facebook like

මුස්ලිම් නායකයන්ගෙන් ජනාධිපතිවරයාට ලිපියක්

අවතැන් මුස්ලිම් ප්‍රජාව නැවත පදිංචි කිරීමේ සැලසුම් වලට එල්ල වෙමින් පවතින බාහිර බලපෑම් නතර කිරීමට මැදිහත් වෙන මෙන් මුස්ලිම් ජන නායකයෝ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටිති.

ඒ.එච්.එම් ෆවුසි, රවුෆ් හකීම්, ඒ.එල්.එම් අතාවුල්ලා, රිෂාද් බදියුදීන් , බෂීර් සේගුඩාවුඩ්, ඒ.එච්.එම් අස්වර්, ෆයිසර් මුස්තාෆා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් ඇතුළු මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ඇමතිවරුන් පිරිසක් විසින්, අවතැන් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමේ
ක්‍රියාවලිය පිළිබඳව සහ බොදු බල සේනා ,සිහල රාවය හා රාවනා බලකාය යන සංවිධාන තුළ සිටින ඇතැම් බෞද්ධ අන්තවාදී කණ්ඩායම් නිරන්තරයෙන් ම මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදු කරන ද්වේශ සහගත බියවැද්දීමේ ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවධානය යොමු කරවමින් යවනු ලැබ ඇති ලිපියක් මගිනුයි එම ඉල්ලීම කරන්නේ.

ඉහත කී කණ්ඩායම් විසින් මුස්ලිම් ආගමික ස්ථාන, හලාල් කෑම බීම, මුස්ලිම් සංස්කෘතියට අදාළ ඇඳුම් පැළඳුම් මෙන් ම, 1990 දශකයේ දී එල්.ටී.ටී. ය විසින් බලහත්කාරයෙන් නෙරපා දමන ලද මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමේ ක්‍රියාවලියට ද බලපෑම් එල්ල කරනු ලැබ ඇති බවයි, මුස්ලිම් නායකයන්ගේ ලිපිය මගින් පෙන්වා දී තිබෙන්නේ.

පරණ අවතැන්වූවන්
‘අවතැන් මුස්ලිම් ජනතාව "පරණ අවතැන් වූ වන්” ලෙස නම් කර ඇති අතර, රජය අන්තර්ජාතික සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (UNHCR) විසින් ලබා දී තිබුණ මුදල් ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක කර තිබුණ නැවත පදිංචි කරවීමේ වැඩසටහන් වලින් ද ඔවුන්ට කිසිදු සහනයක් ලැබී නැති බවයි’,ඉහත කී ලිපිය මගින් මුස්ලිම් නායකයන් ජනාධිපතිවරයාට කියා සිටින්නේ.

අවතැන් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමේ ක්‍රියාවලිය සඳහා විධිමත් මැදිහත් වීමක් නොමැති හෙයින්, මුස්ලිම් රටවලින් සහ පුද්ගලයින්ගෙන් ආධාර ලබා ගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මුස්ලිම් ආගමික ,දේශපාලනික සහ සිවිල් සංවිධානවල නායකත්වය පියවර ගෙන ඇති බවයි මුස්ලිම් නායකයන්ගේ ලිපියෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

එම කාර්යය සඳහා ඇතැම් පරිත්‍යාගශීලීන් විසින් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙන බවත් ඔවුහු සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට කියා සිටිති.

සිය වැඩ පිළිවෙලේ අනුග්‍රහයෙන් මේ වන විටත් නිවාස කීපයක් අවතැන් වූවන් වෙනුවෙන් ඉදි කර දී ඇති බවත් ලිපියේ දැක්වෙයි.

විල්පත්තුවේ පදිංචිය
ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ජනාධිපති විශේෂ කාර්ය බලකායේ අවසර ඇති ව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලු ම ඉඩම් නිරවුල් කර ඇතත්, මුස්ලිම් ජනතාව විල්පත්තුව වනෝද්‍යානයෙහි බලහත්කාරයෙන් පදිංචි වී සිටින බවක් මාධ්‍ය මගින් ඉස්මතු කර ඇති බවයි, මුස්ලිම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දෙන්නේ.

නැවත පදිංචි කෙරුණ ජනතාවට එරෙහි බලපෑම් නතර කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම අපේක්ෂා කරන බව සිය ලිපිය මගින් කියා සිටින මුස්ලිම් නායකයෝ, පසුගිය වසර විසිතුන මුළුල්ලේ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල ජිවත් වූ අවතැන් වූ මුස්ලිම් ප්‍රජාව අමතක ව ගිය ජන කොට්ඨාශයක තත්වයට පත් වී සිටින බවත් අවධාරණය කර ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර විමසීම පිණිස මුස්ලිම් අමාත්‍යවරුන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ලවන තාඩන පීඩන සහ තර්ජන සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවර නොගන්නා බව ආණ්ඩුවේම අමාත්‍යවරුන්ගේ මතය වී තිබෙන බව සංදේශය කළ විමසීමකදී කියා සිටි එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රීවරයා, එම ලිපියේ අඩංගු කරුණුවලට තමන් එකඟ වන බැවින් එයට අත්සන් තැබූ බව කියා සිටියේය.

ආගමික ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීමට ආගමික කටයුතු පිළිබඳ පොලිස් ඒකකයක් පිහිටුවා තිබෙන්නේ නොවේදැයි විමසූ අවස්ථාවේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා කියා සිටියේ එහි කාර්යභාරය පිළිබඳව විපක්ෂය හෝ පාර්ලිමේන්තුව දැනුවත් කොට නොමැති බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive