facebook like

සී.අයි.ඩී.යට කැඳවනු ලැබූ මධුමාධව කියන කතාව

බේරුවල හා අලුත්ගම ඇති වූ  ගැටුම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව පසුගියදා ඔබ රහස් ‍පොලීසිය (සී.අයි.ඩී ය) හමුවට කැඳවා ප්‍රශ්න කරනු ලැබුවා. අලුත්ගම දී ඔබ විසින් කරන ලද කතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බව වාර්තා වුණා. මොකක්ද මේ සිද්ධියේ පසුබිම?

දීර්ඝ කාලයක් තිස්සේ අපි දැකලා නොදැක්කා වගේ හිටපු ඇත්තක් තියෙනවා. චිරාත් කාලයක් තිස්සේ අපි  සිංහල මුස්ලිම් සියලු දෙනා සමගියෙන් සමාදානයෙන් හිටියට පසුගිය දශක දෙකක කාලය තුළදී එය වෙනස් වෙන්න පටන් ගත්තා. සාමාන්‍ය  මුස්ලිම් ජනතාව මේ තත්ත්වයට වගකිව යුතුයි කියලා මම කියන්නේ නැහැ. නමුත් යම් යම් අන්තවාදීන් නිසා මෙවැනි තත්ත්වයක් වර්ධනය වෙන්න ගත්තා. මේ අයගේ ඇඳුම් පැළඳුම් වෙනස් වෙන්න පටන් ගත්තා. හලාල් නැතිව කන්න බැහැ කියද්දී අපි බලාගෙන හිටියා. ලෝකේ කොහෙවත් රටක එහෙම වෙන්නේ නැහැ. මම නම් දකින්නේ අපි මේ සියල්ල වෙද්දිත් ඇහැකන පියාගෙන හිටියේ අපේ ජාතියේ තියෙන නිද්‍රාශීලි බව නිසා කියලායි. මේ සමහර අන්තවාදීන් බුද්ධාගමට විරුද්ධවත් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. බුදු හාමුදුරුවෝ මිනී මස් කනවාය කියලා කියපු වෙලාවේත් සිංහල බෞද්ධයා කට වහගෙන හිටියා.
සැබෑ බෞද්ධයන් සියල්ල උපේක්ෂාවෙන් දකිමින්  අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන කොටසක්. එය වැරදියි කියලද ඔබ කියන්නේ?
සමහර බෞද්ධයෝ හිතන්නේ ආගමික සහජීවනය කියන්නේ බුදු හාමුදුරුවන්ට බැන්නත් අහගෙන සිටිය යුතුය කියලායි. මොකද අපි නිද්‍රාශීලි ජාතියක් බවට පත් කරලා තියෙන්නේ. මැද පෙරදිග  ගිහිල්ලා මම ඔවුන්ගේ ආගම ගැන මෙහෙම ප්‍රකාශයක් කළා නම් මොන වගේ දෙයක් වෙයිද කියලා අපිට හිතාගන්න පුළුවන්නේ. ඒකට අපිට දොස් කියන්න බැහැ. ඔවුන් ඔවුන්ගේ ආගම ජාතිය රැක ගන්න ඕනේ  අපට බැරි වුණාට.
කොහොම හරි ඔය වගේ තත්ත්වයක් මේ රටේ පවතින වෙලාවක  තමයි ස්වාමින්වහන්සේ කෙනෙකුට පහර දුන් බව වාර්තා වුණේ.  මනුස්සයෙක් හැටියට මට මේක දරන්න බැහැ. ඒ නිසා තමයි මම මේ අයුක්තිය ගැන කතා කරන්න අලුත්ගම රැස්වීමට සහභාගි වුණේ.
අපි  එදා අලුත්ගමට ගියේ එම ප්‍රදේශයේ ජනතාවට රටේ තියෙන මේ ඇත්ත තත්ත්වය තේරුම් කරලා දීමටයි.  මුස්ලිම් අන්තවාදීන් කරන විනාශය පෙන්වා දෙන්න තමයි එහි ගියේ. අපි ගිය ගමනේ සත්‍ය තත්ත්වය මම රහස් ‍පොලිස් නිලධාරින්ට කිව්වා. වහාබ්වාදීන් රටේ ප්‍රශ්න ඇති කිරිම ගැනත් අපි පෙන්වා දුන්නා. අපි මෙතනදි කිසිම අවස්ථාවක මුස්ලිම් මිනිස්සුන්ට ගහපන් මරපන් කියලා කිව්වේ නැහැ. හැබැයි අපි අරාබි රටකට ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්න ගියොත් එහෙනම් ඉතින් අපට අබ සරණයි තමයි.
ඔබ රහස් ‍පොලීසියට යද්දී නීතිඥයෙකුවත් රැගෙන නොගිය බවත් වාර්තා වුණා?
ඔව්. මම නිතීඥ මහත්මයෙකු පවා නැතිව රහස් ‍පොලිසියට ගියේ අප වරදක් කරලා නැති නිසයි. මොකද අපේ ජනතාවට රටේ පවතින සත්‍ය තත්ත්වය තේරුම් කරලා දීම මම හිතන විදියට වරදක් නොවෙයි. වරද මූලධර්මවාදීන්, ජිහාඩ්වාදීන් හා වහාබ් අන්තවාදීන් ආරක්ෂා කරන එකයි. මේ රටේ ක්‍රියාත්මක වෙන මේ කණ්ඩායම් පිළිබඳව අපි කාලයක් තිස්සේ හෙළිකළ තොරතුරු රහස් ‍පොලිස් නිලධාරීන් ඉදිරියේදිත් මම පැහැදිලි කරලා දුන්නා.
මෙවැනි රැස්වීමක් තියලා ඔබලා කළේ ජනතාව කුපිත කරන එක නොවෙයිද?
අපේ පරමාර්ථය වුණේ ජනතාව දැනුවත් කිරීම මිසක් කුපිත කිරීම නොවෙයි. එදා හත්දාහක් විතර සෙනඟ ඇවිල්ලා හිටියා. අපි එයාලව කුපිත කළා නම් අද අලුත්ගමක් ඉතුරු වෙන්නේ නැහැ.
ඔබ එසේ කීවත් මේ රැස්වීමේදී භික්ෂුන්වහන්සේලා පවා කතා කරපු ආකාරය බැලුවහම ජනතාව කුපිත වීම පුදුමයක් නොවන බවට සමාජයෙන් චෝදනා එල්ල වෙනවා?
 ‘මෙයා මෙහෙම කිව්ව නිසා අරයා මෙහෙම කළාය’ කියලා කියන්න පුළුවන් න්‍යායක් නැහැනේ. කිසිම තැනකදි මුස්ලිම් මිනිස්සුන්ව මරපං ගහපං කොටපං කියලා කියල තිබ්බා නම් නීතියට අනුව කටයුතු කරන්න පුළුවන්. මම නීතිඥ මහත්තයෙක් නැතිවම රහස් ‍පොලීසියට ගියෙත් ඒකයි. අනික මම කියපු දේවල් ඉල්ලා අස්කර ගන්නෙත් නැහැ. ඉදිරියටත් සමස්ත සිංහල සමාජයට එරෙහිව මූලධර්මවාදී වහාබ්වාදීන්  නැගිටින්නේ කොහෙද අපි එතනට ගිහිල්ලා අපේ මතය කියනවා.
බුදු දහමේ තියෙන්නේ අවිහිංසාවාදයයි. මෙහෙම කටයුතු කිරීම බුදු දහමට පටහැනිය කියලා ඉදිරිපත් වන මතවාදය ගැන ඔබේ අදහස කුමක්ද?
මම නම් එහෙම ගමනක් යන්න සාංඝික වෙලා නැහැ. මම  හාමුදුරු කෙනෙක් නොවෙයි. මට ඇවිදිනකොට බුද්ධ දර්ශනය අනුව ඇවිදින්න කියන්නේ නැහැනේ. සුසන්තිකා දුවනකොට බෞද්ධ සංස්කෘතියට අනුව කකුල පෙන්නන්න හොඳ නැහැ කියලා කියන්නේ නැහැනේ. ඒ නිසා මේවා තේරුමක් නැති කතා. බුද්ධ දර්ශනය කියන්නේ ආගමට සම්බන්ධ කාරණාවක් මිසක් ජාතිය සම්බන්ධ කාරණාවක් නොවෙයි. මෙතන ආගමේ සීමාව ඉක්මවා ගිය වෙන ප්‍රශ්නයක් තියෙනවා. මෙතනදි මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්  තමන්ගේ ශක්තිය පෙන්නන්නේ සහජීවනයෙන් නොවෙයි. මුස්ලිම් අහිංසක මිනිස්සුන්ට අපත් සමග සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න  පුළුවන්. එහෙම නැතිව  ත්‍රස්තවාදය පතුරන අයට අප කියන්නේ ඔබට යන්න පාරක් තියෙනවා, ඒ නන්දිකඩාල් කලපුව පාරයි. අපි මේක කියන්නේ මුස්ලිම් ජනතාවට නොවෙයි වහාබ්වාදී අන්තවාදී මූලධර්මවාදීන්ටයි.
ඔබේ පක්ෂය වන ජාතික හෙළ උරුමයත් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක්.
ඉතින් ඇයි ආණ්ඩුව මේ මූලධර්මවාදීන්ට එරෙහිව පියවරක් නොගන්නේ?
ඔව් ලෝකයේ ඕනෑම ආණ්ඩුවක් ජනතාවගේ අවශ්‍යතාවලින්  සියයට සියයක් සපුරන්නේ නැහැ. මම දේශපාලනය කරන්නේ සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ජනතාව සමගයි. ඔවුන් සමග අපි අපේ පීඩනය තමයි  ආණ්ඩුවට එල්ල කරන්නේ. සමහරවිට අපි ඇති කරන මේ පීඩනයට, මේ ප්‍රශ්නවලට ඔවුන්ට පිළිතුරු හොයන්න වෙයි. අපි මේ කියන දේ අනුව රටම දන්නවා වහබ්වාදීන්, ජිහාඩ් එකට සම්බන්ධ මුස්ලිම් අන්තවාදීන් ඉන්නවා කියලා. ඒ පිළිගැනීමම අපේ අරගලයේ කොටසක්නේ. එදා අපි මේවා කිව්වහම මේවා මනස්ගාත  කියලා තමයි සමහරු කිව්වේ.
  බොදු බල සේනා සංවිධානයේ පවතින ක්‍රියාකලාපය ගැන ඔබේ අදහස මොකක්ද?
මෙහෙමයි  පසුගිය අවුරුදු 10ක 15ක කාලය තුළ මේ රටේ ඇති වෙච්ච සියලුම ජාතික ව්‍යාපාරවලට මම මගේ කාලයත් ශ්‍රමයත් කැප කරමින් යම්කිසි දායකත්වයක් ලබා දුන්නා. බොදු බල සේනාවට විතරක් නොවෙයි, ඉදිරියේදී ඇති වෙන ජාතික ව්‍යපාරයකට වේවා මගේ සහාය හිමි වෙනවා. එක එක්කෙනා එක එක සටන් ක්‍රම තමයි පාවිච්චි කරන්නේ. වටරැක විජිත වගේ අය  ගැන මුලින්ම හෙළිදරව් කළේ කවුද? වටරැක විජිත කියන කෙනාගේ ඇත්ත තත්ත්වය ගැන මුලින්ම කිවුවේ සෝම හාමුදුරුවොයි. එදා කවුරුත් ඒක ඇහුවේ නැහැ. වටරැක විජිත කියන්නේ කවුද කියලා සෝම හාමුදුරුවෝ කිව්වට පස්සේ ඊළඟට ඒක කරන්න තරම් කොන්දක් තිබුණේ බොදුබල සේනාවේ ඥානසාර හාමුදුරුවන්ටයි. තමන්වම තුවාල කරගෙන නිරුවතින් රඟපාපු බවට චෝදනා එල්ලවුණු මෙවැනි අය මුස්ලිම් රටක හිටියා නම් මෙහෙම ඇප හම්බ වෙන්නේ නැහැ.
බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හඳුන්වන්නේ මුස්ලිම් ඇමැතිවරුන් පමණක් නොවෙයි. ආණ්ඩුවේ ඉන්න ඇතැම් සිංහල ඇමැතිවරුන්  පවා බොදු බල සේනාවට මේ චෝදනාව එල්ල කරනවා.
තමන්ගේ දේශපාලනය ගැන පමණක් හිතන දේශපාලනඥයන්ට ඇත්ත ඇති සැටියෙන් දකින්න බැහැ. මුස්ලිම් කොට්ඨාසවල ඉන්න සිංහල මන්ත්‍රීවරුන් උත්සාහ කරන්නේ මුස්ලිම් ඡන්ද ටික තමන් සතු කරගන්න එක ගැනයි. අපට ඉතින් මේ ගැන කියන්න දෙයක් නැහැ. නමුත් ඉතින් අපට කියන්න තියෙන්නේ වපුරපු දේ තමයි නෙලාගෙන යන්න වෙන්නේ කියලායි. මෙසේ කතා කරන අයට මැතිවරණයේදී සිංහලයන් නිසි පිළිතුරු දෙන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ.
  දළයිලාමාතුමා පවා කියලා තියෙනවා සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා?
දළයිලාමා තුමාට උත්තර දෙන්න මට අවශ්‍ය නැහැ. මොකද මේ රටේ ප්‍රශ්න ගැන දන්නේ මේ රටේ මිනිස්සු. ඔබාමා කිව්වත්, දළයිලාමාතුමා කිව්වත්, නරේන්ද්‍ර මෝදි කිව්වත් එයාලා නොවෙයි මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ. ඉතින් එයාලට තියෙන්නේ එයාලගේ රටවල්වල ප්‍රශ්න විසඳ ගන්නයි. එදා හැම හන්දියෙම කොටි බෝම්බ පිපිරෙන කොට ඒක වැරදියි කියන්න ජාත්‍යන්තරයේ ඔය එක්කෙනෙක්වත් හිටියේ නැහැ. අපට පෙනෙන්න නම් මේ රටේ මුස්ලිම් මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ප්‍රශ්නයක් තියෙන්නේ සිංහල මිනිස්සුන්ටයි.
මේ තත්ත්වය  සමග ජාතික හෙළ උරුමයේ සහ බොදු බල සේනා සංවිධානයේ එකතුවීමක් වෙයිද?
ඔබට මතක ඇති පසුගිය දවසක අපි මහරගමදී සියලුම ජාතික සංවිධාන 32ක් එකතු වුණා. මේ රටේ සිංහල මිනිස්සු මේ රටට ආදරෙයි. අපේ භාෂාවට ආදරෙයි. ඒ නිසා මේ මොන නම දාගත්තත් නගින්නේ එකම කන්දට. හෙළ උරුමය වුණත්, බොදු බල සේනාව වුණත් එහෙමයි. ඒ නිසා මේ නම් ගම් ගැන එච්චර බලන්න එපා. ඔවුන් දිහා නිවැරදිව බලන්න. ඔබ වෙනුවෙන් පාරට බැහැපු කොට්ඨාසයක් තමයි මෙතැන ඉන්නේ. අපි කන්ද නගිමින් සිටිනවා. එසේ කරන්නේ තව කාලයක් සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහායි.
ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සමගියෙන් සියලු දෙනාටම ජීවත් වෙන්න ඔබ යෝජනා කරන්නේ මොකක්ද?
ශ්‍රී ලාංකිකයෝ කියලා ජාතියක් මම දැනුවත්ව නැහැ. එහෙම ඉන්නවා නම් ඒ 1972 මැයි මාසේ 22 දා තමයි ඒ ජාතිය බිහිවුණේ. මොකද මේ රට  ශ්‍රී ලංකා ජනරජය බවට පත් කළේ එදානේ. ඒකට තියෙන්නේ අවුරුදු 40ක පමණ ඉතිහාසයක්. ශ්‍රී ලාංකික ජාතිය කියන්නේ හුදෙක් මනස්කාන්ත, මනඃකල්පිත කතාවක්. ඒකට රැවටෙන්න එපා. රටේ නම වෙනස් වුණත් එතරම්ම පරගැති විය යුතු නැහැ මේ රටේ ජනතාව. අපේ ඉතිහාසය කඩාකප්පල් කරන්න, කුඩුපට්ටම් කරන්න කියන කතාවක් තමයි අපි ශ්‍රී ලාංකිකයි කියන කතාව. කොන්ද පණ නැතිකම තමයි මේකෙන් පෙන්නුම් කරන්නේ. අපි හිතන්නේ ශ්‍රී ලාංකික කියලා පිරිසක් නැහැ. ඉන්නේ සිංහල හා අනෙකුත් ජාතීනුයි. මේ සියලුම ජාතීන්ට අපත් සමග සමගියෙන් ඉන්න පුළුවන්. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමකාමීව ජීවත්වන ජන කොටස් සමග අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ.

(ලසන්තවීරකුලසූරිය)

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive