බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට අමෙරිකාවට ඇතුළුවීම සඳහා ලබාදී තිබූ විසා අවලංගු කිරීමද තම සංවිධානයට එරෙහි කුමන්ත්‍රණයක් ලෙස සැලකිය හැකි බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා පවසයි.
අමෙරිකාව විසින් ඥානසාර හිමියන්ට 2011 වසරේ සිට බලපැවැත්වෙන පරිදි වසර 5ක කාලයක් එරටට ඇතුළුවීම සඳහා වීසා ලබාදී තිබූ බව ඒ මහතා අනාවරණය කළේය.
ඒ අනූව උන්වහන්සේ 2013දී ද ඇතුළුව අවස්ථා කිහිපයකදී එරට විහාරස්ථානයක ආගමික කටයුතු සඳහා සහභාගි වූ බවත් ඩිලන්ත විතානගේ මහතා පැවසීය.
කෙසේ වෙතත් පසුගිය සිකුරාදා කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් දුරකථන ඇමතුමක් ලබාදී අදාළ වීසා බලපත්‍රය තාවකාලිකව අවලංගු කළ බව දැනුම්දුන් බවත් රටක අයිතිවාසිකම් වලට අනූව ඔවුන් විසින් එසේ ප්‍රකාශ කළ බැවින් ඊට එරෙහිව යාමට නොහැකි බවත් ඒ මහතා පෙන්වාදුන්නේය.
කෙසේ වෙතත් අමෙරිකාව වැනි රටක් තම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී තිබූ වීසා අවලංගු කිරීම පිටුපස සංවිධානාත්මක කණ්ඩායම් ඇතැයි සැකයක් මතුවන බවද ඩිලන්ත විතානගේ මහතා පැවසුවේය.
පසුගිය දිනවල අලුත්ගම, බේරුවල සිද්ධීන් ඊට ආසන්තම සිදුවීම් බවත් මෙම සිද්ධීන්වලට තම සංවිධානයේ නම ඇඳා ගනිමින් චෝදනා නැඟීම ඊට හේතුව ලෙස සලකන බවත් හෙතෙම පෙන්වාදුන්නේය.

0 comments:
Post a Comment