facebook like

විමල්ගෙන් අලුත්ම නාටකයක්! ආණ්ඩුවෙන් ඉවත් වීමට යයි!

ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට ‘ලෙමන් පෆ් නාටකය' රඟ දක්වා ලංකාව පුරා ජනප්‍රිය වූ ඉංජිනේරු හා ඉදිකිරීම් සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා සමග ඇතිකරගත් රහස් ගිවිසුමක් මත තවත් නාටකයක් රඟ දැක්වීම සඳහා ලඟදීම ආණ්ඩුවෙන් ඉවත්වීමට සැලසුම් කරමින් සිටී. ආණ්ඩුවෙන් ඉවත්වුවද සියලු පහසුකම් සහ ආරක්ෂාව විමල් වීරවංශ වෙත ලබාදීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

ජනාධිපතිවරයා හා විමල් වීරවංශ මෙම තීරණයට එළඹී ඇත්තේ මේ වන විට
සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ වෙත ආකර්ශණය වන ඡන්ද නවතාලීමේ අරමුණෙනි.

මෙහි ආරම්භක පියවරක් වශයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයාට අයත් ‘ලංකා සී නිවුස්' වෙබ් අඩවිය මේ වන විට ව්‍යාජ ආණ්ඩු විරෝධී ස්ථාවරයකට විතැන් වෙමින් පවතී. එහි අවසාන අරමුණ වන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම හරහා ලංකා සී නිවුස් වෙබ් අඩවිය තහනම් කරවා ගැනීමයි.

මෙසේ ආණ්ඩුවෙන් ඉවත්වන විමල් වීරවංශ අමාත්‍යවරයා සියළුම දේශප්‍රේමී බලවේග තවදුරටත් තමා වටා ඒකරාශී කරගැනීම සඳහා ආණ්ඩුව තදබල ලෙස විවේචනය කරනු ඇත. අවසාන තීරණාත්මක මොහොතකදී සියලු විපක්ෂ බලවේගයන් පාවාදෙමින් එකම විකල්පය මහින්ද රාජපක්ෂ බව කියමින් නැවතත් ආණ්ඩුව සමග එක්වීම මෙම අලුත්ම නාටකයේ පිටපත වේ.

ආණ්ඩුවේ ජනප්‍රියතාවය මේ වන විට සීඝ්‍රලෙස පහත වැටෙමින් පවතින බවට රාජ්‍ය බුද්ධි සේවයේ වාර්තාවන් හෙලිකළ කරුණු මත ජනාධිපතිවරයා එම තත්වයෙන් ගොඩ ඒම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටී. මේ ආකාරයට තවත් ආන්දෝලනාත්මක යැයි හැගෙන පියවර කීපයක් ජනාධිපතිවරයා ලඟදීම ගැනීමට නියමිතය. ඒ සඳහා බොදු බල සේනා, සිහළ රාවය, රාවනා බලය වැනි අන්තවාදී සංවිධාන හැරුණු කොට සන්ධාන ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂයන්ට ආණ්ඩුව බේරා ගැනීම සඳහා විවිධ භූමිකා රඟ දැක්වීමට සිදුවනු ඇත.

lankanewsweb

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive