ප්‍රභාකරන්ගේ ගම ධීවර ගම්මානයකි. ගම පිස හමන සුළඟට කරදිය මුසුව ඇති බවක් දැනේ. ගම සිටින කිසිවකු හට වුවද එම සුළඟින් බේරී ගත නොහැකිය. එයට හේතුව කරදිය සුළඟ ගත දවටන බැවිනි. හමායන කරදිය සුළඟ ගත දවටනු ලැබුවද සුළඟට මුසුව ඇති කරදිය ගත නොතැවරෙයි. සැබැවින්ම එය නම් විශේෂත්වයකි. නොපමාව විමසා බැලිය යුතු කරුණකි. එය එසේ වීමට හේතුව කුමක් විය හැකිද?
මේ ගැන විමසිය යුතුව තිබෙනුයේ ප්‍රභාකරන්ගෙනි. නමුත් ප්‍රභාකරන් අද නැත. ඒ ඔහු මියගොස් සිටින බැවිනි. නැත. ඔහු මියයවා තිබෙන බැවිනි. මිය යවනු ලැබූ ප්‍රභාකරන්ගේ අද ඉතිරිව තිබෙනුයේ අතීත මතකයන් පමණි. මෙම මතකයන් කොටස් දෙකකි. ඒ සිතිවිලි සහ භෞතික වශයෙනි.
ප්‍රභාකරන්ගේ නෑනා හරි අමුතුය. ඇය කතා නොකරයි. සිනහ නොවෙයි. බලනවා පමණි. ඉඳහිට වචනයක් දෙකක් කතා කරයි. ඒ කතාකරන වචන දෙක තුන තුළ ගැඹුරු අදහසක් ඇති බව හැඟෙයි. එය තේරුම් ගැනුමට වචන අවශ්‍ය නොවේ. අවශ්‍ය වනුයේ හැඟීම් හඳුනා ගැනීමේ සියුම් ඉඩ පමණි.
එම ඉව ඔස්සේ ගියවිට බොහෝ දේ හඳුනා ගැනීමට හැකියාව ලැබිණි. නමුත් එම හඳුනාගනු ලැබූ දෑ වචනවලට පෙරළා ලිවීමට නුපුළුවන. ඒ එය නිවැරැදි දැයි පැහැදිලිවම නොදන්නා බැවිනි. එය එසේ වන බවට සැක මතුවනුයේ හැඟීම් සහ වචන අතර සම්බන්ධතාව තවමත් සමාජය නිවැරැදිව වටහාගෙන නොමැති බැවිනි. එසේ හෙයින් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව හැඟේ. එහෙත් ඒ සඳහා කළ හැකි යමක් තවමත් කිසිවකු මෙම සමාජයට දායාද කර නැත. ඒ ඇයි. එය වෙනමම විමසිය යුතු කරුණකි.
ප්‍රභාකරන්ගේ පවුලේ මහගෙය තිබූ ඉඩම ඉදිරිපසින් දිස්වෙමින් තිබේ. එම ඉඩම එතරම් විශාල නොවූ එකකි. පර්චස් දහයකට වැඩි බව පෙනේ. නමුත් පර්චස් විස්සක ප්‍රමාණයක් නොපෙන්වයි. සමහරවිට ඇත්තටම ප්‍රභාකරන් උපන් ගෙය හැදුණු වැඩුණු ගෙදර මහගෙදර පර්චස් පහළොවකට උරුම වූ බිම් කඩක් වීමට පුළුවන.
එය හිස් ඉඩමකි. තරමක් උසට යම් ගස් වර්ගයක් වැවී තිබෙනු දැකිය හැකිය. විශේෂයෙන් කිව යුත්තේ තිත්ත කොහොඹ ගස් පහක් ඉඩම තුළ තිබෙන බවය. ඉඩමේ ශේෂව පවතින නටබුන් අතර නිවෙසක් තිබූ බවට සාක්ෂි දැකගැනුමට පුළුවන. ඒ වත්ත පිටුපස කෙළවරේම තිබෙන ළිඳ හේතුවෙනි.
ඉඩම වටකර තිබූ මායිම් තාප්පයෙන් කොටසක් ඉතිරිව තිබෙනු පෙනෙයි. එය නිල් පාටින් වර්ණ ගන්වා තිබේ. යම් සත්ත්ව විශේෂයක රූප සටහන් කිහිපයක් තාප්පය මත ඇඳ තිබෙනු පෙනේ. එහි විශාල දෙමළ අකුරින් යම් නිවේදනයක් ලියා ඇත. එයින් කියනුයේ මෙය ප්‍රභාකරන්ගේ ගෙදර යන්නය.
ළිඳ ගැන යමක් සඳහන් නොකළහොත් එය හරි නැත. ඒ එම ළිඳ සම්බන්ධ කතාවන් රැසක් තිබෙන බැවිනි. සිමෙන්තියෙන් බැඳ ඇති එම ළිඳ නොගැඹුරු ළිඳකි. එහි වතුර පිරී තිබේ. එම වතුර අපවිත්‍රය. සමහරවිට වතුර පල් ගඳ ගසනවා වන්නටද පුළුවන. එහෙත් කිසිවකු ඒ පිළිබඳ සිතන්නේ නැත. ඒ ඇයි.
ළිඳට මෙපිටින් සිමෙන්තියෙන් ටැංකියක් බැඳ තිබේ. එය මධ්‍යම ප්‍රමාණයේ ටැංකියකි. ඒ අසලම තරමක ප්‍රමාණයේ ගලකි. එය රෙදි ඇපිල්ලීමට යොදාගත් ගලක් බව හඳුනාගත හැකිය.
ප්‍රභාකරන් ගැන මතකයන් බොහොමයක් තවමත් ගමපුරා පැතිර තිබේ. එහෙත් ගමෙහි කිසිවකුත් ඒ ගැන කතා කිරීමට නොපෙලඹෙයි. ඒ මන්දැයි යන්න නොවැටහේ. සමහරවිට එම අතීත මතක යළි වැමෑරීම තේරුමක් රහිත බව සිතන නිසා වීමට පුළුවන. තවත් සමහර විටෙක එම අතීත මතකයන් වමාරා, වර්තමානයේ අද දවස ගෙවී උදාවන හෙටට අයත් අනාගතයේ යම් යම් අහිතකර සිදුවීම් තමනට සිදුවිය හැකි යැයි යන බිය සිත උපන් නිසා වීමටද පුළුවන.
ප්‍රභාකරන් ගැන මතකයන් කිහිපයක් ගම්මුන්ගෙන් අවදිකර ගැනුමට ඉඩකඩ හිමිව තිබිණි. අවදි කළ එම කතාවලින් කියැවුණු මතකයන් ඉතා පුදුම සහගත බවක් දනවයි. මේ එම මතකයන් අතර වූ එක් සුන්දර මතකයක් දිග හැරුණු ආකාරයයි.
ප්‍රභාකරන් දිය නෑමට අතිශයින් ප්‍රිය කළ කෙනෙකි. ඔහු පළමුව ළිඳෙන් වතුර ඇද ටැංකියට පුරවා ගනියි. ඉන්පසු දිය නෑම අරඹයි. එය කරනුයේ ප්ලාස්ටික් බාල්දියකට ටැංකියෙන් වතුර පුරවා ගැනීමෙනි. පුරවා ගත් වතුර හිසට වත්කර ගනී.
මෙම දිය නෑම තුළ තවත් අතුරු කතාවක් ඇසීමට හැකියාව ලැබිණි. එම කුඩා ප්ලාස්ටික් බාල්දියෙන් යම් වතුර බාල්දි ප්‍රමාණයක් නාගන්නා ඔහු ඉන් ඉක්බිතිව සබන් ගා ගනී. ප්‍රභාකරන් ඇඟ ගාගන්නා සබන් කැටයද තරමක් වෙනස් එකකි. ඒ ගැන කතා රැසක් තිබේ. නමුත් වඩාත් ප්‍රබල කතාව වනුයේ එම සබන් කැටය ලුණු සබන් කැටයක් වන බවයි. මෙම සමාජය ඒ ගැන තවත් මතයක්ද ප්‍රකාශ කරමින් තිබෙයි. එනම් ලුණු සබන් කැටය පාවිච්චි කරනුයේ දුප්පතුන් වන බවයි. සමහරවිට එය සත්‍යයක් වීමටද පුළුවන. ඒ ගම්මුන් කියන පරිදි ප්‍රභාකරන්ගේ ළමා කාලය දුප්පත්ව තිබුණේ යැයි කියන කාරණයයි.
දිය නා අවසන් වූ ප්‍රභාකරන් කරනුයේ තවත් අපූරු වැඩකි. ඒ එතැනම ඇති රෙදි අපුල්ලන ගලෙහි ගසා තම ඇඳුම් පිරිසුදු කිරීමය. එය අවසන් වීමෙන් පසු ප්‍රභාකරන් තවත් දෙයක් කරනු ලබයි. ඒ නිරාවරණය කරගත උඩුකය සහිතව අව් රශ්මි විඳිමින් වත්තේ ටික වේලාවක් ගත කිරීමයි. ඒ මොහොත වනවිට ඔහුගේ යටිකය වැසී තිබෙනුයේ වූල් තුවායකිනි.
ප්‍රභාකරන් ගැන කියැවෙන කතා කියන ගම්මුන් කියනුයේ තමන් මෙම දසුන් දුටුවේ ප්‍රභාකරන්ගේ තරුණ අවධියේදී බවය. එනම් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ක්‍රියාකාරිකයකුව සිටීමට පෙර බවයි. ඒ වනවිට ප්‍රභාකරන් අරගලවලට සම්බන්ධව නොසිටි බවද ගම්මු කියා සිටිති.
අරගල... එය ඉතා සුන්දර වචනයක් බව ප්‍රභාකරන් වරෙක කියා තිබූ බව දැනගැනුමට ලැබුණු තවත් තොරතුරක් විය. මේ එම තොරතුරු ලබාදුන් අය කියූ ප්‍රභාකරන් පවසා තිබුණේ යැයි කියන වචන සමූහයයි.
අරගලය.... ඔව්. එය ඉතා සුන්දර වචනයක්. ඉතා ගැඹුරු අරුතක් ඇති එක් අයකුට හෝ එක් පාර්ශ්වයකට සිත කැමැත්ත ඇති කරවනු ලබන තවත් අයකුට හෝ තවත් පාර්ශ්වයකට සිත අකැමැත්ත ඇති කරවනු ලබන වචනයක්.
අරගලය සුන්දර වනුයේ එය මෙහෙයවන්නාට හෝ එහි නිරතවන්නාටය. අරගලය අසුන්දර වනුයේ එයට හසුවන්නාට හෝ එයින් පීඩා විඳිනු ලබන්නාටය.
අරගලය කිසිවිටෙකත් හුදෙකලා වූවක් නොවේ. එසේම එය කිසි දින වියැකී යන්නක්ද නොවේ. එය එසේ වනුයේ අරගල කරන්නවුන් එය කරනුයේ තම ජීවිතය වුවද පිදීමේ චේතනාවෙනි. ජීවිතය පිදීම යනු ලේ හැලීම හෙවත් මරණය ප්‍රාර්ථනා කිරීමයි. මෙවන් අරගලයකදී මිය යන්නත් මිය ගියද ජීවත්වන්නවුන් වෙයි. මටද අවශ්‍ය මියගිය පසුවද ජීවත්වීමටයි.
මා මිය යෑම ස්වාභාවිකව සිදුවන්නක් නොවන බව මම හො¼දාකාරවම දනිමි. එය ඉතා පැහැදිලිය. එය එසේ වනුයේ මාගේ අරගලයේ තේමාව ඉතා විශාල පුළුල් පරාසයකට විහිද තිබීම නිසයි.
මෙම පරාසය තුළ තිබෙනුයේ නවතම තේමාවකි. එනම් අපේම රටක්... අපේම දේශයක්... අපේම ඊළාම් රාජ්‍යයක් යන්නය.
මා ඔබට මේ ටිකනම් කිව යුතුමය. එනම් ජීවත්ව සිටින ප්‍රභාකරන්ට වඩා, මරාදමනු ලැබූ ප්‍රභාකරන් බලවත් වන බව. එය ඉතා හොඳින් වටහාගත යුතු බවයි.
ප්‍රභාකරන් කුඩා කල පාපන්දු ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූ බව ගම තුළ ප්‍රචලිත වූ තවත් මතයකි. එය එසේ වූයේ ඇයි දැයි යන්න නිශ්චිතවම තමනට කිව නොහැකි බවද ගම්මුන් කියා සිටියි.
නමුත් පාපන්දු ක්‍රීඩාවේ ප්‍රභාකරන් යෙදෙන විට ඔහු පය දිගුකර ගසනු ලබන වේගවත් පහර ප්‍රභාකරන්ගේ මුහුණින් පිළිබිඹු වන බව එම අය කියා සිටිති. එම මොහොතේ ප්‍රභාකරන්ගේ මුහුණේ ඇතිවන ඉරියව් අමුතුම වෙසක් මවාපාන බවද ඔවුන් කියා සිටියි. ඒ ගැන ඔවුන් උදාහරණද ගෙනහැර පාමින් සිටියි.
ඉන් එක් උදාහරණයක් පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත් බව කීමට පුළුවන. එම උදාහරණය වනුයේ ප්‍රභාකරන් යුද්ධය ගෙන ගිය තිස් වසර තුළ පළවූ ඔහුගේ මුහුණේ ඉරියව් පිළිබිඹු කරන ඡායාරූපයි. ඒ අතර වූ එක් ඡායාරූපයක ඉතා තදබද ලෙස කෝප ගැන්වුණු ප්‍රභාකරන්ගේ මුහුණ රැගත් ඡායාරූපයක් තිබූ බවට ගම්මුන් කියයි. එහි තිබූ ප්‍රභාකරන්ගේ මුහුණේ ඉරියව් සමාන කළ හැකි එකම අවස්ථාව ප්‍රභාකරන් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන විට වැරෙන් පහර ගසන අවස්ථාවේ පැනනඟිනු ලබන මුහුණේ ඉරියව්වලට පමණක් බවද ඔවුන් කියා සිටියි. එසේ පවසන ගම්මුන් මෙසේද පවසයි.
සමහරවිට එම ප්‍රහාරය වෙන්න පුළුවන් අවුරුදු තිහක යුද්ධයක් ගෙන යෑමට අඩිතාලම වූයේ.
එහෙත් එම අදහස වැරැදිද, නොඑසේ නම් නිවැරැදිද යන්න විමසීමට ප්‍රභාකරන් අද ජීවතුන් අතර නැත. ඇත්තේ ප්‍රභාකරන් ගැන වූ මතකයන් පමණකි. එම මතකයන්ද ප්‍රභාකරන් මෙන්ම දරුණුය. නිහීනය. අමනුස්සකම්වලින් පිරී ඇත. කොයි මොහොතක හෝ යළි ඇවිළේ දැයි සැක සහිතය. එබැවින් බොහෝ ප්‍රවේශම් විය යුතුව තිබේ. මේ ගම්මුන්ගේ අදහස් සමූහයයි.
ප්‍රභාකරන් කෑමට ඉතා රුසියෙකි. ඔහුගේ සිත්ගත් කෑම වර්ග දෙකක් තිබෙන බව ගම්මුන්ගේ දැනගැනීමට ලැබිණි. ඉන් එක් වර්ගයක් වනුයේ තට්ට වඩේය. අනෙක් වර්ගය වූයේ තල් ඔඩියර් ප්‍රභාකරන්ගේ බීම වර්ග අතර ප්‍රියතම බීම වර්ගය වූයේ තල් කුරුම්බාවයි.
මෙම තල් කුරුම්බාව දෙමළ ජනතාවගේ ජීවිතය වැනිය. කුරුම්බාව කීවාම මෙම ගෙඩිය තුළ ඇත්තේ ඉතා කුඩා මද දෙකකි. එම මද දෙක තුළ වතුර තිබෙනුයේ උගුරු දෙකකි.
මෙම තල් කුරුම්බාව අමෘතයක් බව දෙමළ ජනතාව කියා සිටිති. ඔවුන් තවදුරටත් කියා සිටිනුයේ එය දෙවියන් ළඟටඑන දෙවියන් බවය. එය එදාවේල පිරිමසා ගැනීමට නොහැකි දුප්පතුන්ගේ ප්‍රධාන උදෑසන ආහාර වේලද වන බව ඔවුන් තවදුරටත් කියයි. දෙමළ ජනතාව එය වේල පිරිමහන ආහාර වේල යනුවෙන් හඳුන්වනු ලබයි.
දෙමළ යන සංස්කෘතිය තුළ මෙම තල් කුරුම්බාවට විශේෂ තැනක් ලබාදී තිබේ. උදේට පාසල් යන දරුවන් තල් වතුර බී, තල් මද කා පාසල් යෑම සුලබ කරුණකි. ඔවුන් කියන පරිදි එය අයත්වනුයේ පෝෂ්‍යදායී සහ බර ආහාර වේලක් යන හැඳින්වීමටය.
ප්‍රභාකරන්ගේ ළමා කාලය එතරම් සරුවට නොතිබූ බව ගම්මුන් කියන තවත් කතාවකි. බොහෝ විට උදයේ ප්‍රභාකරන්ගේ උදෑසන ආහාර වේල වී තිබුණේ තල් කුරුම්බාවයි. තල් කුරුම්බා වතුර බී, තල් මදය කා අවසන් වීමෙන් පසු බඩ හොඳටෝම පිරෙන බව ප්‍රභාකරන් වරෙක කියා තිබූ බව කීවේද ගම්මුන්මය. එය ගල්ගෙඩියක් මෙන් බර බවද ඒ හා සමඟම ඔහු කියා තිබිණි.
ගම තුළ ප්‍රචලිත ප්‍රභාකරන් කියූ කතා අතර මෙම කතාවටද විශේෂ තැනක් හිමිව තිබෙන බව නොසලකා සිටිය නොහැකිය.
මගේ දුප්පත්කමට ඔසුවක් වූයේ තල් කුරුම්බාවයි. එය ප්‍රභාකරන් වන මාගේ පමණක් නොව දුප්පත් දෙමළ ජනතාවගේද ඔසුවක්. මාගේ මේ දුප්පත්කම මට කුඩා කල බොහෝ දේ කියා දෙනු ලැබුවා. මගේ ජීවිතය වෙනස් කරනු ලැබුවේ ඒවා.
තල් ඔඩියර් ප්‍රභාකරන් ප්‍රියකළ අනෙක් ආහාරයයි. තල් ඔඩියර් යනු තල් අලයයි. ගලවාගත් තල් අලය හොඳින් තම්බා ගත්විට එය ඉතා හොඳ ආහාරයකි. මෙය සාමාන්‍ය අල වර්ගවලට වඩා වෙනස්ය. තල් ගහට උරුම වූ සුවඳින් යුත් තල් අලය තම්බා ගත්තද තරමක් තද ගතියෙන් යුක්තය.
තල් අලය සම්බන්ධයෙන් දෙමළ සමාජයේ මුල් බැසගත් කතාවක් තිබේ. එම කතාවට අනුව තල් අල කෑමෙන් නුවණ වැඩෙන බවද, ස්මරණ ශක්තිය වැඩි දියුණුවන බවද කියැවේ. ප්‍රභාකරන්ද නිතර නිතර තල් අල කෑමට පුරුදුව සිට ඇත. ප්‍රධාන ආහාර වේල්වලදී හැර අනෙක් සැමවිටකම ප්‍රභාකරන් තල් අල කමින් සිටින බවට තිබෙන සාක්ෂි එමටය. එය ප්‍රභාකරන්ගේ දින චර්යාවේ එක පුරුද්දක් බවට පත්ව තිබී ඇත.
තට්ට වඩේ යනු කුඩා පපඩම් හැඩැති කෑම වර්ගයකි. තල්පිටි ලුණු සහ තලතෙල් වත්කර සාදනු ලබන මෙය පපඩම් හැදීමේ ක්‍රියාවලියෙන් වෙනස් නොවේ. තෙලේ බැදගත් පසු මෙය ආහාරයට ගැනීමට පුළුවන. ඉතා මිහිරි රසයකින් යුක්තය. තට්ට වඩේ ආහාරයට ගැනීමෙන් කාය ශක්තිය වර්ධනයට මහත් රුකුලක් ලැබෙන බවද දෙමළ සමාජය කියා සිටියි.
ප්‍රභාකරන් ගම සහ එහි සංස්කෘතිය ගැනත්, ඔහුගේ විප්ලවය ගැනත් කියූ කතාවන් බොහොමයක් ප්‍රභාකරන් ගමෙහි වැසියන්ගේ මතකයේ තවමත් රැඳී පවතියි. මේ තවත් එක් කතාවකි.
කිසියම් අරගලයක මුල් බිජුවට ඇරැඹෙනුයේ ගම තුළිනි. මිනිස් සිත හික්මුණු සහ නොහික්මුණු ක්‍රියාකාරකම්වලට භාජන කරනුයේද ගමයි. රට තුළින් ගමට ලබාදෙන යම් දෙයක් වේද, ලබාදෙන්නා වූ එම දෙය තුළ තිබෙන්නා වූ අඩු වැඩි භාවයන් මඟින් අරගලය සහ නොහික්මුණු ක්‍රියාකාරකම් තීරණය කරනු ලබයි.
මේ සඳහා ප්‍රධාන වශයෙන්ම වගකිව යුතු පාර්ශ්වයක් සිටියි. ඒ ජනතාව පාලනය සඳහා ජනතාවම පත්කරගත්තා වූ අයයි. මෙමඟින් කියනු ලබන අරුත වටහා නොගන්නා තාක්කල් අරගලයක සුවඳින් සහ මිහිරියාවකින් අරගල ඇතිවීම කිසිදා කිසිවකුට නැවැත්විය නොහැකිය. එම අමිහිරි යැයි කියනු ලබන කවරකු හට වුවද එම අමිහිරි සුවඳින් සහ අමිහිරියාවෙන් මිදීමට නුපුළුවන.
එසේ කියන ප්‍රභාකරන් මෙසේ ප්‍රශ්න කළ බවද ගම්මුන් කියයි.
සියලු ජනතාවෝ මෙය සිතට ගත යුතුද? නැද්ද?
අරුණඩේල් විජේරත්න
සහාය සහ ඡායාරූප -
වවුනියාව මාධව කුලසූරිය

0 comments:
Post a Comment