ඔහු පළමු ලෝක යුද සමයේ ජර්මනිය වෙනුවෙන් ඔත්තු බැලූ ජර්මන් ආරක්ෂක සේවාවේ ලුතිනන්වරයෙකි. නමින් කාර්ල් හෑන්ස් ලෝඩිය. රාජකීය ආරක්ෂක බලධාරීන්ට හසුවීමෙන් පසු 1914 නොවැම්බර් මාසයේ ලන්ඩන් කුළුණ වෙඩි චතුරස්රයේදී වෙඩිතබා ඝාතනය කරන්නට යෙදුණි. චර පුරුෂ සේවයේ යෙදුණු සතුරෙකු ලෙස මරණ දණ්ඩනයට නියමවී එකී දඬුවම හිමිවීමෙන් වසර සියයකට පසු ඉකුත් සතියේ ඔහු විසින් ලියන ලද ලිපියක් හමුවී තිබේ. එහි දිනය ලෙස සටහන් කර ඇත්තේ 1914 නොවැම්බර් මස 06දාය. එනම් ජීවිතක්ෂයට පත්වීමට ප්‍රථම ලන්ඩන් කුළුණේ ආරක්ෂකයින් අමතා ඔහු විසින් මෙම ලිපිය ලියා ඇති බව මේවන විට පැහැදිලිය.
“ජර්මන් නිලධාරියෙකු ලෙස මගේ කාර්යය අවංකව හා සෘජුව විදහාපාන්නට අවස්ථාව ලබාදුන් මුරාකාවල්හි යෙදුණු ආරක්ෂකයින්ට මගේ ස්තූතිය හිමිවෙනවා“
“ඒ විතරක් නොව ඔවුන්ද ඔවුන්ගේ කාර්යය භාර්යය කිසිවිටෙකත් නොතකා හැරියේ නෑ. මාද ඇතුළු අය සම්බන්ධයෙන් කාර්ණිකව හා හැකි උපරිමයෙන් ක්‍රියා කළා“
වෙලිංග්ටන් බැරැක්කයෙහි මුරකාර කෞතුකාගාරයේ එම ලිපිය තැන්පත් කර තිබී ඇතත් ඒ පිළිබඳ අවධානයට ලක්ව නැත. එයට හේතුව වී ඇත්තේ එය ආවරණය කරන ලද දවටනයක බහා තිබීමයි. කෙසේ වුවද පළමු ලෝක යුද්ධයට අදාළව සැමරුම් අතර මේවන විට මෙම ලිපියද මහජන ගෞවරය පිණිස ප්‍රදර්ශනයට තබා තිබේ.
මොහු 1877 ජනවාරි මස 20 වන දින බර්ලිනයේදී උපත ලබා තිබේ. 1900 වසරේ හෙතෙම ජර්මන් නාවික හමුදාවට එක්වී තිබේ. නාවික හමුදාවට අනියුක්ත කිරීමට ප්‍රථම ඔහු වෙළඳ නාවික කාර්යාංශයේ සේවය කර ඇති අතර එම කාලය තුළ එංගලන්ත, නෝර්වේජියන් හා අමෙරිකානු නෞකා ගණනාවක සේවය කර තිබේ.
ගීස්ටිමොන්ඩේහි නාවික ඇකඩමියෙන් හෙතෙම කපිතාන්වරයෙකු ලෙස 1904දී උසස්කර ඇත. එහෙත් ඔහු හදිසියේ අසනීප වීම හේතුවෙන් අදාළ තනතුරේ නිසි ලෙස රාජකාරි කටයුතු කළ නොහැකිවූයෙන් රැකියාවෙන් ඉවත්වී තිබේ. අනතුරුව ඒ වෙනුවට සංචාරක මගපෙන්වන්නෙකු ලෙස තම රැකියාවේ භූමිකාව වෙනස් කළේය. නව රැකියාවත් සමග ඔහුට ලොව විවිධ රටවල බොහෝ මිතුරු මිතුරියන් හඳුනාගැනීමට අවස්ථාව සැලසෙන අතර එක්සත් රාජධානියේ පිරිස් හඳුනාගැනීමට ඉඩලැබීම ඔහු ලැබූ භාග්‍යයක්ම විය. ඒ ඔහුගේ අවසන් රාජකාරියට මනා පිටුවහලක් වූයේ එකී රැකියාවත්, එකී හඳුනාගැනීම් නිසාය.
1912 වසරේ අමෙරිකානු කාන්තාවක සමග ලෝඩි විවාහ විය. එහෙත් ඒ ඔහුගේ අවසන් විවාහය නොවීය. හෙතෙම එයින් අනතුරුව චාර්ල්ස් ඒ ඉන්ග්ලිස් නමැති නම යටතේ අමෙරිකානු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන අමෙරිකන් හුරුවට ඉංග්‍රීසි ව්‍යවහාර කරන්නට විය. එකී වරප්‍රසාදයෙන් ඔහුට යුරෝපය පුරා සංචාරය කිරීමට හැකියාව ලැබිණි. ලෝක යුද්ධය පෙනි පෙනී තිබියදී හෙතෙම ස්වේච්ඡා ලුතිනන් වරයෙකු ලෙස ආරක්ෂක සේවයට එක්විය. එහිදී ඔහු තුළ පැවති කුසලතාවන් හා හැකියාවන් හේතුවෙන් එංගලන්තයට ගොස් සිය රට වෙනුවෙන් තොරතුරු එවන්නට නියෝග ලැබිණි. යළි අමෙරිකාවට යාම සඳහා 1914 වසරේ මූලාරම්භයේදී නාවික සංචිතයේ බුද්ධි සේවයෙන් තමා ඉවත්කරන ලෙස ඉල්ලා ඇතත් එකී ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ලෝක යුද්ධයේ පැතිරීමත් සමග එංගලන්ත හා අමෙරිකානු ගුවන් ගමන් බලපත්‍ර සහිත ලෝඩි ලන්ඩන්හි බුද්ධි අංශ නියෝජිතයා ලෙස තැබීමට ජර්මනිය තීන්දු කරන ලදී.
ඔහු එංගලන්තයට ගොස් සැබෑ තොරතුරු එක්රැස් කිරීමේ වැදගත්කම ආරක්ෂක බලධාරීන් විසින් ඔහුට ඒත්තු ගන්වා ඇත. ස්කොට්ලන්තයේ ෆිෆේහි රොසෙත් නාවික පර්යන්තයේ ක්‍රියාකාරකම් හා බ්‍රිතාන්‍ය ගුවන් ආරක්ෂක තතු එකතුකිරීම හා තහවුරු කිරීම ඔහුට පැවරිණි. කෙසේ වෙතත් බුද්ධි කටයුතු පිළිබඳ ඔහුගේ දැනුම ඉතා අල්ප විය. ඒ ඒ වෙනුවෙන් ඔහුට නිසි පුහුණුවක් හා අත්දැකීමක් නොතිබීමයි. මේ හේතුව නිසා ඔහු විසින් එවන ලද තොරතුරු නිවරදි ලෙස ගලපා ගැනීමටද බලධාරීන් ඇතැම්විට අපොහොසත්වී තිබේ.ෆිෆේහි හෝටලයක නවාතැන්ගෙන සිටියදී පළමු සංඥාව ස්වීඩනය හරහා ජර්මනියට ටෙලිග්‍රෑමයක් ලෙස සම්ප්‍රේක්ෂණය කර ඇත.
“අත්හිටුවිය යුතුයි. ජොන්සන් ගොඩක් අසනීපයි. දින 4න් නැතිවුණා. කෙටි නිවාඩුවක් ගතහැකිද?-චාර්ල්ස්“ යනු එකී ටෙලිග්රෑමයයි. එහි අරුත මෙසේය.
“තටාකයේ නැව් 4ක් ප්‍රතිසංස්කරණය කර තිබුණා. තවත් කිහිපයක් ඉහළ මුහුදේ තිබෙනවා“ යන්නයි.
ජර්මනිය ඒ මොහොතේ වහාම U-21 වර්ගයේ සබ්මැරීනයක් නැව්වලට පහරදීම සඳහා අදාළ මුහුදු සීමාවට පිටත් කර යවා තිබේ. එම නෞකා 4න් ප්‍රමුඛතම නෞකාවවූ එච්.එම්.එස් පාත්පයින්ඩර් වර්ගයට අයත් නෞකාවකට සබ්මැරීන් ප්‍රහාරය එල්ලකිරීම හා එය ගිල්වාදැමීමට ඔවුන් සමත්විය. එය පළමු ලෝක යුද්ධයේ ජර්මනිය විසින් ගිල්වන ලද පළමු සතුරු නෞකාවයි. එහෙත් ඉන් අනතුරුව ඔහු විසින් දෙන ලද තොරතුරු ආකූල ව්‍යාකූල බවින් ගහණ විය. ඔහු අතින් බොහෝ අත්වැරදීම් සිදුවිය. ටික දිනක් යන විට තමා වෙසෙන ස්ථානය, නම, ලිපිනය ආදිය පවා ජර්මන් භාෂාවෙන් ලිවීම, ලියුම් තැපැල් කිරීම ආදිය හේතුවෙන් පොලීසිය මොහු ඔත්තුකරුවෙකු බවට සැක පළ කර අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්පසු ඔහු පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මොහු සෑබෑ ඔත්තුකරුවෙකු බැව් හඳුනාගැනිණි. මොහුට එරෙහිව චෝදනා ගොනුකොට නඩු විභාග කෙරිණි. ඔහුගේ අමෙරිකානු ගුවන්බලපත්‍රය ව්‍යාජ එකක් බව තහවුරු කරගන්නා ලදී. වෙස්ට්මිනිස්ටර්හි මිඩ්ල්එසෙකස් ගුල්දාල් යුද අධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කරන ලදී.
අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු කැටුව යාමට හමුදා පොලිස් ප්‍රධානියා ඔහුගේ සිරකුටියට පැමිණි පසු ලෝඩි මෙසේ පැවසීය.
“ඔබ ජර්මන් ඔත්තුකරුවෙකුට අතටඅත නොදේවි යයි මං කල්පනා කරනවා“
එවිට හමුදා පොලිස් ප්‍රධානියා පවසා ඇත්තේ මෙයයි.
“නෑ. නමුත් මම නිර්භීත මිනිසෙකුට අතටඅත දේවි“
DailyMail- ඇසුරිණි.
ප්‍රියාන්
adaderana -

0 comments:
Post a Comment