facebook like

රට රස්සාවක් ගන්න ආ කතකගෙන් ලොක්කෙක් ලිංගික අල්ලස් ඉල්ලලා

තඹුත්තේගම සිට පැමිණි කාන්තාවක විදේශගත වීම සදහා පෙර කතාකර ගත් පරිදි කුරුණෑගල පිහිටි විදේශ රැකියා ආයතනයකට පැමිණීමෙන් අනතුරුව ආයතන ප්‍රධානියාගේ ලිංගික බලපෑම්වලට ලක්වීමේ පුවතක් කුරුණෑගලින් වාර්තා වේ.

එහිදී ආයතන ප්‍රධානියා හමුවීමට බාහිරට නොපෙනෙන සේ ආවරණය කර ඇති ඔහුගේ කාර්යාලයට ඇතුල් කරගෙන විදේශ රැකියා ආයතනයේ ප්‍රධානියා ඇයට ප්‍රකාශ කර ඇත්තේ
රැකියාවක් සඳහා විදේශ ගත කළ හැකි බවත් ඊට පෙර තමන් සමඟ සමාජශාලාවකට පැමිණෙන ලෙසත්ය. එහිදී ඇය පවසා ඇත්තේ තමන් දුප්පත්කම නිසා රැකියාවක් සොයා ගියත් එසේ අනාචාර වැඩ නොකරන බවයි. තමාට ගෞරවනීය ලෙස ආමන්ත්‍රණය කරන ලෙසද පවසා ඇත.

නමුත් එහිදී ආයතන ප්‍රධානියා අසභ්‍ය වචනයෙන් බැනවැදී අසල ඇති දිග පුටුසැටිය මත බලහත්කාරයෙන් පෙරළා ඇයට අතවර කිරීමට උත්සාහ ගෙන ඇත. ඇය ඔහු සමඟ පොරබදා එළියට පැමිණිවිට එහි සිටි තවත් සේවකයන් තුන්දෙනකු සමඟ ආයතන ප්‍රධානියා ඇයට සහ ඇගේ සොයුරාට පහරදී එළියට ඇද දමා ඇත. මෙම සිද්ධිය පිළිබඳ කුරුණෑගල පොලිසියට පැමිණිලි කිරීමට ගිය මොහොතේ ඇයගේ පැමිණිල්ල භාර නොගැනීම නිසා නැවැත කුරුණෑගල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට ගොස් ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජන්ත සමරකෝන් මහතාට දැනුම් දීමෙන් අනතුරුව නැවැතත් කුරුණෑගල පොලිසියට පැමිණ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. එහිදීද අතවර කිරීමේ චෝදනාව පොලිස් පොතේ සටහන් කිරීමට කුරුණෑගල පොලිසිය මැළිකම දක්වා ඇත. ඒ වෙනුවට මෙම සිද්ධිය පහර දීමකට අදාළ සුළු සිද්ධියක් ලෙස සටහන් කිරීමට කුරුණෑගල පොලිසිය කටයුතු කොට ඇති බව පැවැසේ.

එසේ පැමිණිලි කිරීමෙන් අනතුරුව බලහත්කාරයට ලක්වූ කාන්තාව කුරුණෑගල රෝහලට ඇතුළත් කළත් රෝහල් පොලිසියද ඇගේ කටඋත්තරය ලබා ගැනීමේදී අතවර කිරීමට උත්සාහ කිරීම පිළිබඳ සටහන් කර නොමැති බව දැනගන්නට ඇත. මේ පිළිබඳ පරීක්‍ෂණ කටයුතු කරන කුරුණෑගල විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති නවරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ, මේ දිනවල මාතර විශේෂ රාජකාරි සඳහා ඇවිත් ඉන්න නිසා එම අංශයට කතා කරන ලෙසය.
විවිධ පැමිණිලි අංශයෙන් විමසුවද කිසිම තොරතුරක් ලබාගැනීමට නොහැකි විය. කුරුණෑගල මූලස්ථානාධිපතිවරයාගෙන් මේ පිළිබඳ විමසුවද ස්ථානාධිපතිවරයාද පොලිස් ස්ථානයෙන් බැහැරව සිටි බැවින් තොරතුරක් ලබා ගත නොහැකි විය. එහෙත් කුරුණෑගල පොලිසියේ පොලිස් පරීක්‍ෂකවරයකු කියා සිටියේ 'ඒ කාන්තාවට අතවර කරලා නෑ' යන්නය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive