පසුගිය 15 වනදා අලූත්ගම හා බේරුවල සිදු වූ ගැටුම් නිසා සිදු වූ මරණවලින් එක් මරණයක් සම්බන්ධයෙන් සැක මතුව ඇතැයි අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා ඇසූ ප්රශ්ණයකට පිළිතුරු දෙමිනි.
හකීම් මහතා මෙසේ ද කීය.
‘සිද්ධිය වූ ස්ථානයට මුලින්ම ගිය දේශපාලනඥයා මමයි. එහි ඇති වූ මරණ වෙඩි තැබීම නිසා සිදු වූ ඒවා බව ප්රදේශවාසීන් මා සමඟ කිව්වා. එහෙත් මරණ පරීක්ෂණ වාර්තාවේ වෙනත් දෙයක් සඳහන්ව තිබෙනවා.
වෙඩි තැබීමේ දී භාවිතා කරන පතරොම්වල කොපු එම ස්ථානයේ තිබී හමු වී තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් සහ කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිළධාරින් මෙම මරණය වෙඩි තැබීමකින් වූ බව ප්රකාශ කර තිබෙනවා.
එහෙත් එක් මරණ පරීක්ෂණ වාර්තාවක් නිසා ප්රශ්ණයක් උද්ගත වෙනවා. එක් මරණයක් වෙඩි තැබීමකින් සිදු වූවත් අනෙක් මරණය ගැන යම් අපහැදිලිතාවක් තිබෙනවා.
මෙම පරීක්ෂණ කටයුතු සඳහා නීතිපතිවරයා යොදා නොගැනීම පිළිබඳව ප්රශ්ණ මතු කරනවා. ඊට පිළිතුරු දෙනවා නම් අදාළ පරීක්ෂණ සඳහා මහේස්ත්රාත්වරයාට සහාය ලබා දීමට පොලීසියට හැකියාව තිබෙන බව කිව යුතුයි’

0 comments:
Post a Comment