කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඕමාර් කාමිල් මහතාට අයත් නිවෙසක් කොළඹ-07, වෝඩ් පෙදෙසේ පිහිටා ඇත. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා පදිංචිව සිටි සුප්‍රකට බේරමා නිවෙසට ආසන්නයේ පිහිටි මෙම නිවෙස ආණ්ඩුවේ මුස්ලිම් මැති- ඇමැතිවරුන් යන එන තැනක් ලෙස ප්රකටය.
හිටපු නගරාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වීමෙන් පසු මෙම නිවෙස කාර්යබහුල ස්ථානයක් වූ අතර, වර්තමානයේදී එය පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම්. අස්වර් මහතා නිතර යන එන කොටින්ම කියතොත් අස්වර් මහතාගේ කාර්යාලයක් ලෙස පවත්වාගෙන යන තරමට එය කාර්යබහුල වී තිබේ.
මෙම නිවෙසට නිවාස දෙකක දුරින් ප්‍රකට දන්ත වෛද්‍ය විශේෂඥයකු විසින් පවත්වාගෙන යනු ලබන දන්තාරෝග්‍ය ශාලාවක් ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දත් පිරිසිදු කර ගැනීම සඳහා පැමිණෙන්නේද මෙම ස්ථානයටය. ජනාධිපතිවරයා මේ ස්ථානයට පැමිණෙන විට ඒ අවට ආරක්ෂාව තරකිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එසේ ආරක්ෂාව තර කිරීමත් සමඟ අස්වර් මන්ත්‍රිවරයා සහ කාමිල් හිටපු නගරාධිපතිවරයා ජනාධිපතිවරයා අදාළ ස්ථානයට පැමිණෙන බව දැන ගනී. මේ දෙපළ වහාම කරන්නේ අදාළ දන්තාරෝග්‍ය ශාලාවට ගොස් ජනාධිපතිවරයා සමඟ කතාබහ කරමින් සිටීමයි. දෙදෙනා මෙය පුරුද්දක් ලෙස කරගෙන යන්නකි.
පසුගිය සතියේ දිනෙකද අදාළ දන්තාරෝග්‍ය ශාලාව අසල මෙලෙස ආරක්ෂාව යොදවා තිබූ අතර, එදිනද සුපුරුදු පරිදි අස්වර් මන්ත්‍රිවරයා කාර්යාලයට පැමිණියේය. අවට තිබූ ආරක්ෂාව දුටු මන්ත්‍රිවරයා හිටපු නගරාධිපතිවරයාට කතා කොට 'ජනාධිපතිවරයා මුණගැහෙන්නට යමු' යැයි කාමිල්ට යෝජනා කෙළේය. ඒ වනවිට වැල්ලවත්තේ කිසියම් උත්සවයකට සහභාගි වෙමින් සිටි හිටපු නගරාධිපතිවරයා ඒ කටයුතුද අතරමඟ දමා වහාම වෝඩ් පෙදෙසට පැමිණියේ අස්වර්ගේ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා මුණ ගැසීමට යෑමටය.
දෙදෙනා පුරුදු පරිදි දන්තාරෝග්‍ය ශාලාව තුළට ගියේ ජනාධිපතිවරයාගේ මුහුණ දැකීමේ බලාපොරොත්තුවෙනි. ඒත් දෙදෙනා ඇතුළට යන විට එළියට එමින් සිටියේ වෙන කවුරුවත් නොව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය.
එළියේ ආරක්ෂාව යොදවා තිබී ඇත්තේ විපක්ෂ නායකවරයා වෙනුවෙනි. කර කියා ගත හැකි දෙයක් නොවූ මේ දෙපළ විපක්ෂ නායකවරයා සමඟ මඳ වේලාවක් කතා බහක යෙදී සිට ආපසු පැමිණ තිබේ. පසුව අස්වර් මන්ත්‍රිවරයා මේ සිද්ධිය ජනාධිපතිවරයාටද පවසා ඇති අතර, එහිදී ජනාධිපතිවරයා සිද්ධිය ඇසීමෙන් බඩ අල්ලාගෙන සිනාසෙන්නට පටන්ගෙන ඇත. කෙසේ වෙතත් විපක්ෂ නායකවරයාත් අදාළ ස්ථානයට පැමිණෙන බව ජනාධිපතිවරයා පවා මෙතෙක් දැන සිට නැත.

0 comments:
Post a Comment