එජාප ආණ්ඩු කාලයේ තිරය පිටුපස ප්‍රබල චරිතයක් වූ “ටැක්සි අබේ” යනුවෙන් ප්‍රසිද්ධ ගාමිණී අබේරත්නගේ දියණියගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ කොළඹ තරු පහේ හෝටලයකදීය. පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ රැසක්ම එයට පැමිණ සිටියහ. ඒ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂද විය. ජනාධිපතිවරයා පැමිණ අසුන්ගත්තේ රනිල් වාඩිවී සිටි මේසයේය. ඔහුගේ මේසයට එහා මේසයේ මංගල සමරවීර මන්ත්‍රීවරයා සිටියේය. එහෙත් ජනාධිපතිවරයා මංගල දෙස බැලුවේ නැත. මංගල සිටින මේසය දෙස ජනාධිපතිවරයා නොබලන බව දුටු රනිල් කීවේ අපූරු කතාවකි.
“ඔයා අර මේසේ දිහා බලන්නේ නෑනේ” රනිල් කීවේ මංගල දෙස ඇඟිල්ලක් දිගු කරමිනි.
“ඇයි ඒ”ජනාධිපතිවරයාට රනිල් කී දේ පැහැදිලි නොවූ නිසා ඇසුවේය.
“නෑ...ඉතින් මංගල ඉන්නේ ඒ මේසෙනේ. මංගල ඉන්න නිසා ඔයා ඒ පැත්ත බලන්නේ නැහැනේ”රනිල් කියන විට ජනාධිපතිවරයා කීවේ තමන්ට මංගල සමග කිසිදු පුද්ගලික තරහක් නැති බවය. එසේ කියූ ජනාධිපතිවරයා මංගල සිටි මේසය දෙසට ගියේය. එය දුටු මංගලත් ජනාධිපතිවරයා දෙසට පැමිණියේය. දෙදෙනාම මුහුණට මුහුණ හමුවන විට ඔවුන්ගේ මුහුණුවල සිනාවක් ඇදී ගියේය. ජනාධිපතිවරයා කීවේ ඉක්මනින්ම තමන්ට උත්සවයෙන් පිටත්ව යා යුතු බවය. මංගලද කීවේ තමන් පිටත්ව යෑමට සූදානමින් සිටින බවය.
“මංගල, ඔයා මම යනවත් එක්කම යන්න එපා. එහෙම වුණොත් මම ඇවිත් ඔයා එක්කගෙන ගියා කියලා කට්ටිය කියාවි” ජනාධිපතිවරයා කියන විට මංගල කීවේද එවැනි කතාවකි.
“මමත් යනකොට ජනාධිපතිතුමා ගියොත් මම ඇවිත් ජනාධිපතිතුමා එක්කගෙන ගියා කියලා කියන්නත් පුළුවන්නේ”කියන විට දෙදෙනාටම සිනාව නවතාගැනීමට නොහැකි විය.
එදින පාර්ලිමේන්තුවට ඇතුළුවන කොරිඩෝවෙදි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා එන මග දෙසට පැමිණෙමින් සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සමගින් මංගල සමරවීර මන්ත්‍රීවරයාය. මංගල දුටු සැණින් තිලංගට මංගලට විහිළුවක් කරන්නට සිතුණේය.
“රට වටේ ජනාධිපතිතුමාට බැණ බැණ ගියාට අපි දැක්කනේ ඔක්කොම ....” මෙසේ කතා බහ ඇදෙද්දී මංගල තිලංගට පිළිතුරු බැන්දේ සිනහවෙමිනි.
“පළමුවෙනි ආදරය කවදාවත්ම මැකී යන්නේ නෑනේ” මංගල තිලංගට පිළිතුරු දුන්නේ එලෙසිනි.
එදා ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවට පැමිණ තිබූ දිනයක් විය. සභා ගර්භය තුළ විනාඩි 15ක පමණ කාලයක් රැඳී සිටි ජනපතිවරයා මැති ඇමැතිවරු සමග කතා බහ කිරීමට කාර්යාලය තුළ රැඳී සිටියේය.
“අද පත්තරවල මුල්පිටුවේ මගෙයි මංගලගෙයි පින්තූරෙ දාල හැමෝම එක එක දේවල් මගෙන් අහනවා.”
ජනාධිපතිවරයා සිනාසෙමින් කියද්දී අනුර ප්‍රියදර්ශන යාපා, පවිත්‍රා වන්නිආරච්චි, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, ඒ.එච්.එම්. අතාවුල්ලා, තිලංග සුමතිපාල යන මැති ඇමැතිවරුද ජනාධිපතිවරයාගේ කාමරයේ රැඳී සිටියහ.
“මට දැන් පැය භාගයකට විතර කලින් මංගලව හමුවුණා. ජනාධිපතිතුමාට බැණ බැණ රට වටේ ගියාට පරණ යාළුවා හමු වුණාම ඔක්කොම අමතක වුණා නේද කියලා මමත් එතුමාගෙන් විහිළුවට ඇහුවා.”
තිලංගගේ කතාවට ජනාධිපතිවරයාටද සිනා ගියේය. ඒත් එක්කම පවිත්‍රා කීවේ “සුබ ආරංචියක් එනවා වගෙයි නේද ජනාධිපතිතුමනි ....” කියාය. නමුත් ජනාධිපතිවරයා කතා කළේ තරමක් හැඟීම් බරවය.
“මම එයාට එක අමාත්‍යංශයක් විතරක් නමෛයි, අමාත්‍යංශ තුනක්ම දුන්නා. විදෙස් කටයුතු බාර කැබිනට් ඇමතිවරයා කියන්නේ කොයි තරම් නම් බලවත් කෙනෙක්ද? ඒ මදිවට තවත් අමාත්‍යංශ දෙකකුත් එක්ක ....”
ජනාධිපතිවරයාගේත්, මංගලගේත් පැරණි මිතුදම හොඳින් දැන සිටි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි එවිට මෙසේ කීවේය.
“මංගලගේ යාළුවෝ තමයි එතුමාව නොමග යැව්වේ.”
කොළඹ රාජකීය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ටවර් රඟහලේදීය. එයට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ. ඔවුන් සියල්ලෝම කතා කරමින් සිටියේ පෙර දින රාත්‍රියේදී දයාසිරි ජයසේකර හා හරීන් ප්‍රනාන්දු අතර ඇතිවූ ගැටුම ගැනය.
“මොකක්ද මේ දෙන්නා ගහගත්තාය කියන කතාව“කිසිවක් නොදන්නා සේ ජනාධිපතිවරයා ඇසුවේය. ඒ ගැටුම ගැන සියලුම තොරතුරු පැහැදිලි කළේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාය. හර්ෂ කීවේ දයාසිරි විසින් හරීන් සපා කා ඇති බවය.
“ඔන්න ඉතින් අපිනම් හපාකාපු කතා දන්නේ නෑ. දෙන්නම ඉතිං රනිල්ගේ ගෝලයෝනේ”ජනාධිපතිවරයා කීවේද ඇඟට පතට නොදැනීය.

0 comments:
Post a Comment