facebook like

මං මගේ සුපුරුදු 'ටෙක්‌නික්‌' එක වෙනස්‌ කළා සංගා කියයි

හොඳම කඩුලූ සම්බන්ධතා පවත්වන ලද පිතිකරුවන්ගේ ලැයිස්‌තුවේ 03 වැනි ස්‌ථානයට පත් මහේල-සංගා යුගලයේ සංගක්‌කාරගේ සහායකයා වූ මහේල විසින් ශතකය ලබාගත් අවස්‌ථාවේදී සුභ පැතූ අයුරු...
 ලෝස්‌ඩ් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරමින් ශතකයක්‌ ලබා ගැනීමේ අවශ්‍යතාවය තමන්ට තදින්ම තිබූ බවත් පවසන සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර එය සපුරා ගැනීමට හැකිවීම සිය ක්‍රිකට්‌ දිවියේ විශේෂ හැගීමක්‌ දනවන්නක්‌ වන බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඩ්ස්‌හි පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ තෙවැනි දිනය වූ පෙරේදා (15 දා) ශ්‍රී ලංකා ඉනිමේ 78 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද ජෝ රූට්‌ගේ සිව්වැනි පන්දුවට හතරේ පහරක්‌ එල්ල කරමින් අදාළ සුවිශේෂී ශතකය වාර්තා මෙන්ම සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ 35 වැනි ටෙස්‌ට්‌ ශතකය වාර්තා කර ගැනීමට සංගක්‌කාර සමත්වූවේය.

කල්යල් බලමින් ඉවසිලිවන්ත වූ සංගක්‌කාරගේ වටිනා ලකුණු 147 ක ඉනිම සඳහා හෙතෙම පන්දු 258 කට මුහුණ දෙමින් 16 වතාවක්‌ පන්දුව හතරේ සීමාව කරා යැමට සලස්‌වා තිබුණි.

''ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සුවිශේෂී ස්‌ථානයක්‌ වන ලෝඩ්ස්‌ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප පළක්‌ම තනි වශයෙන් හොඳට කරලා තියෙනවා. එවැනි ස්‌ථානයක ශතකයක්‌ වාර්තා කිරීමට හැකිවීම ඉතාමත් විශේෂ හැගීමක්‌ දනවන්නක්‌'' යනුවෙන් සංගක්‌කාර සඳහන් කරයි.

අදාළ ශතකය ලබා ගැනීමේදී තමන්ගේ සාම්ප්‍රදානුකූල පන්දුවට පහරදීමේ රටාවට වඩා තම පන්දුවට පහරදීමේදී තාක්‍ෂණික වශයෙන් වෙනසක්‌ කළ බවද මෙහිදී සංගක්‌කාර සඳහන් කර තිබේ.

''එය මට නිරන්තරයෙන්ම වාගේ කරන්නට ඕන වුණ දෙයක්‌. මම මේ සඳහා හොඳින් සූදානම් වුණා. විශේෂයෙන්ම මගේ පන්දුවට පහර දීමේ තාක්‍ෂණික පැත්තෙන්. එය මෙම තරගයේදී සාර්ථක වීම සතුට දනවන්නක්‌'' යනුවෙන් සංගක්‌කාර සඳහන් කරයි.

මේ අතර සංගක්‌කාර ශතකය ලබාගන්නා අතරතුර අනෙක්‌ අන්තයේ සිටි මහේල ජයවර්ධනද සංගක්‌කාර ලබාගත් ශතකය පිළිබඳව අදහස්‌ දක්‌වමින්, ''කුමාර්ට ලෝඩ්ස්‌ ක්‍රීඩාංගණයේදී ශතකයක්‌ ලබා ගැනීමට හැකිවීම පිළිබඳව මම ගොඩක්‌ සතුටට පත්වෙනවා. මෙම ශතකය ලබා ගැනීමේදී ඔහු පිට ඉන්නට ඈතින් යන පන්දු බොහොමයක්‌ නිදැල්ලේ යන්නට හැරියා. ඒ වගේ පන්දු නිදැල්ලේ යන්න හරිනවා මම කවදාවත් දැකලා නැහැ'' යනුවෙන් සඳහන් කර තිබේ.

මෙම තරගයේදී සංගක්‌කාර සහ මහේල ජයවර්ධන තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 127 ක ශතක සම්බන්ධතාව සමග ලෝකයේ හොඳම කඩුලූ සම්බන්ධතා පවත්වන ලද පිතිකරුවන්ගේ ලැයිස්‌තුවේ 03 වැනි ස්‌ථානයට මහේල-සංගා යුගලය පත්වී සිටිති.

ටෙස්‌ට්‌ තරග 112 කදී එකව ක්‍රීඩා කර ඇති මහේල-සංගා යුගල මුලූ ලකුණු 6115 ක සම්බන්ධතා ගොඩනංවා තිබෙන අතර ඔවුන්ට ඉදිරියෙන් ඉන්දීය කණ්‌ඩායමේ සුපිරි පිතිකරුවන් දෙපළක්‌ වන සචින් ටෙන්ඩුල්කාර් සහ රාහුල් ඩ්‍රාවිඩ්ද (6920) සහ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවන් වූ ගෝර්ඩන් ග්‍රෙනේඡ් සහ ඩෙස්‌මන්ඩ්ස්‌ හේන්ස්‌(6482) යන පිතිකරුවන් යුගල වෙති.

මෙම තරගයට පෙර පැවැති එක්‌දින තරගාවලියේදීද ලෝඩ්ස්‌හි පැවැති එක්‌දින තරගයේදී ශතකයක්‌ වාර්තා කරමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහනය කරා රැගෙන යැමට සංගක්‌කාර සමත්විය. එහිදී ඔහු පන්දු 104 කදී හතරේ පහර 14ක්‌ ක්‌ සමගින් ලකුණු 112 ක්‌ ලබාගත්තේය.

සංගක්‌කාරට පෙර ලෝඩ්ස්‌ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් 6 දෙනෙකු ශතක වාර්තා කරගෙන සිටින අතර මහේල ජයවර්ධන දෙවතාවකදී ශතක වාර්තා කර තිබේ. ඒ අනුව සංගක්‌කාර ලෝඩ්ස්‌හි ශතකයක්‌ ලද 7 වැන්නා ලෙසද ඇංජලෝ මැතිව්ස්‌ට 8 වැන්නා ලෙසද වාර්තා අතරට එක්‌ වනු ඇත.

ාසඩ්සබ් -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive