලිසිය වැල්ලවත්ත පොලිසියේම රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනිණි. ඔවුන් දෙදෙනාගේ ලොකර් විවෘත කළ පසු ඒ ලොකර් තුළ රුපියල් ලක්ෂ තුනක මුදල්ද, අනෙක් ලොකරයේ රුපියල් ලක්ෂ දෙකහමාරක් ආදී වශයෙන් මුදල් තබා තිබූ බවද පැහැදිලිව දක්නට ලැබිණ.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සියල්ල අනාවරණය වූයේ ඊට පසුවය.
යෝගා උණ්ඩියල් මුදල් ජාවාරම් පිළිබඳ හොඳහැටි දන්නා අයෙකි. යාපනයේ සිට එන පුද්ගලයකු වැල්ලවත්තට රුපියල් ලක්ෂ දහතුනක් රැගෙන එන බව යෝගා දැනසිට ඇත. යෝගා මිතුරු පොලිස් රාළහාමිලා දෙදෙනා ද සමග එක්ව මේ සැලසුම් කළේ රහස් පොලිසියෙන් යෑයි කියා උණ්ඩියල් ජාවාරම්කරු අල්ලා ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ දහතුන ගෙන අදාළ සැකකරු යාපනයට ආපසු පිටත් කර අදාළ මුදල් ටික බෙදා ගැනීමටය.
යෝගා නිසි පරිදි සැලසුම් කළද යෝගාට එක තැනක් වැරදිනි. යෝගා සිතූ පරිද්දෙන් අදාළ උණ්ඩියල් ජාවාරම්කරු පොලිසියට නොයා සිටියේ නැත. පොලිසියට බියේ පොලිසියට නොයා ඔහු යාපනයට යතැයි සිතූ සිතුවිල්ල අවසාන වූයේ පොලිස් රාළහාමිලා දෙදෙනාගේ කාකි ඇඳුම් ගැලවී ඔවුන් දෙදෙනා සමගින්ම යෝගාටද නීතිය ඉදිරියේ පෙනී සිටින්නට සිදුවීමෙනි.
ඕනෑම අපරාධයකදී, අපරාධය සැලසුම් කරන්නන්ට අමතක වන වරදින තැනක් ඉතිරි වේ. අපරාධ පිළිබඳ පරීක්ෂණ කරන නිලධාරීන් මුලින්ම සොයා ගන්නේ අපරාධකරුවන් අතින් සිදුවන ඒ අතපසු වූ තැනය. මෙම අපරාධය සැලසුම් කළ මහමොළකරුවන්, අනුමාන කළ දෙයක් එපරිද්දෙන් සිදුවූයේ නැත.
සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා සිය රාජකාරිය අකුරටම ඉටු කිරීම ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තියට කළ මෙහෙයක් බඳුය. ශ්‍රී ලංකා පොලිසිය අපවිත්‍ර කරන ඇතැමුන්ට සහකාර පොලිස් අධිකාරිවරයා හොඳ පාඩමක් උගන්වා ඇත. කාකි ඇඳුමට මුවා වී සිදුකරන අපරාධ නිසා කිලිටි වන්නේ පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව රටේ නීතිය වැනසෙන වග කිව යුතුය.
වැල්ලවත්ත පොලිසියේ පොලිස් රාළහාමිලාගේ, රහස් පොලිස් මෙහෙයුම අවසන් වූයේ එලෙසිනි. කෙටික්‍රම හරහා මුදල් උපයන්නට සිතන කොයි කාටත් මෙම සිද්ධිය පාඩමකි. ඉක්මන් කොටය. ඊ.සී. කම් ඊසී ගෝ කියා කියමනක් ද ඇත. රුපියල් ලක්ෂ දහතුන උපයවූ ආකාරයට වඩා වේගයෙන් ඒ රුපියල් ලක්ෂ දහතුන පමණක් නොව රටක්ම ගරු කරන කාකි ඇඳුම්ද ඒ රාළහාමිලාට අහිමිව ගොසිනි. හොරු සමග සිටින පොලිසියේ ඇත්තන්ට හොරු සමග හෙළුවෙන් සිටින්නට වන වග මේ සිද්ධියෙන් වුවද තේරුම්ගත හැකි විය යුතුය.
ශිරාන් රණසිංහ - හේමන්ත රන්දුණු

0 comments:
Post a Comment