පිටකොටුව, ගුණසිංහපුරදී ගැබිනි කාන්තාවක් තම රියට යටකර මරණයට පත් කර පලාගිය සැකකරු අද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ පසුගිය මස 27 වන දා සිදු වු එම අනතුරින් පසු සිංගප්පුරුව හරහා අමෙරිකාවට පලාගොස් සිටි සැකකරු අද පිටකොටුව පොලිසිය වෙත පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව ය.
සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත ය.
සැකකරුට එරෙහිව ජාත්‍යන්තර
පොලිසිය මගින් රතු නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරමින් තිබුණු අතර එය අවලංගු කිරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති බව ද පොලීසිය පැවසීය.
අදාළ අනතුර සිදු වූ අවස්ථාවේදී සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ සටහන් වූ දර්ශන පහත දැක්වේ.

.jpg)

0 comments:
Post a Comment