facebook like

සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදෙයි

ශ‍්‍රී පාද කඳු මුදුන වටා දීප්තිමත් රැස් මාලාවක් විහිදී යන අයුරු සිරිපා වන්දනාවේ ගිය බැතිමතෙකු විසින් ඡයාරූපගත කර තිබේ.

තමන් තම පවුලේ අය සමඟ සිරිපාදය වන්දනා කර එැටන් පාරෙන් ආපසු එද්දී මෙම සිදුවීම ශීත ගඟුල ආසන්නයේදී දුටු බවත් තමත් ලඟ තිබූ කැමරාවෙන් එය ඡයාරූප ගතකල බවත් අරණායක රංජිත් සුදන්ත එදිරිසිංහ මහතා කීය.

 සිරිපා කඳු මුදුනේ සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදී යන අසිරිය දුටු බව සිරිපා වන්දනාවේ ගිය
බැතිමතෙක් පවසයි. එම රැස් වළල්ලේ ඡායාරූපයක් සිරිපා මළුවේ සිට කිලෝමීටර් පහ හයක දුරකදී කැමරා කාචයේද මේ බැතිමතා සටහන් කරගෙන තිබේ.අරණායක පදිංචි රංජිත් සුනන්ද නමැති මේ බැතිමතා රත්නපුරයට පැමිණ එම ඡායාරූපය ශ්‍රීපාදස්ථානාධිපති උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වෙත පෙන්වා ඇත.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මෙවර සිරිපා වන්දනාව නිම කිරීමේ පෙරහර සම්බන්ධ සාකච්ඡාවකදී මේ ඡායාරූපය ඉදිරිපත් කරන ලදී.
එහිදී රංජිත් සුනන්ද මහතා මෙසේ පැවැසීය. මාගේ දරුවෝ තිදෙනා සිරිපා වන්දනාවේ ගොස් තිබුණේ නැහැ. මමත් බිරියත් ඥාති හිතවතුන් පිරිසක්ද සිරිපා වන්දනාවේ ගියා. අපි රාත්‍රි අටට පමණ හැටන් මාර්ගයෙන් කරුණා කිරීම ආරම්භ කළා. අවුරුදු 83ක අයකුද අප සමඟ කරුණා කළා.

අලුයම තුන පමණ වන විට උඩ මළුවට ගොස් සිරිපා වැඳ ආපසු පැමිණියා. පාන්දර පහයි පහට මම මේ දර්ශනය දුටුවා. මා සමඟ ඒ වෙලාවේ මගේ දියණියක්ද සිටියා. ඇයගේ කැමරාවෙන් එය ඡායාරූප ගත කළා. රැස් වළල්ල සිරිපා කඳු මුදුනේ හොඳින් විහිදුණා.
ශ්‍රීපාදස්ථානයට වර්තමානයේදී සිදු කෙරෙන පුද පූජාවල මහිමයෙන් මෙවැනි ආශ්චර්යවත් දේ සිදුවෙනවා විය හැකියි.
මේ සම්බන්ධව 'මව්බිම' ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ගෙන් ඊයේ (30දා) පැල්මඬුල්ල රාජමහා විහාරයේදී කරුණු විමසීය. එහිදී උන්වහන්සේ මෙසේ පැවැසූහ.

මේ අසිරිමත් දර්ශනය සියැසින් දුටු අය එය ඡායාරූපගත කර මා වෙත ගෙනවිත් පෙන්නුවා. පසුගිය මැදින් පුර පසළොස්වක පොහෝදා සිරිපා මළුවේ පින්කමට වැඩම කළ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියන්ද මෙවැනිම අසිරිමත් දර්ශනයක් රාත්‍රියේදී දුටු බව පැවැසුවා. ශ්‍රීපාදස්ථානය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක්. බුදුරජාණන් වහන්සේගේ පාද සලකුණ සනිටුහන් කරන ලද උත්තම පුණ්‍ය භූමියයි.
සුමන සමන් දෙවිඳුන් වැඩ සිටින අඩවියයි. එවැනි උතුම් පින් බිමක ආගමික චාරිත්‍ර සහ තේවාවන් නිසි ලෙස ඉටු කරනවා. අපි විශ්වාස කරනවා ඒ නිසා මෙවැනි අසිරිමත් දර්ශන දකින්න ලැබෙනවා ඇති කියලා.

පැල්මඬුල්ල - ඉරෝක ගයන්ත පෙරේරා


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive