තවමත් සොයාගත නොහැකි වරින් වර මතුවී අතුරුදන් වන හිම මිනිසා හෙවත් බිග් ෆුට් යැයි සැක සිතන රුවක් කැනඩාවේ ස්කුවාමිෂ් කඳුවැටියේ දී දක්නට ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විනෝදය පිණිස මේ කඳුවැටිය තරණය කිරීමට ගිය පිරිසකට එවැනි දර්ශනයක් දැකගත හැකි වී ඇත. ඒ යම් කිසි ජීවියෙක් පහළ බෑවුමක් ඔස්සේ දිව යන ආකාරයයි. ටැන්ටලුස් කොටසේ කඳු නගිමින් සිටින මොහොතේ මෙම
පිරිස අතර සිටි මයිලස් ලැමොන්ට් හට මෙම සිදුවීම් පෙළ පටිගත කර ගැනීමට හැකියාව ලැබී තිබේ. එහි දැක්වෙන්නේ මිනිසෙක් වැනි දෙපයින් ඇවිද යන සත්ත්වයෙක් හිම අතරින් දිව යන ආකාරයයි. ඒ සිටින්නේ මන:කල්පිතයක් යැයි සැලකෙන බිග් ෆුට් විය හැකි බවටද ඔවුන් විශ්වාස කරයි.
මෙම දර්ශන ලබා ගත් පසු ලැමොන්ට් හට ඇත්තේ ගැටළුකාරී තත්වයකි. ඔහු අසන්නේ “ඒ සිටින්නේ යම් මිනිසෙක් නම් ඔහු කෙලින්ම පහළට නොබැස ඉහළ ඇති කඳු වැටියට නැග්ගේ ඇයි?” යන්නයි.
‘අපි එදා හිටියේ අඩි 7000 විතර උසක. ඒ සත්ත්වයා මොකෙක් වුණත් හරියට බය වෙලා දුවනවා වගේ වේගයෙන් කඳු ගැටය නැග්ගා. එයාව අපේ ළඟට ඇද ගන්න ඇත්නම් කියලත් අපි කතා වුණා.’ ලැමොන්ට් තව දුරටත් අදහස් දක්වයි.
ඒ දර්ශන වලදී පැහැදිලිව පෙනී යන්නේ මෙම සත්ත්වයා කිසිඳු පා ආවරණයක්, පිටේ ගෙන යන බඩු මල්ලක් හෝ කිසිදු වර්ණයක රෙදි කැබැල්ලක් ඇඟලා ගෙන නොසිටි බවකි. මෙවැනි උසක තෙත බරිත සීතල හිම මත සපත්තු නොමැතිව ඇවිද යාම මිනිසෙකුට අතිශය අපහසු වන අතර මෙම සත්ත්වයාට කිසිදු අපහසුවකින් තොරව නිරුවත් දෙපා වලින් හිම මත වේගයෙන් දිව යාමද හැකියාව තිබී ඇත.
ඇතැම් අය පවසන්නේ මෙය අසත්‍ය. වීඩියෝ පටයක් බවයි. එහෙත් මෙම කඳු නගින්නන් පිරිස තරයේ කියා සිටින්නේ මෙය සත්‍ය සිදුවීමක පිටගත කරන ලද්දක් බවත්, එහි සිටින්නේ වලසෙක් හෝ වෙන යම් කැළෑ සත්ත්වයෙක් නොවන බවත්ය.
කෙසේ වෙතත් බහුතරයක මතය වී ඇත්තේ මෙය පිළිබඳව සොයා බැලිය යුතු බවයි. මෙතෙක් ආන්දෝලනාත්මක හිම මිනිසා හෙවත් බීග් ෆුට් සෙවීමට සිදුකැර ඇති පර්යේෂණ සඳහා ඇමෙරිකානු ඩොලර් පන්ලක්ෂයක් පමණ වැයකැර ඇතත් හිම මිනිසා සොයන පර්යේෂකයෝ ඉදිරි කාලයේ ස්කුවාමිෂ් කඳුවැටියේ ද හිම මිනිසා සොයා ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට සූදානම්ව සිටිති. ඒ වෙනුවෙන් තවත් ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුවනු ඇත.

0 comments:
Post a Comment