භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව මිනිමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට නීතිමය ප්‍රතිපාදන තිබෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (02) නියෝග කළේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට
එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂ තිබෙන බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
පැමිණිල්ලේ සාක්ෂි, රජයේ රස පරීක්ෂණ වාර්තා මගින් මෙම මිනිමැරුම විත්තිකරුවන් විසින් සිදුකර තිබෙන බවට සාක්කි තිබෙන බවත් ඒ අනුව නීතිපතිවරයා විසින් දැනුම් දෙන දිනයක කොළඹ මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට නියෝග කළේය.

0 comments:
Post a Comment