01. හාස්‍ය උත්පාදන රංගන ශිල්පියා නොකියා විකට නළුවා කියද්දි දැනෙන හැඟීම?
ලෝක සිනමාවේ අද ශේ්රෂ්ඨයි කියලා අපි කතා කරන බොහෝ රංගන ශිල්පියෝ බොහෝ දෙනෙක් හාස්‍ය රංගන ශිල්පියෝ. උදාහරණයක් විදියට "චාලි චැප්ලින්" හිට්ලර්ගේ වියරුව ඔහු එදා හරිම අපූරුවට තම රංගනය තුළින් නිර්භීතව හාස්‍යයට ලක් කළා. ලංකාවේ නම් මේ තත්ත්වය වෙනස්. හාස්‍ය උත්පාදනය කරන්නාට විකට නළුවා කියලා දෙවැනි තැනට දාලා තියෙන්නේ. හාස්‍ය තුළින් විශාල සමාජ මෙහෙවරක් කරන්න පුළුවන්. හිනාවෙන්න අපි හැමෝටම පුළුවන් නමුත් කෙනෙක්ව හිනස්සවන්න හැමෝටම බැහැ. එහෙම බැලුවම මේක තමයි කරන්න අමාරුම රංගනය. රංගන ශිල්පියා කිව්වම හාස්‍යයද සම්භාව්‍යද කියලා නැහැ හැමෝම රංගන ශිල්පීන්. ලොව අමාරුම රංගනය තමයි හාස්‍ය උත්පාදන රංගනය කියන්නේ. එය මම නොබියව කියනවා.
02. ටෙනිසන් කුරේ කියන්නේ සාර්ථක රංගන ශිල්පියෙක්ද?
ඔව්. මම එහෙම හිතනවා. නමුත් ඇතැම් පුද්ගලයෝ කියනවා එයාට විහිළු විතරයි පුළුවන් වෙන ඒවා බෑ කියලා. නමුත් මම කියනවා හොඳට හාස්‍ය රංගනයක් කරන්න පුළුවන් කෙනාට ඕනම චරිතයක් කරන්න පුළුවන් කියලා. ජෝ අබේවික්‍රම කියන්නේ හොඳ හාස්‍ය රංගන ශිල්පියෙක්. නමුත් ඔහු වෙනත් චරිතත් හොඳට කළා. ගාමිණී ෆොන්සේකාත් එහෙමයි. මේක ඉතාම අමාරු කාර්යයක්. අවබෝධයෙන් කරනවා නම් හරි.
03. සාර්ථකත්වය සීයට කීයද?
මම දකින විදියට 100%යි.
04. විහිළු කරන හැම නළුවෙක්ම හාස්‍ය උත්පාදන රංගන ශිල්පියෙක්ද?
නෑ. හාස්‍ය නළුවාට සමාජය ගැන හොඳ දැනුමක් තිබිය යුතුයි. එහෙම දැනුමක් නැතිව හාස්‍ය තුළින් අපට දෙයක් කරන්න බැහැ. දේශපාලනය ගැන පවා අපි දැනගත යුතුයි. විහිළුවක් කරන්න පුළුවන් වුණාට වැඩක් නෑ. දුවලා, වැටිලා, බඩගාලා, කටවල් ඇදකරගෙන රඟපෑම හාස්‍ය උපදවීම නෙවෙයි. මේක තමයි හාස්‍ය රසයට වෙලා තියෙන විනාශය. දක්ෂ කමින් කරන කෙනාත් විකට නළුවා. පාරේ ගිහින් ලිස්සලා වැටෙන කෙනාත් විකට නළුවා.
05. බන්දු සමරසිංහ කියන්නේ සාර්ථක හාස්‍ය රංගන ශිල්පියෙක්ද?
අනිවාර්යයෙන්ම ඔව්. මම ආසයි එයා එක්ක ඒජබ කරන්න. අපි එකට ඒජබ කරපු ගොඩාක් නිර්මාණ සාර්ථක වුණා.
06. ඔහු අභියෝගයක් වුණාද?
නැහැ.
07. චාලි චැප්ලින් මිනිසුන්ව හිනැස්සුවේ වචනයක් වත් නොකියා හුදෙක් ඒජබ එකෙන්, ටෙනී අයියට පුළුවන්ද වචනවලින් තොරව ඒජබ එකෙන් විතරක් මිනිස්සු හිනස්සන්න?
චාලි චැප්ලින් කියන්නේ ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු එදා එසේ කළේ එදා සිනමාවේ තිබුණු නොදියුණු බව නිසයි. ශබ්දය එදා නෑ, තිබුණේ ක්‍රියාදාම පමණයි. ඔහුට ඒ සඳහා යම් වෙලාවක් තුළ බොහෝ දෑ කරන්න වුණා. ඒවා ඳභඪජඬ ථධබඪධද වගේ පේන්නේ ඒ නිසයි. ඔහු එය ප්‍රයෝජනයට ගත්තා. නමුත් අද තාක්ෂණය දියුණුයි. මටත් පුළුවන් වචන භාවිත නොකර ඒජබ එකෙන් විතරක් හිනස්සන්න.
08. ගොඩාක් වෙලාවට අද විහිළු කියලා කරන්නේ එක්කෝ අසභ්‍ය වචන කීම හෝ ද්විත්ව අර්ථ තියෙන වචන කීම. මේක නියම හාස්‍ය රංගනයද?
පාරිශුද්ධතාව රැකගෙනම දේවල් කරන්න අමාරුයි. නමුත් අසභ්‍ය වචන කියන එක විහිළු නෙවෙයි. සමහර නාට්‍ය ළමයි තියාගෙන මවුපියන්ට බලන්න බෑ. කවදාවත් මම මගේ නාට්‍යවල අසභ්‍ය වචන කියලා නෑ. නමුත් ද්විත්ව අර්ථ වචන තියෙනවා. වචනෙ නරක නෑ මිනිසුන්ගේ හිතයි කැත. අපි හිතමු නැට්ටුක්කාර ගෑනු කෙනෙක් ඉන්නවා කියලා, මෙයා බස් එකකට නඟින්න ගිහින් පෙරළුණා කියලා. ඒක දැකපු කෙනා කිව්වොත් "මොකක්ද බන් අර ගෑනි බංකුවක් වගේ පෙරළුණා" කියලා. එතකොට "බංකුව" කියන්නේ නරක වචනයක්ද? කුණුහරුපයක්ද? දැන් "බඩුව" කියනවා. "මාර බඩු කෑල්ල" බං කියනවා. "බඩුව" කියන්නේ කුණුහරුපයක්ද නෑ. බඩුව කියන්නේ භාණ්ඩෙට, ඉතින් මිනිසුන්ගේ හිතයි කැත. වචනෙ නෙවෙයි. දැන් දේශීය දළ ආදායම මොකක්ද අහනවා. මම කියනවා ඒක හොර බිස්නස් එකක් කියලා. මොකද දේශයේ ඉන්න ඇතුන්ගේ දළ කපලා හොරෙන් විකුණලා එන ආදායමට තමයි දළ ආදායම කියන්නෙ. ඉතින් ඒකෙ වරදක් තියෙනවාද? දැන් දේශපාලන ක්ෂේත්රයේ ඉන්නවා මේ ලෝකේ දෙයක් දන්නේ නැති අය. පසුකාලීනව තමයි එයාලා තමන්ගේ දැනුම වර්ධනය කරගත්තේ. ඉතින් එවැනි අවස්ථාවක් නාට්‍යකින් හාස්‍යයට නඟන්න වුවමනා වුණාම මට කියනවා, හා 13 වැනි සංශෝධනය කියන්නේ මොකක්ද කියලා. 13 වැනි සංශෝධනය කියන්නේ 14 වැනි සංශෝධනයට කලින් එකටනේ. ඉතින් එවැනි ද්විත්ව තේරුම ඇති වචන පාවිච්චි කරන්න වෙනවා අවශ්‍ය තැනදි.
09. කැපවීමට සරිලන ඇගයීම් ලැබිලා තියෙනවාද?
ලංකාවේ නම් අනේ මන්දා. ලෝකෙම පිළිගත්තු දෙයක් ලංකාව ඇතුළේ අවතක්සේරු වෙනවා. සමහර විකටයෝ බ්ධඬඥපලා කියනවා. සමහර වෙලාවට අනුකම්පා හිතෙනවා මෙච්චර වටිනා කලාවකටද ගරහන්නේ කියලා. කැපවීම කරන්නේ ඇගයීම් බලාගෙනම නෙවෙයි.
10. කරන විහිළුවලට හිනා නොවුණු අය ඉන්නවාද?
අම්මයි, පුතයි, දුවයි, තාත්තයි එනවා නාට්‍ය බලන්න. අම්මයි, දුවයි, පුතයි හක හක ගාලා විහිළුවලට හිනාවෙද්දි තාත්තා හිනාව හිරකරන් මහා ආඩම්බර ලීලාවෙන් ඉන්නවා. මම මේ කියන්නේ අර වේදිකා නාට්‍යවල ආරාධිත අසුන්වල අසුන් ගන්න සමහර සම්භාව්‍ය අමුත්තෝ ගැන. ඒ වගේ අය ඉන්නවා. හැබැයි ගොඩාක් අය අපිව අගය කරනවා.
11. මොකක්ද මේ නාට්‍ය දන්සලේ කතාව?
මගේ නාට්‍ය තමයි ලංකාවේ වැඩිම ගාණක් අය කරලා පෙන්වන නාට්‍ය. ගොඩාක් වේලාවට කොළඹ ආසන්න නගරවල අය සල්ලි වියදම් කරලා මගේ නාට්‍ය බැලුවට අෑත ගම්වල අයට නාට්‍ය බලන්න සල්ලි නෑ. නමුත් ඒ ගම්වල යමක් කරගත හැකි ආර්ථික ශක්තියක් තියෙන අය ඉන්නවා. මම කියන්නේ ඒ අයට පුළුවන් නම් මගේ නාට්‍ය ගමට අරන් ගිහින් නොමිලේ පෙන්වන්න කියලයි. මේ වැඩේ මම ටෙනිසන්ගේ මහා නාට්‍ය දන්සල කියලා පටන් ගන්නවා. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම. අෑත ගම්වල මිනිස්සු වෙනුවෙන් යමක් කිරීම තමයි නාට්‍ය දන්සලේ අරමුණ.
12. සිනමාවේ වීරයා වෙන්න සිහිනයක් තිබුණේ නැද්ද? අපි නිතරම දැක්කේ ටෙනී අයියා වීරයාගේ විහිළු සපයන මිතුරා විදියටනේ.
නොම්බර එකයි, කොලොම්පුරේ, වරදට දඬුවම් මේ චිත්‍රපට තුනේම වීරයා වුණේ මම. පසුගිය කාලෙ කරපු සුපිරි අන්දරේත් එහෙමයි. විහිළු චරිත වගේම, වීර චරිතත් මට පුළුවන් කියලා මම පෙන්නුවා. ඉදිරියේදි මම චිත්‍රපටයකට කතා කළාම බලන්න හිතාගෙන ඉන්නේ මගේ චරිතය මොකක්ද කියලා. ප්‍රචාරණයෙදි මාව ඉස්මතු වුණාට චිත්‍රපටය තුළ මාව ඉස්මතු නොවුණු තැන් තිබුණා. එය එක්තරා අතකින් හානියක්. මීට පසුව මම ඒවා බලලා තමයි චරිතය භාර ගන්නේ. ගන්නේ නැත්නම් නිකන් ඉන්න කියනවා. මම කවදාවත් අනේ මාව ගන්න කියලා චරිතවලට ගියේ නෑ. මාව ගන්න බෑ කිව්වොත් මම චිත්‍රපට හදලා ඒවා ඛ්ච් වලට දාලා මිනිසුන්ගේ ගෙවල්වලටම ගිහින් දෙනවා.
13. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරණතුංග, ජීවන් කුමාරණතුංග, රන්ජන් රාමනායක මේ අය ගැන එක වාක්‍යකින් යමක් කියන්න.
* මගේ සමීපතම මට ආදරේ කළ මාව අගය කළ පරිපූර්ණ, රංගන කුසලතාවක් තියෙන ශේර්ෂ්ඨ කලාකරුවෙක් තමයි ගාමිණී ෆොන්සේකා කියන්නේ.
* සිනමාවේ මට වැඩකාරයෙක් වෙන්න අතදීපු නිහතමානී, ආදරවන්ත අනුන්ගේ දුක දන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි විජය කියන්නේ.
* ජෝ අබේවික්‍රම කියන්නේ මගේ රංගනය ගැන අදහස් දීපු ඉතාම ළඟ දක්ෂ සහ විනෝදකාමී රංගන ශිල්පියෙක්.
* දීර්ඝ කාලයක සිට හඳුනන, මාත් එක්ක වැඩකරපු, දක්ෂ සහ නිර්භීත රංගන ශිල්පියෙක් තමයි ජීවන් කියන්නේ.
* රංජන් ගැන නේද? ම්ම්ම්ම්... ඇත්තම කියන්න ඕනාද?
රංජන් කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. නමුත් අද ඔහු නිරතවන දේශාපලනය තුළ සමාජයට යමක් කිරීමේ අරමුණ නිසා තැන නොතැන නොබලා යම් දේවල් කෙළින්ම කියනවා. මම ඒ ගැන ඔහුට කියලත් තියෙනවා. එදා පටන් ගත්තු මිතුදම තාම එහෙමමයි.
14. වර්තමාන සිනමාවේ වීරයා කවුද?
වර්තමානයේ මට පේන සිනමාවේ විදියට වීරයෝ නෑ වගෙයි. අතීතයේ විජයලා, ජෝලා, රෙක්ස්ලා ඒජබ කරද්දි තිරය තුළ තිබ්බ පිරිච්ච ගතිය දැන් අයගෙන් පේන්නේ නෑ. මට මේක තේරුම් ගන්න බැරි දෙයක්.
ටෙලි නාට්‍යවලට එන නළු නිළියෝ කවදාවත් සිනමාවට හරියන්නේ නෑ. එහෙම ඇවිත් සිනමාවේ වැඩ පෙන්වපු එක්කෙනෙක් කියන්න, කවුරුවත් නෑ. සාමාන්‍යයෙන් මම හදන චිත්‍රපටවලට ටෙලි නාට්‍ය නළු නිළියෝ ගන්නේ නෑ. සමහරු අශ්වයන්ට අං ආවා වගේ නිහතමානී ගුණයෙන් අඩුයි. සමහර නිළියෝ ඉඩධධබඪදඨවලට ගෙදරකට ගියාම හැසිරෙන්නේ ඒ ගෙදර නෝනාටත් වඩා උඩින්. රාජ කුමරියෝද? මට නම් හිතා ගන්න බැහැ.
මිනිසුන්ගේ ආදරය දිනා ගන්න ඕනා නම් නිහතමානී වෙන්න ඕන. මහ කජ්ජක්ද අනේ මිනිස්සු එක්ක හිනාවෙලා වචනයක් කතා කරන එක. සමහර චිත්රපටවලටගෙවල් දෙන්නේ නැහැ. මොකද ටෙලි නාට්‍ය අය ගිහින් කාලා මකබා කරලානෙ එන්නෙ.
15. වත්මන් සිනමාවේ ඉන්න කඩවසම් රංගන ශිල්පියා කවුද?
රංජන් තමයි ඉතින්.
16. වත්මන් සිනමාවේ සරාගීම රංගන ශිල්පිනිය කවුද?
අනර්කලීත් හොඳයි. හුඟාක් ඉස්සර ක්ලැරස් ද සිල්වා, උදුලා දාබරේ, රෝහිණී ජයකොඩි, ශාන්ති ලේඛලා පවා එහෙම නචපබ කරලා තියෙනවා.
17. අනර්කලී ආකර්ෂා, උපේක්ෂා ස්වර්ණමාලි, නදීෂා හේමමාලි, ගයේෂා පෙරේරා... අමේ අයගෙන් තිරයේ පෙම්වතිය කරගන්න කැමැති කාවද?
අනර්කලීව තෝරා ගන්නවා. මොකද මේ අයගෙන් මම ඇසුරු කරලා තියෙන්නේ එයාව. අනිත් අයවත් දන්නවා නමුත් අනර් සමීපයි.
18. අනූෂා දමයන්ති ඔබේ බිරිය වුණානම්?
හොඳට නටන්න වෙයි එහෙනම්. ඇය මාත් එක්ක රඟපාලා තිබෙන දක්ෂ, හිත හොඳ, හොඳට නටන්න පුළුවන්, අවිවාහක කෙනෙක්. මම නිළියක් විවාහ කරගන්න එකක් නෑ. මොකද එකම ක්ෂේත්රයේ දෙන්නෙක්ට පවුල් ජීවිතයක් ගෙනියන්න අමාරුයි.
19. උණුසුම් සිප වැලඳගැනීමේ දර්ශනයක් ඇතුළත් චිත්‍රපටයකට ආරාධනා කළොත් භාර ගන්නවාද?
ජ්ඪතථ එකකට නැතිව වෙනම කාව හරි සිප ගන්න ගියොත් ඒක කරන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් ඕක ලෝකෙට පෙන්වන්න ඕන නෑ. මම බොහොම අමාරුවෙන් රඟපාද්දි කෙල්ලන්ගේ අතින් අල්ලන්නෙත්.
20. සබීතා, ගීතා, සනෝජා, ඩිලානි, දිල්හානි මේ අයගෙන් මොනාද අහන්න තියෙන්නේ?
* සබීතා තාමත් ලස්සනයි. සුන්දරයි ඇයි දැන් රඟපාන්නෙ නැත්තේ අහනවා.
* දේශපාලනයෙන් එළියට ඇවිත් නැවැත ඔබේ දක්ෂකම් පෙන්වන්න කියලා මම ගීතාට කියනවා.
* සනෝජාත් දක්ෂ නිළියක්. එයාගේ දක්ෂතාත් බලන්න මම හරි ආසයි.
* හැමදාම ඇමෙරිකාවට වෙලා ඉන්නද සූදානම ඉක්මනට ලංකාවට එන්න කියලා ඩිලානිට කියනවා.
* දිල්හානි තමයි ගොඩාක් චිත්‍රපටවල මගේ පෙම්වතිය වුණේ. ඇය මගේ පවුලේ මිතුරිය. තව තවත් රඟපාන්න කියලා මම ඇයට කියනවා.
21. විවාහ වුණාට පසුව බිරිය හැර වෙනත් පෙම්වතියෝ ඉඳලා තියෙනවාද?
කවදාවත් නැහැ. මගේ නියපොතු පවා කපන්නේ මගේ බිරිය. ඇය මගේ ජීවිතයට ලොකු ශක්තියක්. ඇය හැර වෙන කිසිවෙක් හිටියේ නෑ. විවාහයෙන් පසුව මගේ ලොකු ඛ්ඩචදඨඥ එකක් වුණා. මගේ එකම දේ තමයි මගේ බිරියයි දුවයි.
22. රනිල් වික්‍රමසිංහ, ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ජනාධිපතිතුමා ලොකු රණ්ඩුවක් යනවා. විහිළුවක් කරලා ඒක නතර කරන්න කිව්වොත් මොකක්ද කරන විහිළුව.
දේශපාලනඥයෝ එක්ක විහිළු කරන එක මගේ බෙල්ල ගහලා යන වැඩක්. ඒ නිසා එහෙම රණ්ඩුවක් වෙනවා දැක්කොත් මම හෙමීට වෙන පාරක යනවා විහිළු නොකර.
23. මහා බ්‍රහ්මයා පොළවට ඇවිත් ඇඟේ තියෙන හැම ශරීරාංගයක්ම අරගෙන එකක් ආපහු දෙන්න හදනවා. කොයි ශරීරාංගයද අයියා ඉල්ල ගන්නේ?
සේරම අරගෙන එකක් මොකටද, මම කියනවා ඒකත් එයාටම තියා ගන්න කියලා. මොන මඟුලකටද එකක්. මට පුළුවන්නම් මම තව අනුන්ගේ එකකුත් අරන් දෙනවා.
24. වැඩිපුරම
ඉඥපඪධභඵ වෙන්නේ කොයි වෙලාවටද?
හාස්‍ය රංගනයේ නොයෙදන හැම වේලාවකම මම ඉඥපඪධභඵ.
25. සනත්, සබීතා, ගාමිණී, මාලිනී මේ වගේ යුග තිබුණා. අයියා මොන නිළිය එක්කද එවැනි යුගයක් හදාගන්න කැමැති?
ඕනෑම නිළියක් එක්ක මම යුගයක් හදාගන්න කැමැතියි.
ඊඩඥ

0 comments:
Post a Comment