පෑලියගොඩ නාගරික මන්ත්‍රි ශ්‍යාමිල සඳරුවන් මහතාගේ ඝාතකයින් වහා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ ඇමැති ආචාර්‍ය මර්වින් සිල්වා මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී. “මගේත් අප පක්ෂයේත් ජයග්‍රහණයක්සඳහා ශ්‍යාමිල සඳරුවන් මහතා ඉමහත් දායකත්වයක් ලබා දුන්නා.අප පක්ෂයේ පාලන බලය තිබියදීත් මෙවැනි සාහසික ක්‍රියා සිදුවීම කැලණිය ශ්‍රිලනිප සංවිධායකවරයාලෙස දැඩි ලෙස මා හෙළා දකිනවා. මේ මිනීමරුවන් නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් ලබා දෙන්නැයි මා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.” යැයි ඇමැති මර්වින් සිල්වා මහතා පැවසීය.
මේ අතර කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන්ගේ ජීවිත ආරක්ෂාව සැලසීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වහා අවධානය යොමු කළ යුතු යැයි එම මන්ත්‍රිවරුන් පවසති. “පසුගිය කාලයේ එම ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රි හසිත මඩවල් මහතා ඝාතනයට ලක් වුණා. තවත් මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් සැක පවතිනවා. ශ්‍යාමිල සඳරුවන් මහතා ඝාතනයේ පරීක්ෂණ කඩිනම් කර අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගන්නට නියෝග දෙන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.” යැයි එම මන්ත්‍රිවරුන් පැවසූහ.





0 comments:
Post a Comment