facebook like

පාලිත තෙවරප්පෙරුමගේ රගපෑම ගැන.....ඇත්ත කතාව

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ඉල්ලා අස්වීමේ ලිපිය බාරදිය යුත්තේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට මිස අන්කවරකුට හෝ නොවන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. මන්ත්‍රිවරයකු සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමා විසින්ම අස්සන තබා මහ ලේකම්වරයාට බාරදිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති බවද දසනායක මහතා කීවේය.
ඉල්ලා අස්වන මන්ත්‍රිවරයා සිය අස්සන සහිත ලිපිය ඉදිරිපත් කළ විට පාර්ලිමේන්තුවේ
මහ ලේකම්වරයා සෑහීමට පත්විය යුතු බවත් අදාළ මන්ත්‍රිවරයා සිය ලිපිය මහ ලේකම්වරයාට භාරදිය යුතු වන්නේ යැයිද ඒ මහතා පැවැසීය.
මන්ත්‍රිවරයකු ඉල්ලා අස්වීමේ ලිපිය මහ ලේකම්වරයා විසින් පිළිගනු ලැබීමෙන් පසු ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන බවද ඒ අනුව යථෝක්ත මන්ත්‍රිවරයා තේරීපත් වූ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින පුද්ගලයා මන්ත්‍රිවරයා වශයෙන් නම් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඒ නම ගැසට් කරනු ලබන බවද මහලේකම් ධම්මික දසනායක මහතා කීවේය.
ඉල්ලා අස්වීමට තීරණය කරන ලද මන්ත්‍රිවරයා සිය දේශපාලන පක්‍ෂයේ නායකයාට හෝ මහලේකම්වරයාට හෝ මැතිවරණ කොමසාරිස්වරයාට හෝ යවන ලද අස්වීමේ ලිපියක් පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ පිළිගැනීමට ලක් නොවන අතර එය නීත්‍යනුකූල අස්වීමේ ලිපියක් සේ නොසලකන බවත් පැවැසූ ධම්මික දසනායක මහතා එම ලිපිය පිළිගන්නේ මන්ත්‍රිවරයා විසින්ම භාරදෙනු ලැබුවහොත් පමණක් බවත් අවධාරණය කළේය.
මන්ත්‍රිවරයකු තම අස්සන යටතේ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යවන ලද ලිපියක් මඟින් තම ආසනයෙන් ඉල්ලා අස්වීමෙන් මන්ත්‍රි ධුරය හිස්වන බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 66 (ආ) ව්‍යවස්ථාවේ පැහැදිලිවම දක්වා ඇත.
කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා ඉල්ලා අස්වීමේ ලිපියක් තමාට භාර දුන්නේ නැති බවද මහලේකම්වරයා සඳහන් කළේය.

                                                                                                                                                                                  mawbima -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive