facebook like

නූල් පොටක්වත් නැතිව නටන්න ගැම්ම දුන්නේ මං – යුරේනි

කොහොමද යුරේනි?
හොඳයි. මේ දවස්වල කාර්යබහුල නෑ. ඒ නිසා විවේකීව ඉන්නවා. ජුනි මාසේ ඉඳන් නැවැත වැඩ කිහිපයක්ම කරන්න තියෙනවා.

පහුගිය දවස්වල නිර්මාණවලින් යුරේනිව වෙනස් විදියට දැක්කා. ඒ විදියේ වෙනස්කම්වලින් ආයෙම දකින්න පුළුවන්ද?
ඔව්. මට හුඟක් නිර්මාණවලට කතා
කළා. ඒත් මට ඕන වුණේ වෙනස් විදියට ප්‍රේක්‍ෂකයන් අතරට එන්න. රූ සපුව දිහා බලලා ගොඩක් අය හිතන්නේ මට බටහිර පන්නයේ චරිත විතරයි කරන්න පුළුවන් කියලා. මම ඒ සම්මතය බින්දා. සිහින සින්ඩරෙල්ලා ටෙලි නාට්‍යයේ අයෝධ්‍යා ලෙස ඉදිරියට තිබ්බ පය මම ආපස්සට ගන්නෑ. මම අභියෝගාත්මක චරිත කරන්න කොහොමත් කැමැතියි. ඉදිරියේදී ටෙලි නාට්‍ය දෙකකම රූගත කිරීම් ආරම්භ කරනවා.

ඒ ටෙලි නිර්මාණවල ඔබ සොයන වෙනස තියෙනවද?
මට ලැබුණ ටෙලි නාට්‍ය දෙකේම පිටපත වෙනස්. මේ දෙකම කොටස් පනහේ නාට්‍ය දෙකක්. චරිතවල විශේෂයක් නැතත් කූඹියෝ සහ අනෙක් ටෙලි නාට්‍ය, නිර්මාණයක් අතින් වෙනස්. ඒ නිසයි මම ඒ නිර්මාණ භාර ගත්තේ. අධ්‍යක්‍ෂවරු වෙනස් දෙයක් මට කරන්න පුළුවන් කියලා විශ්වාස කළොත් මාව ඉදිරියටත් වෙනස් නිර්මාණවලින් දකින්න පුළුවන්.

යුරේනි නිළියක් විදියට බලන බලන තැන දකින්න නැත්තේ ඇයි?
මම ඒක හිතලා කරන්නෑ. නිර්මාණවලට ලබාදෙන මුදල් පිළිබඳ ප්‍රශ්න නිසයි මම ගොඩක් නිර්මාණවල දකින්න නැත්තේ. නිර්මාණයට ආස වුණත් මුදල නිසා නිර්මාණ අතහරින්න වුණා. හරි දෙයක් කරන ගමන් අපි යැපෙන්න ඕනෙත් මෙතැනින්නේ.

මුදලට නිර්මාණ තෝරගන්න ගිහින් නිර්මාණ මඟහැරෙන එක අපරාධයක් නෙවෙයිද?
මෙහෙමයි, අධ්‍යක්‍ෂවරුන්ට අපේ මුදල ගෙවාගන්න අමාරු වුණාම අලුත් අය දාලා ඒ වැඩේ කරනවා. හැබැයි පිටපත ලියද්දි මාව ඔළුවේ තියෙගෙන ලිව්වොත් ඒ චරිතය මට ලැබෙනවා. සිහින සින්ඩරෙල්ලා, කූඹියෝ කියන්නේ ඒ වගේ නිර්මාණ.
තමන්ගේ වටිනාකමට නිර්මාණ ලැබෙන වෘත්තීමය ස්ථාවරයක් මේ ක්‍ෂේත්‍රයේ හදාගන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම අපට වඩා අලුත් ළමයි ඒ ස්ථාවරය හදාගෙන ඉන්නවා. අපට ඒ ස්ථාවරය හදාගන්න අවුරුදු තුනක්, හතරක් ගියා. නමුත් දැන් එන අලුත් අයට අවුරුද්දකින් ඒ ස්ථාවරය හදාගන්න පුළුවන්. ඒක හොඳ තත්ත්වයක්. ඒ වෙනුවෙන් තමන් තමන්ව Marcket කරන්න ඕන.

යුරේනිට වෘත්තීමය ස්ථාවරත්වයක් හදාගන්න මොනවද බලපෑවේ
වාසනානව, තමන්ට තමන් ගැන තියෙන විශ්වාසය, තමන්ව අවතක්සේරු කර නොගැනීම තමයි බලපෑවේ. මගේ Comercial Value එක ඉහළයි. මට ඒ වෙනුවෙන් සෑහෙන ඉල්ලුමක් තියෙනවා. ඒ විදියට ඉල්ලුමක් තියෙන්නේ මගේ Marcket Value එක නිසා මම නිර්මාණ ගොඩක් නොකෙරුවාට යුරේනි කිව්වම මාව අදුරනවා. ජනප්‍රිය වීම විතරක් නොහිතා ඉදිරිය ගැන හිතලා වැඩ කළොත් මේ ක්‍ෂේත්‍රයේ ස්ථාවර වෙන්න පුළුවන්.
යුරේනි අඩ නිරුවතින් තමන්ව Marcket කරන්න කැමැතිද?
අපෝ නෑ.
වටිනාකමට නිර්මාණ තෝරගෙන රඟපාන්නේ යුරේනිට වත්කමක් තිබිලද?
මට ගොඩක් Events ලැබෙනවා. නිවේදන කටයුතුත් ලැබෙනවා. ඒ දේවල්වලින් වියදම් පියවගෙන යම් ප්‍රතිශතයක් ඉතුරු කරනවා. ලොකු වත්කමක් නෑ. ගැටගහගෙන යෑමක් තමයි තියෙන්නේ. හම්බ කරන ප්‍රමාණය වැඩි වගේම අපේ පැවැත්මට ලොකු වියදමක් යනවා.
විදේශ රටකත් ඔබට ඉල්ලුමක් හැදුණා නේද?
ඔව්. මගේ වාසනාව, ආත්ම විශ්වාසය වගේම කැපවීම නිසයි ඒ දේවල් ලැබුණේ. ඉන්දියාව වගේ රටක ස්ථාවර වෙන්න අවුරුදු පහක්වත් ඉන්න ඕන. ඒත් මම එහේ හිටියේ අවුරුදු එකහමාරයි. ජෝන් ඒබ්‍රහම් එක්ක Comercial එකක ඉන්න ලැබුණා. ප්‍රියන්ත එක්ක Comercial එකක් කරන්නත් කතා කළා. ඒත් මට ඉදිරිය ගැන වගකීමක් දැනුණ නිසා ලංකාවේ ස්ථාවර වෙන්න ලංකාවට ආවා. ඒ එතකොට මට ලොකු පිළිගැනීමකුත් ලැබුණා.

එක කාලයක අදින පලඳින දේවල් නිසා යුරේනිව විවේචනය කළා. එය ඔබට හොඳ බලපෑමක්ද නරක බලපෑමක්ද ඇති කළේ?
ඔය කිසිම බලපෑමක් මට ඇති කළේ නැහැ. මම එක්තරා නාළිකාවක නර්තන ප්‍රසංගයක ඇඳපු ඇඳුමක් එක්ක තමයි ඔය කතා කිව්වේ. ඒ නර්තන අංගය දැකලා මට ගොඩක් අය බැන්නා. හැබැයි ඊට පස්සේ තිබ්බ නර්තන තරගයේ නටපු අයට නූල් පොටක්වත් නැතිව නටන්න මමයි ආරම්භය දුන්නේ. අලුත් අඥචතඪබර ඉඩධඹ එකක් නිසා මගේ බඩ පෙනුණ එක ගැන ගොඩක් අය කතා කළා. හැබැයි නිතර දෙවේලේ බඩ පෙන්නගෙන නටන අයව දැක්කේ නෑ. මේ දේවල් ගැන ලංකාවේ අය පුළුල්ව හිතන්න ඕන.

ළඟදී පටන් ගත්ත ව්‍යාපාරය සාර්ථකද?
හොඳින් යනවා. ආරම්භය සාර්ථකයි.

දැන් පෙම්වතියක්නේ?
ඔව්.

සාර්ථක ජීවිතයක් ගෙනියන්න සුදුසුම කෙනාද ලැබිල ඉන්නේ?
ඒක හරියට කියන්න දන්නෑ.

ප්‍රසිද්ධ විවාහයකට කැමැති නෑ කියන්නේ ඇත්තද?
ඔව්, කවදහරි මම බඳින කල් කවුරුත් දැනගන්න එකක් නෑ. අඬබෙර ගහලා විවාහය කරන්න මම කැමැති නෑ. විවාහය පෞද්ගලික දෙයක්නේ. ඒ නිසා චාම්ව කරන්න තමයි කැමැති. හැබැයි මම විවාහ වෙයිද කියන්නත් බෑ. විවාහ වෙනකොට ලෝකෙටම කියලා විවාහ වෙයිද දන්නේ නෑ.

මොනවද ඉදිරි බලාපොරොත්තු?
මේ වසර හොඳ වර්ෂයක් ඉදිරියටත් වසර හොඳට ගෙවිලා යයි. වෙනස් චරිත කරලා හැමෝටම මතක හිටින හැමෝම ආදරය කරන චරිතයක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

මවුබිම

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive