අද මේ රට විනාශ වී ඇත්තේ දූෂිත දේශපාලනය නිසා යැයි මල්වතු මහ නාහිමියන් ප්‍රකාශ කර තිබේ. නාහිමියන්ගේ කියමන එක අතකින් සත්‍යය.මේ රටේ දේශපාලනයට පිවිසෙන අයගෙන් සියයට අනූවක් තක්කඩියන් සහ හොරුන් බව රහසක් නොවේ. රටට, ජනතාවට සේවය කරන බව අඟවමින් දේශපාලනයට පිවිසෙන වැඩි දෙනා කරන්නේ තම මල්ල පුරවා ගැනීමය.
අරුම පුදුම දේශපාලනඥයන් සිටින මේ රටේ එවැනි මන්ත්‍රි පිරිසක් ළඟදී
හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ නැරැඹීමට ගොස් බඩ පුරා ගුටි කෑ බව පුවත්පත්වල සඳහන් විය. ගුවන්තොටුපොළ සහ වරාය සාදා දැන් අවුරුදු ගණනාවක් ගත වී ඇත. මෙතෙක් එය නැරැඹීමට නොගිය එ.ජා.ප. මන්ත්‍රි පිරිසට හිටි හැටියේ එය නැරැඹීමට අවශ්‍ය වූයේ අහවල් බම්බුවටදැයි කියන්නට බැරිය.
මේ මන්ත්‍රි පිරිස කලහකාරීන්ගෙන් බේරා ගත්තේ තමන් යැයි හම්බන්තොට නගරාධිපතිවරයා පවසයි. ඔහු තමන් බේරා නොගත් බවත්, නගරාධිපති පිස්තෝලයක් අතැතිව තමන් ලුහුබැන්ද බවත් මන්ත්‍රි පිරිස පවසති.
තමාගේ අතේ තිබුණේ සෙල්ලම් පිස්තෝලයක් බව නගරාධිපතිවරයා පවසයි.
සමහරවිට නගරාධිපතිගේ පුත්‍රයාගේ සෙල්ලම් පිස්තෝලය නගරාධිපති කඩිමුඩියේ රැගෙන එන්නට ඇත. ඔහුගේ ඇත්ත බඩුව ගෙදර දමා එන්නට ඇතැයි අපට අනුමාන කළ හැකිය.
කෙසේ වෙතත් මේ පිස්තෝල කෙළිය දැන් දුරදිග ගොස් තිබේ.
යූ.එන්.පී. මන්ත්‍රි පිරිසට වූ මේ හදිය සමහරවිට පිටරට සිටින රනිල් වික්‍රමසිංහට ආරංචි වන්නට බැරි නැහැ. මේ යක්කු කාල බීල නිදාගන්නේ නැතිව හම්බන්තොට ගියේ අහවල් මඟුලටදැයි අසමින් රනිල් චූන් එකේ පාන් කනවා ඇත.
කරු ජයසූරියත් මේ ගැන ප්‍රකාශයක් කර ඇතත් එය ගණන් ගත යුතු තරම් වැදගත් නැත.
දේශපාලනයේ ගෝනුස්සන් වගේම කටුස්සන්ද සිටින බව මෙයින් පැහැදිලි වෙයි.
මාතර ගුණේරිස් මුදලාලි ඉස්සර ධනවතෙකි. දැන් ඔහු නට්ටන් වෙලාය. ඔහුට පුතුන් දෙදෙනෙක් සිටිති. ලොකු පුතා බුද්ධිමතෙකි. බාලයාට හරිහැටි ඉගෙන ගන්නට බැරි විය. ඔහු සමත් වූයේ අටවැනි ශේර්ණිය පමණි.
ලොක්කා හොඳට ඉගෙන ගෙන ෙදාස්තර විභාගය සමත් වීමට එංගලන්තයට ශිෂ්‍යත්වයක් ලැබ ගියේය.
ඉගෙන ගන්න බැරි බාලයා දේශපාලනයට පිවිසියේය.
අධ්‍යාපන සුදුසුකම් නොබලන එකම ජොබ් එක දේශපාලනය නිසා බාලයාට එය හොඳට ගැළපිණි. පළමුව පළාත් සභා මන්ත්‍රිවරයෙක් වූ ඔහු අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනකු විය.
බොහෝ මන්ත්‍රිවරුන් මෙන් මොහු දැහැමෙන් සෙමෙන් හරිහම්බ කළේය. අවුරුදු 4ක් ගතවන්නට පෙර ඔහු පියා සෑදූ ගේ දෙමහල් නිවෙසක් කළේය. පැජරෝවක් සහ තවත් සුඛෝපභෝගී වාහනයක් ගත්තේය.
කොටින්ම ඔහු දැන් ඒ පළාතේ සිටින අංක එකේ ධනවතාය.
පිටරට ගිය අයියා වසර 4කට පසු ගෙදර එන දිනයයි.
“තාත්තේ මට වැඩ තියෙනවා. මේ පැජරෝ එකෙන් ගිහින් අයියා එක්ක එන්න” මන්ත්‍රිතුමා සිය පියාට කීය.
“උඹත් ආවනම් තමයි හොඳ. අයියා හරි සතුටු වේවි.”
“බෑ තාත්තේ. අද අර ටෙන්ඩරය ගැන සොයන්න ඕනෑ.”
තාත්තා කටුනායකට ගියේය. ඔහු දුටු ලොකු පුතා පුදුම විය. තාත්තාද සතුටින් සිටියි. ඔහුට වටිනා වාහනයක්ද තිබේ.
“කාගෙද තාත්තේ මේ වාහනේ?”
“පොඩි පුතාගේ. එයාට දැන් හරි සරුයි.”
දෙදෙනා ගෙදර ආහ.
අබල දුබල වී තිබුණු ගේ ළඟ දෙමහල් මැඳුරකි. ගේ පුරා වටිනා බඩුමුට්ටුය. අම්මා කුමාරිකාවක් මෙන් ලස්සනය.
රාත්‍රියේ බාලයා ආවේය.
“යකෝ උඹ වගේ දේශපාලනය කෙරුවනම් ඉවරයිනේ. මම පිටරට ගිහින් දුක්වින්දා” වැඩිමලා බාලයාට කීය.
“නෑ අයියේ මේක තාවකාලික ජොබ් එකක්. අයියා කළේ හරිදේ” බාලයා කීය.
ගාල්ල පැත්තේ යහළුවන් දෙදෙනෙක් සිටියි. ඔවුන් දෙදෙනාම දේශපාලනය කරති. පාර්ලිමේන්තු මැතිවරණයේදී එක් අයෙක් පරාජය වී අනෙකා දිනුවේය. තමා පැරැදුණේ දිනූ අය නිසා බවට සැක කළ අනෙක් මන්ත්‍රිවරයා සමඟ අමනාප විය.
වසරක් ගත විය. පැරැදුණු අය රෝගීව රෝහල්ගතව සිටින බව මන්ත්‍රිවරයාට දැනගන්නට ලැබිණි. ඔහු වහා රෝහලට ගියේය.
“මොකද ජයසිංහගේ ලෙඩේ” මන්ත්‍රිවරයා බිරියගෙන් ඇසීය.
“අනේ මන්ත්‍රිතුමා එයාගේ වකුගඩු දෙකම නරක් වෙලා. තවම වකුගඩුවක් සොයාගන්න බැරිවුණා.”
ඔහු ෙදාස්තර ළඟට ගොස් තමා වකුගඩුවක් දෙන්නට කැමැති බව කීය. ඔහුගේ වකුගඩුව ජයසිංහට ගැළපුණේය.
ජයසිංහට මන්ත්‍රිවරයාගේ වකුගඩුව බද්ද කෙරිණි.
“මේ ලක්‍ෂ දෙකත් තියාගන්න.” මන්ත්‍රිවරයා ජයසිංහගේ බිරියට කීය.
ජයසිංහ සනීප වී ගෙදර ආවේය.
“අනේ මගේ යාළුවා රත්තරන් මිනිහෙක්” ඔහු කීවේය.

0 comments:
Post a Comment