facebook like

පොලිස්‌ බොඩිගාඩ්ලා මන්ත්‍රිනීගේ ගෙදර 'සර්වන්ට්‌'ලා වෙලා * කෑම පිසිති * වළං සෝදති * හරක්‌ බලති * කොස්‌ කඩති

'මගේ ආරක්‍ෂාවට මොකෙක්‌වත් ඕනෑ නෑ... උඹලාට බැරි නම් 
කියපල්ලා... මං මාරු කරන්නම්....' මන්ත්‍රිනිය ගොරවයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ ආරක්‍ෂාවට යොදවා සිටින පොලිස්‌ නිලධාරීන් දෙදෙනා එම මන්ත්‍රීවරිය විසින් බලහත්කාරයෙන් ගෘහ සේවය
සඳහා යොදවා ගැනීම පිළිබඳව ඉහළ පෙළේ පොලිස්‌ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

මෙම මන්ත්‍රීවරිය අතින් දැඩි ලෙස මානසික හා ශාරීරික පීඩාවන්ට ලක්‌ව ඇති පොලිස්‌ නිලධාරීන් දෙදෙනා මේ පිළිබඳව ඉහළ පොලිස්‌ නිලධාරීන්ට පසුගියදා ලිඛිතව පැමිණිලි කර තිබේ.

පොලිස්‌ නිලධාරීන් ලිඛිතව කළ පැමිණිල්ලේ මෙසේ සඳහන් වෙයි.

මන්ත්‍රීවරියගේ ආරක්‍ෂාව සඳහා අප පත්කර ඇතත් කිසිම අවස්‌ථාවක ඇය අප ඒ සඳහා යොදවාගෙන නැත.

"මන්ත්‍රීතුමිය අප හට හැම විටම පවසන්නේ මගේ ආරක්‍ෂාවට මොකෙක්‌වත් ඕනේ නෑ කියලා. උඹලව ජීප් එකේ ඉස්‌සරහ තියාගෙන කන්න බොන්න දෙන්න මට බෑ උඹලා ගෙදරට වෙලා ඉඳගෙන ගෙදර වැඩ කරපල්ලා. ඒ වැඩ කරන්නට බැරි නම් මට කියපල්ලා. මම උඹලව මාරු කර දානවා"

එසේ කියමින් මෙම මන්ත්‍රීවරිය තමන්ට නිතරම තර්ජනය කරන බව ද පොලිස්‌ නිලධාරීන් කළ ලිඛිත පැමිණිල්ලේ සඳහන් වෙයි.

මන්ත්‍රීවරියගේ නියෝග මත තමන් ඇගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙන බව ද එම නිලධාරීහු සඳහන් කරති. එම නියෝගවලට අනුව නිවස අතුගෑම, මල්පාත්ති ශුද්ධ කිරීම, වළන් සේදීම, ආහාර පිසීම, කොස්‌ කැඩීම, හරක්‌ බැලීම, මිදුල උදුළුගෑම, කුඹුරු සෑම, පොළේ යැම, වාහන සේදීම වැනි ක්‍රියා සඳහා තමන් බලහත්කාරයෙන් යොදවා ගන්නා බව මෙම නිලධාරීන් ඔවුන්ගේ ලිඛිත පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මේ නිසා තමන් දැඩි මානසික පීඩාවට ලක්‌ව ඇති බවත් මෙම මන්ත්‍රීවරියගේ ආරක්‍ෂක කටයුතුවලින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් ඔවුන් ඉල්ලා ඇත.

පත්කළ මන්ත්‍රීවරියක වන මෙම කාන්තාව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පැරණිම ක්‍රියාකාරී සාමාජිකාවකි.

මෙම මන්ත්‍රීවරියගේ ක්‍රියාකලාපය පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුගේ අධීක්‍ෂණය යටතේ පුළුල් පරීක්‍ෂණයක්‌ දැන් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු කියා සිටියේ මෙම ක්‍රියාව පොලිසියේ ගෞරවයට මෙන්ම පොලිස්‌ නිලධාරීන්ගේ ගෞරවයට ද විශාල හානියක්‌ බවයි.

මෙම නිලධාරීන් දෙදෙනා වහාම එම තනතුරින් ඉවත් කර විශේෂ උපදෙස්‌ ලබාදී වෙනත් නිලධාරීන් දෙදෙනකු එම තනතුරට පත්කිරීමට කටයුතු කරන බව ද එම නිලධාරියා කීය.


divaina -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive