facebook like

ඇයගේ ඇඟේ තිබුණේ තණ පටයක් හා යට ඇඳුමක් පමණයි......ඇයට තිරිසන් ආකාරයට පහර දුන්නා. ( ප්‍රාදේශීය සභා සභාපතිගේ චණ්ඩි කම)

පළවෙනි විත්තිකාර ලහිරු කැළුම් සුදු ජාතික කාන්තාවට අතින් පයින් පහරදී ඇය පිහිනුම් තටාකයට වැටුණුපසු හිස් විස්කි බෝතලයක් කඩා මුහුණට දමා ගැසූ බවත් තුවාල ලැබූ සුදු ජාතිකයාව බදාගෙන හඬන විට නැවතත් ඇයට තිරිසන් ලෙස පහරදුන් බවත් තංගල්ල නඩුව හමුවේදී ගැනුම් නිලධාරී ගමගේ බැසිල් ප්‍රසන්න අමරසිංහ (42) මහතා ඊයේ (30) සාක්ෂි දෙමින් පැවැසීය.
එසේම තවත් පුද්ගලයෙක් ගිනිපෙනෙල්ලක් නිවෙනතුරු ඇයට පහරදුන් බවත් එම පහරවලින් පසු ඇය
ඇදවැටුණු අතර තවෛනි විත්තිකාර ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ නමැත්තා සුද්දිව ඇදලා ගනින් සුද්දිව ඇදලා ගනින් යනුවෙන් පැවැසූ බවත් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය ඉදිරියේ පැවැසීය.
බ්‍රිතාන්‍ය ජාතිකයා මරා දැමීමේ නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ 10, සිරිධම්ම මාවතේ අංක 141 පදිංචි කොළඹ 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ඔටෝ බේල් ලංකා ආයතනයේ ගැනුම් නිලධාරී ගමගේ බැසිල් ප්‍රසන්න අමරසිංහ (42) මහතා රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන්නේය.

රජයේ නීතිඥ තුසිත් මුදලිගේ - ඔය සිද්ධිය වුණේ කවදාද?
සාක්ෂි - 2011 දෙසැ. 23 දින ඔටෝ බේල් ආයතනයේ තමයි මේ කාලයේ සේවය කළේ. එදා අපි කතරගම යන්න පිටත් වුණා. මායි මගේ නෝනයි පුතයි එදා රෑ අපි නේචර් රිසෝට් හෝටලයේ හිටියේ. අපි 23, 24 රාත්‍රියේ එම හෝටලයේ නවාතැන් ගෙන 25 කතරගම යන්නයි සූදානම් වුණේ.
නීතිඥ - 23 රාත්‍රිය එහි ගත කළාද?
සාක්ෂි - ඔව්.
නීතිඥ - 24 දින වෙන අය හිටියද?
සාක්ෂි - විදේශිකයන් හුඟක් හිටියා. දේශීය අය පවුල් 3ක් 4ක් පමණයි හිටියේ.
24 සවස 4.30ට තේ පානය කරන්න ආවා. ඉන්පසු මුහුදු වෙරළට ගියා. නැවත හෝටලයට ආවා.
නීතිඥ - නත්තලට සූදානම් වෙනවා දුටුවද හෝටලයේ අය.
සාක්ෂි - ඔව්. 25 දින නත්තල් දිනට සැරසිලි කරනවා දැක්කා. තේ බොන්න ආපු වෙලාවේ තමයි දැක්කේ. කළමනාකාරිනිය වගේ තව කෙනෙක් එහි හිටියා.
නීතිඥ - නත්තල් ගහ සරසනවා දැක්කා කීවා.
සාක්ෂි - එහි සේවකයෝ රෙස්ටුරන්ට් එකම සැරසුවා. නත්තල් සාදයක් 24දා සවස තියනවා කීවා. ඩී.ජේ. සංගීතය නැටුම් සමග විශේෂ රාත්‍රී ආහාරයක් බුෆේ ක්‍රමයට තියනවා කීවා.
නීතිඥ - ඔබ සාදයට සහභාගි වුණාද?
සාක්ෂි - මම සාදයට සහභාගි වුණේ නෑ. අපි රාත්‍රී 9.30ට පමණ ආහාරය ගත්තා.
ඩී.ජේ. සංගීතයට වගේම මේ සාදයට අවශ්‍ය කළමනා ලෑස්ති කරමින් සේවකයන් සකසා තිබුණා. විදේශිකයන් කීප දෙනෙක් ආවා. රාත්‍රී ආහාරයෙන් පසු අපි කාමරයට ගියා.
නීතිඥ - ඔබේ කාමරය හා අවන්හල අතර දුර කොපමණද?
සාක්ෂි - අඩි 20ක පමණ දුරක්. එහි උඩත් කාමරයක් තිබුණා. අපි හිටියේ යට කාමරයේ.
නීතිඥ - ඔබගේ වාහනය නවතා තිබුණේ කොහේද?
සාක්ෂි - කාර් පාක් එකේ කොණට වෙන්නට.
නීතිඥ - 24 දින රාත්‍රී ආහාරයෙන් පසු දිගටම කාමරයේ හිටියාද?
සාක්ෂි - දෙවරක් රෙස්ටුරන්ට් එක පැත්තට ආවා. දෙවන වර ආවේ පුතා ගන්න.
එතකොට කවුරුත් නටමින් හිටියේ නෑ. රෑ වෙලා නිදාගන්න යමු කියලා පස්සේ පුතා රැගෙන ගියා.
රාත්‍රී 12.00ට මම ඇහැරුණා. රතිඤ්ඤා ගිනිකෙළි හඬ ඇසුණා. එතනින් පසු එළියට ආවේ නෑ. අපිට රාත්‍රී 12.00 - 1.00 අතර නැවත ඇහැරුණේ අමු කුණුහරුපයෙන් බැණ ගන්න සද්දෙට. ඒ කුණුහරුප මට උසාවියේ කියන්න අමාරුයි. මම බිරිඳටත් කතා කළා. එයත් කීවා එයා අහගෙන ඉන්නේ කියලා.
මම කමිසයක් දාගෙන එළියට ආවා. ඉන්පසු බිරිඳත් ආවා. මම රෙස්ටුරන්ට් එක පැත්තට ආවා. එයා පුල් එක ළඟ තිබුණේ. මගේ කාමරයට වඩා උඩින් තමයි පූල් එක තිබුණේ. මම කාමරයේ සිට අවන්හල පැත්තට ගියා. මා කොට කළිසමක් ඇඳලා හිටියේ. ටී ෂර්ට් එකක් සමග.

නීතිඥ - ශබ්දය ඇහිලා එළියට ආවම කොහෙද ගියේ?
මම අවන්හල පැත්තට ගියා. මම මග නතර වුණා. සුදු කාන්තාවකට එක්තරා තරුණයෙක් ගහනවා දුටුවා පූල් එක අසලදී. ඔහු කොට කළු කෙනෙක්. ඔහු ළඟ තව කීප දෙනෙක් හිටියා. මේ විත්ති කූඩුවේ ඉඳලා අර දොර හරියේ ඇය සිටියේ. ආලෝකයක් තිබුණා. අතින් පයින් තමයි ගැසුවේ.
නීතිඥ - ඔබ එවිට මොකද කළේ?
සාක්ෂි - මම නතර වෙලා බලාගෙන හිටියා. එම කාන්තාව ඊට කලින් මා දැකලා තිබුණා. දවල් මගේ පුතාව පූල් එකට එක්ක යද්දී ඇය පූල් එකේ නාමින් හිටියා විදේශීය පිරිමියෙක් සමග. ඔවුන් අර සාදය සඳහා හුඟක් උදව් කළා. අපිට බොහොම පැහැදීමක් ඔවුන් ගැන ඇතිවුණා. අපි උදෙත් දැක්කා එයාලව. අපි හිනා වුණා හරි ප්‍රියමනාපයි. ඒ දෙන්නා.

නීතිඥ - ඇයට පහර දුන්නේ කොහොමද?
සාක්ෂි - තිරිසන් ආකාරයට පහර දුන්නා.
ඇය පූල් එකට පැන්නා. ඇඟේ තිබුණේ තණ පටයක් හා යට ඇඳුමක් පමණයි. තව පිරිමි දෙතුන් දෙනෙක් පූල් එක ළඟ හිටියා. ඔවුන් ළඟ තිබුණා ඉවර වූ විස්කි බෝතලයක්. අර තරුණයා විස්කි බෝතලය උදුරලා අරන් බැම්මකට ගහලා කඩලා අර කාන්තාවට ගැහුවා. ඇය පූල් එකේ වැටිලා හිටියේ. කෑගසමින්. පිහිනුම් තටාකයේ උඩ ඉඳලා තමයි ගැහුවේ. කඩපු බෝත‍ලේ කාන්තාවගේ මුහුණට වැදුණා. කාන්තාව මූණ අල්ලාගෙන හිටියා. මට ඕනේනම් පෙන්නන්න පුළුවන්. ඒ විත්තිකරු අධිකරණයේ ඉන්නවා.

නීතිඥ - කාන්තාව මූණ වහගෙන හිටියා කීවනේ?
සාක්ෂි - ඔව් අර පුද්ගලයා පිහිනුම් තටාකයට බැහැලා කාන්තාවගේ පිටට මූණට ගැසුවා. අනිත් පිරිසත් බලාගෙන හිටියා. පහරදීම් අවසානයේ ඔහු කීවා උඹලා මේකිව බලාගනින් මම මැනේජරයව හොයන්නම් කියලා ගියා. ඔහු අවන්හල පැත්තට ගියා. අනිත් අය තප්පර කීපයක් ඉඳලා යන්න ගියා. කාන්තාව අවන්හල පැත්තෙන් එළියට ආවා. මම නැවත රෙස්ටුරන්ට් එක පිටුපස ගාඩ්න් එක පැත්තට ගියා. විදේශීය මහත්මයා මුණින් අතට වැටිලා හිටියා.
නීතිඥ - ඒ ස්ථානය කොතැනද?
සාක්ෂි - අවන්හලත් සමග අනිත් පැත්තේ ඔහු වැටිලා හිටියේ එළිමහන් තැනක. බිම තණකොළ තිබුණේ. ඔහුගේ ඇඟේ කළුපාට ටී ෂර්ට් එකක් හා කලිසමක් ඇඳලා හිටියේ. මුහුණ පැත්තට හැරිලා තිබුණේ. ආපදාවක් වෙලා තිබුණේ ඔහුට.
සුදු කාන්තාව ඇඬුවා. ඔහුව බදාගෙන ඇඬුවා. ර්ර ඹ්ඪටඥ ර්ර ඹ්ඪටඥ කියලා කෑ ගසමින් හිටියා. අර කලින් කී පුද්ගලයා තිරිසන් විදිහට නැවත ගැහුවා. අතින් පයින් බඩට ගැසුවා. තවත් කෙනෙක් ආවා. ගිනිපෙනෙල්ලක් අරන් ඇය කෑගැසුවා. එයාලගේ භාෂාවෙන් කෑගැසුවේ. එළියේ ගිනිමැලයක් ගහලා තිබුණා.
නීතිඥ - ගිනි මැලය මුලින්ම පත්තු වුණේ කොයි වෙලාවෙද?
සාක්ෂි - ඩිනර් එකට එද්දී මුලින්ම දැක්කා. තව කෙනෙක් ඇවිත් පත්තුවන ගිනිපෙනෙල්ලෙන් ඇයට ගැහුවා. එය නිවෙන තුරුම ගැහුවා. ඇය බිම ඇඳගෙන වැටුණා. මට ඒක බලාගෙන ඉන්න බෑ. මම ආයේ කාමරයට ගියා. මම ඔලුවේ අත ගහගහ හිටියා. මම දොර ඇරගෙන එන්න හදද්දී වයිෆ් එන්න දුන්නේ නෑ. මම ඇඳ උඩ වාඩිවෙලා ඉඳලා ආයේ ආවා. මගේ කාමරයේ දොර ඇරලා තිබුණේ.
නීතිඥ - එතකොටත් කලබලය තිබුණාද?
සාක්ෂි - ඔව් කාමරයට ගිහින් විනාඩි 07ක් පමණ ඇවිත් රථගාල පැත්තට ගියා. කාමරයේ සිට රථගාලට මී. 50ක් 60ක් පමණ දුරක් තිබුණේ.
විදුලි බුබුළු වලට ගහලා ඒවා බිඳී තිබුණා. පුටු මේස පෙරළලා තිබුණා. බුෆේ එකේ පිඟන් කෝප්ප බිඳලා තිබුණා. විසිතුරු භාණ්ඩ බිම දමා ‍පොඩි කරමින් තිබුණා. මේ සඳහා පස් හය දෙනකු සහභාගි වුණා. බෝතලයෙන් ගසමින් හිටි කෙනාම තමයි වැඩියෙන් කලබල කළේ. ලොකු ‍පොල්ලකින් විදුලි බුබුළුවලට ගැහුවා.
නීතිඥ - ඔබ රථ ගාල දෙසට ගියේ ඇයි?
සාක්ෂි - මගේ වාහනේ මට මතක් වුණා. වාහනේ ළඟට මම ගියා. ටිකක් මැද්දේ හරියේ හිටියා. රෙස්ටුරන්ට් එකේ මල්ලි කෙනෙක් කීවා බුදු මහත්තයෝ සුද්දා ඉවරයි. අපි ඉක්මනට රෝහලට යමු කියලා. ඔහු අපිට සංග්‍රහ කළ කෙනා. මම කීවා අපි යමු කියලා. මම කාමරයට ඇවිත් යතුරයි පර්ස් එකයි ගත්තා. මගේ බිරිඳ ඇහුවා කොහෙද යන්නේ කියලා.
මම කීවා එළියට යනවා කියලා. මම දොර පිටින් ලොක් කළා. මම මෝටර් රථය ළඟට ගියා. විනාඩි 5ක් පමණ ගියේ.
මම දැක්කා පිරිසක් උඩ තට්ටුවෙත් බල්බ් කඩමින් සිටියා. එතැන ශබ්දය පමණයි ඇසුණේ. මම කාරෙක හරවලා ගන්න හැදුවා. ඒත් ඉදිරියෙන් වෑන් රථයක් හා ත්‍රීවිල් රථයක් තිබුණා. ඩොල්ෆින් වෑන් රථයක් නතර කරලා තිබුණේ. වෑන් රථය එන්ජිම පණ ගන්වලා තිබුණේ. පිටුපස ලයිට් පත්තු වෙලා තිබුණා. මම හිටගෙන බලාගෙන හිටියා. මල්ලි ආපු පැත්ත දිහාවයි මා බලාගෙන හිටියේ.
අර පහරදුන් පුද්ගලයා එතැන ත්‍රීවිල් රථයට ගහලා පෙරළුවා. අනිත් වෑන් එකටත් ගහලා අලාභහානි කළා. තව වාහන 3, 4ක් නතර කරලා තිබුණා. මා ඉන්න දෙසට ආවා. ‍පොලු අරගෙන මට හරි වාහනයට හරි ගහන්නයි ආවේ.
මම කීවා මල්ලි මම හයර් එකක් ආපු කෙනෙක්. මට ගහන්න එපා කියලා වැඳලා කීවා. ඔවුන් යන්න ගියා. පණ ගැන්වෙමින් තිබූ වාහනයේ සුදු සරමක් හා කමිසයක් ඇඳලා හිටිය කෙනා කීවා සුද්දිව ඇදලා ගනින් සුද්දිව ඇදලා ගනින් කියලා.
ඔවුන් ත්‍රීවිල් එක ‍පොඩි කරන අවස්ථාවේ තමයි එහෙම කීවේ. හෝටලයේ ලයිට් දාලා තිබුණා. ඒ පිරිස ඩොල්ෆින් රථයේ නැගලා පිටත්වෙලා ගියා. නමුත් මගේ මෝටර් රථය මට ගන්න බැහැ. මොකද ත්‍රීවිලර් එක පෙරළලා තිබුණ නිසා.
ඉන්පසු මා කාමරයට ගියා. උදේ මට ආරංචි වුණා සුදු ජාතිකයා මියගියා කියලා. මා කාමරයට යද්දී නිහඬ වාතාවරණයක් තිබුණා. ප්‍රහාරයට ලක්වූ අය ගැන මා සොයා බැලුවේ නෑ. මට අප්‍රසන්න බවක් ඇති වුණේ මට නින්ද ගියේ නෑ. උදේ කටඋත්තර දුන්නා. උදේට කෑම ගත්තේ ලැගූන් පැරඩයිස් හෝටලයෙන්. එය අසල පිහිටි හෝටලයක්. මම හොයලා බැලුවා තුවාල ලැබූ දෙදෙනා ගැන. වීදුරුවක් කැඩූ වාහනයෙන් ඔවුන්ව රැගෙන ගියා කීවා.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive