දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂකිරම විමලජෝති හාමුදුරුවෝ බොදු බලසේනාවේ සභාපතිවරයාණෝය. එනමුත් කලක සිට උන්වහන්සේ බොදු බලසේනාවේ කටයුතුවලදී පෙනෙන්නට නොසිටියහ. ඒ අතරේ පැතිර ගිය ආරංචියක් වූයේ උන්වහන්සේ බොදු බලසේනාවේ සභාපති ධුරයෙන් ඉවත් වීමට සැරසෙන බවය. ඒ පිළිබඳ උන්වහන්සේ අදහස් දැක්වූයේ මෙසේය.
ඉකුත් කාලයේ බොදු බලසේනාවේ වැඩ කටයුතුවලදී ඔබවහන්සේ පෙනෙන්නට සිටියේ නැත්තේ ඇයිද?
කාරණා දෙකක් නිසා මම බොදු බලසේනාවේ වැඩකටයුතුවලින් ඈත් වුණා.
මොකක්ද කාරණා දෙක?
බොදු බල සේනාවේ සභාපති ධුරය භාරගන්න පෙර මම නිරත වෙලා හිටියේ ශාස්ත්‍රීය කටයුතුවලයි. කෙසේ නමුදු සභාපති ධුරය භාරගැනීමෙන් පසු ත්‍රිපිටකය පුනර් මුද්‍රණය, අටුවා ටිකා මුද්‍රණය කිරීම ආදී කටයුතු අතපසු වුණා. මම සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ගොඩනගලා ලෝකයේ ලොකුම බෞද්ධ පොත්හල ගොඩනැගුවේ බැංකු ණයක් ගෙනයි. ඉකුත් කාලයේ මේවා ගැනත් සොයා බලන්න බැරිවෙලා නොයෙකුත් ප්‍රශ්න ඇතිවුණා. ඒ අතරේ බොදු බලසේනාවේ සමහර කටයුතුවලට මට එකඟවන්න බැරි වුණා. මේ නිසා මම සංවිධානයේ වැඩ කටයුතුවලින් ඈත්වෙලයි හිටියේ.
බොදු බලසේනාවේ ඔබ වහන්සේට එකඟ වෙන්න බැරිවූ කාරණාව කුමක්ද?
මගේ චරිතය ගත්තොත්, මම මහා කලබලකාරීව හෝ ආවේගශීලීව වැඩකරන කෙනෙක් නෙවේ. මගේ ජීවිතයේ කාලයක් හිටියේ පිටරට. ඒ කාලයේ වුවත් ලංකාවේ සිටි කාලයේ වුවත් මම කටයුතු කළේ සන්සුන්වයි. කෙසේ නමුදු බොදු බලසේනාවට මම සම්බන්ධ වුණහම සමහරු මට පුදුමයෙන් වගේ කතා කරලා ඇහුවා ඇයි ඔබවහන්සේ වගේ කෙනෙක් මේ වගේ වැඩකට අතගැහුවේ කියලා. මේ නිසා ඔවුන් මාව හමුවන එක විතරක් නොවේ ධර්ම ග්රන්ථ ගන්න බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට පැමිණීම පවා නතර කළා. තවත් පිරිසක් සම්බුද්ධ ජයන්ති මනදිරයටත් එන එක නතර කළා. දෙසතියකට ඉහතදී මම කීවා යම්කිසි දවසක මම බොදු බලසේනාවෙන් ඉවත් වෙනවා කියලා. ඒ කතාවට ගිහියෝ විතරක් නොවේ මහානායක හිමිවරුන් පවා කතා කරලා ප්‍රශංසා කළා.
බොදු බලසේනාවේ වැඩ කටයුතුවලට එකඟ වෙන්න බැරි නම් එවැනි පිරිසක් සමග එකතු වූයේ ඇයි?
මම කවදාවත් කිසිම සංවිධානයක සාමාජිකත්වය දරපු කෙනෙක් නොවේ. කෙසේ නමුදු ඉකුත් කාලයේ මා සිටියේ දැඩි කලකිරීමකින්.සමහරු කියනවා තමන් බුදු වෙලා, රහත් වෙලා කියලා. තවත් අයෙක් බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා පොත් ලියනවා. සිවුරු ඇඳගෙන තවත් පිරිසක් සල්ලි එකතු කරනවා. බුද්ධ ශාසනය මේ විදියට පිරිහීම ගැන මට කනගාටුවක් ඇති වුණා. මේ ප්‍රශ්න විසඳන්න වගකිව යුතු කිසිම කෙනෙක් මැදිහත් වුණේ නෑ. සිංහල බෞද්ධයකුට අසාධාරණයක් වුණාම පොලීසිය එම පැමිණිලි භාර ගත්තේ නෑ. මේවා විභාග කළොත් ජාතීන් අතර ප්‍රශ්න ඇතිවෙන නිසා නිශ්ශබ්ද වන්න කියලා පොලීසිය කියනවා. ඔය අතරතුරේදී තමයි ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ හා ඩිලන්ත විතානගේ ඇතුළු පිරිසක් මාව හමුවෙලා බෞද්ධයන් වෙනුවෙන් සංවිධානයක් හදමු කියලා යෝජනා කළේ. ඒ වෙලාවේ මම කීවේ අපි අපේ වත්ත සුද්ද කරගමු කියලා. මොකද සසුන් කෙතේ ඉකුත් කාලයේ බජිරි ගොජිරි පැළ වුණා. මෙවැනි පිරිසක් ශාසනයෙන් ඉවත් කර පිරිසිදු බුදු දහම ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළකට නායකත්වය දීමටයි මා එකඟ වුණේ.එසේ නැතිව දේශපාලන හෝ වෙනත් වැඩවලට නායකත්වය දීමට මා එකඟ වුණේ නෑ.
ඔබ වහන්සේ බලාපොරොත්තු වූ කාරණා බොදු බලසේනාවෙන් ඉටු වුණාද?
මුල් කාලයේ ඉටුවුණා. තමන් මෛත්‍රී බුදුන් කියාගත් අයගේ බොරුව අප හෙළි කළා. බුදු හාමුදුරුවෝ ලංකාවේ උපන් බවට පොත් ලියූ භික්ෂුව ඒ කටයුතු නතර කළා. භික්ෂුන් ලෙස පෙනී සිටිමින් මුදල් රැස් කළ තිහ හතළිහක හොරුන් පිරිසකගේ සිවුර ගලවලා ඇත්ත හෙළිකිරීමට අපට හැකි වුණා. ඒ වගේම සිංහල බෞද්ධයන් උපත් පාලනයට යොමු කරල සිංහල ජාතිය නැති කිරීමේ කුමන්ත්රණයන් හෙළි කිරීමට අප මැදිහත් වුණා.
කෙසේ නමුදු පසුකලෙක බොදු බලසේනාව මුස්ලිම්වරුන්ට එරෙහිව පමණක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වුණා?
අපට මුස්ලිම්වරුන් සමග ප්‍රශ්නයක් තිබුණේ නෑ. සාම්ප්‍රදායිකව ජීවත් වන මුස්ලිම්වරුන්ම තමයි අපිව හමුවෙලා කීවේ මූලධර්මවාදී මුස්ලිම් කණ්ඩායම්වලින් ඔවුන්ට හිරිහැර වෙනවා කියලා. ලංකාවේ මුස්ලිම් තරුණයන් මුස්ලිම් රටකට ගෙනිහිල්ලා ඔවුන් පුහුණු කරනවා කියලා. බෞද්ධයෝ සමග ඉතා සුහදතාවෙන් සිටි අපට මේ පිරිසගෙන් විශාල අනතුරක් වෙලා මේ රටෙත් තලේබාන් වගේ අන්තවාදීන් බිහිවෙන්න ඉඩ තියෙන බව සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අපට අනතුරු හැඟවූවා. මේ පිරිසගේ දැඩි ඉල්ලීම නිසා තමයි අපි මුස්ලිම්වරුන් ගැන කතා කළේ.
අලුත්ගම හා බේරුවල ගැටුම ඇති වූවෙත් මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් බවත් එම ගැටුමට මුල බොදු බලසේනාව බවටත් චෝදනා එල්ල වෙනවා...?
අලුත්ගම ගැටුම කුමන්ත්‍රණයක්. පොසොන් පෝයදා භික්ෂුන් නමකට පහර දුන්නේ සැලසුම් සහගතවයි. මේ සිද්ධිය පොලීසියට පැමිණිලි කළ විට ඔවුන් ඒ ගැන උනන්දු වෙලා පැමිණිල්ල භාරගත්තේ නෑ. ඒ නිසා හාර පන්සියයක් පොලීසිය වටකරලා විරෝධතාවක් දැක්වුවා. මේ සිද්ධියෙන් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. එවැනි ප්‍රශ්නයක් තිබෙන පසුබිමක් යටතේ දින දෙක තුනකට පසුව මෙවැනි රැස්වීමක් පැවැත්වීමක් ගැන මා කොහෙත්ම දැනගෙන සිටියේ නෑ. මේ රැස්වීම මම අනුමත කරන්නේ නෑ. රැස්වීමට බොදු බලසේනාවේ ඥානසාර හාමුදුරුවෝ ගිය එකත් වැරදියි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිය සතියේ අපේ පුවත්පතට පැවසුවා උන්වහන්සේට නිරන්තරයෙන් ඔබවහන්සේ අවවාද කළා කියලා.
ඔව්. මම උන්වහන්සේට අවවාද කළා අපි මෙහෙම කරමු කියලා. පිට අය නොවේ අපේ අය හදාගනිමු කියලා. අපේ හාමුදුරුවෝ හදා ගනිමු කියලා. නමුත් ඥානසාර හාමුදුරුවෝ දැරුවේ වෙනත් මතයක්. මේ අතරේ දිවයිනේ නොයෙකුත් පළාත්වල රැස්වීම් සංවිධානය කරලා බොදු බලසේනාවට ආරාධනා ලැබුණා ඇවිල්ලා කතා කරන්න කියලා. ඒ රැස්වීම්වලදී කරන සමහර කතා ගැන මම උන්වහන්සේගෙන් ඇසුවා. ඇයි ඔය වගේ වේගයෙන් සැරට කතා කරන්නේ කියලා. බැරිද අපට ඔයිට වඩා අඩු වේගයකින් හොඳ වචනවලින් කතා කරන්න කියලා. නමුත් උන්වහන්සේ කීවේ “නෑ කිරම හාමුදුරුවනේ මිනිස්සුන්ට වදින්නේ මෙහෙම කතා කළාම කියලා. මිනිස්සු අහන් ඉන්න කැමතියි කියලා”.
ඔබ වහන්සේට අයත් තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පවත්වාගෙන ගිය බොදු බලසේනා සංවිධානයේ මූලස්ථානය හදිසියේ කිරුළපනට ගෙන ගියේ යම් ප්‍රශ්නයක් ඇතිවූ නිසාද?
බොදු බලසේනාවේ මූලස්ථානය මේ ස්ථානයේ පවත්වාගෙන යාම නිසා එහි කටයුතුවලට යම් යම් ප්‍රශ්න ඇති වුණා. ඒ වෙලාවේ මම ඉතා සුහදව කීවා බොදු බලසේනාව මෙතැනින් ගෙන යන්න කියලා. මගේ ඉල්ලීමට උන්වහන්සේලා එකඟ වෙලා විතාරන්දෙණියේ නන්ද හාමුදුරුවන්ගේ තැනකට ගියා.
බොදු බලසේනාවට නෝර්වේ වැනි රටවල් හා රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලැබෙන බවට කරන චෝදනාව ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
මා දන්නා තරමින් නෝර්වේ හෝ වෙනත් ආයතනයකින් බොදු බලසේනාවට සල්ලි ලැබෙන්නේ නෑ. ඉකුත් කාලයේ සංවිධානයේ කටයුතුවලට සල්ලි නැතිවුණාම සල්ලි දුන්නේ මමයි. සංවිධානයේ වැඩකටයුතුවලට සල්ලි නැති වුණාම මම තමයි රුපියල් දහ පහළොස් දාහ දෙන්නේ. කෙසේ නමුදු පහුවන විට සිංහල බෞද්ධ කීපදෙනෙකු බොදු බලසේනාවට අනුග්‍රහය දැක්වූවා.
බොදු බලසේනාව පිටුපස ආණ්ඩුව සිටින බවට නැගෙන චෝදනාව ඇත්තද?
ඒ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ජනාධිපතිතුමා හා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අතර මගේ ඇසුර තියෙන්නේ බොදු බලසේනාව පිහිටුවීමට දශක ගණනාවකට පෙර සිටයි. මගේ ගම හම්බන්තොට කිරම. ජනාධිපතිතුමා මගේ අල්ලපු ගමේ. අපි කුඩා කාලයේ සිටම දන්නවා. ජනපතිවරයාගේ සහෝදරියක මා ළඟ මහණ වෙලත් හිටියා හොරණ දෙකදුවල භාවනා මධ්‍යස්ථානයේ. ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරක් නොවේ රාජපක්ෂවරුන් ඔක්කොම අපේ දායකයෝ. ඔවුන්ගේ දාන, මළගෙවල්, පිරිත් පින්කම්වලට මම ඒ කාලයේ සිටම ගියා. එහෙම නැතිව බොදු බලසේනාව පිටුපස එතුමන්ලා ඉන්නවා කියලා මාධ්‍ය මගින් ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්.
ඔය කතාව මාධ්‍ය මගින් ගෙතුවේ වැරදි අවබෝධයකින්. විදේශීය ජාතිකයකු බුදු දහම ගැන පැහැදිලා ඔහු සතු ගාල්ලේ දේපළක් මට පරිත්‍යාග කළා. මම යළිත් වරක් අවධාරණය කරනවා ඒ දේපළ පූජා කළේ මට මිසක් බොදු බලසේනාවට නොවේ. මම හැදුවේ එම නිවසේ දහම් පාසල් ගුරුවරුන්, භික්ෂූන් වහන්සේලා පුහුණු කරන ආයතනයක් පිහිටුවන්න. මේ ආයතනය විවෘත කරන්න ආරාධනා කළේ ජනාධිපතිතුමාට. එතුමාට එන්න වේලාවක් තිබුණේ නැති නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ආරාධනා කළා. ඒ ඔවුන් අපේ ගමේ දායක මහත්වරු නිසා මිසක් වෙන කාරණාවක් නිසා නොවේ. කෙසේ නමුදු මේ කිසිම දෙයක් දන්නේ නැති මාධ්‍ය බොදු බලසේනාව පුහුණු කරන්න ආයතනයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විවෘත කළා කියලා එතුමාට මඩ ගහනවා.
බොදු බලසේනාව ඈදා ගනිමින් එතුමන්ලා දෙන්නාට චෝදනා කිරීම මා අනුමත කරන්නේ නෑ. ඔවුන් දෙදෙනාම ගැන මට ලොකු පැහැදීමක් තිබෙනවා. බුදු හාමුදුරුවෝ සංසාර දුක නැති කරන්න මාර්ගය කියා දුන්නා ඒ වගේ අවුරුදු තිහක් මේ රටේ තිබූ දුක නැති කළේ ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු හමුදාවේ අය. ඒක අප මතක තබාගත යුතුයි.
ඔබ වහන්සේ බොදු බලසේනාව ගැන දැන් හිතන්නේ මොකක්ද?
බොදු බලසේනාවේ ආරම්භක අරමුණ ඉටුකර ගැනීමට හැකිවීම ගැන මට ඇත්තේ සතුටක්. නමුත් අනෙකුත් කාරණා ගැන මම සතුටු වන්නේ නෑ. කොහොම වුණත් මෙවැනි සංවිධානයකට බැඳීමෙන් ශාසනයට, භික්ෂූන් වහන්සේලාගේ සිල්වත් ජීවිතයට යම් කිසි අගෞරවයක් වුණාදෝ කියන දුක මට තියනවා.
ඔබ වහන්සේ බොදු බලසේනාවෙන් දැනට ඉවත් වෙලාද?
මම දැනට බොදු බලසේනාවේ වැඩවලින් ඉවත් වෙලා නිහඬව ඉන්නවා. දෙසතියකට ඉහතදී අලුත්ගම - බේරුවල ගැටුම්වලින් ජීවිත අහිමි වුණා. දේපළ විනාශ වුණා. ඒ ගැන පොලිස් පරීක්ෂණයක් කෙරෙමින් පවතිනවානේ. ඒ නිසා එම පරීක්ෂණ කණ්ඩායම් මගෙන් යම් තොරතුරක් විමසුවොත් ඊට මා පිළිතුරු දිය යුතුයි.
ඔබ වහන්සේගේ අවසාන තීරණයේදී කෙබඳු දෙයක් වේවිද?
මම ඉදිරියේදී කිසිදු සංවිධානයකට එකතු වන්නේ නෑ. ඉස්සර වගේ ශාස්ත්‍රීය කටයුතු හා බණක් භාවනාවක් කරගෙන ආගමික කටයුතුවලට සම්පූර්ණ කාලය යොදවන්න තමයි මම හිතන් ඉන්නේ.
අවසාන වශයෙන් ඔබවහන්සේ රටට දෙන පණිවුඩය කුමක්ද?
අපි අවුරුදු තිහක් ලේ හැලුවා ඇති. ජාතීන් අතර පමණක් නොවේ දේශපාලන වශයෙන්ද තරුණ කැරලි ඇති වුණා. අනෙක් පැත්තෙන් කොටි සංවිධානය මහා විනාශයක් කළා. මේ සිද්ධීන් නිසා දෙමළ, සිංහල ජනතාව අතර වෛරයක් ඇති වුණා. දැන් යුද්ධය අවසන්. සාමය උදාවෙලා. රට සංවර්ධනය කරමින් පවතින මේ අවස්ථාවේදී තවත් ලේ හැලීම් අවශ්‍ය නෑ. ජාතිවාදී කලකෝලාහල ඕනෑ නෑ. ආගම්වාදී ගැටුම් ඕනේ නෑ. අපි සියලු දෙනාට ප්‍රශ්න තිබෙනවා. ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නවා මිසක් ගැටුම් අවශ්‍ය නෑ, අපි දුක් වින්දා ඇති. කෙසේ නමුදු මේ රට සිංහල බෞද්ධ රටක් බව සියලුම ජාතීන් දැන ගත යුතුයි. මේ රට සිංහල බෞද්ධ රටක් කියලා අවුරුදු දෙදහස් පන්සීියක් ලිඛිත ඉතිහාසයේ තිබෙනවා. අපි සියලු දෙනා ඒකට ගරු කරලා සහයෝගයෙන් ජීවත් විය යුතුයි.
මිහිරි ෆොන්සේකා

0 comments:
Post a Comment