නිවසේ මෙහෙකාර සේවයට යොදවාගත් 15 හැවිරිදි බාල වයස්‌කාර දැරියකට ඇගේ හාම්පුතා ලිංගික අතවර සිදුකරද්දී ඔහුගෙන් ආයාසයෙන් මිදුන එම දැරිය නිවසේ ළිඳට පැන දිවි නසා ගැනීමට තැත් කරද්දී අසල්වාසීන් විසින් ඉතා ආයාසයෙන් බේරාගත් බව කියන සිද්ධියක් මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයකදී අනාවරණය විය.
මෙම තොරතුරු අනාවරණය වූයේ මෙම සිද්ධියට අදාළ බව කියන සැකකරු ක¹න පොලිසිය මගින්
අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ අවස්‌ථාවේ ක¹න පොලිසිය මගින් එම සිද්ධියට අදාළව ඉදිරිපත් කළ පැමිණිල්ලේදීය.
එම පැමිණිල්ල අනුව මෙම සිද්ධියට මුහුණ දුන් දැරිය නානුඔය තේවත්තක පදිංචිකාරියකි. ඇය එම ප්‍රදේශයේ විදුහලක අට වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියාය. ක¹න පොලිසියේ මහතකුගේ නිවසේ අත්උදව්වට ඔවුන් මෙහෙකාරියක් සොයමින් සිටියහ. මෙම දැරියගේ දෙමාපියන් ඔවුනට පැවැති ආර්ථික අහේනිය මත එම දැරිය මෙහි සැකකරුගේ නිවසේ මෙහෙකාර සේවයට යවා ඇත. මෙහි සැකකරු විවාහකයකු වන අතර ඔහුගේ බිරිඳ සහ දරුවා නිවසින් බැහැරව ගිය අවස්‌ථාවකදී ඔහුද කිසියම් අවශ්‍යතාවක් ඇතැයි පවසා නිවසින් පිටතට ගොස් තිබේ.
ඒ සමගම සැකකරු ක්‍ෂණයකින් නිවසට ආපසු පැමිණ නිවසේ ඉහළ මහලයට ගොස් මෙහෙකාර දැරියට තේ කෝප්පයක් සාදාගෙන එන්නැයි දන්වා තිබේ. මෙහෙකාර දැරිය තේ කෝප්පය රැගෙන උඩුමහලට ගිය අවස්‌ථාවේ සැකකරු ඔහුගේ ඇඟ පිරිමදින ලෙස එම දැරියට දැන්වූ බව පැමිණිල්ලේ සඳහන් වේ. පසුව සැකකරු විසින් දැරියව අකමැත්ත මත ස්‌පර්ශ කර තිබේ.
එම අවස්‌ථාවේ සැකකරුගේ නිවසේ දුරකථනය නාදවීම නිසා ඔහු දුරකථන ඇමතුම ගැනීමට යද්දී සැකකරුගෙන් මිදුනු දැරිය වහා දිවවිත් දිවිනසා ගැනීමට ළිඳට පැනීමට තැත්කර තිබේ. ඉන් අනතුරුව සැකකරු තම මෝටර් රථයෙන් මෙහෙකාර දැරිය කැඳවාගෙන යද්දී දැරිය වාහනය තුළ අඬමින් සිටින අයුරු දුටු පිරිසක් එම ස්‌ථානයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන්ට ඒ බව දැනුම්දී ඇත. ඉන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා විසින් ඉදිරිපත් කළ කරුණු අනුව සැකකරු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත අත්අඩංගුවෙන් මුදා හැරීමට මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා නියෝග කළේය. ක¹න පොලිසිය පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය අගෝස්‌තු මස 27 වැනි දින පැවැත්වේ.

0 comments:
Post a Comment