අම්මෙක්ගේ උණුසුමයි, තාත්තෙක්ගේ ආදරයයි දැනි දැනී දවසින් දවස ලොකු වෙවී අම්මගේ කුස ඇතුළේ හිරවෙලා ඉඳල මාස දහයකට පස්සේ එළියට එන්න තතනන පුංචි දරු පැටියෙක්ගේ හිත් පොඩියට දැනෙන කිරි සිතිවිලි මොනව වෙන්න ඇද්ද? ඒ සිතිවිලි මොනතරම් නම් පිරිසුදු ඇත්ද....? තමන්ගේ ලෙයින් උපදින තමන්ගේ ආදරයේ සංකේතය වුණු මේ දරු පැටියගේ සුරතල් මුහුණ මුලින්ම දැකගන්න අම්මෙකුයි, තාත්තෙකුයි මොන තරම් නම් පෙරුම් පුරන්න ඇද්ද....? මහ මෙරකට දුක් උහුලන්න ඇති.... ඒ විතරක් නෙවෙයි, කප්පරකට
බලාපොරොත්තු පොදි ගහන්න ඇති.... මේ හැමදේකම අන්තිම අපේක්‍ෂාව වුණේ දරු පැටියගේ කිරි සිනහව දකින එක.... ඒත් ඒ කිරි සිනහව ඉදිරියෙන් අද කෘෘරත්වයේ බාධක වැටකඩොලු පෙළ ගැහිලා.... මේ ලෝකේ ජීවත්වෙන්න, කන්න බොන්න තියා සැනසිල්ලේ ඉපදෙන්නවත් අද දරුපැටියෙක්ට ඉඩක් නැතිවෙලා....
පසුගිය දවසක තමන්ගේ තුන්වැනි දරුවා ලැබෙන්න කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළු වුණු කාංචනා සඳමාලි අම්මටත්, එයාගේ දරු පැටියටත් මුහුණදෙන්න වුණේ මේ කෘෘරත්වයටම තමයි. ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වුණු මේ අම්මා අප්‍රේල් 30 වැනිදා හවස කුරුණෑගල රෝහලට ඇතුළු වන අවස්ථාව වනකොටත් රෝහල ඇතුළේ සියුම් ගාලගෝට්ටියක් පැවැතුණා. ඒත් වෛද්‍යවරු, හෙද නිලධාරිනියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් වගේම සුළු කාර්ය මණ්ඩලයත් ඒ වෙලාවෙ රෝහලේ සේවයට වාර්තා කරල තිබුණු නිසා බයවෙන්න දෙයක් තිබුණේ නැහැ. අන්තිමට දරුවා ලැබෙන්න අසාධ්‍ය වුණු මේ අම්මව සූතිකාගාරයට රැගෙන ගියාට පස්සේ තමයි මුවහම් පොරවගෙන ඉන්න කොටි හපුවන්ටත් වඩා දරුණු හිත් පිත් ඇති සැබෑ තත්ත්වය නිරූපණය වුණේ.... තමන්ගෙ රාජකාරිය රෝගීන් වෙනුවෙන් කැපවීම වුණත්, ඒ වෙලාවේ ගුටි ඇනගැනීම රාජකාරිය කරගත්තු මේ අය කළේ තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ජීවිත දෙකක් පරදුවට තියපු එක.
කිසිම ආපදාවක් නැතිව සාමාන්‍ය විදියට මෙලොවට බිහිවෙන්න හිටි දරු පැටියා අතක ආබාධයක් ඇතිව මෙලොවට බිහිවෙද්දී මේ අම්මට ගෙදර එන්න සිද්ධ වුණේ ගර්භාෂයත් නැතිව, යන්තම් ජීවිතය බේරගෙන.... වෛද්‍යවරුන්ගේ කැපවීම නිසා මේ ජීවිත දෙක බේරුණත් ඒ ජීවිතවලට වුණු අසාධාරණයට වගකිවයුතු අයට නම් කවදාවත් සමාවක් දිය යුතු නැහැ. සමහරවිට ඒ අය දරුවෝ ඉන්න අම්මල වෙන්න ඇති.... ඒ වේදනාව ඔවුන් හොඳින් අත්විඳලා ඇති.... ඒත් ගුටි බැට ඉදිරියේ විලි රුදාවෙන් මොර දෙන ජීවිතයක් වගේම කිරිකැටියෙක්ගේ ජීවිතයක් ඇපයට ගත්තු මේ අයගේ මනුස්සකම ගැන වගකීම ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒත් කුමන හෝ හාස්කමකින් දිවි බේරාගත් ඒ අම්ම නම් තවමත් ඉන්නේ විශාල පීඩනයකින්... එදා තමන් මුහුණදීපු අත්දැකීම ඒ අම්ම 'මව්බිම'ට හෙළිදරව් කළා... මේ තමයි. ඒ කඳුළු කතාව....
ඔය සිදුවීම වන විට එහි හෙද නිලධාරිනියන් සේවයේ යෙදී සිටියද?
ඔව්. අටදෙනෙක් විතර ඉන්නවා දැක්කා. ඒ අය මට කීවා කිසිදේකට බයවෙන්න එපා මිඩ්වයිෆ්ලාගෙන් වෙන්ඩ ඕන දේ අපි කරනවා. ඔයාගේ හැමදේටම අපි ළඟ ඉන්නවා කියලා. ඒත්....
ඇයි ඒත් කියලා නැවැත්තුවේ....?
එහෙම කියපු එයාලා මම අමාරුවෙලා කෑගහද්දී හැමෝම එළියට ගියා. කිසිකෙනෙක් ලේබර් රූම් එකේ හිටියේ නෑ. මට දැනුණා දරුවා මඟක් ඇවිල්ලා හිරවෙනවා වගේ. මම හයියෙන් කෑගැහැව්වා. එතකොට මිඩ්වයිෆ් කෙනෙක් කතුරක් අරගෙන එනවා මම දැක්කා. එතකොටම නර්ස් කෙනෙක් ඇවිත් එයාට ගැහුවා. එයා වැටුණා.
එයාට ගහනව මම හොඳටම දැක්කා.
ඇයි නර්ස් ඒ මිඩ්වයිෆ්ට ගැහුවේ?
කතුර අරගෙන ආවට. ඒ වෙලාවේ ඩොක්ටර්ස්ලා කලබලෙන් මගේ ළමයව එළියට ගන්න උත්සාහ ගනිමින් හිටියේ.
ඊට පස්සේ මොකද වුණේ....?
ඩොක්ටර්ස්ලා උත්සාහය අත්හැරියේ නෑ. දෙවිවරු වගේ මට පිහිට වුණා. මම වේදනාවෙන් කෑගහද්දී මට ඇහුණා අම්මා බය වෙන්න එපා අපි ඉන්නවානේ කියලා ඩොක්ටර් කෙනෙක් කියනවා. ඇත්තටම අද මමයි මගේ දරුවයි ජීවතුන් අතර ඉන්නේ ඩොක්ටර්ස්ලා හැමෝම රාජකාරියෙන් එහා ගිය උපකාරයක් මට කරපු නිසයි. ඒ අයට පින්සිද්ධ වෙන්න ඕන ඒකට.
ඔබ සූතිකාගාරයට පැමිණෙන විට හෙදියන් එහි සිටි බව පැවැසුවා. නමුත් ඔබට අමාරු වන විට ඔවුන් ඉවත්වුණේ ඇයි?
ඒක ඉතින් හරියටම දන්නේ එයාලා. ඒත් ඒකෙන් තහවුරු වෙන්නේ මොකක්ද? මගෙයි මගේ දරුවගෙයි ජීවිතය ඒ අයගේ පටු ආකල්ප වෙනුවෙන් බිලිදීම කියලා හිතන එක වැරැදිද? මම පැහැදිලිවම කියන්න ඕන වෘත්තීය ක්‍රියාමාර්ගවලට යෑම ඒ අයගේ අයිතිවාසිකමක් වුණත් ඒ අයිතිවාසිකම වෙනුවෙන් අසරණ අපි වගේ අයගේ ජීවිත බිලිදීමට ඒ අයට අයිතියක් නෑ කියන එකයි. ඒ නිසා මේ පිළිබඳ සොයා බැලීම බලධාරීන්ගේ වගකීමක්.
ඔබගේ ජීවිතය බේරුණත් ඔබට යම් අසාධාරණයක් සිද්ධ වුණා. ඒ ගැන මොකද හිතන්නේ?
ඒ ගැන මගේ හිතේ තියෙන්නේ දැඩි වේදනාවක්. ඒත් ඒකට වෛද්‍යවරුන්ට කරන්න දෙයක් නෑ. මගේ ගර්භාෂය අයින් කරන්න සිද්ධ වුණේ නර්ස්ලා ඒ වෙලාවේ කටයුතු කරපු ආකාරයේ වැරැද්ද නිසයි. නර්ස්ලා ලේබර් රූම් එකෙන් පිටවෙලා තිබුණේ ප්‍රසූතියට අවශ්‍ය සියලුම උපකරණ පවා අරගෙන. අඩුම තරමේ බෙහෙත්වත් තිබුණේ නෑ. හැමතැනම විසිකරලා දාලා තිබුණේ. ඒ කිසිම දෙයක් නැතිවයි වෛද්‍යවරු මගේ දරුවව එළියට ගත්තේ. ඒ මොහොතෙත් වෛද්‍යවරු කිව්වේ අම්මා බයවෙන්න එපා අපි ඉන්නවා අපි අම්මව දාලා යන්නේ නෑ කියලා. ඒ වගේම ඒ අය මට පිහිට වුණා.
ඔබගේ ගර්භාෂය අයින් කිරීම පිළිබඳ ඔබට දුකක් නැද්ද?
ඇයි දුකක් නැත්තේ. මම මේ රෝහලට ඇතුළු වුණේ ඒ වගේ බලාපොරොත්තුවකින් නෙවෙයි. නමුත් හෙද නිලධාරිනියන් අසරණ අම්මලාගේ දරුවන්ගේ ජීවිත බිල්ලට දීල කටයුතු කරන මේ වගේ වෙලාවක අඩුම තරමේ මගේ ජීවිතයවත් බේරුණු එක ගැන මම සතුටු වෙනවා. මට එහෙම සතුටු වෙන්න පුළුවන්. මොකද මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.
ඔබේ දරුව මියගියා කියලා රෝහල පුරා ප්‍රචාරයක් ගිහිල්ලා තිබුණා නේද?
ඔව්. මම ඒ වෙලාවේ කෑගැහුවා මගේ දරුවව පෙන්නන්න කියලා. පස්සේ ඩොක්ටර් කෙනෙක් ඇවිත් ඇටෙන්ඩන්ට් කෙනෙක් ලවා මගේ දරුවව ගෙනැල්ලා පෙන්නුවා. වාට්ටුවෙ හැමෝමත් බයවෙලා. ළමයි හම්බවෙද්දී ළමයි නැතිවෙනවා කියන ප්‍රචාරය තමයි රෝහල පුරාම ගිහිල්ලා තිබුණේ. පස්සේ මම ඒ අම්මලා හැමෝටම කරුණු පැහැදිලි කරලා කිව්වා මගේ දරුව හොඳින් ඉන්නවා කියලා.
ෙදාඩම්ගස්ලන්ද
බී. මුදියන්සේ
චාමිකා මුණසිංහ

0 comments:
Post a Comment