අලුත්ගම හා බේරුවල සිදුවීම්වල වගකීම භාරගෙන පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම කීවේ සති ගණනාවක සිටය. මේ ඉල්ලා අස්වීම ගැන කතාව පැතිර යන විට පාලිත රංගේබණ්ඩාර හා ජයන්ත කැටගොඩ යන මන්ත්රීවරුන් දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිදු මන්ත්රීවරයෙකු පාලිත තෙවරප්පෙරුමගෙන් ඒ ගැන විමසා තිබුණේ නැත.
මේ වාද විවාද අතරේ පාලිත සිය ඉල්ලා අස්වීමේ ලිපිය රැගෙන පාර්ලිමේන්තුවේදී පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ගියේය. ඒ විපක්ෂ නායකවරයා මගින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යොමු කිරීමට නියමිත ඉල්ලා අස්වීමේ ලිපිය ඇතුළත් ලිපි ගොනුවක්ද රැගෙනය. ඒ වන විටත් කණ්ඩායම් රැස්විම ආරම්භවී තිබුණි. ඉදිරියෙන්ම තිබූ හිස් අසුනක් වෙත ගිය පාලිත තෙවරප්පෙරුම එහි වාඩිවී “සර් මෙන්න මගේ ඉල්ලා අස්වීම”කියමින් ලිපිගොනුව රනිල්ගේ අතට පත් කළේය.
“නෑ...පාලිත වාඩිවෙන්න”රනිල් කීවේ එම ඉල්ලා අස්වීම තමන්ට භාරගත නොහැකි බව පවසමිනි. එහෙත් පාලිත තෙවරප්පෙරුම එම ඉල්ලා අස්වීම භාරගන්නා ලෙස රනිල්ට බල කළේය.
“අලුත්ගම සිදුවීම අපි හෙළා දකිනවා. ඒ වෙලාවේ පොලීසිය නිවැරදිව හැසිරුනේ නැතත් දැන් ඒ ගැන සොයා බලනවා. ඔයා කලබල වෙන්නේ නැතිව ඉන්න. ඔයාට ඔය ලියුම භාරදෙන්න අයිතියක් නැහැ. ඔයාට ඡන්දය දුන්න ජනතාව අයින් වෙන්න කියනවානම් විතරක් ඉල්ලා අස්වෙන්න”රනිල් තදින් කීවේය.
“සර් ඔහොම කිව්වට මට ගෙදර යන්න විදියක් නැතිව ඉන්නේ. මම ඊයේ රෑත් ගෙදර හිටියේ නැහැ. ඉල්ලා අස්වෙන්න එපා කියලා කට්ටිය ගෙදරට ඇවිත් ඉන්නවා”කියන විට රනිල් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් නැගිට ගියේය. රනිල් නැගිට යන විටම ගාමිණී ජයවික්රම පෙරේරා මන්ත්රීවරයා පැමිණ පාලිත තෙවරප්පෙරුමගේ අතේ තිබූ ඉල්ලා අස්වීමේ ලිපි ගොනුව උදුරා ගත්තේය. එතැන් සිට මන්ත්රීවරුන් කසු කුසු නැගෙන්නට වූයේ පාලිතට ඉල්ලා අස් නොවන ලෙසට වන විරෝධතාවන්ට තමන්ද එක්වන බව පවසමිනි.
“මම පාලිතගේ ගෙදර ඉස්සරහ ගහකට නැගලා විරෝධතා දක්වනවා”තලතා කියන විට සුජීව සේනසිංහ මන්ත්රීවරයා කීවේ ගසකට නගිනවානම් කොට ගවුමක් ඇඳගෙන ගසට නගින ලෙසය.

0 comments:
Post a Comment