facebook like

අයුතු යෝජනාවට අකමැති වෙච්ච කාන්තාව මරපු මිරිස්සේ සල්ලාලයා

මමයි අම්මයි නංගියි උදේ හතයි විසි පහට විතර ගෙදරින් පිටවුණේ දහම් පාසල් යන්න. අපේ ගෙවල් ළඟම පාරේ වංගුවක් තියෙනවා. ඒ පාරේ මේ මාමා හැංගිලා ඉඳලා අම්මට යකඩ පොල්ලකින් ගැහුවා. එතකොට අම්මා වඩාගෙන ඉඳපු නංගිවත් බදාගෙනම කානුවට ඇදගෙන වැටුණා.

කොළඹ මහරගම බුවනෙකබා මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ සමත් වන චමල් සුදර්මන් ජයසිංහ පවුලේ බාලයා වන්නේ ඔහුට වැඩිමහල් බිමල් සහ අමල් යන සහෝදරයන් දෙදෙනා ඇතුළුව වැඩිමල් සහෝදර සහෝදරියන් හය දෙනකු නිසාය.


මුද්‍රණ සේවකයකු වශයෙන් කටයුතු කරන හිරිමල් යෞවන සමයේදී චමල් හට රෝහිණී නිල්මිණි කාන්ති ගුණසේකර නමැති පියකරු යුවතිය මුණගැසෙන්නේ අහංගම පාංචාලියේ සිට අගනුවරට පැමිණ ඇය බණ්ඩාරගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදීය.
සහෝදර සහෝදරියන් හත් දෙනකුගෙන් යුතු පවුලක පස්වැනි දරුවා ලෙස උපත ලබා අහංගම පාංචාලිය මහා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඇය කොළඹදී චමල් සමඟ ඇති කරගත් ආදර සම්බන්ධතාව මල්ඵල දරමින් රෝහිණී සහ චමල් යුවළ අතිනත ගන්නේ 1998 දෙසැම්බර් මස 31 වැනිදාය.
ඔවුන්ට පළමු දරු සම්පත ළඟා වන්නේ 2005 අප්‍රේල් දහතුන් වැනිදාය. ඒ කුෂාන් නිමේශික නම් වූ ඔවුන්ගේ වැඩිමල් පුත්‍ර රත්නයයි. දෙවැනි දරු සම්පත ලෙසින් ශෂිණි සත්සරණි දුවණිය ලැබෙන්නේ මීට වසර දෙකහමාරකට පමණ පෙර එනම් 2011 වසරේ ඔක්තෝබරයේදීය.
දරු මල්ලන්ගේ වගකීම් බර වැඩිවත්ම ඇඟලුම් කම්හල් රැකියාවෙන් රෝහිණී සමුගත්තාය. ඉන් පසුව චමල්ද මුද්‍රණ රැකියාවෙන් ඉවත් වෙන්නේ දෑත වෙහෙසවා කරනා ස්වයං රැකියාවක යෙදීම ඊට වඩා ලාභදායක යැයි සිතාය.


පළමුව අංහගමත් දෙවනුව සිය සහෝදරියගේ ගම් පළාත වූ මිරිස්ස යටිපිල ගල්කඩුව ප්‍රදේශයේත් බදුගෙවල් දෙක තුනකත් දිවි ගෙවීමෙන් පසුව රෝහිණී - චමල් යුවළ දරු දෙදෙනාද කැටිව මිරිස්ස මහිලා සමිති පාරේ කුලී නිවෙසක පදිංචියට යන්නේ 2013 වසරේ ජුනි මාසයේය.
මිරිස්ස ඇටඹගහවත්ත පිහිටි එම නිවෙසට යාබද නිවෙසේ පදිංචිව සිටියේ කනක්කහේවාගේ අසංග සහන් (39) සහ ඔහුගේ මව වන 79 හැවිරිදි එච්.කේ. දයාවතීය.
1975 පෙබරවාරි 24 වැනිදා උපත ලද අසංග සහන් මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ 9 වැනි ශේ‍ර්ණියේ අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළකු ලෙස නිල ඇඳුමක් කර ලා ගෙන තිබුණේ උතුරේ දරුණු සටන් ඇවිළෙද්දීය.
අවිවාහක අසංග දිනෙන් දින පෑ විවිධ රහසිගත ඉරියව්වලින් කියැවී ඇත්තේ ඔහු රෝහිණීගෙන් කිසියම් අනියම් ඇසුරක් පතන බවය. චමල් - රෝහිණී දරු පවුල වෙත අසංග වෙතින් තීරණාත්මක ගැටලුව නිර්මාණය වන්නේ එසේය. එය මියගිය දෙදරු මවගේ සැමියා වන චමල්ගේ වචනවලින් මෙසේය.
'.... මේ මාරක සිදුවීමට පසුබිම හැදුණු ගෙදරට අපි පදිංචියට ආවේ 2013 ජුනි මාසයේ. අපේ ගෙදර හිටියේ බිරියගේ අම්මයි තාත්තයි මමයි බිරියයි බබාලා දෙන්නයි.


දවසක්දා අම්මා අපේ අක්කලාගෙ ගෙදර ගියපු වෙලාවක ගෙදර ඉඳලා තිබුණෙ තාත්තයි දුවයි මගේ බිරියයි විතරයි. එවෙලේ මම වැඩට ගිහිල්ලා. පුතා ඉස්කෝලෙ ගිහිල්ල තිබුණා.
මගේ බිරිය මරා දැමූ අසංගගේ නිවෙසේ කුස්සියත් අපේ කුස්සියත් එක කම්බි වැටෙන් වෙන්වෙලා පිහිටා තිබුණේ. එදා දවල් එකට විතර බිරිය කුස්සියේ උයමින් ඉන්නකොට මොහු එයාලගේ කුස්සියේ ඉඳන් කියලා තියෙනවා අද මැයි මාසේ අට වැනිදාය, ලබන මාසේ 8 වැනිදාට කලින් උඹ මම කියන දේට කැමැති නොවුණොත් මගේ බලාපොරොත්තු බලෙන් හරි ඉටු කර ගන්නවාය කියලා. මේ බව මගේ බිරිය මට එවෙලේම වැඩකරන තැනට කෝල් කරලා කීවා.
එවෙලේම මම වැඩකරන හෝටලයේ හිමිකරුට සිද්ධිය දැනුම් දීලා ගෙදර ආවා. ඇවිත් ඔහුගේ ගෙදරට ගිහින් ඇහුවා මොනවද අපේ පවුලට මේ කියලා තියෙන්නෙ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නේ නැද්ද? කියලා. එතකොට කීවා පුළුවන් දෙයක් කරපන් කියලා.
මම එවෙලෙම වැලිගම පොලිසියට ගිහින් මොහුට අවවාදයක් කරවන අදහසින් පොලිසියේ පැමිණිල්ලක් කළා.
එදා මැයි 8 කරපු ඒ පැමිණිල්ල විභාග වෙන පාටක් නැති නිසා මම මගේ වැඩිමල් සහෝදරයාට කියලා පොලිසියේ ලොකු මහත්තයකුට ඉල්ලීමක් කළා ඒ පැමිණිල්ල ගැන සොයා බලන්නය කියලා. ඒ අනුව මැයි 8 වැනිදා කළ පැමිණිල්ල විභාග කරන්න මැයි 22 පොලිසියෙන් ආවා. ඉන් පසුව දෙගොල්ලන්ම වැලිගම පොලිසියට කැඳවූවා.


එතැනදී අපි පොලිසියට කීවේ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලයි. නමුත් ඔහු පොලිසිය සමඟත් වාදයට ගියා. ඒ අනුව පොලිසියෙන් සිද්ධිය අධිකරණයට යොමු කරලා අධිකරණයෙන් ඔහු දින 14කට බන්ධනාගාර ගත කළා.
ඉන් පසුව මොහු ඇප ලබාගෙන බන්ධනාගාරයෙන් ඇවිත් මගේ බිරිය පුතා පාසලට ඇරලවන්නට ගිහින් ආපසු එන වෙලාවක මඟදී තර්ජනය කරලා තිබුණා. එදා මගේ බිරිය දුවලා ගිහින් පාර අයිනේ තිබුණු ගෙදරකට රිංගලා සැඟවිලා ජීවිතේ බේරාගෙන තිබුණා.
එදා ජුනි 30 වැනිදා. නැවත අපි ඒ ගැන වැලිගම පොලිසියේ පැමිණිලි කළා. නමුත් ඊළඟ මාසේ ජූලි 06 වැනිදා මගේ බිරිය මොහුගේ යකඩ පොලු පහරින් මිය යන විටත් එම පැමිණිල්ල විභාග වී තිබුණේ නෑ. බිරිය මියගිය දා උදේ හයයි කාලට විතර මම ගෙදරින් පිටවෙන කොට එයා දරුවන්ට උදේට කන්න රොටි අනමිනුයි හිටියේ. රොටි පුච්චන තුරු මම නොහිටියේ වැඩට යන්න පරක්කු වන නිසා. මම ගෙදරින් පිටවෙලා එද්දී එයා වෙනදා විදියටම 'පරිස්සමින් යන්න' කීවා මතකයි.
ඒ තමයි මගේ බිරිය මට කීව අන්තිම වචනය.


මගේ ලොකු පුතා කුෂාන් නිමේෂික ඉගෙන ගන්නේ මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ 4 වැනි ශේ‍ර්ණියේ. එයා දහම් පාසල් යන්නේ මිරිස්ස බණමඩුව විහාරස්ථාන දහම්පාසලට. එදා මගේ බිරිය අවුරුදු දෙකහමාරක් වයසැති මගේ ශෂිනි තත්සරණි දුවත් වඩාගෙන ලොකු දරුවා දහම් පාසලට ඇරලන්න පාරට බැහැලා තිබුණා.
එතකොට ඒ අසල වංගුවේ සැඟවිලා ඉඳපු මේ අධමයා මගේ බිරියගේ හිසට යකඩ පොලු පහරක් එල්ල කර තිබුණා. එතැනදී කානුවට විසිවී වැටුණු මගේ බිරිය කෑ ගහලා කියලා තිබුණා '....මට ඕනෑම දෙයක් කරපන්. මගේ දරුවන්ට මුකුත් කරන්න එපා...' ය කියලා.


එහෙම කියද්දී ඒ අධමයා පිට පිටම මගේ බිරියගේ හිසට යකඩ පොල්ලෙන් ගසද්දී ඇගේ හිස් කබල පවා බිඳිලා තිබුණා.
මගේ බිරිය ඝාතනය කළ එසැණින් මොහු ආසන්නයේ තිබුණු ඔහුගේ නිවෙසට දුවලා ‍ෙදාර වසාගෙන තියෙනවා. අසල්වැසියන්ගේ වැඩි අවධානය යොමුව තිබුණේ ලේ විලක් මැද වැටී සිටිනා මගේ බිරිය රෝහල්ගත කිරීමේ කටයුත්තට නිසා ඔහුට ඕනෑ විදියටම නිවෙසේ කාමරයක බාල්කයේ එල්ලී ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබුණා. ලේ විලක් මැද වැටී සිටිය මගේ බිරිය තුරුලු කරන් සිටිය අවුරුදු දෙකහමාරේ දියණියගේ ඇඟේ තැවරුණු ලේ පිසදාලා වෙන් කරලා අරගෙන මගේ බිරිය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ත්‍රිරෝද රථයකින් එක්ක ගිහින් ඇතුළු කර තිබුණා.

ත්‍රීවීල් එකේදී මගේ බිරියට එක පාරක් සිහිය ඇවිත් කෝ දරු දෙන්නා කියලා අහලා දරුවන් හොඳින් බලා ගන්නට කියලා තිබුණා.
ඉන් පස්සේ රෝහලට ඇතුළත් කරන විටදීම වගේ මගේ බිරිය මියගිහින් තිබුණා. මම වැඩකරන ස්ථානයට පණිවුඩය ලැබිලා මම මාතර රෝහලට යනකොට වෙන්න තිබිච්ච සියලු දේවල් වෙලා ඉවරයි.
අපි එදා ජුනි 30 කරපු පැමිණිල්ල විභාග කරන්න පොලිසියෙන් ඇවිත් මේ අධමයාට පොඩි තරවටුවක් වත් කළා නම් මේ විනාශය මේ විදියට නොවෙන්න ඉඩ තිබුණා....'
එසේ පැවැසූ චමල් ජයසිංහ නමැති ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණදුන් අහිංසක සැමියා දෑස් අග පිසදාගනු පෙනුණි.
ඉන් පසුව අප අදහස් විමසූයේ එම කුරිරු ඝාතනය කර තමුන්ද දිවි නසා ගත් අවාසනාවන්ත පුද්ගලයා නොහොත් කනක්ක හේවාගේ අසංග සහන්ගේ මව වන එච්.කේ. දයාවතී මහත්මියගෙනි.
'.... මිරිස්ස ඇටඹගහවත්ත මහිලා සමිති පාරේ පදිංචි අපේ නිවෙසේ කේ.එච්. ගුණපාල වන මගේ මහත්තයා මිය ගිහින් හරියටම හත්වැනි අවුරුද්ද සම්පූර්ණ වෙන දවසේදීයි මගේ පුතා මේ දේ සිද්ධ කරගත්තේ. මේ මගේ එකොළොස් වැනි (11) දරුවා. මට පුතාලා නවයයි දූලා තුන්දෙනයි. අනෙක් සේරම විවාහකයි. මෙයා විතරයි බැඳල නැත්තේ.


මේ ගෙදර පුතයි මමයි ඉන්නේ. පුතා මට කීවේ මම බඳින්නේ නැහැයි අම්මා බලාගෙන ඉන්නවාය කියලයි. ඔය බලාගත්ත හැටි තමයි.
අනූ ගණන්වල යුද්ධෙ කාලේ ගජබා රෙජිමේන්තුවේ අනුරාධපුරේ හිටියේ. අවුරුදු දෙකහමාරක් විතර හමුදාවේ හිටියා. කනේ ආබාධයක් හැදුණු නිසා අපි හමුදාවෙන් අයින් කරගත්තා. ඊට පස්සේ ගමට ඇවිත් පොඩි බෝට්ටුවල ධීවර රැකියාවේ ගියා. කනේ ආබාධය නිසා බහුදින ධීවර යාත්‍රාවලත් යන්න බෑ.
මගේ පුතාට ඒ ගෑනු මනුස්සයා පැමිණිල්ලක් දාලා පොලිසියේ රිමාන්ඩ් කරලා දවස් 14ක් බන්ධනාගාරගතව හිටියා. ඒක ගැන පුතා හරිම වේදනාවෙන් හිටියේ.
පුතා මට කීවා අම්මේ මමත් හමුදා සූට් එකක් ඇඳපු කොල්ලෙක්නේ. 'අම්මේ මට ලැජ්ජාව ඉවසන්න බෑ. මම මේ ගෑනි මරලා මමත් බෙල්ලේ වැල දාගන්නවා' කියලා. ඒ කිව්වට එහෙම කරාවිය කියලා මම හිතුවේ නෑ. මම කීවා පුතේ එහෙම කරන්න එපාය ඉවසන්නය කියලා. නමුත් එයා හිතේ පුදුම ආවේගයකින් කල්පනා කර කරමයි හිටියේ...'

ඉන්පසුව අදහස් දැක්වූ දිවිනසාගත් සැකකරුගේ දෙවිනුවර පදිංචි වැඩිමහල් සොයුරිය පවසන්නේ මෙබඳු කතාවකි.
'... පසුගිය දවස්වල පළවුණු දේවල්වල හැටියට අපට පාරේ බැහැලා යන්නත් බෑ. ඒ නිසා ෆොටෝ ගන්නවත් නම පළ කරන්නවත් එපා. මල්ලී හමුදාවෙන් ඉවත් වුණාට පස්සේ වෙලාවකට ඔළුව හොඳ නැති ගතියක් තිබුණා. බෙහෙත් ගෙනාවත් ඒක හරියට බොන්නේ නෑ. අම්මා විතරයි ගෙදර හිටියේ. ඒ නිසා අවිවාහක තනිකමත් මේ දේවල්වලට බලපාන්න ඇති. නමුත් ඒ මොනවා වුණත් මල්ලි කරපු මේ ක්‍රියාව මනුෂ්‍යයන් හැටියට අපට කිසිසේත් අනුමත කරන්න බෑ.
අවසන් වශයෙන් අප අදහස් විමසුවේ එම දෙදරු මව ඝාතනයට ලක්වන මොහොත සියැසින් දුටු එම කාන්තාවගේ වැඩිමල් දරුවා වන නව හැවිරිදි කුෂාන් නිමේෂිත ජයසිංහ දරුවාගෙනි.
'...මම යන්නේ උඩුපිල බණමඩුව දහම් පාසලට. එදා ඉරිදා උදේ මමයි අම්මයි නංගියි උදේ හතයි විසි පහට විතර ගෙදරින් පිටවුණේ දහම් පාසල් යන්න. අපේ ගෙවල් ළඟම පාරේ වංගුවක් තියෙනවා. ඒ පාරේ මේ මාමා හැංගිලා ඉඳලා අම්මට යකඩ පොල්ලකින් ගැහුවා. එතකොට අම්මා වඩාගෙන ඉඳපු නංගිවත් බදාගෙනම කානුවට ඇදගෙන වැටුණා.

ඉන්පස්සේ ඒ මාමා අපේ අම්මගේ ඔළුවට යකඩ පොල්ලෙන් ගහනකොට මම ඒ මාමාට වැඳලා කීවා අනේ මාමේ අපේ අම්මට ගහන්න එපාය කියලා. ඒත් ඒ මාමා ඇහුවේ නෑ. ඉන් පස්සේ මුහුදු යන මාමලා දෙන්නෙක් ඇවිල්ලා ත්‍රීවීල් එකක දාගෙන අම්මාව මාතරට අරගෙන ගියා. අම්මට වීල් එකේදීත් ගොඩාක් ලේ ගිහිල්ලා තිබුණා...'
'ඉතින් අම්මා අන්තිමට මොකක්ද ඔයාලාට කීවේ..'
අවසන් වශයෙන් අපි මේ දරුවාගෙන් විමසුවෙමු.
'අන්තිමට...'
දරුවා කල්පනා කරයි.
'....අන්තිමට මොකවත් නෑ...'

සටහන සහ ඡායාරූප:
කලාත්ම ජයවර්ධන

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive